චක්කවත්තිඅච්ඡරියසුත්තං
4. 3. 3. 10.
4. 3. 3. 10.
[චක්කවත්තිඅච්ඡරියසුත්තං]
[චක්කවත්තිඅච්ඡරිය සූත්රය]
30. චත්තාරොමෙ භික්ඛවෙ අච්ඡරියා අබ්භුතා ධම්මා රඤ්ඤෙ චක්කවත්තිම්හි. කතමෙ චත්තාරො?
30. මහණෙනි, සක්විතිරජහු කෙරෙහි මේ සතර ආශ්චර්ය්ය අද්භූත ධර්ම කෙනෙක් ඇත. කවර සතර ධර්ම කෙනෙක යත්:
සචෙ භික්ඛවෙ ඛත්තියපරිසා රාජානං චක්කවත්තිං දස්සනාය උපසඞ්කමති. දස්සනෙනපි සා අත්තමනා හොති. තත්ථ චෙ රාජා චක්කවත්තී භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව භික්ඛවෙ ඛත්තියපරිසා හොති. අථ රාජා චක්කවත්තී තුණ්හී භවති.
මහණෙනි, ඉදින් කැත්පිරිස් සක්විති රජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි සක්විතිරජ බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ක්ෂත්රියපර්ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
සචෙ භික්ඛවෙ බ්රාහ්මණපරිසා රාජානං චක්කවත්තිං දස්සනාය උපසඞ්කමති. දස්සනෙන සා අත්තමනා හොති. තත්ථ චෙ රාජා චක්කවත්තී භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව භික්ඛවෙ බ්රාහ්මණපරිසා හොති. අථ රාජා චක්කවත්තී තුණ්හී භවති.
මහණෙනි, ඉදින් බමුණුපිරිස් සක්විතිරජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි සක්විතිරජ ඉදින් බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, බ්රාහ්මණපර්ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
සචෙ භික්ඛවෙ ගහපතිපරිසා රාජානං චක්කවත්තිං දස්සනාය උපසඞ්කමති. දස්සනෙනපි සා අත්තමනා හොති. තත්ථ චෙ රාජා චක්කවත්තී භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව භික්ඛවෙ ගහපතිපරිසා හොති. අථ රාජා චක්කවත්තී තුණ්හී භවති.
මහණෙනි, ඉදින් ගෙහෙවිපිරිස් සක්විතිරජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි සක්විතිරජ ඉදින් බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ගෘහපතිපර්ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
සචෙ භික්ඛවෙ සමණපරිසා රාජානං චක්කවත්තිං දස්සනාය උපසඞ්කමති. දස්සනෙන සා අත්තමනා හොති. තත්ථ චෙ රාජා චක්කවත්තී භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව භික්ඛවෙ සමණපරිසා හොති. අථ රාජා චක්කවත්තී තුණ්හී භවති.
මහණෙනි, ඉදින් මහණපිරිස් සක්විතිරජු දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් සක්විතිරජ බෙණේ නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ශ්රමණපර්ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම සක්විති රජ නිශ්ශබ්ද වෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා රඤ්ඤෙ චක්කවත්තිම්හි.
මහණෙනි, සක්විතිරජු කෙරෙහි මේ සතර ආශ්චර්ය්ය අද්භූත ධර්ම කෙනෙක් ඇත.
එවමෙව ඛො භික්ඛවෙ චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙ. කතමෙ චත්තාරො?
මහණෙනි, එපරිදි ම ආනන්දයන් කෙරෙහි සතර ආශ්චර්ය්ය අද්භූත ධර්ම කෙනෙක් ඇත. කවර සතර ධර්ම කෙනෙක යත්:
සචෙ භික්ඛවෙ භික්ඛුපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙන සා අත්තමනා හොති. තත්ථ චෙ ආනන්දො ධම්මං භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව භික්ඛවෙ භික්ඛුපරිසා හොති. අථ ආනන්දො තුණ්හී භවති.
මහණෙනි, ඉදින් මහණපිරිස් ආනන්දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එ පිරිස්හි ඉදින් ආනන්ද යෝ දහම් දෙසත් ද, දෙසීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, මහණපිරිස් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්දයෝ නිශ්ශබ්ද වෙති.
සචෙ භික්ඛවෙ භික්ඛුනීපරිසා -පෙ- සචෙ භික්ඛවෙ උපාසකපරිසා -පෙ- සචෙ භික්ඛවෙ උපාසිකාපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙන සා අත්තමනා හොති. තත්ථ චෙ ආනන්දො ධම්මං භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තාව භික්ඛවෙ උපාසිකාපරිසා හොති. අථ ආනන්දො තුණ්හී භවති.
මහණෙනි, ඉදින් මෙහෙණපිරිස් ... මහණෙනි, ඉදින් උවසුපිරිස් ... මහණෙනි, ඉදින් උවැසි පිරිස් ආනන්දයන් දක්නට එළඹේ ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. එ පිරිස්හි ඉදින් ආනන්දයෝ දහම් බෙණෙත් නම්, බිණීමෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, උපාසිකාපර්ෂද් අතෘප්ත ම වෙයි. එසේ වත් ම ආනන්දයෝ නිශ්ශබ්ද වෙති.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙති.
මහණෙනි, ආනන්දයන් කෙරෙහි මේ සතර ආශ්චර්ය්ය ධර්ම කෙනෙක් ඇත.
භයවග්ගො තතියො.
භයවර්ගය තෙවැනි යි.