යෙදුමෙන් කියවන්න

ආභාසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

4. 3. 5. 1.

4. 3. 5. 1.

[ආභාසුත‍්තං]

[ආභා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

41. චතස‍්සො ඉමා භික‍්ඛවෙ ආභා. කතමා චතස‍්සො?

41. මහණෙනි, මේ ආභාවෝ (විහිදෙන රශ්මීහු) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

චන්‍දාභා, සූරියාභා, අග‍්ගාභා, පඤ‍්ඤාභා.

චන්‍ද්‍රාභා ය, සූර්‍ය්‍යාභා ය, අග්න්‍යාභා ය, ප්‍රඥාභා යි.

ඉමා ඛො භික‍්ඛවෙ චතස‍්සො ආභා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමාසං චතස‍්සන‍්නං ආභානං යදිදං පඤ‍්ඤාභාති.

මහණෙනි, මේ ආභාවෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ආභාවන් කෙරෙහි ප්‍රඥාභායෙක් ඇද්ද, තෙල අග්‍ර යි.

4. 3. 5. 2.

4. 3. 5. 2.

[පභාසුත‍්තං]

[පභා සූත්‍රය]

42. චතස‍්සො ඉමා භික‍්ඛවෙ පභා. කතමා චතස‍්සො?

42. මහණෙනි, මේ ප්‍රභාවෝ (දීප්ත රශ්මිහු) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

චන්‍දප‍්පභා, සුරියප‍්පභා, අග‍්ගිප‍්පභා, පඤ‍්ඤාපභා.

චන්‍ද්‍රප්‍රභා ය, සූර්‍ය්‍යප්‍රභා ය, අග්නිප්‍රභා ය, ප්‍රඥාප්‍රභා යි.

ඉමා ඛො භික‍්ඛවෙ චතස‍්සො පභා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමාසං චතස‍්සන‍්නං පභානං යදිදං පඤ‍්ඤාපභාති.

මහණෙනි, මේ ප්‍රභාවෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ප්‍රභාවන් කෙරෙහි ප්‍රඥාප්‍රභායෙක් ඇද්ද, තෙල අග්‍ර යි.

4. 3. 5. 3.

4. 3. 5. 3.

[ආලොකසුත‍්තං]

[ආලෝක සූත්‍රය]

43. චත‍්තාරොමෙ භික‍්ඛවෙ ආලොකා. කතමෙ චත‍්තාරො?

43. මහණෙනි, මේ ආලෝකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

චන්‍දාලොකො, සුරියාලොකො, අග‍්ගාලොකො, පඤ‍්ඤාලොකො.

චන්‍ද්‍රාලෝක ය, සූර්‍ය්‍යාලොක ය, අගන්‍යාලෝක ය, ප්‍රඥාලොක යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො ආලොකා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමෙසං චතුන‍්නං ආලොකානං යදිදං පඤ‍්ඤාලොකොති.

මහණෙනි, මේ ආලෝකයෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ආලෝකයන් කෙරෙහි ප්‍රඥාලෝකයෙක් ඇද්ද, තෙල අග්‍ර යි.

4. 3. 5. 4.

4. 3. 5. 4.

[ඔභාසසුත‍්තං]

[ඕභාස සූත්‍රය]

44. චත‍්තාරොමෙ භික‍්ඛවෙ ඔභාසා. කතමෙ චත‍්තාරො?

44. මහණෙනි, මේ අවභාසයෝ (බබලන්නෝ) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

චන්‍දොභාසො, සුරියොභාසො, අග‍්ගොභාසො, පඤ‍්ඤොභාසො.

චන්‍ද්‍රාවභාස ය, සූර්‍ය්‍යාවභාස ය, අගන්‍යවභාස ය, ප්‍රඥාවභාස යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො ඔභාසා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමෙසං චතුන‍්නං ඔභාසානං යදිදං පඤ‍්ඤොභාසොති.

මහණෙනි, මේ අවභාසයෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර අවභාසයන් කෙරෙහි ප්‍රඥාවභාසයෙක් ඇද්ද, තෙල අග්‍රයි.

4. 3. 5. 5.

4. 3. 5. 5.

[පජ‍්ජොතසුත‍්තං]

[පජ්ජෝත සූත්‍රය]

45. චත‍්තාරොමෙ භික‍්ඛවෙ පජ‍්ජොතා. කතමෙ චත‍්තාරො?

45. මහණෙනි, මේ ප්‍රද්‍යොතයෝ (ප්‍රභාස්වරයෝ) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

චන්‍දපජ‍්ජොතො, සුරියපජ‍්ජොතො, අග‍්ගිපජ‍්ජොතො, පඤ‍්ඤාපජ‍්ජොතො.

චන්‍ද්‍රප්‍රද්‍යොත ය, සූර්‍ය්‍යප්‍රද්‍යොත ය, අගනිප්‍රද්‍යොත ය, ප්‍රඥාප්‍රද්‍යොත යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පජ‍්ජොතා. එතදග‍්ගං භික‍්ඛවෙ ඉමෙසං චතුන‍්නං පජ‍්ජොතානං යදිදං පඤ‍්ඤාපජ‍්ජොතොති.

මහණෙනි, මේ ප්‍රද්‍යොතයෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ප්‍රද්‍යොතයන් කෙරෙහි ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ඇද්ද, තෙල අග්‍ර යි.

4. 3. 5. 6.

4. 3. 5. 6.

[කාලසුත‍්තං]

[කාල සූත්‍රය]

46. චත‍්තාරොමෙ භික‍්ඛවෙ කාලා. කතමෙ චත‍්තාරො?

46. මහණෙනි, මේ කාලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

කාලෙන ධම‍්මස‍්සවණං, කාලෙන ධම‍්මසාකච‍්ඡා, කාලෙන සමථො, කාලෙන විපස‍්සනා.

නිසි කාලයෙහි ධර්‍මශ්‍රවණ ය, නිසි කාලයෙහි ධර්‍මසාකච්ඡා ය, නිසි කාලයෙහි සමථ ය, නිසි කාලයෙහි විදර්‍ශනා යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො කාලාති.

මහණෙනි, මේ කාලයෝ සතර දෙන වෙති.