2. පටිපදාවග්ගො අට්ඨකථා
2. ප්‍රතිපදා වර්ගය
1. පටිපදාසුත්තවණ්ණනා
1. ප්‍රතිපදා සූත්‍ර වර්ණනාව
දුතියස්ස පඨමෙ සුඛපටික්ඛෙපෙන දුක්ඛා පටිපජ්ජිතබ්බතො පටිපදා එතිස්සාති දුක්ඛාපටිපදා. අසීඝප්පවත්තිතාය ගරුභාවෙන දන්ධා අභිඤ්ඤා එතිස්සාති දන්ධාභිඤ්ඤා. ඉමිනාව නයෙන සබ්බපදෙසු අත්ථො වෙදිතබ්බො.
දෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි සැපතට ප්රතිපක්ෂ වීම් වශයෙන් දුක්ඛා නමි, පිළිපැදිය යුතු බැවින් පටිපදා නමි, නොයික්මන් පැවැත්මෙන් බර බැවින් අලස වැටහීම මොහුටනුයි දන්ධාභිඤ්ඤා නමි, මේ අයුරින් සියලු පදයන්හි අර්ත්ථය දතයුතුයි.
2. දුතියපටිපදාසුත්තවණ්ණනා
2. දෙවැනි ප්‍රතිපදා සූත්‍ර වර්ණනාව
දුතියෙ අභික්ඛණන්ති අභිණ්හං. ආනන්තරියන්ති අනන්තරවිපාකදායකං මග්ගසමාධිං. ආසවානං ඛයායාති අරහත්තඵලත්ථාය. පඤ්චින්ද්රියානීති විපස්සනාපඤ්චමකානි පඤ්චින්ද්රියානි. පඤ්ඤින්ද්රියන්ති හි එත්ථ විපස්සනාපඤ්ඤාව පඤ්ඤින්ද්රියන්ති අධිප්පෙතං. සෙසමෙත්ථ පාළිවසෙන උත්තානමෙව.
දෙවැනි සූත්‍රයෙහි අභික්ඛණං යනු නිතරයි, ආනන්තරියං යනු අනතුරුව විපාක දෙන්නා වූ මාර්ග සමාධියයි, ආසවානං ඛයාය යනු අරහත්ඵලය සඳහායි, පඤ්චින්ද්රියානි යනු විදර්ශනාව පස්වැනිකොට ඇති පංච ඉන්ද්රියයෝයි, පඤ්ඤින්ද්රියං යනු මෙහි විදර්ශනා ප්‍රඥාවම පඤ්ඤින්ද්රිය යන්නෙන් අදහස් කෙරෙයි, මෙහි සෙස්ස පෙළ වශයෙන් පැහැදිලිමය,
ඉමාසං පන පටිපදානං අයං ආවිභාවකථා – ඉධ භික්ඛු පුබ්බෙ අකතාභිනිවෙසො පුබ්බභාගෙ රූපපරිග්ගහෙ කිලමති, අරූපපරිග්ගහෙ කිලමති, පච්චයපරිග්ගහෙ කිලමති, තීසු අද්ධාසු කිලමති, මග්ගාමග්ගෙ කිලමති. එවං පඤ්චසු ඨානෙසු කිලමන්තො විපස්සනං පාපුණාති. විපස්සනං පත්වාපි උදයබ්බයානුපස්සනෙ, භඞ්ගානුපස්සනෙ, භයතුපට්ඨානෙ, ආදීනවානුපස්සනෙ, නිබ්බිදානුපස්සනෙ, මුච්චිතුකම්යතාඤාණෙ, සඞ්ඛාරුපෙක්ඛාඤාණෙ, අනුලොමඤාණෙ, ගොත්රභුඤාණෙති ඉමෙසු නවසු විපස්සනාඤාණෙසුපි කිලමිත්වාව ලොකුත්තරමග්ගං පාපුණාති. තස්ස සො ලොකුත්තරමග්ගො එවං දුක්ඛෙන ගරුභාවෙන සච්ඡිකතත්තා දුක්ඛපටිපදො දන්ධාභිඤ්ඤො නාම ජාතො. යො පන පුබ්බභාගෙ පඤ්චසු ඤාණෙසු කිලමන්තො අපරභාගෙ නවසු විපස්සනාඤාණෙසු අකිලමිත්වාව මග්ගං සච්ඡිකරොති, තස්ස සො මග්ගො එවං දුක්ඛෙන අගරුභාවෙන සච්ඡිකතත්තා දුක්ඛපටිපදො ඛිප්පාභිඤ්ඤො නාම ජාතො. ඉමිනා උපායෙන ඉතරාපි ද්වෙ වෙදිතබ්බා.
