යෙදුමෙන් කියවන්න

රොග සුත‍්තං

4. 4. 1. 7.

4. 4. 1. 7.

[රොග සුත‍්තං]

[රෝග සූත්‍රය]

7. ද‍්වෙමෙ භික‍්ඛවෙ රොගා. කතමෙ ද‍්වෙ?

7. මහණෙනි, මේ රෝගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්:

කායිකො ච රොගො. චෙතසිකො ච රොගො.

කායිකරෝගය හා චේතසිකරෝග යි.

දිස‍්සන‍්ති භික‍්ඛවෙ සත‍්තා කායිකෙන රොගෙන එකම‍්පි වස‍්සං ආරොග්‍යං පටිජානමානා. ද‍්වෙපි වස‍්සානි ආරොග්‍යං පටිජානමානා. තීණිපි වස‍්සානි ආරොග්‍යං පටිජානමානා. චත‍්තාරිපි වස‍්සානි ආරොග්‍යං පටිජානමානා. පඤ‍්චපි වස‍්සානි ආරොග්‍යං පටිජානමානා. දසපි වස‍්සානි ආරොග්‍යං පටිජානමානා. වීසතිම‍්පි වස‍්සානි ආරොග්‍යං පටිජානමානා. තිංසම‍්පි වස‍්සානි ආරොග්‍යං පටිජානමානා. චත‍්තාරීසම‍්පි වස‍්සානි ආරොග්‍යං පටිජානමානා. පඤ‍්ඤාසම‍්පි වස‍්සානි ආරොග්‍යං පටිජානමානා. වස‍්සසතම‍්පි. ආරොග්‍යං පටිජානමානා.

මහණෙනි, කායිකරෝගයෙන් එක් හවුරුද්දකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු දෙකකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු තුණකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු සතරකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු පසකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු දසයකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු විස්සකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු තිසකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු සතළිසකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු පණසකුදු ආරෝග්‍යය පිළිණ කරණ, හවුරුදු සියයකුදු ආරෝග්‍යය පිළිණ කරණ සත්හු පැණෙති.

තෙ භික‍්ඛවෙ සත‍්තා දුල‍්ලභා ලොකස‍්මිං යෙ චෙතසිකෙන රොගෙන මුහුත‍්තම‍්පි ආරොග්‍යං පටිජානන‍්ති, අඤ‍්ඤත්‍ර ඛීණාසවෙහි.

මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් චෛතසික රෝගයෙන් ආරෝග්‍යය පිළිණ කෙරෙත් ද, ඒ සත්හු ලෝකයෙහි දුර්‍ලභ වෙති. රහතුන් හැර යි.

චත‍්තාරොමෙ භික‍්ඛවෙ පබ‍්බජිතස‍්ස රොගා. කතමෙ චත‍්තාරො?

මහණෙනි, පැවිද්දහුට මේ රෝගයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු මහිච‍්ඡො හොති විඝාතවා අසන‍්තුට‍්ඨො ඉතරීතරචීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානප‍්පච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන. සො මහිච‍්ඡො සමානො විඝාතවා අසන‍්තුට‍්ඨො ඉතරීතරචීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානප‍්පච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන පාපිකං ඉච‍්ඡං පණිදහති අනවඤ‍්ඤපටිලාභාය, ලාභසක‍්කාරසිලොකපටිලාභාය. සො උට‍්ඨහති ඝටෙති වායමති අනවඤ‍්ඤපටිලාභාය, ලාභසක‍්කාරසිලොකපටිලාභාය. සො සඞ‍්ඛාය කුලානි උපසඞ‍්කමති, සඞ‍්ඛාය නිසීදති, සඞ‍්ඛාය ධම‍්මං භාසති, සඞ‍්ඛාය උච‍්චාරපස‍්සාවං සන්‍ධාරෙති. ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පබ‍්බජිතස‍්ස රොගා.

මහණෙනි, මෙසස්නෙහි මහණ මහේච්ඡ වෙයි. එයින් දුක් ඇතියේ වෙයි. යම් ම කිසි පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරෙකින් සතුටු නො වෙයි. හේ මහේච්ඡ වූයේ එයින් දුක් ඇතියේ යම් ම කිසි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරෙකින් අසතුටු වූයේ අවඥා නොලබනු සඳහා ලාභසත්කාරකීර්ති ලබනු සඳහා ලමු කැමැත්තක් පිහිටුවයි. හේ අවඥා නොලබනු පිණිස ලාභසත්කාර කීර්ති ලබනු පිණිස උත්‍ථානවීර්‍ය්‍යය කෙරෙයි. ඝටනා කෙරෙයි. ව්‍යායාම කෙරෙයි. (මෙසෙසින් මහදනා මා හඳුනා ගනිතියි) හේ අපේක්‍ෂා කොට කුලන්කරා එළඹෙයි. අපේක්‍ෂා කොට හිඳියි. අපේක්‍ෂා කොට දහම් දෙසයි. අපේක්‍ෂා කොට මලමූත්‍රවේගධාරණය කෙරෙයි. මහණෙනි, පැවිද්දහුගේ මේ සතර රෝගයෝ යි.

තස‍්මාතිහ භික‍්ඛවෙ එවං සික‍්ඛිතබ‍්බං: න මහිච‍්ඡා භවිස‍්සාම විඝාතවන‍්තො අසන‍්තුට‍්ඨා ඉතරීතරචීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන, න පාපිකං ඉච‍්ඡං පනිදහිස‍්සාම අනවඤ‍්ඤපටිලාභාය, ලාභසක‍්කාරසිලොකපටිලාභාය, න උට‍්ඨහිස‍්සාම න ඝටිස‍්සාම න වායමිස‍්සාම අනවඤ‍්ඤපටිලාභාය ලාභසක‍්කාරසිලොකපටිලාභාය. න ඛමා භවිස‍්සාම සීතස‍්ස උණ‍්හස‍්ස ජිඝච‍්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සානං දුරුත‍්තානං දුරාගතානං වචනපථානං උප‍්පන‍්නානං සාරීරිකානං වෙදනානං දුක‍්ඛානං තිබ‍්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසිකජාතිකා භවිස‍්සාමාති. එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතු ය: “මහේච්ඡ නො වම්හ. එයින් දුක් ඇතියමෝ නො වම්හ. යම් ම කිසි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරෙකින් නොසතුටු වූවමෝ නො වම්හ. අවඥා නොලබන පිණිස, ලාභසත්කාරකීර්ති ලබනු පිණිස, ලමු ඉච්ඡාවක් නො තබම්හ. අවඥා නොලබන පිණිස, ලාභසත්කාරකීර්ති ලබනු පිණිස උත්‍ථානවීර්‍ය්‍යය නො කරම්හ. ඝටනා නො කරම්හ. ශීතය, උෂ්ණය, බඩසය, පවස, මැසි මුදුරු වා අව් දිග්දැහැ යන මොවුන්ගේ පහස් ඉවසන්නමෝ නො වම්හ. නපුරු කොට කී නපුරු කොට ආ වචන ඉවසන්නමෝ නො වම්හ. දුක් වූ තීව්‍ර වූ ඛර වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ උපන් ශාරීරිකවේදනා ඉවසන සැහැවි ඇත්තමෝ නො වම්හ” කියා යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ය.