චතුත්ථපටිපදාසුත්තං
4. 4. 2. 4.
4. 4. 2. 4.
[චතුත්ථපටිපදාසුත්තං]
[සිවුවැනි ප්‍රතිපදා සූත්‍රය]
14. චතස්සො ඉමා භික්ඛවෙ පටිපදා. කතමා චතස්සො?
14. මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
අක්ඛමා පටිපදා, ඛමා පටිපදා, දමා පටිපදා, සමා පටිපදා.
අනධිවාසනා (නො ඉවසීම්) සඞ්ඛ්‍යාත අක්ඛමා පටිපදා ය, අධිවාසනා (ඉවසීම්) සඞ්ඛ්‍යාත ඛමා පටිපදා ය, (ඉන්ද්රියදමන සඞ්ඛ්‍යාත) දමා පටිපදා ය, (අකුශලවිතර්කයන්ගේ ව්‍යපසම සඞ්ඛ්‍යාත) සමා පටිපදා යි.
කතමා ච භික්ඛවෙ අක්ඛමා පටිපදා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අක්කොසන්තං පච්චක්කොසති. රොසන්තං පටිරොසති. භණ්ඩන්තං පටිභණ්ඩති. අයං වුච්චති භික්ඛවෙ අක්ඛමා පටිපදා.
මහණෙනි, අක්ඛමා පටිපදා නම් කවර යත්: මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ කෙරෙයි. ඝටන්නහුට පෙරළා ඝටයි. පහර දෙන්නහුට පෙරළා පහර දෙයි. මහණෙනි, මේ අක්ඛමා පටිපදා නමු.
කතමා ච භික්ඛවෙ ඛමා පටිපදා? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අක්කොසන්තං න පච්චක්කොසති. රොසන්තං න පටිරොසති. භණ්ඩන්තං න පටිභණ්ඩති. අයං වුච්චති භික්ඛවෙ ඛමා පටිපදා.
මහණෙනි, ඛමා පටිපදා නම් කවර? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආක්‍රෝශ කරන්නහුට වටාලා ආක්‍රෝශ නො කෙරෙයි. ඝටන්නහුට වටාලා නො ඝටයි. පහර දෙන්නහුට වටාලා නො ම පහර දෙයි. මහණෙනි, මේ ඛමා පටිපදා නමු.
කතමා ච භික්ඛවෙ දමා පටිපදා? ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති, නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති, නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්රියං. මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ දමා පටිපදා.
මහණෙනි, දමා පටිපදා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණෙක් ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී නො වෙයි. අනුව්යඤ්ජනග්රාහී නො ද වෙයි. යම් හෙයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වසන තෙල මහණහු අභිධ්‍යා දෞර්මනස්ය සඞ්ඛ්‍යාත ලමු දහම්හු ලුහුබැඳ එද්ද, එහි සංවරය පිණිස පිළිපදී. චක්‍ෂුරින්‍ද්‍රිය රකියි. චක්ෂුරින්ද්රියෙහි සංවරයට පැමිණේ. කණින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ අසා ... දිවෙන් රස විඳ ... කයින් පහස පැහැසැ ... සිතින් දහම් දැන නිමිත්තග්‍රාහී නො වේ. අනුව්යඤ්ජනග්රාහී නො ද වේ. යම් හෙයෙකින් මනින්‍ද්‍රිය ය අසංවෘත කොට වසන තෙල මහණහු අභිධ්‍යා දෞර්මනස්ය සඞ්ඛ්‍යාත ලමු දහම්හු ලුහුබැඳ එද්ද, එහි සංවරය පිණිස පිළිපදී. මනින්ද්රියය රක්නේ මනින්ද්රියෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මේ දමා පටිපදා යී කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ සමා පටිපදා? ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති සමෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. උප්පන්නං බ්යාපාදවිතක්කං -පෙ- උප්පන්නං විහිංසාවිතක්කං -පෙ- උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති සමෙති ව්යන්තීකරොති අනභාවං ගමෙති. අයං වුච්චති භික්ඛවෙ සමා පටිපදා.
මහණෙනි, සමා පටිපදා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණෙක් උපන් කාමවිතර්ක සිත්හි නො වසවයි, දුරු කෙරේ, බැහැර කෙරේ, සමනය කෙරේ, පිරිසිඳ ලයි, අභාවයට පමුණුව යි. උපන් ව්‍යාපාදවිතර්‍කය ... උපන් විහිංසාවිතර්කය ... උපනුපන් ලමු අකුසලදහම් සිත්හි නො වසවයි, දුරු කෙරේ, බැහැර කෙරේ, සමනය කෙරේ, විගතාන්ත කෙරේ, අනභාවයට පමුණුවයි. ‘මහණෙනි, මේ සමා පටිපදා යී’ කියනු ලැබේ.
ඉමා ඛො භික්ඛවෙ චතස්සො පටිපදාති.
මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝ යි.