අරහත්තප්පත්තිසුත්තං
4. 4. 2. 10.
4. 4. 2. 10.
[අරහත්තප්පත්තිසුත්තං]
[අරහත්තප්පතති සූත්‍රය]
20. එකං සමයං ආයස්මා ආනන්දො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තත්ර ඛො ආයස්මා ආනන්දො භික්ඛූ ආමන්තෙසි; ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසුං. ආයස්මා ආනන්දො එතදවොච :
20. එක්කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ “ඇවැත් මහණෙනි” යි භික්ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්ෂූහු ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තෙල ප්‍රකාශ කළහ:
යො හි කො චි ආවුසො භික්ඛු වා භික්ඛුනී වා මම සන්තිකෙ අරහත්තප්පත්තිං ව්යාකරොති. සබ්බො සො චතූහි මග්ගෙහි, එතෙසං වා අඤ්ඤතරෙන. කතමෙහි චතූහි?
ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ වේවයි මෙහෙණක් හෝ වේවයි මා කෙරෙහි අර්හත්ත්වප්රාප්තිය පවසා ද, ඒ හැම සතර මගින් හෝ මොවුන් අතුරෙන් එක්තරා එකෙකින් හෝ වෙයි. කවර සතර මගින යත්:
ඉධ ආවුසො භික්ඛු සමථපුබ්බඞ්ගමං විපස්සනං භාවෙති. තස්ස සමථපුබ්බඞ්ගමං විපස්සනං භාවයතො මග්ගො සඤ්ජායති. සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති. තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සඤ්ඤොජනා පහීයන්ති. අනුසයා ව්යන්තීහොන්ති.
ඇවැත්නි, මෙසස්නෙහි මහණ සමථ පූර්වඞ්ගම කොට විවසුන් භවයි. සමථපූර්වඞ්ගම කොට විවසුන් වඩන උහුට ප්‍රථම ලෝකෝත්තර මාර්ගය උපදනේ ය. හේ එමග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. එමග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහට සඤ්ඤෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
පුන චපරං ආවුසො භික්ඛු විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවෙති. තස්ස විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවයතො මග්ගො සඤ්ජායති. සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති. තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සඤ්ඤොජනා පහීයන්ති, අනුසයා ව්යන්තීහොන්ති.
තවද ඇවැත්නි, මහණ විදර්ශනා පූර්වඞ්ගම කොට සමථය වඩයි. විදර්‍ශනාපූර්‍වඞ්ගම කොට සමථය වඩන උහුට මාර්ගය උපදී. හේ එමග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. එමග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
පුන චපරං ආවුසො භික්ඛු සමථවිපස්සනං යුගනද්ධං භාවෙති. තස්ස සමථවිපස්සනං යුගනද්ධං භාවයතො මග්ගො සඤ්ජායති. සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති. තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සඤ්ඤොජනා පහීයන්ති. අනුසයා ව්යන්තීහොන්ති.
තවද ඇවැත්නි, මහණ සමථ විදර්ශනා යුගනද්ධ කොට ගෙණ වඩයි. විදර්ශනා යුගනද්ධ කොට ගෙණ වඩන ඔහුට මාර්ගය උපදනේ ය. හේ එමග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. එමග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
පුන චපරං ආවුසො භික්ඛුනො ධම්මුද්ධච්චවිග්ගහිතං මානං හොති. සො ආවුසො සමයො යන්තං චිත්තං අජ්ඣත්තංයෙව සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. තස්ස මග්ගො සඤ්ජායති. සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති. තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සඤ්ඤොජනා පහීයන්ති. අනුසයා ව්යන්තීහොන්ති.
තවද ඇවැත්නි, මහණහට සමථ විදර්ශනා ධර්මයෙහි දශෝපක්ලේශ සඞ්ඛ්‍යාත උද්ධතභාවයෙන් පෙළා ගත් අධිමානය වෙයි. ඇවැත්නි යම් කලෙක ඒ විදර්‍ශනාවීථියට බැසගත් සිත ගෝචර සඞ්ඛ්‍යාත ආධ්‍යාත්ම ආලම්බනයෙහි ම පිහිටා ද, සන්හිඳී ද, එකඟ වේ ද, සමාහිත වේ ද, එබඳු කාලයෙක් වෙයි. ඔහුට මාර්ගය උපදී. හේ එමග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. එමග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
යො හි කො චි ආවුසො භික්ඛු වා භික්ඛුනී වා මම සන්තිකෙ අරහත්තප්පත්තිං ව්යාකරොති, සබ්බො සො ඉමෙහි චතූහි මග්ගෙහි, එතෙසං වා අඤ්ඤතරෙනාති.
ඇවැත්නි, යම් කිසි මහණෙක් වේවයි මෙහෙණක් වේවයි මා කෙරෙහි අර්හත්ත්වප්රාප්තිය පවසා ද, එ හැම මේ සතර මගින් හෝ මොවුනතුරෙන් එක්තරා එකෙකින් හෝ පවසත්.
පටිපදාවග්ගො දුතියො.
ප්රතිපදාවර්ගය දෙවැනි යි.