යෙදුමෙන් කියවන්න

භික‍්ඛුනීසුත‍්තං

4. 4. 1. 9.

4. 4. 1. 9.

[භික‍්ඛුනීසුත‍්තං]

[භික්ඛුනී සූත්‍රය]

9. එකං සමයං ආයස‍්මා ආනන්‍දො කොසම‍්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො අඤ‍්ඤතරා භික‍්ඛුනී අඤ‍්ඤතරං පුරිසං ආමන‍්තෙසි : එහි ත්‍වං අම‍්භො පුරිස, යෙන අය්‍යො ආනන්‍දො තෙනුපසඞ‍්කම, උපසඞ‍්කමිත්‍වා මම වචනෙන අය්‍යස‍්ස ආනන්‍දස‍්ස පාදෙ සිරසා වන්‍ද, ඉත්‍ථන‍්නාමා භන‍්තෙ භික‍්ඛුනී ආබාධිකිනී දුක‍්ඛිතා බාළ‍්හගිලානා, සා අය්‍යස‍්ස ආනන්‍දස‍්ස පාදෙ සිරසා වන්‍දතීති. එවං ච වදෙහි: සාධු කිර භන‍්තෙ අය්‍යො ආනන්‍දො යෙන භික‍්ඛුනූපස‍්සයො යෙන සා භික‍්ඛුනී තෙනුපසඞ‍්කමතු අනුකම‍්පං උපාදායාති.

9. එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙති. එසඳ එක්තරා මෙහෙණක් එක්තරා පුරුෂයකු ඇමතූ ය. “එම්බා පුරුෂය, තෝ මෙහි එව, ආර්‍ය්‍ය ආනන්‍ද තෙරණුවන් කරා එළඹෙව, මාගේ වචනයෙන් අනඳහිමියන් පා හිසින් වඳුව, වහන්ස, මෙනම් මෙහෙණ හටගත් ආබාධ ඇතිව දුඃඛිත ව දැඩි ගිලන් ව වෙසේ. ඕ අනඳ හිමියන්ගේ පාදයන් සිරසින් වඳී.” කියා යි. “වහන්ස, අනඳහිමිහු මෙහෙණවර කරා, එ මෙහෙණ කරා, අනුකම්පා කොට එළඹෙන සේක් නම් මැනැවැ”යි ද මෙසේත් කියව.

එවං අය්‍යෙති ඛො සො පුරිසො තස‍්සා භික‍්ඛුනියා පටිස‍්සුත්‍වා යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො පුරිසො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච :

‘ආර්‍ය්‍යාවෙනි, එසේය’ යි කියා එ පුරිස් එ මෙහෙණට පිළිවදන් අස්වා ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන් සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් එපුරිස් ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල කී:

ඉත්‍ථන‍්නාමා භන‍්තෙ භික‍්ඛුනී ආබාධිකිනී දුක‍්ඛිතා බාළ‍්හගිලානා, සා ආයස‍්මතො ආනන්‍දස‍්ස පාදෙ සිරසා වන්‍දති, එවං ච වදෙති: සාධු කිර භන‍්තෙ ආයස‍්මා ආනන්‍දො යෙන භික‍්ඛුනූපස‍්සයො යෙන සා භික‍්ඛුනී තෙනුපසඞ‍්කමතු අනුකම‍්පං උපාදායාති.

“වහන්ස, මෙනම් මෙහෙණ හටගත් ආබාධ ඇති ව දුඃඛිත ව දැඩි ගිලන් ව වෙසේ, ඕ ආයුෂ්මත් අනඳ තෙරුන්ගේ පාදයන් සිරසින් වඳී. මෙසේ ද කියයි: “වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මෙහෙණවර කරා ඒ මෙහෙණ කරා අනුකම්පා කොට එළඹෙන සේක් නම් මැනව” කියා යි.

අධිවාසෙසි ඛො ආයස‍්මා ආනන්‍දො තුණ‍්හීභාවෙන. අථ ඛො ආයස‍්මා ආනන්‍දො නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන භික‍්ඛුනූපස‍්සයො තෙනුපසඞ‍්කමි. අද‍්දසා ඛො සා භික‍්ඛුනී ආයස‍්මන‍්තං ආනන්‍දං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වා සසීසං පාරුපිත්‍වා මඤ‍්චකෙ නිපජ‍්ජි. අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන සා භික‍්ඛුනී තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො ආයස‍්මා ආනන්‍දො තං භික‍්ඛුනිං එතදවොච :

ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තුෂ්ණීම්භාවයෙන් ඉවසූහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ හැඳ පෙරෙව පාසිවුරු ගෙණ මෙහෙණවර කරා එළඹියහ. ඒ මෙහෙණ ආයුෂ්මත් අනඳ තෙරණුවන් එනුවන් දුරදී ම දුටු. දැක හිස වසා පෙරව ගෙණ ඇඳෙහි හොතු. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ඒ මෙහෙණ කරා එළඹියහ. එළඹ පැන් වූ අස්නෙහි හුන්හ. හිඳ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ඒ මෙහෙණට තෙල කීහ:

ආහාරසම‍්භූතො අයං භගිනි කායො. ආහාරං නිස‍්සාය ආහාරො පහාතබ‍්බො. තණ‍්හාසම‍්භූතො අයං භගිනි කායො තණ‍්හං නිස‍්සාය තණ‍්හා පහාතබ‍්බා මානසම‍්භූතො අයං භගිනි කායො. මානං නිස‍්සාය මානො පහාතබ‍්බො. මෙථුනසම‍්භූතො අයං භගිනි කායො. මෙථුනෙ ච සෙතුඝාතො වුත‍්තො භගවතා.

බුහුනණියනි, මේ කය ආහාරයෙන් වැඩින. අහර නිසා කර්‍මාහාරය ප්‍රහාතව්‍ය වෙයි. බුහුනණියනි, මේ කය තෘෂ්ණායෙන් වැඩින. තෘෂ්ණාව නිසා පූර්‍වතෘෂ්ණාව ප්‍රහාතව්‍ය වෙයි. බුහුනණියනි, මේ කය මානයෙන් වැඩින. මානය නිසා පූර්‍වමානය ප්‍රහාතව්‍ය වෙයි. බුහුනණියනි, මේ කය මෛථුනයෙන් වැඩින. භාග්‍යවතුන් වහන්සේ විසින් මෛථුනයෙහි හේතු නැස්ම වදාරණ ලදී.

“ආහාරසම‍්භූතො අයං භගිනි කායො, ආහාරං නිස‍්සාය. ආහාරො පහාතබ‍්බො”ති ඉති ඛො පනෙතං වුත‍්තං. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං? ඉධ පන භගිනි භික‍්ඛු පටිසඞ‍්ඛායොනිසො ආහාරං ආහාරෙති: නෙව දවාය න මදාය න මණ‍්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස‍්ස කායස‍්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ‍්මචරියානුග‍්ගහාය, ඉති පුරාණං ච වෙදනං පටිහඞ‍්ඛාමි, නවං ච වෙදනං න උප‍්පාදෙස‍්සාමි, යාත්‍රා ච මෙ භවිස‍්සති අනවජ‍්ජතා ච ඵාසුවිහාරො චාති. සො අපරෙන සමයෙන ආහාරං නිස‍්සාය ආහාරං පජහති. “ආහාරසම‍්භූතො අයං භගිනි, කායො ආහාරං නිස‍්සාය. ආහාරො පහාතබ‍්බො”ති ඉති යන‍්තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

“බුහුනණියෙනි, මේ කය ආහාරයෙන් වැඩින. ආහාරය නිසා ආහාරය පහ කළ යුතුය” යි මෙසේ තෙල බස කියන ලද. තෙල බස කුමක් පිණිස කියූ ද යත්: “බුහුනණියෙනි, මෙසස්නෙහි මහණ නුවණින් සලකා අහර වළඳ කෙරෙයි. දවය පිණිස නො වේ. මදය පිණිස නො වේ. මණ්ඩනය පිණිස නො වේ. විභූෂණය පිණිස නො වේ. මේ කරජකායයාගේ ස්ථිතිය පිණිස ම වෙයි. යැපීම පිණිස ම වෙයි. විහිංසා නස්නා පිණිස ම වෙයි. බඹසරට අනුගුරක් පිණිස ම වෙයි. මෙසේ පුරාණවේදනාත් නස්මි. නව්‍යවෙදනාත් නූපදවමි. මාගේ ජීවිතයාත්‍රාව ද වෙයි. අවද්‍යතා ද ඵාසුවිහරණය ද වෙයි. හේ පසු කලෙක අහර නිසා අහර හැර පියයි. “බුහුනණියෙනි, මේ කය අහරින් වැඩින, අහර නිසා අහර හැරපිය යුතුය”යි යම් බසෙක් කියන ලද නම් මෙය තෙල අරුත් සඳහා කියන ලදි.

“තණ‍්හාසම‍්භූතො අයං භගිනි කායො, තණ‍්හං නිස‍්සාය. තණ‍්හා පහාතබ‍්බා”ති ඉති ඛො පනෙතං වුත‍්තං. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං? ඉධ භගිනි භික‍්ඛු සුණාති ඉත්‍ථන‍්නාමො කිර භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජවිහරතීති. තස‍්ස එවං හොති: කුදස‍්සු නාම අහම‍්පි ආසවානං ඛයා -පෙ- සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරිස‍්සාමීති. සො අපරෙන සමයෙන තණ‍්හං නිස‍්සාය තණ‍්හං පජහති. “තණ‍්හාසම‍්භූතො අයං භගිනි කායො. තණ‍්හං නිස‍්සාය තණ‍්හා පහාතබ‍්බා”ති ඉති යන‍්තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

“බුහුනණියෙනි, මේ කය තෘෂ්ණායෙන් වැඩින. තෘෂ්ණාව හැරපිය යුතුය යි” මෙසේ තෙල බස කියන ලද. තෙල බස කුමක් පිණිස කියන ලද ද: “බුහුනණියෙනි, මෙසස්නෙහි මහණෙක් ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය දුටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසේ ලැ”යි අසාද, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘කවරදා නම් මමත් ආස්‍රවක්‍ෂය කිරීමෙන් ... ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙම් දෝ හෝ”යි කියා යි. හේ පසුකලෙක තෘෂ්ණාව නිසා තෘෂ්ණාව හැරපියයි. “බුහුනණියනි, මේ කය තෘෂ්ණායෙන් වැඩින. තෘෂ්ණාව නිසා තෘෂ්ණාව පහ කළයුතුය”යි මෙසේ යම් ඒ බසෙක් කියන ලද නම් මෙබස් තෙල අරුත් සඳහා කියන ලදි.

“මානසම‍්භූතො අයං භගිනි කායො, මානං නිස‍්සාය මානො පහාතබ‍්බො”ති. ඉති ඛො පනෙතං වුත‍්තං. කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං? ඉධ භගිනි භික‍්ඛු සුණාති ඉත්‍ථන‍්නාමො කිර භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතීති. තස‍්ස එවං හොති: සො හි නාම ආයස‍්මා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති, කිමඞ‍්ගපනාහන‍්ති. සො අපරෙන සමයෙන මානං නිස‍්සාය මානං පජහති. “මානසම‍්භූතො අයං භගිනි කායො, මානං නිස‍්සාය. මානො පහාතබ‍්බො”ති, ඉති යන‍්තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

“බුහුනණියෙනි, මේ කය මානයෙන් වැඩින. මානය නිසා මානය පහ කළයුතුය”යි මෙසේ තෙල බස කියන ලද. තෙල බස කුමක් පිණිස කියන ලද යත්: “බුහුනණියෙනි, මෙසස්නෙහි මහණෙක් මෙනම් මහණ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චෛතසිකවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසේ ලැ”යි අසා ද, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ඒ ආයුෂ්මත් වනාහි ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය මෙලොව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙයි. මම වැළිත් කියනු කිමැ”යි කියා යි. හේ පසුකලෙක මානය නිසා මානය හැර පියයි. “බුහුනණියනි, මේ කය මානයෙන් වැඩින. මානය නිසා මානය පහ කළ යුතුය”යි මෙසේ යම් ඒ බසෙක් කියන ලද නම් මෙබස් තෙල අරුත් පිණිස කියන ලදී.”

“මෙථුනසම‍්භූතො අයං භගිනි කායො, මෙථුනෙ ච සෙතුඝාතො වුත‍්තො භගවතා”ති.

“බුහුනණියෙනි, මේ කය මෛථුනයෙන් වැඩින. භාග්‍යවතුන් වහන්සේ විසින් මෛථුනයෙහි හේතුඝාතය වදාරණ ලදී.

අථ ඛො සා භික‍්ඛුනී මඤ‍්චා උට‍්ඨහිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා ආයස‍්මතො ආනන්‍දස‍්ස පාදෙසු සිරසා නිපතිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: අච‍්චයො මං භන‍්තෙ අච‍්චගමා යථාබාලං යථාමූළ‍්හං යථාඅකුසලං යාහං එවමකාසිං. තස‍්සා මෙ භන‍්තෙ අය්‍යො ආනන්‍දො අච‍්චයං අච‍්චයතො පතිගණ‍්හාතු ආයතිං සංවරායාති.

එසඳ ඒ මෙහෙණ හැඳෙන් නැගී උත්තරාසඞ්ගය එකස් කොට ආයුෂ්මත් අනඳ තෙරණුවන්ගේ පාමුල හිසින් වැටී ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල බස් කිවුය: “වහන්ස, යම් බඳු මම මෙසේ කෙළෙම් වේ ද, බාල වූ පරිදි මුළා වූ පරිදි අකුසල් වූ පරිදි ඒ වරද මා ඉක්ම ගියේ ය. වහන්ස, ආනන්‍ද හිමිහු ඒ මාගේ වරද වරද විසින් ආයතිසංවරය සඳහා පිළිගන්නා සේක්වා.

තග‍්ඝ තං භගිනි අච‍්චයො අච‍්චගමා යථාබාලං යථාමූළ‍්හං යථාඅකුසලං යා ත්‍වං එවමකාසි. යතො ච ඛො ත්‍වං භගිනි අච‍්චයං අච‍්චයතො දිස‍්වා යථාධම‍්මං පටිකරොසි, තං තෙ මයං පතිගණ‍්හාම. වුද‍්ධි හෙසා භගිනි අරියස‍්ස විනයෙ යා අච‍්චයං අච‍්චයතො දිස‍්වා යථාධම‍්මං පටිකරොති ආයතිං සංවරං ආපජ‍්ජතීති.

බුහුනණියෙනි, යම් තෝ මෙසේ කෙළෙහි නම් එබැවින් බාල වූ පරිදි මුළා වූ පරිදි අකුසල් වූ පරිදි ඒ වරද තී ඉක්ම ගියේ ය. බුහුනණියෙනි, යම් හෙයෙකින් තෝ වරද වරද විසින් දැක දහම් වූ පරිදි ප්‍රතික්‍රියා කෙරෙහි ද, තීගේ ඒ වරද අපි පිළිගණුම්හ. බුහුනණියෙනි, යමක් වරද වරද විසින් දැක දහම් පරිදි ප්‍රතික්‍රියා කෙරේ ද, මතු සංවරයට එළඹේ ද, තෙල ප්‍රතික්‍රියාව ආර්‍ය්‍යවිනයෙහි අභිවෘද්ධියෙක් මැයි.