සංයොජනපුග්ගලසුත්තං
4. 3. 4. 1.
4. 3. 4. 1.
[සංයොජනපුග්ගලසුත්තං]
[සංයෝජනපුග්ගල සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
31. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?
31. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ඉධ භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි අප්පහීනානි හොන්ති. උපපත්තිපටිලාභියානි සංයොජනානි අප්පහීනානි හොන්ති. භවපටිලාභියානි සංයොජනානි අප්පහීනානි හොන්ති.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙකුට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්ති ප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්ති භවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
ඉධ පන භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි පහීනානි හොන්ති. උපපත්තිපටිලාභියානි සංයොජනානි අප්පහීණානි හොන්ති. භවපටිලාභියානි සංයොජනානි අප්පහීණානි හොන්ති.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනතුරු උත්පත්තිය පිණිස හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්ති භවය පිණිස හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
ඉධ පන භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි පහීනානි හොන්ති. උපපත්තිපටිලාභියානි සංයොජනානි පහීණානි හොන්ති. භවපටිලාභියානි සංයොජනානි අප්පහීණානි හොන්ති.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
ඉධ පන භික්ඛවෙ එකච්චස්ස පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි පහීනානි හොන්ති. උපපත්තිපටිලාභියානි සංයොජනානි පහීණානි හොන්ති. භවපටිලාභියානි සංයොජනානි පහීණානි හොන්ති.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
කතමස්ස භික්ඛවෙ පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි අප්පහීණානි, උපපත්තිපටිලාභියානි සංයොජනානි අප්පහීණානි, භවපටිලාභියානි සංයොජනානි අප්පහීණානි? සකදාගාමිස්ස. ඉමස්ස ඛො භික්ඛවෙ පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි අප්පහීණානි. උපපත්තිපටිලාභියානි සංයොජනානි අප්පහීණානි. භවපටිලාභියානි සංයොජනානි අප්පහීණානි.
මහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද, අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද? සකෘදාගාමීහට ය. මහණෙනි, මේ සකෘදාගාමී පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. (ඔහුට ඉතිරි ඕරම්භාගිය සංයෝජන සඳහා කියූ සේය.) අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
කතමස්ස භික්ඛවෙ පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි පහීණානි, උපපත්තිපටිලාභියානි සංයොජනානි අප්පහීණානි, භවපටිලාභියානි සංයොජනානි අප්පහීණානි? උද්ධංසොතස්ස අකනිට්ඨගාමිනො. ඉමස්ස ඛො භික්ඛවෙ පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි පහීණානි. උපපත්තිපටිලාභියානි සංයොජනානි අප්පහීණානි, භවපටිලාභියානි සංයොජනානි අප්පහීනානි.
මහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද? අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද? උද්ධංසෝත අකනිට්ඨගාමීහට ය. මහණෙනි, මේ උද්ධංසෝත අකනිට්ඨගාමී පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
කතමස්ස භික්ඛවෙ පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි පහීණානි, උපපත්තිපටිලාභියානි සංයොජනානි පහීණානි, භවපටිලාභියානි සංයොජනානි අප්පහීණානි? අන්තරාපරිනිබ්බායිස්ස. ඉමස්ස ඛො භික්ඛවෙ පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි පහීණානි. උපපත්තිපටිලාභියානි සංයොජනානි පහීණානි. භවපටිලාභියානි සංයොජනානි අප්පහීණානි.
මහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද? අන්තරාපරිනිබ්බායීහට ය. මහණෙනි, මේ අන්තරාපරිනිබ්බායී පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
කතමස්ස භික්ඛවෙ පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි පහීණානි, උපපත්තිපටිලාභියානි සංයොජනානි පහීණානි, භවපටිලාභියානි සංයොජනානි පහීණානි? අරහතො. ඉමස්ස ඛො භික්ඛවෙ පුග්ගලස්ස ඔරම්භාගියානි සංයොජනානි පහීණානි. උපපත්තිපටිලාභියානි සංයොජනානි පහීණානි, භවපටිලාභියානි සංයොජනානි පහීණානි.
මහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද? අර්හත්හට ය. මහණෙනි, අර්හත් පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිප්රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගලයෝ විද්‍යමානයහ.