චතුත්ථපුග්ගලසුත්තං
4. 3. 3. 6.
4. 3. 3. 6.
[චතුත්ථපුග්ගලසුත්තං]
[චතුත්ථපුග්ගල සූත්‍රය]
26. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
26. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං - තථා තතියං - තථා චතුත්ථිං.- ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සො යදෙව තත්ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං, තෙ ධම්මෙ අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සති. සො කායස්ස භෙදා පරම්මරණා සුද්ධාවාසානං දෙවානං සහව්යතං උපපජ්ජති. අයං ඛො භික්ඛවෙ උපපත්ති අසාධාරණා පුථුජ්ජනෙහි.
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවන දිග ද එසෙයින් තෙවන දිග ද එසෙයින් සිවුවන දිග ද මෙසේ උඩ යට සරස හැම තැන සර්වසත්ත්වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ මෙත් සහගිය සිතින් පැහැස වෙසෙයි. හේ යම් ම එහි රූපයෙක්, වේදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් වේ ද, ඒ ධර්මයන් අනිත්‍ය විසින්, රෝග විසින්, ගඬ විසින්, අඝ විසින්, ආබාධ විසින්, පරායත්ත විසින්, විනාශ විසින්, ශූන්‍ය විසින්, අනාත්ම විසින්, නුවණින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතු සුදවැසි දෙවියන්ගේ සහවාසයට පැමිණෙයි. මහණෙනි, මේ උප්පත්තිය පුහුදුනන් හා අසාධාරණ යි.
පුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං - තථා තතියං - තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සො යදෙව තත්ථ හොති රූපගතං වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං තෙ ධම්මෙ අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො සමනුපස්සති. සො කායස්ස භෙදා පරම්මරණා සුද්ධාවාසානං දෙවානංසහව්යතං උපපජ්ජති. අයං භික්ඛවෙ උපපත්ති අසාධාරණා පුථුජ්ජනෙහි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කරුණා සහගිය සිතින් ... මුදිතා සහගිය සිතින් ... උපේක්ෂා සහගිය සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවෙනි දිග ද එසෙයින් තෙවන දිග ද එසෙයින් සිවුවන දිග ද මෙසේ උඩ යට සරස සැම තැන සර්වසත්ත්වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලෝ විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාබාධ රහිත වූ, උපේක්ෂා සහගත සිතින් පැහැස වෙසේ. හේ එහි යම් ම රූපයෙක්, වේදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් වේ ද ඒ ධර්මයන් අනිත්‍ය විසින්, දුඃඛ විසින්, රෝග විසින්, ගණ්ඩ විසින්, ශල්‍ය විසින්, අඝ විසින්, පරායත්ත විසින්, විනාශ විසින්, ශූන්‍ය විසින්, අනාත්ම විසින් නුවණින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතු සුදවැසි දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, මේ උපපත්තිය පුහුදුනන් හා අසාධාරණ යි.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, මේ සතර පුඟුලෝ ලොව්හි විද්‍යමානයහ.