යෙදුමෙන් කියවන්න

පරිහානි සුත‍්තං

4. 4. 1. 8.

4. 4. 1. 8.

[පරිහානි සුත‍්තං]

[පරිහාණි සූත්‍රය]

8. තත්‍ර ඛො ආයස‍්මා සාරිපුත‍්තො භික‍්ඛූ ආමන‍්තෙසි ආවුසො භික‍්ඛවොති. ආවුසොති ඛො තෙ භික‍්ඛූ ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච :

8. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ‘ඇවැත් මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ තෙල ප්‍රකාශ කළහ:

යො හි කො චි ආවුසො භික‍්ඛු වා භික‍්ඛුනී වා චත‍්තාරො ධම‍්මෙ අත‍්තනි සමනුපස‍්සති, නිට‍්ඨමෙත්‍ථ ගන‍්තබ‍්බං පරිහායාමි කුසලෙහි ධම‍්මෙහි. පරිහානමෙතං වුත‍්තං භගවතා. කතමෙ චත‍්තාරො?

ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, “කුසල දහමින් පිරිහෙමි”යි මෙහි ලා නිශ්චයට යා යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් “තෙල පිරිහිනෙකැ”යි වදාරණ ලදී. කවර සතර දහම්හුය යත්:

රාගවෙපුල‍්ලතං, දොසවෙපුල‍්ලතං, මොහවෙපුල‍්ලතං, ගම‍්භීරෙසු ඛො පනස‍්ස ඨානාඨානෙසු පඤ‍්ඤාචක‍්ඛුං න කමති.

රාගවෛපුල්‍ය ය, ද්වේෂවෛපුල්‍ය ය, මොහවෛපුල්‍ය ය, ඔහුගේ පැණැස ගැඹුරු ස්ථාන අස්ථානයෙහි (කාරණාකාරණයෙහි) නො වැදගණී නම් එද යන සතර යි.

යො හි කොචි ආවුසො භික‍්ඛු වා භික‍්ඛුනී වා ඉමෙ චත‍්තාරො ධම‍්මෙ අත‍්තනි සමනුපස‍්සති, නිට‍්ඨමෙත්‍ථ ගන‍්තබ‍්බං පරිහායාමි කුසලෙහි ධම‍්මෙහි, පරිහානමෙතං වුත‍්තං භගවතා.

ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මේ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, “කුසල දහමින් පිරිහෙමි”යි මෙහි නිශ්චයට යා යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෙල පිරිහිනෙකැ’යි වදාරණ ලදී.

යො හි කො චි ආවුසො, භික‍්ඛු වා භික‍්ඛුනී වා චත‍්තාරො ධම‍්මෙ අත‍්තනි සමනුපස‍්සති, නිට‍්ඨමෙත්‍ථ ගන‍්තබ‍්බං න පරිහායාමි කුසලෙහි ධම‍්මෙහි. අපරිහානමෙතං වුත‍්තං භගවතා. කතමෙ චත‍්තාරො?

ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මේ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, “කුසලදහමින් නො පිරිහෙමි”යි මෙහි නිශ්චයට යා යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෙල නොපිරිහිනෙකැ’යි වදාරණ ලදී. කවර සතර දෙනෙක යත්:

රාගතනුත‍්තං, දොසතනුත‍්තං, මොහතනුත‍්තං, ගම‍්භීරෙසු ඛො පනස‍්ස ඨානාඨානෙසු පඤ‍්ඤාචක‍්ඛුං කමති.

රාගයාගේ තුනීබව ය, ද්වේෂයාගේ තුනීබව ය, මෝහයාගේ තුනීබව ය, ඔහුගේ පැණැස ගැඹුරු කාරණාකාරණයෙහි වැදගණී ද එයයි.

යො හි කො චි ආවුසො භික‍්ඛු වා භික‍්ඛුනී වා ඉමෙ චත‍්තාරො ධම‍්මෙ අත‍්තනි සමනුපස‍්සති, නිට‍්ඨමෙත්‍ථ ගන‍්තබ‍්බං අපරිහායාමි කුසලෙහි ධම‍්මෙහි. අපරිහානමෙතං වුත‍්තං භගවතාති.

ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මේ සතර දහම් තමා කෙරෙහි දක්නේ ද, ‘කුසලදහමින් නො පිරිහෙමි’යි මෙහි නිශ්චයට යා යුතුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෙල නො පිරිහිනෙකැ’යි වදාරණ ලදී.