යෙදුමෙන් කියවන්න

අසඞ‍්ඛෙය්‍ය සුත‍්තං

4. 4. 1. 6.

4. 4. 1. 6.

[අසඞ‍්ඛෙය්‍ය සුත‍්තං]

[අසඞ්ඛෙය්‍ය සූත්‍රය]

6. චත‍්තාරිමානි භික‍්ඛවෙ කප‍්පස‍්ස අසඞ‍්ඛෙය්‍යානි. කතමානි චත‍්තාරි?

6. මහණෙනි, මේ මේ කල්පය පිළිබඳ සතර අසඞ්ඛෙය්‍ය කෙනෙක් වෙති. කවර සතර කෙනෙක යත්:

යදා භික‍්ඛවෙ කප‍්පො සංවට‍්ටති, තං න සුකරං සඞ‍්ඛාතුං එත‍්තකානි වස‍්සානීති වා, එත‍්තකානි වස‍්සසතානීති වා එත‍්තකානි වස‍්සසහස‍්සානීති වා එත‍්තකානි වස‍්සසතසහස‍්සානීති වා.

මහණෙනි, යම් කලෙක්හි කප නස්නේ ද, මෙතෙක් වර්‍ෂ කෙනෙක කියා හෝ මෙතෙක් වර්‍ෂශතයෙක කියා හෝ මෙතෙක් වර්‍ෂසහස්‍රයෙක කියා හෝ මෙතෙක් වර්‍ෂශතසහස්‍රයෙක කියා හෝ එය ගණනට සුකර නො වේ.

යදා භික‍්ඛවෙ කප‍්පො සංවට‍්ටො තිට‍්ඨති, තං න සුකරං සඞ‍්ඛාතුං එත‍්තකානි වස‍්සානීති වා එත‍්තකානි වස‍්සසතානීති වා එත‍්තකානි වස‍්සසහස‍්සානීති වා එත‍්තකානි වස‍්සසතසහස‍්සානීති වා.

මහණෙනි, යම් කලෙක කප සංවර්‍තව සිටුනේ ද, වර්‍ෂ මෙතෙකැ යි කියා හෝ වර්‍ෂශත මෙතෙකැයි කියා හෝ වර්‍ෂසහස්‍ර මෙතෙකැ යි කියා හෝ වර්‍ෂශතසහස්‍ර මෙතෙකැයි කියා හෝ එය ගණනට සුකර නො වේ.

යදා භික‍්ඛවෙ කප‍්පො විවට‍්ටති. තං න සුකරං සඞ‍්ඛාතුං එත‍්තකානි වස‍්සානීති වා එත‍්තකානි වස‍්සසතානීති වා එත‍්තකානි වස‍්සසහස‍්සානීති වා එත‍්තකානි වස‍්සසතසහස‍්සානීති වා.

මහණෙනි, යම් කලෙක කප වැඩේ ද, වර්‍ෂ මෙතෙකැ යි හෝ වර්‍ෂශත මෙතෙකැයි හෝ වර්‍ෂසහශ්‍ර මෙතෙකැ යි හෝ වර්‍ෂශතසහශ්‍ර මෙතෙකැ යි හෝ එය ගණනට සුකර නො වේ.

යදා භික‍්ඛවෙ කප‍්පො විවට‍්ටො තිට‍්ඨති. තං න සුකරං සඞ‍්ඛාතුං එත‍්තකානි වස‍්සානීති වා එත‍්තකානි වස‍්සසතානීති වා එත‍්තකානි වස‍්සසහස‍්සානීති වා එත‍්තකානි වස‍්සසතසහස‍්සානීති වා.

මහණෙනි, යම් කලෙක කප විවර්‍ත ව සිටුනේ ද, මෙතෙක් වර්‍ෂයැ යි හෝ මෙතෙක් වර්‍ෂශතය යි හෝ මෙතෙක් වර්‍ෂසහස්‍රය යි හෝ මෙතෙක් වර්‍ෂශතසහස්‍රය යි හෝ එය ගණනට සුකර නො වේ.

ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි කප‍්පස‍්ස අසඞ‍්ඛෙය්‍යානීති.

මහණෙනි, මේ කල්පයාගේ සතර අසඞ්ඛෙය්‍යයෝ යි.