දුතියකාලසුත්තං
4. 3. 5. 7.
4. 3. 5. 7.
[දුතියකාලසුත්තං]
[දුතියකාල සූත්රය]
47. චත්තාරොමෙ භික්ඛවෙ කාලා සම්මා භාවියමානා සම්මා අනුපරිවත්තියමානා අනුපුබ්බෙන ආසවානං ඛයං පාපෙන්ති. කතමෙ චත්තාරො?
47. මහණෙනි, මේ කාලයෝ (කුශල ධර්මයෝ) සතර දෙනෙක් මොනොවට වඩනු ලබන්නාහු මැනවින් වටාලා කරණු ලබන්නාහු ක්රමයෙන් ආස්රවක්ෂයට පමුණුවත්. කවර සතර දෙනෙක යත්:
කාලෙන ධම්මසවණං, කාලෙන ධම්මසාකච්ඡා, කාලෙන සමථො, කාලෙන විපස්සනා.
නිසි කාලයෙහි ධර්මශ්රවණ ය, නිසි කාලයෙහි ධර්මසාකච්ඡා ය, නිසි කාලයෙහි සමථ ය, නිසි කාලයෙහි විදර්ශනා යි.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො කාලා සම්මා භාවියමානා සම්මා අනුපරිවත්තියමානා අනුපුබ්බෙන ආසවානං ඛයං පාපෙන්ති.
මහණෙනි, මේ කුශල ධර්මයෝ සතර දෙනා මැනවින් වඩනු ලබන්නාහු, මැනවින් වටාලා කරණු ලබන්නාහු පිළිවෙළින් අර්හත්ත්වයට පමුණුවත්.
සෙය්යාථාපි භික්ඛවෙ උපරිපබ්බතෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ තං උදකං යථානින්නං පවත්තමානං පබ්බතකන්දරපදරසාඛා පරිපූරෙති. පබ්බතකන්දරපදරසාඛා පරිපූරා කුස්සුබ්භෙ පරිපූරෙන්ති. කුස්සුබ්භා පරිපූරා මහාසොබ්භෙ පරිපූරෙන්ති. මහාසොබ්භා පරිපූරා කුන්නදියො පරිපූරෙන්ති. කුන්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන්ති. මහානදියො පරිපූරා සමුද්දං සාගරං පරිපූරෙන්ති.
මහණෙනි, යම් පරිදි පර්වතය මත දළ බිඳු ඇති වැසි වසිත් ම ඒ දිය වළ තැන් තුබූ සැටියෙන් වැටෙමින් පවුකඳුරු පැළිවළන් පුරවයි. පිරීසිටි පවු කඳුරු පැළිවළඳහු කුඩා හෙබහු පුරවත්. පරිපූර්ණ කුඩා හෙබහු මහහෙබ පුරවත්. පිරුණු මහහෙබහු කුඩා ගං හෝ පුරවත්. පිරුණු කුඩා ගං හෝ මහනදීන් පුරවත්. පිරුණු මහානදීහු සමුද්රසාගරය පුරවත්.
එවමෙව ඛො භික්ඛවෙ ඉමෙ චත්තාරො කාලා සම්මා භාවියමානා සම්මා අනුපරිවත්තියමානා අනුපුබ්බෙන ආසවානං ඛයං පාපෙන්තීති.
මහණෙනි, එ පරිදි ඒ මේ සතර කුසලධර්මයෝ මැනැවින් වඩනු ලබන්නාහු, මැනැවින් වටාලා කරණු ලබන්නාහු පිළිවෙළින් අර්හත්ත්වයට පමුණුවත්.