යෙදුමෙන් කියවන්න

තතියපුග‍්ගලසුත‍්තං

4. 3. 3. 5.

4. 3. 3. 5.

[තතියපුග‍්ගලසුත‍්තං]

[තතියපුග්ගල සූත්‍රය]

25. චත‍්තාරොමෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?

25. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති - තථා දුතියං - තථා තතියං - තථා චතුත්‍ථිං, ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ජෙන ඵරිත්‍වා විහරති. සො තදස‍්සාදෙති තං නිකාමෙති තෙන ච විත‍්තිං ආපජ‍්ජති. තත්‍ථ ඨිතො තදධිමුත‍්තො තබ‍්බහුලවිහාරී අපරිහීනො කාලං කුරුමානො බ්‍රහ‍්මකායිකානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජති. බ්‍රහ‍්මකායිකානං භික‍්ඛවෙ දෙවානං කප‍්පො ආයුප‍්පමාණං. තත්‍ථ පුථුජ‍්ජනො යාවතායුකං ඨත්‍වා යාවතකං තෙසං දෙවානං ආයුප‍්පමාණං තං සබ‍්බං ඛෙපෙත්‍වා නිරයම‍්පි ගච‍්ඡති තිරච‍්ඡානයොනිම‍්පි ගච‍්ඡති පෙත‍්තිවිසයම‍්පි ගච‍්ඡති.

මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවන දිග ද එසෙයින් තෙවන දිග ද එසෙයින් සතරවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වසත්ත්‍වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලෝ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ (දොම්නස්) රහිත වූ මෙත්සහගිය සිතින් පැහැස වෙසෙයි. හේ දැහැන සුඛානුභව විසින් ආස්වාද කෙරෙයි. ඒ දැහැන කැමැති වෙයි. ඒ දැහැනින් තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ ඒ දැහැනෙහි අධිමුක්ත වූයේ ඒ දැහැනෙන් බහුල විහරණ ඇතියේ නො පිරිහුනේ කලුරිය කරමින් බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, බ්‍රහ්මකායික දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කල්පයෙකි. එහි පෘථග්ජන ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද, එහැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යොනට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.

භගවතො පන සාවකො තත්‍ථ යාවතායුකං ඨත්‍වා යාවතකං තෙසං දෙවානං ආයුප‍්පමාණං තං සබ‍්බං ඛෙපෙත්‍වා තස‍්මිං යෙව භවෙ පරිනිබ‍්බායති. අයං ඛො භික‍්ඛවෙ විසෙසො අයං අධිප‍්පයායො ඉදං නානාකරණං සුතවතො අරියසාවකස‍්ස අස‍්සුතවතා පුථුජ‍්ජනෙන යදිදං ගතියා උපපත‍්තියා සති.

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවෙයි. මහණෙනි, ගතිය හා උපපත්තිය හා ඇති තාක් අශ්‍රැතවත් පෘථග්ජනයා හා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝග යි. මේ වෙනස යි.

පුන චපරං භික‍්ඛවෙ ඉධෙකච‍්චො පුග‍්ගලො කරුණාසහගතෙන චෙතසා -පෙ- ආභස‍්සරානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජති. ආභස‍්සරානං භික‍්ඛවෙ දෙවානං ද‍්වෙ කප‍්පා ආයුප‍්පමාණං -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- සුභකිණ‍්හානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජති. සුභකිණ‍්හානං භික‍්ඛවෙ දෙවානං චත‍්තාරො කප‍්පා ආයුප‍්පමාණං -පෙ- උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති, තථා දුතියං - තථා තතියං - තථා චතුත්‍ථිං - ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධි සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං උපෙක‍්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති. සො තදස‍්සාදෙති තං නිකාමෙති තෙන ච විත‍්තිං ආපජ‍්ජති. තත්‍ථ ඨිතො තදධිමුත‍්තො තබ‍්බහුලවිහාරී අපරිහීනො කාලං කුරුමානො වෙහප‍්ඵලානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජති. වෙහප‍්ඵලානං භික‍්ඛවෙ දෙවානං පඤ‍්චකප‍්පසතානි ආයුප‍්පමාණං. තත්‍ථ පුථුජ‍්ජනො යාවතායුකං ඨත්‍වා යාවතකං තෙසං දෙවානං ආයුප‍්පමාණං තං සබ‍්බං ඛෙපෙත්‍වා නිරයම‍්පි ගච‍්ඡති. තිරච‍්ඡානයොනිම‍්පි ගච‍්ඡති. පෙත‍්තිවිසයම‍්පි ගච‍්ඡති. භගවතො පන සාවකො තත්‍ථ යාවතායුකං ඨත්‍වා යාවතකං තෙසං දෙවානං ආයුප‍්පමාණං තං සබ‍්බං ඛෙපෙත්‍වා තස‍්මිං යෙව භවෙ පරිනිබ‍්බායති. අයං ඛො භික‍්ඛවෙ විසෙසො, අයං අධිප‍්පයායො. ඉදං නානාකරණං සුතවතො අරියසාවකස‍්ස අස‍්සුතවතා පුථුජ‍්ජනෙන යදිදං ගතියා උපපත‍්තියා සති.

තවද මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කරුණා සහගත සිතින් ... ආභාස්වර දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, ආභාස්වර දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කල්ප දෙකෙකි. ... මුදිතා සහගත සිතින් ... ශුභකෘත්සන දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, ශුභකෘත්සන දෙවියන්ගේ ආයුඃප්‍රමාණය සතර කල්පයෙකි. ... උපේක්‍ෂා සහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවන දිග ද එසෙයින් තෙවන දිග ද එසෙයින් සතර වන දිග ද මෙසේ උඩ යට සරස සැම තැන සර්‍වසත්ත්‍වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලෝ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත උපේක්‍ෂා සහගත සිතින් පැහැස වෙසෙයි. හේ එය සුඛානුභව විසින් ආස්වාද කෙරෙයි. ඒ දැහැන පතයි. ඒ දැහැනින් තුෂ්ටියට පැමිණෙයි. එහි සිටියේ එහි අධිමුක්ත වූයේ ඒ දැහැනෙන් බහුල විහරණ ඇත්තේ නො පිරිහුනේ කලුරිය කරමින් වෘහතඵල දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, වෘහතඵල දෙවියන්ගේ ආයුඃප්‍රමාණය පඤ්චකල්ප ශතයෙකි. එහි පෘථග්ජන ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන්යෝනට ද යෙයි. ප්‍රේත විෂයට ද යෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් පමණ වේ ද එ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවෙයි. මහණෙනි, ගතිය හා උපපත්තිය හා ඇති කල්හි අශ්‍රැතවත් පෘතග්ජනයා හා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂයි. මේ අධිකප්‍රයෝගයි. මේ වෙනසයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමානයහ.