යෙදුමෙන් කියවන්න

වචීදුච‍්චරිතසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

4. 3. 5. 8.

4. 3. 5. 8.

[වචීදුච‍්චරිතසුත‍්තං]

[වචීදුච්චරිත සූත්‍රය]

48. චත‍්තාරිමානි භික‍්ඛවෙ වචීදුච‍්චරිතානි. කතමානි චත‍්තාරි?

48. මහණෙනි, මේ වාග්දුශ්චරිතයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

මුසාවාදො, පිසුනාවාචා, ඵරුසාවාචා, සම‍්ඵප‍්පලාපො.

මෘෂාවාද ය, පිශුනවාක්‍ය ය, පරුෂවාක්‍ය ය, සම්ඵප්‍රලාප යි.

ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි වචීදුච‍්චරිතානි.

මහණෙනි, මේ සතර වාග්දුශ්චරිතයෝ යි.

4. 3. 5. 9.

4. 3. 5. 9.

[වචීසුචරිතසුත‍්තං]

[වචීසුචරිත සූත්‍රය]

49. චත‍්තාරිමානි භික‍්ඛවෙ වචීසුචරිතානි. කතමානි චත‍්තාරි?

49. මහණෙනි, මේ සතර වාක්සුචරිතයෝ යි. කවර සතරහ යත්:

සච‍්චවාචා, අපිසුනවාචා, සණ‍්හවාචා, මන‍්තාභාසා.

සත්‍යවචන ය, අපිශුනවචන ය, මොළොක් වචන ය, නුවණින් පිරිසිඳ කළ කථා යි.

ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි වචීසුචරිතානීති.

මහණෙනි, මේ සතර වාග්සුචරිතයෝ යි.

4. 3. 5. 10.

4. 3. 5. 10.

[සාරසුත‍්තං]

[සාර සූත්‍රය]

50. චත‍්තාරොමෙ භික‍්ඛවෙ සාරා. කතමෙ චත‍්තාරො?

50. මහණෙනි, මේ සාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

සීලසාරො, සමාධිසාරො, පඤ‍්ඤාසාරො, විමුත‍්තිසාරො.

ශිලසාර ය, සමාධිසාර ය, ප්‍රඥාසාර ය, විමුක්තිසාර යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො සාරාති.

මහණෙනි, මේ සතර සාරයෝ යි.

ආභාවග‍්ගො පඤ‍්චමො.

ආභාවර්‍ගය පස්වැනි යි.

තතියො පණ‍්ණාසකො.

තෙවන පණ්ණාසකය යි.