වාදීසුත්තං
4. 3. 4. 10.
4. 3. 4. 10.
[වාදීසුත්තං]
[වාදී සූත්‍රය]
40. චත්තාරොමෙ භික්ඛවෙ වාදී. කතමෙ චත්තාරො?
40. මහණෙනි, මේ වාදීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්?
අත්ථි භික්ඛවෙ වාදී අත්ථතො පරියාදානං ගච්ඡති නො ව්යඤ්ජනතො. අත්ථි භික්ඛවෙ වාදී ව්යඤ්ජනතො පරියාදානං ගච්ඡති නො අත්ථතො. අත්ථි භික්ඛවෙ වාදී අත්ථතො ච ව්යඤ්ජනතො ච පරියාදානං ගච්ඡති. අත්ථි භික්ඛවෙ වාදී නෙවත්ථතො නො ව්යඤ්ජනතො පරියාදානං ගච්ඡති.
මහණෙනි, අර්ත්ථ විසින් අවසන් කොට ගැණුමට යන ව්‍යඤ්ජන විසින් නොයන වාදී කෙනෙක් ඇත. මහණෙනි, ව්‍යඤ්ජන විසින් පරික්ෂයට යන අර්ත්ථ විසින් නොයන වාදී කෙනෙක් ඇත. මහණෙනි, අර්ත්ථ විසිනුදු ව්‍යඤ්ජන විසිනුදු පරික්ෂයට යන වාදී කෙනෙක් ඇත. මහණෙනි, අර්ත්ථ විසිනුදු ව්‍යඤ්ජන විසිනුදු පරික්ෂයට නොයන වාදී කෙනෙක් ඇත.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො වාදී. අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං චතූහි පටිසම්භිදාහි සමන්නාගතො භික්ඛු අත්ථතො ච ව්යඤ්ජනතො ච පරියාදානං ගච්ඡෙය්යාති.
මහණෙනි, මේ වාදීහු සතර දෙන යැ. මහණෙනි, සිවුපිළිසැඹියායෙන් සමන්වාගත මහණ අර්ත්ථ විසිනුත් ව්‍යඤ්ජන විසිනුත් පරික්ෂයට යේ ය යන තෙල වන්නට අකාරණ ය, අනවකාශ ය. (නො යන්නේ ම ය.)
පුග්ගලවග්ගො චතුත්ථො.
පුද්ගලවර්ගය සිවුවැනි යි.