යෙදුමෙන් කියවන්න

ඡට‍්ඨපටිපදාසුත‍්තං

4. 4. 2. 6.

4. 4. 2. 6.

[ඡට‍්ඨපටිපදාසුත‍්තං]

[සවැනි ප්‍රතිපදා සූත්‍රය]

16. චතස‍්සො ඉමා භික‍්ඛවෙ පටිපදා. කතමා චතස‍්සො?

16. මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

දුක‍්ඛාපටිපදා දන්‍ධාභිඤ‍්ඤා, දුක‍්ඛාපටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා, සුඛාපටිපදා දන්‍ධාභිඤ‍්ඤා, සුඛාපටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා.

දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති එකෙක, දුක් වූ ප්‍රතිපදා ඇති ශීඝ්‍ර වූ අභිඥා ඇති එකෙක, සුඛ වූ ප්‍රතිපදා ඇති ලැසි අභිඥා ඇති එකෙක, සුඛ ප්‍රතිපදා ඇති ශීඝ්‍ර වූ අභිඥා ඇති එකෙක.

තත්‍ර භික‍්ඛවෙ යායං පටිපදා දුක‍්ඛා දන්‍ධාභිඤ‍්ඤා, අයං භික‍්ඛවෙ පටිපදා උභයෙනෙව හීනා අක‍්ඛායති. යම‍්පායං පටිපදා දුක‍්ඛා, ඉමිනාපයං හීනා අක‍්ඛායති. යම‍්පායං පටිපදා දන්‍ධා, ඉමිනාපයං හීනා අක‍්ඛායති. අයං භික‍්ඛවෙ පටිපදා උභයෙනෙව හීනා අක‍්ඛායති.

මහණෙනි, එහි ලා යම් මේ දුක් වූ දන්‍ධාභිඥ වූ ප්‍රතිපදාවක් වේ ද, මේ ප්‍රතිපදාව දෙපසින් ම හීන ය යි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් දුක් වේ ද, මෙයිනුදු මේ ප්‍රතිපදාව හීන ය යි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් දන්‍ධාභිඥ වේ ද, මෙයිනුදු මේ ප්‍රතිපදාව හීන ය යි කියනු ලැබේ. මහණෙනි, මේ ප්‍රතිපදාව මෙසේ දෙපසින් ම හීන ය යි කියනු ලැබේ.

තත්‍ර භික‍්ඛවෙ යායං පටිපදා දුක‍්ඛා ඛිප‍්පාභිඤ‍්ඤා, අයං භික‍්ඛවෙ පටිපදා දුක‍්ඛත‍්තා හීනා අක‍්ඛායති.

මහණෙනි, එහි ලා දුක් වූ ක්‍ෂිප්‍රාභිඥ වූ යම් මේ ප්‍රතිපදාවක් ඇද් ද, මහණෙනි, මේ ප්‍රතිපදාව දුක් බැවින් හීනය යි කියනු ලැබේ.

තත්‍ර භික‍්ඛවෙ යායං පටිපදා සුඛා දන්‍ධාභිඤ‍්ඤා, අයං භික‍්ඛවෙ පටිපදා දන්‍ධත‍්තා හීනා අක‍්ඛායති.

මහණෙනි, එහි ලා සුව වූ දන්‍ධාභිඥ වූ යම් මේ ප්‍රතිපදාවක් ඇද් ද, මහණෙනි, මේ ප්‍රතිපදාව දන්‍ධ බැවින් හීනය යි කියනු ලැබේ.

තත්‍ර භික‍්ඛවෙ යායං පටිපදා සුඛා ඛිප‍්පාභිඤ‍්ඤා, අයං භික‍්ඛවෙ පටිපදා උභයෙනෙව පණීතා අක‍්ඛායති. යම‍්පායං පටිපදා සුඛා, ඉමිනාපයං පණීතා අක‍්ඛායති. යම‍්පායං පටිපදා ඛිප‍්පා, ඉමිනාපයං පණීතා අක‍්ඛායති. අයං භික‍්ඛවෙ පටිපදා උභයෙනෙව පණීතා අක‍්ඛායති.

මහණෙනි, එහි ලා සුව වූ ක්‍ෂිප්‍රාභිඥ වූ යම් මේ ප්‍රතිපදාවක් වේ ද, මේ ප්‍රතිපදාව දෙපසින් ම ප්‍රණීතය යි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් සුව වේ ද, මෙයිනුදු මේ ප්‍රතිපදාව ප්‍රණීත ය යි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් ක්‍ෂිප්‍රාභිඥ වේ ද මෙයිනුදු මේ ප්‍රතිපදාව ප්‍රණීත ය යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ ප්‍රතිපදාව දෙපසින් ම ප්‍රණීත ය යි කියනු ලැබේ.

ඉමා ඛො භික‍්ඛවෙ චතස‍්සො පටිපදාති.

මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝ යි.