මොග්ගල්ලානපටිපදාසුත්තං
4. 4. 2. 7.
4. 4. 2. 7.
[මොග්ගල්ලානපටිපදාසුත්තං]
[මොග්ගල්ලානපටිපදා සූත්රය]
17. අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා මහාමොග්ගල්ලානෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච :
17. එසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් හා සතුටු වූහ. සතුටට හේතු වූ ස්මරණීය කථා කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට තෙල කීහ:
චතස්සො ඉමා ආවුසො මොග්ගල්ලාන පටිපදා. කතමා චතස්සො?
ඇවැත් මුගලනෙනි, මේ ප්රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා. ඉමා ඛො ආවුසො චතස්සො පටිපදා.
දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා ය, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ය, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා ය, සුඛාපටිපදා ඛිප්පාභිඤිඤා යි. ඇවැත්නි, මේ සතර ප්රතිපදාවෝ යි.
ඉමාසං ආවුසො චතස්සන්නං පටිපදානං කතමං තෙ පටිපදං ආගම්ම ආසවෙහි චිත්තං විමුත්තන්ති?
ඇවැත්නි, මේ සතර ප්රතිපදාවන් අතුරෙන් කවර ප්රතිපදාවකට පැමිණ තොපගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්රවයන් කෙරෙන් මිදිනි ද?
චතස්සො ඉමා ආවුසො සාරිපුත්ත පටිපදා. කතමා චතස්සො?
ඇවැත් ශාරීපුත්රයෙනි, මේ ප්රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා. ඉමා ඛො ආවුසො චතස්සො පටිපදා.
දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා ය, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ය, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා ය, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා යි. ඇවැත්නි, මේ සතර ප්රතිපදාවෝ යි.
ඉමාසං ආවුසො චතුන්නං පටිපදානං යායං පටිපදා දුක්ඛා ඛිප්පාභිඤ්ඤා, ඉමං මෙ පටිපදං ආගම්ම අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තන්ති.
ඇවැත්නි, මේ සතර ප්රතිපදාවන් අතුරෙන් නො සරස් ව ප්රතිවේධ ගන්නා යම් මේ දුක් වූ ප්රතිපදාවක් වේ ද, ක්ෂිප්රාභිඥ මේ ප්රතිපදාවට පැමිණ මාගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්රවයන් කෙරෙන් මිදින.