1. ඉන්ද්රියවග්ගො අට්ඨකථා
1. ඉන්ද්රිය වර්ගය
1-5. ඉන්ද්රියසුත්තාදිවණ්ණනා
1-5. ඉන්ද්රිය ආදි සූත්‍ර වර්ණනා
චතුත්ථස්ස පඨමෙ සද්ධාධුරෙන ඉන්දට්ඨං කරොතීති සද්ධින්ද්රියං. සෙසෙසුපි එසෙව නයො. දුතියෙ අස්සද්ධියෙ අකම්පනට්ඨෙන සද්ධාබලං. සෙසෙසුපි එසෙව නයො. තතියෙ අනවජ්ජබලන්ති නිද්දොසබලං. සඞ්ගහබලන්ති සඞ්ගණ්හිතබ්බයුත්තකානං සඞ්ගණ්හනබලං. චතුත්ථපඤ්චමානි උත්තානානෙව.
සිවුවැනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රයෙහි ශ්‍රද්ධා ධුරයෙන් අධිපති බව කෙරේනුයි සද්ධින්ද්රියං නමි, සෙසු තන්හිද මේ ක්‍රමයමයි, දෙවැනි සූත්‍රයෙහි නොසැලෙන අරුතින් සද්ධාබලං නමි. සෙසු තැන්හිද මේ ක්‍රමයමයි. තෙවැන්නෙහි අනවජ්ජබලං යනු නිර්දොෂ බලයයි, සඞ්ගාහබලං යනු සංග්‍රහ කළයුත්තවුන් සංග්‍රහ කිරීමේ බලයයි, සිවුවැනි පස්වැනි සූත්‍රයෝ පැහැදිලි අරුත් ඇත්තේමය.
6. අසඞ්ඛෙය්‍ය සුත්තවණ්ණනා
6. අසඞ්ඛෙය්‍ය සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ සංවට්ටතීති එත්ථ තයො සංවට්ටා ආපොසංවට්ටො, තෙජොසංවට්ටො, වායොසංවට්ටොති. තිස්සො සංවට්ටසීමා ආභස්සරා, සුභකිණ්හා, වෙහප්ඵලාති. යදා කප්පො තෙජෙන සංවට්ටති, ආභස්සරතො හෙට්ඨා අග්ගිනා ඩය්හති. යදා ආපෙන සංවට්ටති, සුභකිණ්හතො හෙට්ඨා උදකෙන විලීයති. යදා වාතෙන සංවට්ටති, වෙහප්ඵලතො හෙට්ඨා වාතෙන විද්ධංසති. විත්ථාරතො පන සදාපි එකං බුද්ධක්ඛෙත්තං විනස්සති. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරකථා පන විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 2.403-404 ආදයො) වුත්තනයෙනෙව වෙදිතබ්බා.
සයවැන්නෙහි සංවට්ටති යනු මෙහි ආපොසංවට්ටය, තෙජොසංවට්ටය, වායොසංවට්ට යයි සංවට්ට තුනෙකි, සංවට්ට සීමා තුන වනුයේ ආභස්සර, සුභකිණ්ණ හා වේහපඵල යන තුනයි, යම්විටෙක කල්පය තදින් විනාශවෙයි ද ආභස්සරයෙන් යට ගින්නෙන් දැවෙයි, යම්විටෙක දියෙන් විනාශවෙයි ද සුභකිණ්ණයෙන් යට ජලයෙන් වැසීයයි, යම්විටෙක වාතයෙන් විනාශවෙයි ද වෙහපඵලයෙන් යට සුළඟින් විනාශවෙයි, විස්තර වශයෙන් සැමවිටම එක් බුද්ධ ක්ෂේත්රයක් විනාශ වෙයි, මෙය මෙහි කෙටි විස්තරයයි, විස්තර කථාව විසුද්ධිමග්ගයෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.
7. රොග සුත්තවණ්ණනා
7. රෝග සූත්‍ර වර්ණනාව
සත්තමෙ විඝාතවාති මහිච්ඡාපච්චයෙන විඝාතෙන දුක්ඛෙන සමන්නාගතො. අසන්තුට්ඨොති චතූසු පච්චයෙසු තීහි සන්තොසෙහි අසන්තුට්ඨො. අනවඤ්ඤප්පටිලාභායාති පරෙහි අනවජානනස්ස පටිලාභත්ථාය. ලාභසක්කාරසිලොකප්පටිලාභායාති සුසඞ්ඛතචතුපච්චයසඞ්ඛාතස්ස ලාභසක්කාරස්ස චෙව වණ්ණභණනසඞ්ඛාතස්ස සිලොකස්ස ච පටිලාභත්ථාය. සඞ්ඛාය කුලානි උපසඞ්කමතීති “ඉති මං එතෙ ජානිස්සන්තී”ති ජානනත්ථාය කුලානි උපසඞ්කමති. සෙසපදෙසුපි එසෙව නයො.
සත්වැන්නෙහි විඝාතවා යනු දැඩි ආශා හේතුවෙන් විනාශවීමේ දුකින් යුක්තවූයේයි, අසන්තුට්ඨො යනු සිවුපසයෙහි සන්තොස තුනෙන් අසතුටු වූයේයි, අනවඤ්ඤපටිලාභාය යනු අනුන් විසින් නොදන්නා දෙය ලැබීම සඳහාය, ලාභසක්කාරසිලොකපටිලාභාය යනු මනාව සකසන ලද සිවුපස නම්වූ ලාභසසත්කාරය ද ගුණකීම් සංඛ්‍යාත වූ කීර්තිය ද ලැබීම සඳහායි, සඞ්කාය කුලානි උපසංකමති යනු මොවුහු මා දැන ගන්නාහුයයි දැන ගැනීම සඳහා කුලයන්ට එළඹෙයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි.
8. පරිහාණි සුත්තවණ්ණනා
8. පරිහාණි සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ ගම්භීරෙසූති අත්ථගම්භීරෙසු. ඨානාඨානෙසූති කාරණාකාරණෙසු. න කමතීති නාවගාහති නප්පවත්තති. පඤ්ඤාචක්ඛූති එත්ථ උග්ගහපරිපුච්ඡාපඤ්ඤාපි වට්ටති, සම්මසනප්පටිවෙධපඤ්ඤාපි වට්ටතියෙව.
අටවැන්නෙහි ගම්භීරෙසු යනු අර්ත්ථයෙන් ගැඹුරු වූ දෙයෙහියි, ඨානාඨානෙසු යනු කරුණෙහි හා නොකරුණෙහිය, න කමති යනු ඇතුළට නොබසියි, නොපවසයි, ප්රඥාචක්ෂුසයැයි මෙහි ඉගෙනීමේ හා විමසීමේ ප්‍රඥාව ද වටීයි. සම්මර්ශන ප්‍රතිවෙධ ප්‍රඥාව ද වටින්නේමය.
9. භික්ඛුනීසුත්තවණ්ණනා
9. භික්ඛුනී සූත්‍ර වර්ණනාව
නවමෙ එහි ත්වන්ති ථෙරෙ පටිබද්ධචිත්තා තං පහිණිතුං එවමාහ. සසීසං පාරුපිත්වාති සහ සීසෙන කායං පාරුපිත්වා. මඤ්චකෙ නිපජ්ජීති වෙගෙන මඤ්චකං පඤ්ඤාපෙත්වා තත්ථ නිපජ්ජි. එතදවොචාති තස්සාකාරං සල්ලක්ඛෙත්වා ලොභප්පහානත්ථාය සණ්හෙනෙව අසුභකථං කථෙතුං එතං අවොච. ආහාරසම්භූතොති ආහාරෙන සම්භූතො ආහාරං නිස්සාය වඩ්ඪිතො. ආහාරං නිස්සාය ආහාරං පජහතීති පච්චුප්පන්නං කබළීකාරාහාරං නිස්සාය තං එවං යොනිසො සෙවමානො පුබ්බකම්මසඞ්ඛාතං ආහාරං පජහති. පච්චුප්පන්නෙපි පන කබළීකාරාහාරෙ නිකන්තිතණ්හා පජහිතබ්බා.
නවවැන්නෙහි එහි ත්වං යනු තෙරුන් කෙරෙහි පිළිබඳ සිත් ඇත්තී එය යවන්නට මෙසේ කීවාය, සසීසං පාරුපිත්වා යනු හිස සමඟ සිරුර පොරවායි, මඤ්චකෙ නිපජ්ජි යනු ඉක්මණින් ඇඳක් පනවා එහි වැදහොත්තේය, එතදවොච යනු ඇයගේ ආකාරය සලකා ලොභය දුරුකරනු සඳහා සියුම් ලෙසින් අසුභ කථාව කීමට මෙසේ කීවේය. ආහාර සම්භුනො යනු අහරින් හටගත්තේ ආහාරය නිසා වඩනා ලද්දේයි, ආහාරං නිස්සාය ආහාරං පජහති යනු වර්තමාන කැබලි ආහාරය එය මෙසේ නුවණින් සේවනය කරනු ලබන්නේ පූර්වකර්ම සංඛ්‍යාත ආහාරය දුරු කරයි, වර්තමාන කැබලි අහරෙහි මෙහෙයවන්නා වූ තෘෂ්ණාව දුරුකළ යුත්තේමය,
තණ්හං පජහතීති ඉදානි එවං පවත්තං පච්චුප්පන්නතණ්හං නිස්සාය වට්ටමූලිකං පුබ්බතණ්හං පජහති. අයං පන පච්චුප්පන්නතණ්හා කුසලා අකුසලාති? අකුසලා. සෙවිතබ්බා න සෙවිතබ්බාති? සෙවිතබ්බා. පටිසන්ධිං ආකඩ්ඪති නාකඩ්ඪතීති? නාකඩ්ඪති. එතිස්සාපි පන පච්චුප්පන්නාය සෙවිතබ්බතණ්හාය නිකන්ති පජහිතබ්බායෙව. සො හි නාම ආයස්මා ආසවානං ඛයා උපසම්පජ්ජ විහරිස්සති, කිමඞ්ගං පනාහන්ති එත්ථ කිමඞ්ගං පනාති කාරණපරිවිතක්කනමෙතං. ඉදං වුත්තං හොති – සො ආයස්මා අරහත්තඵලං සච්ඡිකත්වා විහරිස්සති, අහං කෙන කාරණෙන න සච්ඡිකත්වා විහරිස්සාමි. සොපි හි ආයස්මා සම්මාසම්බුද්ධස්සෙව පුත්තො, අහම්පි සම්මාසම්බුද්ධස්සෙව පුත්තො, මය්හම්පෙතං උප්පජ්ජිස්සතීති. මානං නිස්සායාති ඉදං එවං උප්පන්නසෙවිතබ්බමානං නිස්සාය. මානං පජහතීති වට්ටමූලකං පුබ්බමානං පජහති. යං නිස්සාය පනෙස තං පජහති, සොපි තණ්හා විය අකුසලො චෙව සෙවිතබ්බො ච, නො ච පටිසන්ධිං ආකඩ්ඪති. නිකන්ති පන තස්මිම්පි පජහිතබ්බාව.
තණ්හං පජහති යනු දැන් මෙසේ පැවති වර්තමාන තෘෂ්ණාව නිසා සංසාරමූලක වූ පූර්‍වතෘෂ්ණාව දුරුකරයි, මේ වර්තමාන තෘෂ්ණාව කුශලද අකුශලද? අකුශලයි. ඇසුරු කළ යුතුද ඇසුරු නොකළ යුතුද ඇසුරු කළ යුතුය, ප්රතිසන්ධිය අදියිද නොඅදියිද? නොඅදියි, මේ ඇසුරු කළ යුතු වර්තමාන තෘෂ්ණාවට කැමැත්ත දුරුකළයුතුය. සොහි නාම ආයස්මා ආසවානං ඛයා උපසමපජ්ජ විහරිස්සති කිමංග පනාහං යන මෙහි කිමඞ්ගපන යන කරුණු විමසීමයි, මෙය කියන ලද්දේ වෙයි: ඒ ආයුෂ්මතුන් වහන්සේ අරහත් ඵලය ප්රත්යක්ෂ කොට වාසය කරති, මම කුමන කරුණක් නිසා ප්රත්යක්ෂ නොකොට වසන්නෙම්ද? ඒ ආයුෂ්මතුන් වහන්සේ ද සම්මා සම්බුදුන් වහන්සේගේම පුත්‍රයෙකි. මම ද සම්මා සම්බුදුන් වහන්සේගේම පුත්‍රයෙක්මි, මටද මේ රහත්ඵලය උපදින්නේය යනුවෙනි. මානං නිස්සාය යනු මේ එසේ උපන් සෙවිය යුතු මානය නිසායි. මානං පජහති යනු සංසාරමූලික පූර්‍වමානය දුරුකරයි, යමක් නිසා මෙතෙම එම මානය දුරුකරයිද? එය ද තෘෂ්ණාව මෙන්ම අකුශලයකි. ඇසුරු කළ යුතුය, ප්රතිසන්ධිය ඇද දමන්නේද නොවේ. එහි කැමැත්ත ද දුරුකළ යුත්තේමය,
සෙතුඝාතො වුත්තො භගවතාති පදඝාතො පච්චයඝාතො බුද්ධෙන භගවතා කථිතො. ඉති ඉමෙහි චතූහි අඞ්ගෙහි ථෙරෙ දෙසනං විනිවට්ටෙන්තෙ තස්සා භික්ඛුනියා ථෙරං ආරබ්භ උප්පන්නො ඡන්දරාගො අපගඤ්ඡි. සාපි ථෙරං ඛමාපෙතුං අච්චයං දෙසෙසි, ථෙරොපිස්සා පටිග්ගණ්හි. තං දස්සෙතුං අථ ඛො සා භික්ඛුනීතිආදි වුත්තං.
සෙතුඝාතො වුත්තො භගවතා යනු භාග්‍යවත් බුදුන්වහන්සේ විසින් පදවිනාශය ප්‍රත්‍යය විනාශය ප්‍රකාශ කරන ලදි. මෙසේ මේ අංග සතරින් තෙරුන් කෙරෙහි දෙසුම පෙරලන විට ඒ භික්ෂුණියගේ තෙරුන් කෙරෙහි උපන් ඡන්දරාගය දුරුවීය, ඕතොමෝත් තෙරුන් ක්ෂමා කරවීමට වරද දෙසුවාය, තෙරණුවෝ ඇයගේ වරද පිළිගත්හ. එය දැක්වීමට අථ ඛො සා භික්ඛුනි යනාදිය කීහ.
10. සුගතවිනයසුත්තවණ්ණනා
10. සුගතවිනය සූත්‍ර වර්ණනාව
දසමෙ දුග්ගහිතන්ති උප්පටිපාටියා ගහිතං. පරියාපුණන්තීති වළඤ්ජෙන්ති කථෙන්ති. පදබ්යඤ්ජනෙහීති එත්ථ පදමෙව අත්ථස්ස බ්යඤ්ජනතො බ්යඤ්ජනන්ති වුත්තං. දුන්නික්ඛිත්තස්සාති දුට්ඨු නික්ඛිත්තස්ස උප්පටිපාටියා ඨපිතස්ස. අත්ථොපි දුන්නයො හොතීති අට්ඨකථා නීහරිත්වා කථෙතුං න සක්කා හොති. ඡින්නමූලකොති මූලභූතානං භික්ඛූනං උපච්ඡින්නත්තා ඡින්නමූලකො. අප්පටිසරණොති අප්පතිට්ඨො. බාහුලිකාති පච්චයබාහුල්ලාය පටිපන්නා. සාථලිකාති තිස්සො සික්ඛා සිථිලග්ගහණෙන ගණ්හනකා. ඔක්කමනෙ පුබ්බඞ්ගමාති පඤ්ච නීවරණානි අවගමනතො ඔක්කමනන්ති වුච්චන්ති, තත්ථ පුබ්බඞ්ගමාති අත්ථො. පවිවෙකෙති තිවිධෙ විවෙකෙ. නික්ඛිත්තධුරාති නිබ්බීරියා. ඉමිනා නයෙන පන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො.
දසවැන්නෙහි දුග්ගහිතං යනු උපිළිවෙළින් ගන්නා ලදි, පරියාපුණන්ති යනු ප්‍රකාශ කරත්, කියත්. පදව්යඤ්ජනෙහි යනු මෙහි පදයම අර්ත්ථයාගෙ ව්‍යංජන වශයෙන් ව්‍යංජන යයි කියන ලදි, දුන්නික්ඛිත්තස්ස යනු වැරදි සේ බහාතබන ලද්දට, උපිළිවෙළින් තබන ලද්දටයි, අත්ථාපි දුන්නයො හොති යනු අර්‍ත්‍ථකථාව ගෙනහැර දක්වා කීමට නොහැකි වෙයි, ජින්නමූලකො යනු භික්ෂුන්ගේ මූලය වූ දේ සිඳ දමනලද බැවින් ඡින්නමූලක වූයේයි, අප්පටිසරණො යනු පිහිටක් නැත්තේයි, බාහුලිකා යනු ප්‍රත්‍යය බහුල බවට පිළිපන්නෝයි, සාථලිකා යනු ත්‍රිවිධ ශික්ෂා ලිහිල්ව ගැනීමෙන් ගන්නෝයි, ඔක්කමනෙ ථුබ්බඞ්ගමා යනු පඤ්චනීවරණ යටිකුරුව යන බැවින් “ඔක්කමන්ති”යි කියනු ලැබෙත්, එහි පූර්වාංගම වූවෝයි අර්‍ත්‍ථයි, පටිවෙකෙ යනු ත්‍රිවිධ විවේකයෙහියි, නික්ඛිත්තධුරානි යනු වීර්ය ඇත්තෝයි, මේ ක්‍රමයෙන් සියලු පදයන්හි අර්ත්ථය දතයුතුය.
ඉන්ද්රියවග්ගො පඨමො.
පළමුවැනි ඉන්ද්රිය වර්ගයයි.