මේ ප්රතිපත්තීන්ගේ පැහැදිලි කිරීමේ කථාව මෙයයි: මෙහි භික්ෂුව පෙර නොකළ ඇළුම් ඇත්තේ පුර්වභාගයෙහි රූප පරිග්‍රහයෙහි වෙහෙසෙයි. තුන්කල්හි වෙහෙසෙයි, මාර්ගාමාර්ගයෙහි වෙහෙසෙයි, මෙසේ පස්තැනක වෙහෙසෙන්නේ විදර්ශනාවට පැමිණෙයි, විදර්ශනාවට පත්ව ද හටගැනීම පිළිබඳ අනුපස්සනාවෙහි බිඳීම පිළිබඳ අනුපස්සනාවෙහි සංස්කාර පිළිබඳ බියට පත්වීමෙහි ආදිනවයන් පිළිබඳ අනුපස්සනාවෙහි නිර්වේදය පිළිබඳ අනුපස්සනාවෙහි, මුඤ්චිතුකම්යතා ඥානයෙහි, සඞ්ඛාරුපෙක්ඛා ඥානයෙහි අනුලොම ඥානයෙහි ගොත්‍ර ඥානයෙහි යන මෙම නවවිධ වූ විදර්ශනා ඥානයෙහි ද වෙහෙසට පත්වම ලෝකෝත්තර මාර්ගයට පැමිණෙයි, ඔහුට එම ලෝකෝත්තර මාර්ගය දුකසේ ගරුබවින් ප්රත්යක්ෂ කළ බැවින් “දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා” නම් විය. යමෙක් පූර්ව භාගයෙහි පස්වැදෑරුම් ඥානයන්හි වෙහෙසෙන්නේ අපරාහාගයෙහි නවවිධ වූ විදර්ශනා ඥානයන්හි නොවෙහෙසී මාර්ගය ප්රත්යක්ෂ කරයිද ඔහුට ඒ මාර්ගය මෙසේ දුකින් බර අඩුව ප්රත්යක්ෂ කළ බැවින් “දුක්ඛාපටිපදො ඛිප්පාභිඤ්ඤා” නම් වූයේය. මේ උපායයෙන් සෙසු දෙක ද දතයුතුය,
ගොණපරියෙසකඋපමාහි චෙතා විභාවෙතබ්බා – එකස්ස හි පුරිසස්ස චත්තාරො ගොණා පලායිත්වා අටවිං පවිට්ඨා. සො සකණ්ටකෙ සගහනෙ වනෙ තෙ පරියෙසන්තො ගහනමග්ගෙනෙව කිච්ඡෙන කසිරෙන ගන්ත්වා ගහනට්ඨානෙයෙව නිලීනෙ ගොණෙපි කිච්ඡෙන කසිරෙන අද්දස. එකො කිච්ඡෙන ගන්ත්වා අබ්භොකාසෙ ඨිතෙ ඛිප්පමෙව අද්දස. අපරො අබ්භොකාසමග්ගෙන සුඛෙන ගන්ත්වා ගහනට්ඨානෙ නිලීනෙ කිච්ඡෙන කසිරෙන අද්දස. අපරො අබ්භොකාසමග්ගෙනෙව සුඛෙන ගන්ත්වා අබ්භොකාසෙ ඨිතෙයෙව ඛිප්පං අද්දස. තත්ථ චත්තාරො ගොණා විය චත්තාරො අරියමග්ගා දට්ඨබ්බා, ගොණපරියෙසකො පුරිසො විය යොගාවචරො, ගහනමග්ගෙන කිච්ඡෙන කසිරෙන ගමනං විය පුබ්බභාගෙ පඤ්චසු ඤාණෙසු කිලමතො දුක්ඛාපටිපදා. ගහනට්ඨානෙ නිලීනානං කිච්ඡෙනෙව දස්සනං විය අපරභාගෙ නවසු ඤාණෙසු කිලමන්තස්ස අරියමග්ගානං දස්සනං. ඉමිනා උපායෙන සෙසඋපමාපි යොජෙතබ්බා.
ගොනුන් සෙවීම පිළිබඳ උපමාවෙන් මෙය පැහැදිලි කළයුතුය, එක් පුරුෂයෙකුගේ ගොන් සතර දෙනෙක් පලාගොස් වනයට පිවිසියාහුය, හෙතෙම කටු සහිත ලැහැබ් සහිත වනයෙහි ඔවුන් සොයන්නේ ලැහැබ් සහිත මගින්ම අමාරුවෙන් දුකසේ ගොස් ලැහැබකම සැඟවී සිටි ගොනුන් අමාරුවෙන් දුකසේ දුටුවේය. එක් පුරුෂයෙක් දුකසේ ගොස් එළිමහනෙහි හුන් ගොනුන් ඉක්මණින්ම දුටුවේය. අනිකෙක් ලැහැබ් නැති එළිමහන් මගින් ලැහැබක සැගවී සිටි ගොනුන් අමාරුවෙන් දුකසේ දුටුවේය, තවෙකෙක් එළිමහන් මගින්ම සුවසේ ගොස් එළිමහනෙහි හුන් ගොනුන් ඉක්මණින් දුටුවේය. එහි ගොනුන් සතරදෙනා මෙන් සතර ආර්ය මාර්ගය දැක්විය යුතුය. ගොනුන් සොයන මිනිසා මෙන් යෝගාවචරයා දැක්විය යුතුය. ලැහැබ් මගින් දුකසේ අමාරුවෙන් යාම මෙන් පූර්වභාගයෙහි ඥානපසෙහි වෙහෙසෙන්නාගේ දුක්සහිත ප්‍රතිපදාව දැක්විය යුතුය. ලැහැබෙහි සැඟවී සිටියකු දුකසේ දැකීම මෙන් අපරභාගයෙහි නවවිධ ඥානයන්හි වෙහෙසෙන්නහුගේ ආර්ය මාර්ග දැකීම දැක්විය යුතුය. මේ අයුරින් සෙසු උපමා ද යෙදිය යුතුය.
3. තතියපටිපදාසුත්තවණ්ණනා
3. තෙවැනි ප්‍රතිපදා සූත්‍ර වර්ණනාව
තතියෙ අසුභානුපස්සී කායෙ විහරතීති අත්තනො කරජකායෙ “යථා එතං, තථා ඉද”න්ති ඉමිනා නයෙන බහිද්ධා දිට්ඨානං දසන්නං අසුභානං උපසංහරණවසෙන අසුභානුපස්සී විහරති, අත්තනො කායං අසුභතො පටිකූලතො ඤාණෙන පස්සතීති අත්ථො. ආහාරෙ පටිකූලසඤ්ඤීති නවන්නං පාටිකුල්යානං වසෙන කබළීකාරාහාරෙ පටිකූලසඤ්ඤී. සබ්බලොකෙ අනභිරතිසඤ්ඤීති සබ්බස්මිම්පි තෙධාතුකෙ ලොකසන්නිවාසෙ අනභිරතාය උක්කණ්ඨිතසඤ්ඤාය සමන්නාගතො. සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සීති සබ්බෙපි තෙභූමකසඞ්ඛාරෙ අනිච්චතො අනුපස්සන්තො. මරණසඤ්ඤාති මරණං ආරබ්භ උප්පන්නසඤ්ඤා. අජ්ඣත්තං සූපට්ඨිතා හොතීති නියකජ්ඣත්තෙ සුට්ඨු උපට්ඨිතා හොති. එත්තාවතා බලවවිපස්සනා කථිතා. සෙඛබලානීති සික්ඛනකානං බලානි. සෙසමෙත්ථ පාළිවසෙන උත්තානමෙව. “අසුභානුපස්සී”තිආදීනි පන දුක්ඛාය පටිපදාය දස්සනත්ථං වුත්තානි, පඨමජ්ඣානාදීනි සුඛාය. අසුභාදීනි හි පටිකූලාරම්මණානි, තෙසු පන පකතියාව සම්පියායමානං චිත්තං අල්ලීයති. තස්මා තානි භාවෙන්තො දුක්ඛපටිපදං පටිපන්නො නාම හොති. පඨමජ්ඣානාදීනි පණීතසුඛානි, තස්මා තානි පටිපන්නො සුඛපටිපදං පටිපන්නො නාම හොති.
තුන්වැන්නෙහි අසූභානුපස්සී කායෙ විහරති යනු තමන්ගේ (මාපියන් නිසා හටගත්) ශරීරයෙහි යම්සේ එය ද එසේ මෙයයයි මේ ක්‍රමයෙන් බාහිරව දක්නා ලද දස අසුභයන් සලකා බැලීම් වශයෙන් අසුභානුපස්සීව වෙසෙයි, තමන්ගේ සිරුර අසුහ වශයෙන් ද පිළිකුල් වශයෙන් ද නුවණින් බලයි යන අර්‍ත්‍ථයි, ආහාරෙ පටික්කූලසඤ්ඤී යනු නවවැදෑරුම් පිළිකුල් කළයුතු ආකාර වශයෙන් කබලිංකාරාහාරයෙහි පිළිකුල් හැඟීම් ඇත්තේයි, සබ්බලොකෙ අනභීරතසඤ්ඤි යනු සියලු ත්‍රෛධාතුක ලොකයෙහිම වාසය කිරීමෙහි නොඇලීමෙන් උකටලී හැඟීමෙන් යුක්ත වූයේයි, සබ්බසංඛාරෙසු අනිච්චානුපස්සී යනු සියලුම ත්‍රෛභූමික සංස්කාරයන් අනිත්‍ය වශයෙන් බලයි, මරණසඤ්ඤා යනු මරණය අරභයා උපන් හැඟීමයි, අජ්ඣත්තං සුපට්ඨිතා හොති යනු ස්වකීය අධ්‍යාත්මයෙහි මනාව එළඹසිටියේ වෙයි, මෙපමණකින් බලවත් විදර්ශනාව කියන ලදි, ඝෙබලානි යනු හික්මෙන්නවුන්ගේ බලයෝයි, මෙහි සෙස්ස පෙළ වශයෙන් පැහැදිලිමය, අසූභානුපස්සී යනාදිය දුක්සහගත වූ ප්‍රතිපදාව දැක්වීම සඳහා කියන ලදී. පඨමජ්ඣානාදිය සුඛ සහගත ප්‍රතිපදාව දැක්වීම සඳහාය. අසුභාදී පිළිකුල් අරමුණු වනාහි, ඒවායේ ස්වභාවෙයන්ම ප්රියකරනු ලබන සිත ඇලෙයි, එහෙයින් ඒවා වඩන්නේ දුක් ප්‍රතිපදාවට පිළිපන්නේ නම් වෙයි, ප්‍රථම ධ්‍යානාදිය ප්රණිත සැප ඇත්තේයි. එබැවින් ඒවා වැඩීමට පිළිපන්නේ සුඛපටිපදාවට පිළිපන්නේ නමි.
අයං පනෙත්ථ සබ්බසාධාරණා උපමා – සඞ්ගාමාවචරපුරිසො හි ඵලකකොට්ඨකං කත්වා පඤ්චාවුධානි සන්නය්හිත්වා සඞ්ගාමං පවිසති, සො අන්තරා විස්සමිතුකාමො ඵලකකොට්ඨකං පවිසිත්වා විස්සමති චෙව පානභොජනාදීනි ච පටිසෙවති. තතො පුන සඞ්ගාමං පවිසිත්වා කම්මං කරොති. තත්ථ සඞ්ගාමො විය කිලෙසසඞ්ගාමො දට්ඨබ්බො, ඵලකකොට්ඨකො විය පඤ්චනිස්සයබලානි, සඞ්ගාමපවිසනපුරිසො විය යොගාවචරො, පඤ්චාවුධසන්නාහො විය විපස්සනාපඤ්චමානි ඉන්ද්රියානි, සඞ්ගාමං පවිසනකාලො විය විපස්සනාය කම්මකරණකාලො, විස්සමිතුකාමස්ස ඵලකකොට්ඨකං පවිසිත්වා විස්සමනපානභොජනානි පටිසෙවනකාලො විය විපස්සනාය කම්මං කරොන්තස්ස චිත්තුප්පාදස්ස නිරස්සාදක්ඛණෙ පඤ්ච බලානි නිස්සාය චිත්තං සම්පහංසනකාලො, විස්සමිත්වා ඛාදිත්වා පිවිත්වා ච පුන සඞ්ගාමස්ස පවිසනකාලො විය පඤ්චහි බලෙහි චිත්තං සම්පහංසෙත්වා පුන විපස්සනාය කම්මං කරොන්තස්ස විවට්ටෙත්වා අරහත්තග්ගහණකාලො වෙදිතබ්බො. ඉමස්මිං පන සුත්තෙ බලානි චෙව ඉන්ද්රියානි ච මිස්සකානෙව කථිතානීති.
මෙහි මේ සියල්ලට සාධාරණ වූ උපමාවයි, යුදබට පුරුෂයෙක් පුවරු බලකොටුවක් තනා පඤ්චායුධ සන්නද්ධව යුදයට පිවිසෙයි, හෙතෙම අතරතුර විවේකගනු කැමැත්තේ බලකොටුවට පිවිස විශ්‍රාම ගනියි, එසේම ආහාරපාන ද ගනියි, ඉන්පසුව යළි සටනට පිවිස යුද කටයුතු කරයි, එහි සංග්‍රාමය මෙන් ක්ලේශ සංග්‍රාමය දැක්විය යුතුය, පඤ්චනිශ්රය බලයෝ බලකොටුව මෙනි, යෝගාවචර තෙමේ සටනට පිවිසෙන පුරුෂයා මෙනි, විපස්සනාව පස්වැනි ඉන්ද්රියයෝ පඤ්චාවුධ සන්නාහය මෙනි, විදර්ශනාවට කටයුතු කරන කාලය සටනට පිවිසෙන කාලය මෙනි, විදර්ශනාවට කටයුතු කරන්නහුගේ චිත්තොත්පාදයාගේ ආස්වාදරහිත කෙණෙහි පඤ්චබලයන් නිසා සිත සතුටුවන කාලය විශ්‍රාම ගනු කැමැත්තහු බලකොටුවට පිවිසෙන කාලය මෙනි, පංචබලයන්ගෙන් සිත සතුටු කොට යළි විදර්ශනාවට කටයුතු කරන්නහුගේ පෙරළා රහත්බව ගන්නා කාලය විශ්රාමගෙන කාබී යළි සටනට පිවිසෙන කාලය මෙනැයි දතයුතුය, මේ සූත්‍රයෙහි බලයන් මෙන්ම ඉන්ද්රියයෝ ද මිශ්‍රකවම කියන ලදහ.
4. චතුත්ථපටිපදාසුත්තවණ්ණනා
4. සිවුවැනි ප්‍රතිපදා සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ අක්ඛමාති අනධිවාසිකපටිපදා. ඛමාති අධිවාසිකපටිපදා. දමාති ඉන්ද්රියදමනපටිපදා. සමාති අකුසලවිතක්කානං වූපසමනපටිපදා. රොසන්තං පටිරොසතීති ඝට්ටෙන්තං පටිඝට්ටෙති. භණ්ඩන්තං පටිභණ්ඩතීති පහරන්තං පටිපහරති. පඤ්චමඡට්ඨානි උත්තානත්ථානෙව.
සිවුවැන්නෙහි අක්ඛමා යනු නොයිවසන පිළිවෙතයි, ඛමා යනු ඉවසන පිළිවෙතයි, දමා යනු ඉන්ද්රිය දමන ප්‍රතිපදාවයි. සමා යනු අකුශල විතර්කයන් සංසිඳවන පිළිවෙතයි, රොසන්තං පටිරොසති යනු ගැටෙන්නහු පිළිගටයි, භණඩන්තං පටිභණ්ඩති යනු පහරන්නහු පිළිපහරයි, පස්වැනි සවැනි සූත්‍රයෝ පැහැදිලි අරුත් ඇත්තේමය.
7. මොග්ගල්ලානපටිපදාසුත්තවණ්ණනා
7. මොග්ගල්ලානපටිපදා සූත්‍ර වර්ණනාව
සත්තමෙ මහාමොග්ගල්ලානත්ථෙරස්ස හෙට්ඨිමා තයො මග්ගා සුඛපටිපදා දන්ධාභිඤ්ඤා අහෙසුං, අරහත්තමග්ගො දුක්ඛපටිපදො ඛිප්පාභිඤ්ඤො. තස්මා එවමාහ – “යායං පටිපදා දුක්ඛා ඛිප්පාභිඤ්ඤා, ඉමං මෙ පටිපදං ආගම්ම අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්ත”න්ති.
සත්වැනි සූත්‍රයෙහි මහමුගලන් තෙරුන්ගේ යටි මාර්ගතුන සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා වූවාහුය, අරහත් මාර්ගය ඛිප්පාභිඤ්ඤා විය. එහෙයින් මෙසේ කීය, ‘යමි මේ ප්‍රතිපදාවක් දුක්ඛා ඛිප්පාභිඤ්ඤා වේ ද මවිසින් මේ ප්‍රතිපදාවට පැමිණ දැඩිව නොගෙන ආශ්රවයන්ගෙන් සිත මිදුනි’ යනුවෙනි,
8. සාරිපුත්තපටිපදාසුත්තවණ්ණනා
8. සාරිපුත්තපටිපදා සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ ධම්මසෙනාපතිත්ථෙරස්ස හෙට්ඨිමා තයො මග්ගා සුඛපටිපදා දන්ධාභිඤ්ඤා, අරහත්තමග්ගො සුඛපටිපදො ඛිප්පාභිඤ්ඤො. තස්මා “යායං පටිපදා සුඛා ඛිප්පාභිඤ්ඤා”ති ආහ. ඉමෙසු පන ද්වීසුපි සුත්තෙසු මිස්සිකාව පටිපදා කථිතාති වෙදිතබ්බා.
අටවැන්නෙහි දම්සෙනෙවි තෙරුන්ගේ යටි තෙමග සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා විය, අරහත් මාර්ගය සුඛ පටිපදා ඛිප්පාභිඤ්ඤා විය. එහෙයින් යම් මේ ප්‍රතිපදාවක් සුඛා ඛිප්පාභිඤ්ඤායි කීවේය, මේ සූත්‍ර දෙකෙහිදීම ප්‍රතිපදා මිශ්‍රකවම කියන ලදැයි දතයුතුය.
9. කිලෙසපරිනිබ්බානසුත්තවණ්ණනා
9. කිලෙස පරිනිබ්බාන සූත්‍ර වර්ණනාව
නවමෙ පඨමදුතියපුග්ගලා සුක්ඛවිපස්සකා සසඞ්ඛාරෙන සප්පයොගෙන සඞ්ඛාරනිමිත්තං උපට්ඨපෙන්ති. තෙසු එකො විපස්සනින්ද්රියානං බලවත්තා ඉධෙව කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බායති, එකො ඉන්ද්රියානං දුබ්බලතාය ඉධ අසක්කොන්තො අනන්තරෙ අත්තභාවෙ තදෙව මූලකම්මට්ඨානං පටිලභිත්වා සසඞ්ඛාරෙන සප්පයොගෙන සඞ්ඛාරනිමිත්තං උපට්ඨපෙත්වා කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බායති, තතියචතුත්ථා සමථයානිකා. තෙසං එකො අසඞ්ඛාරෙන අප්පයොගෙන ඉන්ද්රියානං බලවත්තා ඉධෙව කිලෙසෙ ඛෙපෙති, එකො ඉන්ද්රියානං දුබ්බලත්තා ඉධ අසක්කොන්තො අනන්තරෙ අත්තභාවෙ තදෙව මූලකම්මට්ඨානං පටිලභිත්වා අසඞ්ඛාරෙන අප්පයොගෙන කිලෙසෙ ඛෙපෙතීති වෙදිතබ්බො.
නවවැන්නෙහි පළමු හා දෙවැනි පුද්ගලයෝ ශුෂ්ක විදර්ශක වූවාහු මෙහෙයවීම් සහිතව ප්‍රයෝග සහිතව සංස්කාර නිමිත්ත උපදවත්, ඔවුනතුරින් එක්කෙනෙක් විපස්සනා ඉන්ද්රියයන්ගේ බලවත් බැවින් මෙහිම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවීමට පත්වෙයි, එක් කෙනෙක් ඉඳුරන්ගේ දුබල බැවින් මෙහිදී නොහැකි වන්නේ අනතුරු අත්බවෙහිදී එම මූලකර්මස්ථානයම ලැබ මෙහෙයවීම් සහිතව ප්‍රයෝග සහිතව සංස්කාර නිමිත්ත උපදවා කෙලෙස් පිරිනිවනෙන් පිරිනිවෙයි. තෙවැනි සිවුවැනි පුද්ගලයෝ සමථයානික වූවාහුයි, ඔවුනතුරින් එක්කෙනෙක් මෙහෙයවීම් නොමැතිව ප්‍රයෝග රහිතව ඉඳුරන් බලවත් බැවින් මෙහෙදීම කෙලෙසුන් ක්ෂය කරයි, එක්කෙනෙක් ඉඳුරන් දුබල බැවින් මෙහිදී නොහැකිවන්නේ අනතුරු අත්බවෙහි දී ඒ මුලකර්මස්ථානයම ලැබ මෙහෙයවීමෙන් තොරව ප්‍රයෝග රහිතව කෙලෙස් ක්ෂය කරතියි දතයුතුය.
10. අරහත්තප්පත්තිසුත්තවණ්ණනා
10. අරහත්තප්පතති සූත්‍ර වර්ණනාව
දසමෙ සමථපුබ්බඞ්ගමන්ති සමථං පුබ්බඞ්ගමං පුරෙචාරිකං කත්වා. මග්ගො සඤ්ජායතීති පඨමො ලොකුත්තරමග්ගො නිබ්බත්තති. සො තං මග්ගන්ති එකචිත්තක්ඛණිකමග්ගස්ස ආසෙවනාදීනි නාම නත්ථි, දුතියමග්ගාදයො පන උප්පාදෙන්තො තමෙව ආසෙවති භාවෙති බහුලීකරොතීති වුච්චති. විපස්සනාපුබ්බඞ්ගමන්ති විපස්සනං පුබ්බඞ්ගමං පුරෙචාරිකං කත්වා සමථං භාවෙති, පකතියා විපස්සනාලාභී විපස්සනාය ඨත්වා සමාධිං උප්පාදෙතීති අත්ථො.
දසවැන්නෙහි සමථපුබ්බඞ්ගමා යනු සමථය පෙරටුකොට, ඉදිරිපත් කොටයි, මග්ගො සඤ්ජායති යනු පළමුවැනි වූ ලෝකෝත්තර මාර්ගය උපදියි, සො තං මග්ගං යනු එකචිත්ත ක්ෂණික මාර්ගයට ඇසුරු කිරීම් ආදිය නොමැත, ද්විතීයමාර්ගාදිය උපදවන්නේ එයම ඇසුරුකරයි, වඩයි, බහුලබවට පත් කරතියි කියනු ලැබේ. විපස්සනාපුබ්බඞ්ගමං යනු විදර්ශනාවට පෙරටුකොට, ඉදිරිපත්කොට සමථය වඩයි, ප්‍රකෘතියෙන් විදර්ශනාලාහී පුද්ගලයා විදසුනෙහි සිට සමථය උපදවයි යන අර්‍ත්‍ථයි,
යුගනද්ධං භාවෙතීති යුගනද්ධං කත්වා භාවෙති. තත්ථ තෙනෙව චිත්තෙන සමාපත්තිං සමාපජ්ජිත්වා තෙනෙව සඞ්ඛාරෙ සම්මසිතුං න සක්කා. අයං පන යාවතා සමාපත්තියො සමාපජ්ජති, තාවතා සඞ්ඛාරෙ සම්මසති. යාවතා සඞ්ඛාරෙ සම්මසති, තාවතා සමාපත්තියො සමාපජ්ජති. කථං? පඨමජ්ඣානං සමාපජ්ජති, තතො වුට්ඨාය සඞ්ඛාරෙ සම්මසති, සඞ්ඛාරෙ සම්මසිත්වා දුතියජ්ඣානං සමාපජ්ජති. තතො වුට්ඨාය පුන සඞ්ඛාරෙ සම්මසති. සඞ්ඛාරෙ සම්මසිත්වා තතියජ්ඣානං…පෙ… නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං සමාපජ්ජති, තතො වුට්ඨාය සඞ්ඛාරෙ සම්මසති. එවමයං සමථවිපස්සනං යුගනද්ධං භාවෙති නාම.
යුගනද්ධං භාවෙති යනු එක්කොට වඩයි, එහි ඒ සිතෙන්ම සමවතට සමවැද එයින්ම සංස්කාරයන් විමසා බැලීමට නොහැකිය, මෙතෙම යම්තාක් සමවත්වලට සමවදියි ද එතෙක් සංස්කාරයන් විමසා බලයි, යම්තාක් සංස්කාරයන් විමසා බලයි ද එතෙක් සමවත්වලට සමවදියි, කෙසේ නම් ප්‍රථම ධ්‍යානයට සමවදියිද? එයින් නැගිට සංස්කාරයන් විමසා බලයි, විමසාබලා ද්විතීය ධ්‍යානයට සමවදියි, එයින් නැගිට යළි සංස්කාරයන් විමසා බලයි, සංස්කාරයන් විමසා බලා තෘතීය ධ්‍යානයට - පෙ - නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට සමවදියි, එයින් නැගිට සංස්කාරයන් විමසා බලයි, මෙසේ මෙතෙම සමථ විදර්ශනා දෙක එක්කොටම වඩයි නමි,
ධම්මුද්ධච්චවිග්ගහිතන්ති සමථවිපස්සනාධම්මෙසු දසවිපස්සනුපක්කිලෙසසඞ්ඛාතෙන උද්ධච්චෙන විග්ගහිතං, සුග්ගහිතන්ති අත්ථො. සො, ආවුසො, සමයොති ඉමිනා සත්තන්නං සප්පායානං පටිලාභකාලො කථිතො. යං තං චිත්තන්ති යස්මිං සමයෙ තං විපස්සනාවීථිං ඔක්කමිත්වා පවත්තං චිත්තං. අජ්ඣත්තමෙව සන්තිට්ඨතීති විපස්සනාවීථිං පච්චොත්ථරිත්වා තස්මිංයෙව ගොචරජ්ඣත්තසඞ්ඛාතෙ ආරම්මණෙ සන්තිට්ඨති. සන්නිසීදතීති ආරම්මණවසෙන සම්මා නිසීදති. එකොදි හොතීති එකග්ගං හොති. සමාධියතීති සම්මා ආධියති සුට්ඨපිතං හොති. සෙසමෙත්ථ උත්තානත්ථමෙව.
ධම්මුද්ධච්චචීග්ගහිතං යනු සමථ විදර්ශනා ධර්මයන්හි දශවිදර්ශනා උපක්ලේශ සංඛ්‍යාත වූ උද්ධච්චයෙන් (උඩගු බවින්) මනාව ගන්නා ලදැයි අර්‍ත්‍ථයි, හොති සො ආවුසො සමයො යන මෙයින් සත්වැදෑරුම්ව සුදුසු (ගැලපෙන) දේ ලැබෙන කාලය කියන ලදි. යන්තං චිත්තං යනු යම් කලෙක ඒ විදර්ශනා වීථියට බැස පැවති සිතයි, අජ්ඣත්තමෙව සන්තිට්ඨති යනු විදර්ශනා (චිත්ත) වීථිය පතුරුවා එම අධ්‍යාත්ම ගෝචර සංඛ්‍යාත වූ අරමුණෙහිම සිටියි, පිහිටුවයි, සන්නිසීදති යනු අරමුණු වශයෙන් මැනවින් හිඳියි, එකොදි හොති යනු එකඟ වෙයි, සමාධියති යනු මනාව තැන්පත් වෙයි, මනාව පිහිටුවන ලද්දේ වෙයි, මෙහි සෙස්ස පැහැදිලිමය.
පටිපදාවග්ගො දුතියො.
දෙවැනි පටිපදා වර්ගයයි.