යෙදුමෙන් කියවන්න

සාරිපුත‍්තපටිපදාසුත‍්තං

4. 4. 2. 8.

4. 4. 2. 8.

[සාරිපුත‍්තපටිපදාසුත‍්තං]

[සාරිපුත්තපටිපදා සූත්‍රය]

18. අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා සාරිපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච :

18. එසඳ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සතුටු වූහ. සම්මෝදනයට හේතු වූ සාරාණීය වූ කථාව නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:

චතස‍්සො ඉමා ආවුසො සාරිපුත‍්ත පටිපදා. කතමා චතස‍්සො:

ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:

දුක‍්ඛාපටිපදා දන්‍ධාභිඤ‍්ඤා, දුක‍්ඛාපටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා, සුඛාපටිපදා දන්‍ධාභිඤ‍්ඤා, සුඛාපටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා. ඉමා ඛො ආවුසො සාරිපුත‍්ත චතස‍්සො පටිපදා.

දුක්ඛා පටිපදා දන්‍ධා භිඤ්ඤාය, දුක්ඛා පටිපදා ඛිප්පා භිඤ්ඤාය, සුඛා පටිපදා දන්‍ධා භිඤ්ඤා ය, සුඛා පටිපදා ඛිප්පා භිඤ්ඤා යි. ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ සතර ප්‍රතිපදාවෝ යි.

ඉමාසං ඛො ආවුසො චතස‍්සන‍්නං පටිපදානං කතමං තෙ පටිපදං ආගම‍්ම අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුත‍්තන‍්ති?

ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවන් අතුරෙන් කවර ප්‍රතිපදාවකට පැමිණ තොපගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදිනි ද?

චතස‍්සො ඉමා ආවුසො මොග‍්ගල‍්ලාන පටිපදා. කතමා චතස‍්සො:

ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:

දුක‍්ඛාපටිපදා දන්‍ධාභිඤ‍්ඤා, දුක‍්ඛාපටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා, සුඛාපටිපදා දන්‍ධාභිඤ‍්ඤා, සුඛාපටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා. ඉමා ඛො ආවුසො චතස‍්සො පටිපදා.

දුක්ඛා පටිපදා දන්‍ධා භිඤ්ඤාය, දුක්ඛා පටිපදා ඛිප්පා භිඤ්ඤාය, සුඛා පටිපදා දන්‍ධා භිඤ්ඤාය, සුඛා පටිපදා ඛිප්පා භිඤ්ඤා යි. ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවෝ යි.

ඉමාසං ඛො ආවුසො චතස‍්සන‍්නං පටිපදානං යායං පටිපදා සුඛා ඛිප‍්පාභිඤ‍්ඤා. ඉමං මෙ පටිපදං ආගම‍්ම අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුත‍්තන‍්ති.

ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවන් අතුරෙන් යම් ඒ ප්‍රතිපදාවක් සුඛ වේ ද, ක්‍ෂිප්‍රාභිඥ වේ ද, මේ ප්‍රතිපදාවට පැමිණ මාගේ සිත උපාදාන, විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදින.