යෙදුමෙන් කියවන්න

5. ආභාවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. ආභා වර්ගය

1. ආභාසුත‍්තවණ‍්ණනා

1. ආභා සූත්‍ර වර්ණනාව

පඤ‍්චමස‍්ස පඨමෙ ආභාසනවසෙන චන්‍දොව චන්‍දාභා. සෙසපදෙසුපි එසෙව නයො.

පස්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි බැබළීම් වශයෙන් චන්ද්‍රයා චන්දහා නමි, සෙසු පදයන්හිද මේ ක්‍රමයමයි,

2-5. පභාසුත‍්තාදිවණ‍්ණනා

2-5. පභා ආදි සූත්‍ර වර්ණනා

දුතියාදීසුපි පභාසනවසෙන චන්‍දොව චන්‍දප‍්පභා. ආලොකනවසෙන චන්‍දොව චන්‍දාලොකො. ඔභාසනවසෙන චන්‍දොව චන්‍දොභාසො. පජ‍්ජොතනවසෙන චන්‍දොව චන්‍දපජ‍්ජොතොති. එවං සබ‍්බපදෙසුපි අත්‍ථො වෙදිතබ‍්බො.

දෙවැන්න ආදියෙහිද දිලිසීම් වශයෙන් චන්ද්‍රයාම චන්දප්පභා නමි, ආලෝක කිරීම් වශයෙන් චන්ද්‍රයාම චන්ද්‍රාලොකො නමි, බැබලීම් වශයෙන් චන්ද්‍රයාම චන්ද්‍රොභාසො නමි, දීප්තිමත්වීම් වශයෙන් චන්ද්‍රයාම චන්ද්‍රපජ්ජොතො නමි. මෙසේ සියලු පදයන්හි අර්‍ත්‍ථය දතයුතුය.

6. කාලසුත‍්තවණ‍්ණනා

6. කාල සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ කාලාති යුත‍්තප‍්පයුත‍්තකාලා. කාලෙන ධම‍්මස‍්සවනන‍්ති යුත‍්තප‍්පයුත‍්තකාලෙ ධම‍්මස‍්සවනං. ධම‍්මසාකච‍්ඡාති පඤ‍්හපුච‍්ඡනවිස‍්සජ‍්ජනවසෙන පවත‍්තා සංසන්‍දනකථා.

සයවැන්නෙහි කාලො යනු සුදුසු කාලයයි, කාලෙන ධම්මසවණං යනු සුදුසු කාලයෙහි දහම් ඇසීමයි, ධම්මසාකච්ඡා යනු පැන පුඑවිසීම් විසඳීම් වශයෙන් පැවැති යහපත් කථාවයි.

7. දුතියකාලසුත‍්තවණ‍්ණනා

7. දුතියකාල සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ කාලාති තස‍්මිං තස‍්මිං කාලෙ ධම‍්මස‍්සවනාදිවසෙන පවත‍්තානං කුසලධම‍්මානං එතං අධිවචනං. තෙ භාවියන‍්ති චෙව අනුපරිවත‍්තියන‍්ති ච. ආසවානං ඛයන‍්ති අරහත‍්තං. අට‍්ඨමං උත‍්තානත්‍ථමෙව.

සත්වැනි සූත්‍රයෙහි කාලා යනු ඒ ඒ කාලයෙහි දහම් ඇසීම් ආදී වශයෙන් පවතින්නා වූ කුශලධර්‍මයන්ට මේ නමකි, ඔවුහු වඩනු ලැබෙත්ද අනුව පෙරළෙනු ලැබෙත්ද වෙති, ආසවානං ඛයං යනු අරහත්වයයි, අටවැන්න පැහැදිලිමය,

9-10. වචීසුචරිතසුත‍්තාදිවණ‍්ණනා

9-10. වචීසුචරිත ආදි සූත්‍ර වර්ණනා

නවමෙ සණ‍්හා වාචාති මුදුකවාචා. මන‍්තභාසාති මන‍්තසඞ‍්ඛාතාය පඤ‍්ඤාය පරිච‍්ඡින්‍දිත්‍වා කථිතකථා. දසමෙ සීලසාරොති සාරසම‍්පාපකං සීලං. සෙසෙසුපි එසෙව නයො.

නවවැන්නෙහි, සණ්හවාචා යනු මෘදුවචනයි, මන්තාභාසං යනු මන්තා සංඛ්‍යාත වූ ප්‍රඥාවෙන් පිරිසිඳ කියනලද කථායි, දසවැන්නෙහි සීලසාරො යනු සාරය (හරය) ට පමුණුවන්නා වූ ශීලයයි, සෙසු තැන්හිද මේ ක්‍රමයයි.

ආභාවග‍්ගො පඤ‍්චමො.

පස්වැනිවූ අභාව වර්‍ගයයි.

තතියපණ‍්ණාසකං නිට‍්ඨිතං.

තෙවැනි පණ්ණාසකය නිමි.