යෙදුමෙන් කියවන්න

පටිභානපුග‍්ගලසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

4. 3. 4 . 2.

4. 3. 4. 2.

[පටිභානපුග‍්ගලසුත‍්තං]

[පටිභානපුග්ගල සූත්‍රය]

32. චත‍්තාරොමෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?

32. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:

යුත‍්තපටිභානො න මුත‍්තපටිභානො, මුත‍්තපටිභානො න යුත‍්තපටිභානො, යුත‍්තපටිභානො ච මුත‍්තපටිභානො ච, නෙව යුත‍්තපටිභානො නෙව මුත‍්තපටිභානො.

අර්‍ත්‍ථයුක්තප්‍රතිභාන (වැටහීම්) ඇත්තේ, වහා අවුල් මුදා බණන ප්‍රතිභාන නැත්තේ ය. අවුල් මුදා බණන ප්‍රතිභාන ඇත්තේ, අර්‍ත්‍ථයුක්ත ප්‍රතිභාන නැත්තේ ය. අවුල් මුදා බණන ප්‍රතිභාන ද ඇත්තේ, අර්‍ත්‍ථ යුක්ත ප්‍රතිභාන ද ඇත්තේ ය. අර්‍ත්‍ථයුක්ත ප්‍රතිභාන නැත්තේ අවුල් මුදා බණන ප්‍රතිභාන ද නැත්තේ ය.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගලයෝ විද්‍යමානයහ.

4. 3. 4. 3.

4. 3. 4. 3.

[නෙය්‍යපුග‍්ගලසුත‍්තං]

[නෙය්‍යපුග්ගල සූත්‍රය]

33. චත‍්තාරොමෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො ?

33. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:

උග‍්ඝටිතඤ‍්ඤූ, විපචිතඤ‍්ඤූ, නෙය්‍යො, පදපරමො.

උද්ඝාටිතඥ ය, විපථතඥ ය, නෙය්‍ය ය, පදපරම යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්‍යමානයහ.

4. 3. 4. 4.

4. 3. 4. 4.

[ඵලුපජීවීපුග‍්ගලසුත‍්තං]

[ඵලූපජීවීපුග්ගල සූත්‍රය]

34. චත‍්තාරොමෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?

34. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්?

උට‍්ඨානඵලූපජීවී න කම‍්මඵලුපජීවී, කම‍්මඵලුපජීවී න උට‍්ඨානඵලූපජීවී, උට‍්ඨානඵලූපජීවී ච කම‍්මඵලුපජීවී ච, නෙවුට‍්ඨානඵලූපජීවී නෙව කම‍්මඵලුපජීවී.

උට්ඨානවීර්‍ය්‍යඵලයෙන් ජීවත් වනසුලු කර්‍මඵලයෙන් ජීවත් නොවනසුලු පුද්ගල ය, කර්‍මඵලයෙන් ජීවත් වනසුලු උට්ඨානවීර්‍ය්‍යඵලයෙන් ජීවත් නොවනසුලු පුද්ගල ය, උට්ඨානවීර්‍ය්‍යඵලයෙනුදු ජීවත් වනසුලු කර්‍මඵලයෙනුදු ජීවත් වනසුලු පුද්ගල ය, උට්ඨානවීර්‍ය්‍යඵලයෙන් ජීවත් නො වනසුලු කර්‍මඵලයෙනුදු ජීවත් නොවනසුලු පුද්ගල යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්‍යමානයහ.