තථාගත අච්ඡරියසුත්තං
4. 3. 3. 7.
4. 3. 3. 7.
[තථාගත අච්ඡරියසුත්තං]
[තථාගත අච්ඡරිය සූත්‍රය]
27. තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා පාතුභවන්ති. කතමෙ චත්තාරො?
27. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්ම කෙනෙක් පහළ වෙත්. කවර සතර කෙනෙක යත්:
යදා භික්ඛවෙ බොධිසත්තො තුසිතා කායා චවිත්වා සතො සම්පජානො මාතුකුච්ඡිං ඔක්කමති, අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යාපි තා ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා යත්ථිමෙසං චන්දිමසුරියානං එවං මහිද්ධිකානං එවං මහානුභාවානං ආභා නානුභොන්ති, තත්ථපි අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි තෙනොභාසෙන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති “අඤ්ඤෙපි කිර භො සන්ති සත්තා ඉධූපපන්නා”ති.
මහණෙනි, යම් කලෙක බෝසත් තුසීදෙව්ලොවින් සැව සිහි නුවණින් යෙදී මවුකුස පිළිසිඳ ගත්තේ වේ ද, එසඳ පඤ්චකාමාවචර දෙවියන් සහිත, සවන කාමාවචර දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සෙසු දෙවි මිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල වූ අවහාසයෙක් පහළ වෙයි. යම් නිරයෙක මෙබඳු මහත් ඍද්ධි ඇති, මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනාගේ රශ්මීහු නො වැද ගණිත් ද, වළ දොර ඇති, අසංවෘත වූ, අඳුරු වූ, ගණඳුරු ඇති (චක්ෂුර්විඥාන වළහන) යම් ඒ ලෝකාන්තරිකයෝ ඇද්ද, එහිදු දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වේ. එහි යම් සත්ත්ව කෙනෙක් උපන්හු ද, ඔහුත් ඒ අවහාසයෙන් “‘භවත්නි, අන්‍ය වූත් සත්ත්වයෝ මෙහි පහළවූවාහු ඇති”’ යි උනුන් හඳුනා ගණිත්.
තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා අයං පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො පාතුභවති.
මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ පළමුවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්ම ය පහළ වෙයි.
පුන චපරං භික්ඛවෙ යදා බොධිසත්තො සතො සම්පජානො මාතුකුච්ඡිස්මා නික්ඛමති, අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති. අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යාපි තා ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා යත්ථපිමෙසං චන්දිමසුරියානං එවං මහිද්ධිකානං එවං මහානුභාවානං ආභා නානුභොන්ති, තත්ථපි අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යෙපි තත්ථ සත්තා උපපන්නා, තෙපි තෙනොභාසෙන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති “අඤ්ඤෙපි කිර භො සන්ති සත්තා ඉධූපපන්නා”ති.
තවද මහණෙනි, යම් කලෙක බෝසත් සිහි නුවණින් යුක්ත ව මවු කුසින් බිහි වේ ද, එසඳ පඤ්චකාමාවචර දෙවියන් සහිත, සවන කාමාවචර දෙවියන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සෙසු දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. යම් තැනෙක මෙබඳු මහත් ඍද්ධි ඇති, මෙබඳු මහත් අනුභාව ඇති, මේ සඳහිරු දෙදෙනාගේ කාන්තීහු නො වැද ගණිත් ද, එබඳු වූ වළ දොර ඇති, අසංවෘත වූ, අඳුරු වූ, ගණඳුරින් ඇස් මුවහ කළ යම් ඒ ලෝකාන්තරිකයෝ ඇද්ද, එහිදු දෙවියන්ගේ දේවානුභාව ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වේ. එහි යම් සත්හු උපන්හු ද ඔහුදු ඒ අවහාසයෙන් “භවත්නි, අන්‍යවූත් සත්ත්වයෝ මෙහි උපන්නාහු ඇති”’ යි උනුන් හඳුනා ගණිත්.
තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා අයං දුතියො අච්ඡරියො අබ්භුතො ධම්මො පාතුභවති.
මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ දෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්ම ය පහළ වෙයි.
පුන චපරං භික්ඛවෙ යදා තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යාපි තා ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා යත්ථපිමෙසං චන්දිමසුරියානං එවං මහිද්ධිකානං එවං මහානුභාවානං ආභා නානුභොන්ති, තත්ථපි අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි තෙනොභාසෙන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති. “අඤ්ඤෙපි කිර භො සන්ති සත්තා ඉධූපපන්නා”ති.
තවද මහණෙනි, යම් කලෙක තථාගතයන් වහන්සේ අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කරණ සේක් ද, එසඳ සදේවක සමාරක සබ්‍රහ්මක ලෝකයෙහි සශ්රමණබ්රාහ්මණ සදේවමනුෂ්ය ප්‍රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. යම් තැනෙක මෙබඳු මහත් ඍද්ධි ඇති, මෙබඳු මහත් අනුභාව ඇති, මේ සඳහිරු දෙදෙනාගේ කාන්තීහු නො වැද ගණිත් ද, එබඳු වූ වළදොර ඇති, අසංවෘත වූ, අඳුරු වූ, ගණඳුරින් ඇස් මුවහ කළ යම් ඒ ලෝකාන්තරිකයෝ ඇද්ද, එහිදු දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. එහි යම් සත්හු උපන්හු ද, ඔහුත් ඒ අවහාසයෙන් “භවත්නි, අන්යසත්ත්වයෝත් මෙහි උපන්හු ඇති”’ යි උනුන් හඳුනා ගණිත්.
තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා අයං තතියො අච්ඡරියො අබ්භුතො ධම්මො පාතුභවති.
මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ තෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්ම ය පහළ වේ.
පුන චපරං භික්ඛවෙ යදා තථාගතො අනුත්තරං ධම්මචක්කං පවත්තෙති, අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යාපි තා ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා යත්ථිමෙසං චන්දිමසුරියානං එවං මහිද්ධිකානං එවං මහානුභාවානං ආභා නානුභොන්ති, තත්ථපි අප්පමාණො උළාරො ඔභාසො පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි තෙනොභාසෙන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති “අඤ්ඤෙපි කිර භො සන්ති සත්තා ඉධූපපන්නා”ති.
තවද මහණෙනි, යම් කලෙක තථාගතයන් වහන්සේ අනුත්තර ධර්මචක්රය පවත්වන සේක් ද, එසඳ සදේවක සමාරක සබ්‍රහ්මක ලෝකයෙහි, සශ්රමණබ්රාහ්මණ සදේවමනුෂ්ය සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. යම් තැනෙක මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනාගේ කාන්තිහු නො වැද ගණිත් ද, වළදොර ඇති, අසංවෘත වූ, අඳුරු වූ, ගණඳුරින් මුවහ කළ ඇස් ඇති යම් ලෝකාන්තරිකයෝ ඇද්ද, එහිදු දෙවියන්ගේ දේවානුභාව ඉක්ම සිටි විපුල අවහාසයෙක් පහළ වෙයි. එහි යම් සත්ත්ව කෙනෙක් උපන්හු ද, ඔහුත් ඒ අවහාසයෙන් “භවත්නි, අන්‍ය වූත් සත්ත්වයෝ මෙහි උපන්නාහු ඇති”’ යි උනුන් හඳුනා ගණිත්.
තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා අයං චතුත්ථො අච්ඡරියො අබ්භුතො ධම්මො පාතුභවති.
මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ සතරවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මය පහළ වෙයි.
තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවා ඉමෙ චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා පාතුභවන්තීති.
මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන් මේ සතර ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්මය පහළ වෙත්.