යෙදුමෙන් කියවන්න

පඤ‍්චමපටිපදාසුත‍්තං

4. 4. 2. 5.

4. 4. 2. 5.

[පඤ‍්චමපටිපදාසුත‍්තං]

[පස්වැනි ප්‍රතිපදා සූත්‍රය]

15. චතස‍්සො ඉමා භික‍්ඛවෙ පටිපදා. කතමා චතස‍්සො?

15. මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

අක‍්ඛමා පටිපදා, ඛමා පටිපදා, දමා පටිපදා, සමා පටිපදා.

අක්ඛමා පටිපදා ය, ඛමා පටිපදා ය, දමා පටිපදා ය, සමා පටිපදා යී.

කතමා ච භික‍්ඛවෙ අක‍්ඛමා පටිපදා? ඉධ භික‍්ඛවෙ එකච‍්චො අක‍්ඛමො හොති සීතස‍්ස උණ‍්හස‍්ස ජිඝච‍්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සානං. දුරුත‍්තානං දුරාගතානං වචනපථානං, උප‍්පන‍්නානං සාරීරිකානං වෙදනානං දුක‍්ඛානං තිබ‍්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අනධිවාසිකජාතිකො හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ අක‍්ඛමා පටිපදා .

මහණෙනි, අක්ඛමා පටිපදා නම් කවර? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීත උෂ්ණ බඩසය පවස මැසි මදුරු වා අව් දිග්දැහැ යන මුන්ගේ පහස් නොඉවසන්නේ වෙයි. නපුරු කොට බිණූ නපුරු කොට පැමිණි වචනයන් ද, දුක් වූ තීව්‍ර වූ ඛර වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ ශරීරසන්නිහිත වේදනාවන් නොඉවසන සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මේ අක්ඛමා පටිපදා ය යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ ඛමා පටිපදා? ඉධ භික‍්ඛවෙ එකච‍්චො ඛමො හොති සීතස‍්ස උණ‍්හස‍්ස -පෙ- අධිවාසිකජාතිකො හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ ඛමා පටිපදා.

මහණෙනි, ඛමා පටිපදා නම් කවර? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීතය උෂ්ණය ඉවසන්නේ වෙයි. ... ඉවසන සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මේ ඛමා පටිපදා ය යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ දමා පටිපදා? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තග‍්ගාහී හොති -පෙ- සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය න නිමිත‍්තග‍්ගාහී හොති නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍වාධිකරණමෙනං මනින්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣා දොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං තස‍්ස සංවරාය පටිපජ‍්ජති. රක‍්ඛති මනින්‍ද්‍රියං. මනින්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති. අයං වුච‍්චති භික‍්ඛවෙ දමා පටිපදා.

මහණෙනි, දමා පටිපදා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණෙක් ඇසින් රූ දැක නිමිති නොගන්නාසුලු වෙයි ... කණින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ අසා ... දිවින් රස විඳ ... කයින් පහස වැද ... සිතින් දහම් දැනැ නිමිති නොගන්නාසුලු වෙයි. අනුව්‍යඤ්ජන නොගන්නාසුලු වෙයි. යම් හෙයෙකින් මනින්‍ද්‍රියය අසංවෘත කොට වසන තෙල මහණහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත පාපක අකුශලධර්‍මයෝ ලුහුබැඳ ගණිත් ද, එහි සංවරය පිණිස පිළිපදී. මනින්‍ද්‍රියය රක්නේ මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මේ දමා පටිපදාය යි කියනු ලැබේ.

කතමා ච භික‍්ඛවෙ සමා පටිපදා? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු උප‍්පන‍්නං කාමවිතක‍්කං නාධිවාසෙති පජහති විනොදෙති සමෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති. උප‍්පන‍්නං බ්‍යාපාදවිතක‍්කං -පෙ- උප‍්පන‍්නං විහිංසාවිතක‍්කං -පෙ- උප‍්පන‍්නුප‍්පන‍්නෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ නාධිවාසෙති පජහති විනොදෙති සමෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ සමා පටිපදා.

මහණෙනි, සමා පටිපදා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණෙක් උපන් කාමවිතර්‍ක නො ඉවසයි, දුරු කෙරේ, විනෝදනය කෙරේ, සංසිඳුවයි, පිරිසිඳලයි, අනභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාද විතර්‍ක ... උපන් විහිංසාවිතර්‍ක ... උපනුපන් ලමු අකුසල දහම් නො ඉවසයි, දුරු කෙරේ, බැහැර කෙරේ, සංහිඳුවයි, විගතාන්ත කෙරේයි, අභාවයට යවයි. මහණෙනි, මේ සමා පටිපදා ය යි කියනු ලැබේ.

ඉමා ඛො භික‍්ඛවෙ චතස‍්සො පටිපදාති.

මහණෙනි, මේ සතර ප්‍රතිපදා වෝ යි.