යෙදුමෙන් කියවන්න

කිලෙසපරිනිබ‍්බානසුත‍්තං

4. 4. 2. 9.

4. 4. 2. 9.

[කිලෙසපරිනිබ‍්බානසුත‍්තං]

[කිලේස පරිනිබ්බාන සූත්‍රය]

19. චත‍්තාරොමෙ භික‍්ඛවෙ පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො?

19. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයේ විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො දිට‍්ඨෙව ධම‍්මෙ සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති. ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො කායස‍්ස භෙදා සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති. ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො දිට‍්ඨෙව ධම‍්මෙ අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති. ඉධ පන භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො කායස‍්ස භෙදා අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති.

මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මෙලොව්හි ම සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කායභේදයෙන් මතුයෙහි සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි. මෙලොව ඇතැම් පුද්ගලයෙක් මෙලොව්හි ම අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කායභේදයෙන් මතුයෙහි අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො දිට‍්ඨෙව ධම‍්මෙ සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අසුභානුපස‍්සී කායෙ විහරති. ආහාරෙ පටික‍්කූලසඤ‍්ඤී. සබ‍්බලොකෙ අනභිරතසඤ‍්ඤී. සබ‍්බසඞ‍්ඛාරෙසු අනිච‍්චානුපස‍්සී. මරණසඤ‍්ඤා ඛො පනස‍්ස අජ‍්ඣත‍්තං සූපට‍්ඨිතා හොති. සො ඉමානි පඤ‍්චසෙඛබලානි උපනිස‍්සාය විහරති : සද‍්ධාබලං, හිරිබලං, ඔත‍්තප‍්පබලං, විරියබලං, පඤ‍්ඤාබලං. තස‍්සිමානි පඤ‍්චින්‍ද්‍රියානි අධිමත‍්තානි පාතුභවන‍්ති : සද‍්ධින්‍ද්‍රියං, විරියින්‍ද්‍රියං, සතින්‍ද්‍රියං, සමාධින්‍ද්‍රියං, පඤ‍්ඤින්‍ද්‍රියං. සො ඉමෙසං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අධිමත‍්තත‍්තා දිට‍්ඨෙව ධම‍්මෙ සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො දිට‍්ඨෙව ධම‍්මෙ සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති.

මහණෙනි, කෙසේ පුද්ගල මෙලොව ම සසඞ්ඛාරපරිනිබ්බායී වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභය නුවණින් දක්නේ ආහාරයෙහි පිළිකුල් සංඥා ඇත්තේ සියලු ලෝකයෙහි අනභිරතසංඥා ඇත්තේ සියලු සංස්කාරයෙහි අනිත්‍යය නුවණින් දක්නාසුලු වූයේ වෙසෙයි. ඔහුගේ සිත්හි මරණ සංඥාව මැනවින් එළඹ සිටිනී වෙයි. හේ මේ පඤ්චසේඛබලයන් ඇසුරු කොට වෙසෙයි: ශ්‍රද්ධාබල ය, හ්‍රීබල ය, අපත්‍රපාබල ය, වීර්‍ය්‍යබල ය, ප්‍රඥාබල යි. ඔහුට මේ පඤ්චේන්‍ද්‍රියයෝ අධිමාත්‍ර ව පහළවෙත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය යි. හේ මේ පසිඳුරන් අධිමාත්‍ර ව ඇතියෙන් මෙලොව ම සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල මෙලොව ම සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො කායස‍්ස භෙදා සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අසුභානුපස‍්සී කායෙ විහරති. ආහාරෙ පටික‍්කූලසඤ‍්ඤී. සබ‍්බලොකෙ අනභිරතසඤ‍්ඤී, සබ‍්බසඞ‍්ඛාරෙසු අනිච‍්චානුපස‍්සී. මරණසඤ‍්ඤා ඛො පනස‍්ස අජ‍්ඣත‍්තං සූපට‍්ඨිතා හොති. සො ඉමානි පඤ‍්චසෙඛබලානි උපනිස‍්සාය විහරති : සද‍්ධාබලං හිරිබලං ඔත‍්තප‍්පබලං විරියබලං පඤ‍්ඤාබලං. තස‍්සිමානි පඤ‍්චින්‍ද්‍රියානි මුදූනි පාතුභවන‍්ති : සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං. සො ඉමෙසං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං මුදුත‍්තා කායස‍්ස භෙදා සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො කායස‍්ස භෙදා සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති.

මහණෙනි, කෙසේ පුද්ගල කායභේදයෙන් මතුයෙහි සසඞ්ඛාරපරිනිබ්බායී වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි අශුභය නුවණින් දක්නාසුලු වූයේ ආහාරයෙහි පිළිකුල් සන් ඇතියේ මුළුලොව නොඇලුනු සන් ඇතියේ සව්සකරෙහි අනිස නුවණින් දක්නාසුලු වූයේ වෙසෙයි. ඔහුට මරණසංඥාව සිත තුළ සූපස්ථිත වෙයි. හේ මේ පඤ්චශෛක්‍ෂබලයන් උපනිඃශ්‍රය කොට ගෙණ වෙසෙයි: ශ්‍රද්ධාබල ය, හ්‍රීබල ය, අපත්‍රපාබල ය, වීර්‍ය්‍යබල ය, ප්‍රඥාබල යි. ඔහුට මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු ව වටහත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය යි. හේ මේ පසිඳුරන්ගේ මොළොක් බැවින් කායභේදයෙන් මතුයෙහි සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල කායභේදයෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො දිට‍්ඨෙව ධම‍්මෙ අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සො ඉමානි පඤ‍්චසෙඛබලානි උපනිස‍්සාය විහරති : සද‍්ධාබලං හිරිබලං ඔත‍්තප‍්පබලං විරියබලං පඤ‍්ඤාබලං. තස‍්සිමානි පඤ‍්චින්‍ද්‍රියානි අධිමත‍්තානි පාතුභවන‍්ති : සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං. සො ඉමෙසං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අධිමත‍්තත‍්තා දිට‍්ඨෙව ධම‍්මෙ අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො දිට‍්ඨෙව ධම‍්මෙ අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති.

මහණෙනි, කෙසේ පුද්ගල මෙලොව ම අසඞ්ඛාරපරිනිබ්බායී වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මේ පඤ්චශෛක්‍ෂබලයන් ඇසුරු කොට ගෙණ වෙසෙයි: ශ්‍රද්ධාබල ය, හ්‍රීබල ය, අපත්‍රපාබල ය, වීර්‍ය්‍යබල ය, ප්‍රඥාබල යි. ඔහුට මේ පඤ්චේන්‍ද්‍රියයෝ අධිමාත්‍ර ව පහළ වෙත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය යි. හේ මේ පසිඳුරන් අධිමාත්‍ර බැවින් දිටුදැමියෙහි ම අසඞ්ඛාරපරිනිබ්බායී වේ. මහණෙනි, මෙසේ පුද්ගල ඉහාත්මයෙහි ම අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ පුග‍්ගලො කායස‍්ස භෙදා අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සො ඉමානි පඤ‍්චසෙඛබලානි උපනිස‍්සාය විහරති : සද‍්ධාබලං හිරිබලං ඔත‍්තප‍්පබලං විරියබලං පඤ‍්ඤාබලං. තස‍්සිමානි පඤ‍්චින්‍ද්‍රියානි මුදූනි පාතුභවන‍්ති: සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං. සො ඉමෙසං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං මුදුත‍්තා කායස‍්ස භෙදා අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති. එවං ඛො භික‍්ඛවෙ පුග‍්ගලො කායස‍්ස භෙදා අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති.

මහණෙනි, කෙසේ පුද්ගල කායභේදයෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. හේ මේ පඤ්චශෛක්‍ෂබලයන් ඇසුරු කොට ගෙණ වෙසෙයි: ශ්‍රද්ධාබල ය, හ්‍රීබල ය, අපත්‍රපාබල ය, වීර්‍ය්‍යබල ය, ප්‍රඥාබල යි. ඔහුට මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු ව පහළ වෙත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය යි. හේ මේ පසිඳුරන් මොළොක් බැවින් කායභේදයෙන් මතුයෙහි අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල කායභේදයෙන් මතුයෙහි අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමානයහ.