4. පුග්ගලවග්ගො අට්ඨකථා
4. පුග්ගල වර්ගය
1. සංයොජනපුග්ගලසුත්තවණ්ණනා
1. සංයොජනපුග්ගල සූත්‍ර වර්ණනාව
චතුත්ථස්ස පඨමෙ උපපත්තිපටිලාභියානීති යෙහි අනන්තරා උපපත්තිං පටිලභති. භවපටිලාභියානීති උපපත්තිභවස්ස පටිලාභාය පච්චයානි. සකදාගාමිස්සාති ඉදං අප්පහීනසංයොජනෙසු අරියෙසු උත්තමකොටියා ගහිතං. යස්මා පන අන්තරාපරිනිබ්බායිස්ස අන්තරා උපපත්ති නත්ථි, යං පන සො තත්ථ ඣානං සමාපජ්ජති, තං කුසලත්තා “උපපත්තිභවස්ස පච්චයො” තෙව සඞ්ඛ්‍යං ගච්ඡති. තස්මාස්ස “උපපත්තිපටිලාභියානි සංයොජනානි පහීනානි, භවපටිලාභියානි සංයොජනානි අප්පහීනානී”ති වුත්තං. ඔරම්භාගියෙසු ච අප්පහීනං උපාදාය සකදාගාමිස්ස අවිසෙසෙන “ඔරම්භාගියානි සංයොජනානි අප්පහීනානී”ති වුත්තං. සෙසමෙත්ථ උත්තානමෙව.
සතරවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි උප්පත්තිපටිලාභීයානි යනු යම් දෙයකින් අනතුරු උපත ලබයිද ඒවායි, භවපටිලාභියානි යනු උත්පත්ති භවය ලැබීමට ප්‍රත්‍යයෝයි, සකදාගාමිස්ස යන මෙය ප්‍රහීන නොවූ සංයෝජන ඇති ආර්‍ය්‍යයන් කෙරෙහි උපරිමයෙන් ගන්නා ලදි. යම් හෙයකින් අන්තරා පරිනිබ්බායී ආර්ය්යයාට අනතුරු උපතක් නැත්ද හෙතෙම එහි යම් ධ්‍යානයකට සමවදියි ද එය දක්ෂභාවයෙන් උත්පත්තිභවයට ප්‍රත්‍යයයි පිළිගැනීමට පැමිණෙයි, එබැවින් ඔහුට උත්පත්ති ප්‍රතිලාභය ඇතිකරවන්නා වූ සංයෝජනයෝ ප්‍රහීන වූවාහුය, භවප්රතිලාභය ඇති කරවන්නා වූ සංයෝජනයෝ ප්‍රහීන නොවූවාහුයයි කියන ලදි. ඔරම්භාගියයන් අතුරෙහි ප්‍රහීන නොවූ දෙය ගෙන සකෘදාගාමී ආර්‍ය්‍යයාගේ අවිශේෂයෙන් ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීන නොවූහයි කියන ලදි. මෙහි සෙස්ස පැහැදිලිමය.
2. පටිභානපුග්ගලසුත්තවණ්ණනා
2. පටිභානපුග්ගල සූත්‍ර වර්ණනාව
දුතියෙ යුත්තප්පටිභානො නො මුත්තප්පටිභානොති පඤ්හං කථෙන්තො යුත්තමෙව කථෙති, සීඝං පන න කථෙති, සණිකමෙව කථෙතීති අත්ථො. ඉමිනා නයෙන සබ්බපදානි වෙදිතබ්බානි.
දෙවැන්නෙහි යුත්තපටිභානො නො මුත්තපටිභානො යනු ප්‍රශ්නයක් කියන්නේ සුදුසු දෙයක්ම කියයි, ඉක්මණින්ම නොකියයි, සෙමෙන්ම කියයි යන අර්‍ත්‍ථයි. මේ ක්‍රමයෙන් සියලු පද දත යුතුය.
3. නෙය්යපුග්ගලසුත්තවණ්ණනා
3. නෙය්‍යපුග්ගල සූත්‍ර වර්ණනාව
තතියෙ චතුන්නම්පි පුග්ගලානං ඉමිනා සුත්තෙන විසෙසො වෙදිතබ්බො –
තෙවැන්නෙහි සිවුවැදෑරුම් පුද්ගලයන්ගේ විශේෂය සූත්‍රයෙන් දතයුතුය,
“කතමො ච පුග්ගලො උග්ඝටිතඤ්ඤූ, යස්ස පුග්ගලස්ස සහ උදාහටවෙලාය ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො උග්ඝටිතඤ්ඤූ. කතමො ච පුග්ගලො විපඤ්චිතඤ්ඤූ, යස්ස පුග්ගලස්ස විත්ථාරෙන අත්ථෙ විභජියමානෙ ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො විපඤ්චිතඤ්ඤූ. කතමො ච පුග්ගලො නෙය්යො, යස්ස පුග්ගලස්ස උද්දෙසතො පරිපුච්ඡතො යොනිසොමනසිකරොතො කල්යාණමිත්තෙ සෙවතො භජතො පයිරුපාසතො අනුපුබ්බෙන ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො නෙය්යො. කතමො ච පුග්ගලො පදපරමො, යස්ස පුග්ගලස්ස බහුම්පි සුණතො බහුම්පි භණතො බහුම්පි ධාරයතො බහුම්පි වාචයතො න තාය ජාතියා ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො පදපරමො”ති (පු· ප· 148-151).
“කවර නම් පුද්ගලයෙක් උග්ඝටිතඤ්ඤූ නම් වේද? යම් පුද්ගලයකුට ගෙනහැර දැක්වූ වේලෙහිම ධර්මාවබෝධය වේද මෙතෙම උග්ඝටිතඤ්ඤූ පුද්ගලයායි කියනු ලැබේ, කවර නම් පුද්ගලයෙක් විපචිතඤ්ඤූ වේද? යම් පුද්ගලයකුට විස්තර වශයෙන් අර්ත්ථය බෙදා දක්වන විට ධර්මාවබෝධය වේද මෙතෙම විපචිතඤ්ඤූ පුද්ගලයායි කියනු ලැබේ. කවර නම් පුද්ගලයෙක් ඤෙය්‍ය නම් වේද? යම් පුද්ගලයකුට උදෙසීමෙන්, විමසීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන් කළණ මිතුරන් ඇසුරු කිරීමෙන් සේවනය කිරීමෙන් භජනය කිරීමෙන් අනුක්රමයෙන් ධර්මාවබෝධය වෙයිද මෙතෙම ඤෙය්‍ය පුද්ගලයායි කියනු ලැබේ, කවර නම් පුද්ගලයෙක් පදපරම නම් වේද? යම් පුද්ගලයකුට බොහෝවක් ඇසීමෙන්ද බොහෝවක් දැරීමෙන්ද බොහෝවක් කියවීමෙන්ද එම ජාතියෙහි (භවයෙහි) ධර්මාවබෝධය නොවේද මෙතෙම පදපරම පුද්ගලයායි කියනු ලැබේ.”
4. ඵලුපජීවීපුග්ගලසුත්තවණ්ණනා
4. ඵලූපජීවීපුග්ගල සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ උට්ඨානවීරියෙනෙව දිවසං වීතිනාමෙත්වා තස්ස නිස්සන්දඵලමත්තං කිඤ්චිදෙව ලභිත්වා ජීවිකං කප්පෙති, තං පන උට්ඨානං ආගම්ම කිඤ්චි පුඤ්ඤඵලං නප්පටිලභති, අයං උට්ඨානඵලූපජීවී න කම්මඵලූපජීවී නාම. චාතුමහාරාජිකෙ පන දෙවෙ ආදිං කත්වා සබ්බෙපි දෙවා උට්ඨානවීරියෙන විනා පුඤ්ඤඵලස්සෙව උපජීවනතො කම්මඵලූපජීවිනො න උට්ඨානඵලූපජීවිනො නාම. රාජරාජමහාමත්තාදයො උට්ඨානඵලූපජීවිනො ච කම්මඵලූපජීවිනො ච. නෙරයිකසත්තා නෙව උට්ඨානඵලූපජීවිනො න කම්මඵලූපජීවිනො. ඉමස්මිං සුත්තෙ පුඤ්ඤඵලමෙව කම්මඵලන්ති අධිප්පෙතං, තඤ්ච තෙසං නත්ථි.
සිවුවැන්නෙහි නැඟීසිටි වීර්‍ය්‍යයෙන්ම දවස ගෙවා කිසියම් ප්රවෘත්ති විපාක මාත්‍රයක්ම ලැබ ජීවිකාව කරයි. එම වීර්‍ය්‍යයට පැමිණ කිසිදු පුණ්‍ය ඵලයක් නොලබයි, මෙතෙම උට්ඨානඵලූපජීවි න කම්මඵලූපජීවි නමි. චාතුම්මහාරාජිකයෙහි දෙවියන් ආදිකොට ඇති සියලුම දෙවියෝ උට්ඨාන වීර්‍ය්‍යය නැතිව පුණ්යඵලයෙන්ම ජීවත්වන බැවින් කම්මඵලූපජීවිනො න උට්ඨානඵලූපජීවිනො නමි. රාජ රාජ මහාමාත්‍යාදීහු උට්ඨානඵලූපජීවිනො ච කම්මඵලූපජීවිනො ච නමි. නිරයගත සත්ත්වයෝ නෙව උට්ඨානඵලූපජීවිනො න කම්මඵලූපජීවිනො නම් වෙති, මෙම සූත්‍රයෙහි පුණ්‍ය ඵලයම කර්ම ඵලයයි අදහස් කරන ලදී, එයද ඔවුනට නැත.
5. වජ්ජපුග්ගලසුත්තවණ්ණනා
5. වජ්ජපුග්ගල සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ පඨමො අන්ධබාලපුථුජ්ජනො, දුතියො අන්තරන්තරා කුසලකාරකො ලොකියපුථුජ්ජනො, තතියො සොතාපන්නො, සකදාගාමිඅනාගාමිනොපි එතෙනෙව සඞ්ගහිතා. චතුත්ථො ඛීණාසවො. සො හි එකන්තෙනෙව අනවජ්ජො.
පස්වැන්නෙහි පළමුවැන්නා අඥාන පෘථග්ජනයායි, දෙවැන්නා අතරතුර කුසල් කරන්නා වූ ලෞකික පෘථග්ජනයායි, තෙවැන්නා සෝවාන් පුද්ගලයායි. සකෘදාගාමි, අනාගාමීහුද ඔහු සමඟම එක්කරන ලදහ. සිවුවැන්නා ක්ෂීණාශ්රවයායි, හෙතෙම ඒකාන්තයෙන්ම වැරදි රහිතවූයේයි.
6-7. පරිපූරකාරීපුග්ගලසුත්තාදිවණ්ණනා
6-7. පරිපූරකාරීපුග්ගල ආදි සූත්‍ර වර්ණනා
ඡට්ඨෙ පඨමො ලොකියමහාජනො, දුතියො සුක්ඛවිපස්සකො සොතාපන්නො ච සකදාගාමී ච, තතියො අනාගාමී. සො හි යස්මා තඞ්ඛණිකම්පි උපපත්තිනිමිත්තකං ඣානං පටිලභතියෙව, තස්මා සුක්ඛවිපස්සකොපි සමාධිස්මිං පරිපූරකාරීයෙව. චතුත්ථො ඛීණාසවොයෙව. සො හි සබ්බෙසං සීලාදිපච්චනීකානං පහීනත්තා සබ්බත්ථ පරිපූරකාරී නාම.
සයවැනි සූත්‍රයෙහි පළමුවැන්නා ලෞකික මහාජනයායි, දෙවැන්නා ශුෂ්ක විදර්ශක සෝවාන් වුවහුද සකෘදාගාමී වුවහුද වේ. තෙවැන්නා අනාගාමී පුද්ගලයායි, හෙතෙමේද යම් හෙයකින් ඒක ක්ෂණික වූද උත්පත්තිය ඇතිකරවන ධ්‍යානයක් ලබන්නේමය, එහෙයින් ශුෂ්කවිදර්ශකයා ද සමාධිය සපුරන්නෙක් වේමය. සිවු වැන්නා ක්ෂීණාශ්රවයාමය, හෙතෙම වනාහි සියලු ශීලාදියට විරුද්ධ ධර්මයන් ප්‍රහීන කළ බැවින් සියල්ල සපුරන්නා නම් වෙයි,
සත්තමෙපි ඡට්ඨෙ වුත්තනයෙනෙව පුග්ගලපරිච්ඡෙදො වෙදිතබ්බො.
සත්වැනි සූත්‍රයෙහි ද සයවැන්නෙහි කියන ලද පරිද්දෙන් පුද්ගල පරිච්ඡේදය දතයුතුයි.
8. නිකට්ඨපුග්ගලසුත්තවණ්ණනා
8. නිකට්ඨපුග්ගල සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ නිකට්ඨකායොති නිග්ගතකායො. අනිකට්ඨචිත්තොති අනුපවිට්ඨචිත්තො. කායෙනෙව ගාමතො නික්ඛන්තො, චිත්තෙන අරඤ්ඤෙ වසන්තොපි ගාමමෙව පවිට්ඨොති වුත්තං හොති. ඉමිනා නයෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො.
අටවැන්නෙහි නිකට්ඨකායො යනු නික්මුණු සිරුරු ඇත්තේයි, අනිකට්ඨවිත්තො යනු නොපිවිසි සිත් ඇත්තේයි, කයින්ම ගමෙන් නික්මෙන්නේ සිතෙන් ආරණ්‍යයෙහි වසන්නේද ගමටම පිවිසියේයි කියන ලද්දේ වෙයි, මෙනයින් සියලුතන්හි අරුත් දතයුතුය.
9. ධම්මකථිකසුත්තවණ්ණනා
9. ධම්මකථික සූත්‍ර වර්ණනාව
නවමෙ අසහිතන්ති අත්ථෙන අසංයුත්තං. න කුසලා හොතීති න ඡෙකා හොති. සහිතාසහිතස්සාති අත්ථනිස්සිතස්ස වා අනිස්සිතස්ස වා. එවං සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො.
නවවැන්නෙහි අසහිතං යනු අර්ත්ථයෙන් යුක්ත නොවූයි, න කුසලො හොති යනු දක්ෂයෙක් නොවෙයි, සහිතාසහිතස්ස යනු අරුත් ඇසුරු කොට ඇත්තෙහි හෝ ඇසුරුකොට නොමැත්තෙහියි, මෙසේ සියලු තැන අර්ථය දතයුතුය.
10. වාදීසුත්තවණ්ණනා
10. වාදී සූත්‍ර වර්ණනාව
දසමෙ අත්ථතො පරියාදානං ගච්ඡතීති අට්ඨකථං පුච්ඡිතො පරියාදානං පරික්ඛයං ගච්ඡති, කථෙතුං න සක්කොති. නො බ්යඤ්ජනතොති බ්යඤ්ජනං පනස්ස පවත්තති න පරියාදියති. එසෙව නයො සබ්බත්ථාති.
දසවැන්නෙහි අත්ථතො පරියාදානං ගච්ඡති යනු අර්‍ත්‍ථකථාව විමසන ලද්දේ හාත්පසින් ගැනීම නිමාවට යයි, කීමට නොහැකි වෙයි, නො ඛ්යංජනතො යනු ඔහුට ලකුණු පවතියි, හාත්පසින් නොගනියි, සියලු තන්හි මෙම ක්‍රමයයි.
පුග්ගලවග්ගො චතුත්ථො.
සිවුවැනිවූ පුද්ගලවර්ගයයි.