දුතියතථාගතච්ඡරියසුත්තං
4. 3. 3. 8.
4. 3. 3. 8.
[දුතියතථාගතච්ඡරියසුත්තං]
[දුතියතථාගතඅච්ඡරිය සූත්රය]
28. තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා පාතුභවන්ති. කතමෙ චත්තාරො?
28. මහණෙනි, අර්හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතර ආශ්චර්ය්ය අද්භූත ධර්ම කෙනෙක් පහළ වෙත්. කවර සතර ධර්ම කෙනෙක යත්:
ආලයාරාමා භික්ඛවෙ පජා ආලයරතා ආලයසම්මුදිතා සා තථාගතෙන අනාලයෙ ධම්මෙ දෙසියමානෙ සුස්සූසති. සොතං ඔදහති. අඤ්ඤාචිත්තං උපට්ඨාපෙති.
මහණෙනි, ප්රජා තොමෝ ආලය ආරාම කොට ඇත්තී (පඤ්චකාම ගුණ) ආලයෙහි ඇලුනී වෙයි. ආලයෙහි ප්රමුදිත වෙයි. ඒ ප්රජාව තථාගතයන් වහන්සේ විසින් විවට ඇසුරු කළ අරීදහම් දෙසනු ලබන කල්හි අසනු කැමැති වෙයි. කන් රුකොට තබයි. දැනගනු පිණිස සිත එළවයි.
තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා අයං පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො පාතුභවති.
මහණෙනි, අර්හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ පළමුවන ආශ්චර්ය්ය අද්භූත ධර්මය පහළ වෙයි.
මානාරාමා භික්ඛවෙ පජා මානරතා මානසම්මුදිතා. සා තථාගතෙන මානවිනයෙ ධම්මෙ දෙසියමානෙ සුස්සූසති. සොතං ඔදහති. අඤ්ඤාචිත්තං උපට්ඨපෙති.
මහණෙනි, ප්රජාව මානය ආරාම කොට ඇත්තී මානයෙහි ඇලුනී මානයෙහි ප්රමුදිත වූවා වෙයි. ඒ ප්රජාව තථාගතයන් වහන්සේ විසින් මානවිනයකර ධර්මය දෙසනු ලබන කල්හි අසනු කැමැති වෙයි. කන් රුකොට තබයි. දැනගනු පිණිස සිත් එළවයි.
තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා අයං දුතියො අච්ඡරියො අබ්භුතො ධම්මො පාතුභවති.
මහණෙනි, අර්හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ දෙවන ආශ්චර්ය්ය අද්භූත ධර්මය පහළ වෙයි.
අනුපසමාරාමා භික්ඛවෙ පජා අනුපසමරතා අනුපසමසම්මුදිතා. සා තථාගතෙන ඔපසමිකෙ ධම්මෙ දෙසියමානෙ සුස්සූසති. සොතං ඔදහති. අඤ්ඤා චිත්තං උපට්ඨපෙති.
මහණෙනි, ප්රජාව අනුපශමය ආරාම කොට ඇත්තී අනුපශමයෙහි ඇලුනී අනුපශමයෙහි ප්රමුදිත වෙයි. ඒ ප්රජාව තථාගතයන් වහන්සේ විසින් උපශමකර ධර්මය දෙසනු ලබන කල්හි අසනු කැමැති වෙයි. කන් රුකොට තබයි. දැනගන්නා සිත් එළවයි.
තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා අයං තතියො අච්ඡරියො අබ්භුතො ධම්මො පාතුභවති.
මහණෙනි, අර්හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ තුන්වැනි ආශ්චර්ය්ය අද්භූත ධර්මය පහළ වෙයි.
අවිජ්ජාගතා භික්ඛවෙ පජා අණ්ඩභූතා පරියොනද්ධා. සා තථාගතෙන අවිජ්ජාවිනයෙ ධම්මෙ දෙසියමානෙ සුස්සූසති. සොතං ඔදහති. අඤ්ඤා චිත්තං උපට්ඨපෙති.
මහණෙනි, ප්රජාව අවිද්යායෙන් සමන්වාගතය. අවිද්යායෙන් වළඳනා ලදුයෙන් අණ්ඩභූතය. හාත්පස වළඳනා ලදු ය. ඒ ප්රජාව තථාගතයන් වහන්සේ විසින් අවිද්යාවිනය ඇසුරු කළ ධර්මය දෙසනු ලබන කල්හි අසනු කැමැති වෙයි. කන් රුකොට තබයි. දැනගන්නා සිත් එළවයි.
තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා අයං චතුත්ථො අච්ඡරියො අබ්භුතො ධම්මො පාතුභවති.
මහණෙනි, අර්හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතර වැනි ආශ්චර්ය්ය අද්භූත ධර්මය පහළ වෙයි.
තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා ඉමෙ චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා පාතුභවන්තීති.
මහණෙනි, අර්හත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් මේ සතර ආශ්චර්ය්ය අද්භූත ධර්මයෝ පහළ වෙයි.