යෙදුමෙන් කියවන්න

දුතියපුග‍්ගලසුත‍්තං

4. 3. 3. 4.

4. 3. 3. 4.

[දුතියපුග‍්ගලසුත‍්තං]

[දුතියපුග්ගල සූත්‍රය]

24. චත‍්තාරොමෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?

24. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සො යදෙව තත්‍ථ හොති රූපගතං වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං, තෙ ධම‍්මෙ අනිච‍්චතො දුක‍්ඛතො රොගතො ගණ‍්ඩතො සල‍්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ‍්ඤතො අනත‍්තතො සමනුපස‍්සති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා සුද‍්ධාවාසානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජති. අයං භික‍්ඛවෙ උපපත‍්ති අසාධාරණා පුථුජ‍්ජනෙහි.

මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කාමයෙන් වෙන් ව ම ... පළමුවන දැහැනට ඇටිඇටිසඳ සමවැද වෙසෙයි. හේ එහි යම් ම රූපයෙක් ඇත් ද, වේදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් ඇත් ද, ඒ දහම් අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් ශල්‍ය විසින් අඝ විසින් ආබාධ විසින් පරායත්ත විසින් විනාශ විසින් ශූන්‍ය විසින් අනාත්ම විසින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතුයෙහි ශුද්ධාවාස දෙවියන්ගේ සහභාවයට යෙයි. මහණෙනි, මේ උප්පත්තිය පුහුදුන් හා අසාධාරණ යි.

පුන චපරං භික‍්ඛවෙ ඉධෙකච‍්චො පුග‍්ගලො විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සො යදෙව තත්‍ථ හොති රූපගතං වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං, තෙ ධම‍්මෙ අනිච‍්චතො දුක‍්ඛතො රොගතො ගණ‍්ඩතො සල‍්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ‍්ඤතො අනත‍්තතො සමනුපස‍්සති. සො කායස‍්ස භෙදා පරම‍්මරණා සුද‍්ධාවාසානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජති. අයං භික‍්ඛවෙ උපපත‍්ති අසාධාරණා පුථුජ‍්ජනෙහි.

තව ද මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් විතර්‍ක විචාරයන් සංහිඳීමෙන් .. දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සතරවන දැහැනට සමවැද වෙසෙයි. හේ එහි යම් ම රූපයෙක්, වේදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක් ඇත් ද, ඒ දහම් අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් ශල්‍ය විසින් අඝ විසින් ආබාධ විසින් පරායත්ත විසින් විනාශ විසින් ශූන්‍ය විසින් අනාත්ම විසින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතුයෙහි ශුද්ධාවාස දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. මහණෙනි, මේ උප්පත්තිය පුහුදුනන් හා අසාධාරණ යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමාන වෙත්.