යෙදුමෙන් කියවන්න

ආනන්‍දච‍්ඡරියසුත‍්තං

4. 3. 3. 9.

4. 3. 3. 9.

[ආනන්‍දච‍්ඡරියසුත‍්තං]

[ආනන්‍දච්ඡරිය සූත්‍රය]

29. චත‍්තාරොමෙ භික‍්ඛවෙ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා ආනන්‍දෙ. කතමෙ චත‍්තාරො?

29. මහණෙනි, ආනන්‍දයන් කෙරෙහි මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් ඇත. කවර සතර කෙනෙක යත්:

සචෙ භික‍්ඛවෙ භික‍්ඛුපරිසා ආනන්‍දං දස‍්සනාය උපසඞ‍්කමති, දස‍්සනෙන සා අත‍්තමනා හොති. තත්‍ථ චෙ ආනන්‍දො ධම‍්මං භාසති, භාසිතෙනපි සා අත‍්තමනා හොති. අතිත‍්තාව භික‍්ඛවෙ භික‍්ඛුපරිසා හොති. අථ ආනන්‍දො තුණ‍්හී භවති.

මහණෙනි, ඉදින් භික්‍ෂුපර්‍ෂද් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි ආනන්‍දයෝ දහම් දෙසත් ද, එ පිරිස භාෂිතයෙනුදු සතුටු වෙයි. මහණෙනි, භික්‍ෂුපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.

සචෙ භික‍්ඛවෙ භික‍්ඛුනීපරිසා ආනන්‍දං දස‍්සනාය උපසඞ‍්කමති, දස‍්සනෙනපි සා අත‍්තමනා හොති. තත්‍ථ චෙ ආනන්‍දො ධම‍්මං භාසති, භාසිතෙනපි සා අත‍්තමනා හොති. අතිත‍්තාව භික‍්ඛවෙ භික‍්ඛුනීපරිසා හොති. අථ ආනන්‍දො තුණ‍්හී භවති.

මහණෙනි, ඉදින් භික්‍ෂුණීපර්‍ෂද් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි ආනන්‍දයෝ දහම් දෙසත් ද, එ පිරිස දෙසීමෙනුදු සතුටු වෙයි. මහණෙනි, භික්‍ෂුණීපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.

සචෙ භික‍්ඛවෙ උපාසකපරිසා ආනන්‍දං දස‍්සනාය උපසඞ‍්කමති, දස‍්සනෙනපි සා අත‍්තමනා හොති. තත්‍ථ චෙ ආනන්‍දො ධම‍්මං භාසති, භාසිතෙනපි සා අත‍්තමනා හොති. අතිත‍්තාව භික‍්ඛවෙ උපාසකපරිසා හොති. අථ ආනන්‍දො තුණ‍්හී භවති.

මහණෙනි, ඉදින් උපාසකපර්‍ෂද් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් ආනන්‍දයෝ දහම් දෙසත් ද, එ පිරිස දෙසීමෙනුදු සතුටු වෙයි. මහණෙනි, උපාසකපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.

සචෙ භික‍්ඛවෙ උපාසිකාපරිසා ආනන්‍දං දස‍්සනාය උපසඞ‍්කමති, දස‍්සනෙනපි සා අත‍්තමනා හොති. තත්‍ථ චෙ ආනන්‍දො ධම‍්මං භාසති, භාසිතෙනපි සා අත‍්තමනා හොති. අතිත‍්තාව භික‍්ඛවෙ උපාසිකාපරිසා හොති. අථ ආනන්‍දො තුණ‍්හී භවති.

මහණෙනි, ඉදින් උපාසිකාපර්‍ෂද් ආනන්‍දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් ආනන්‍දයෝ දහම් දෙසත් ද, එ පිරිස දෙසීමෙනුදු සතුටු වෙයි. මහණෙනි, උපාසිකාපර්‍ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්‍දයෝ නිශ්ශබ්ද වෙති.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා ආනන්‍දෙති.

මහණෙනි, මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ ආනන්‍දයන් කෙරෙහි පහළ වෙති.