සඤ්චෙතනාසුත්තං
4. 4. 3. 1.
4. 4. 3. 1.
[සඤ්චෙතනාසුත්තං]
[සඤ්චේතනා සූත්‍රය]
[සාවත්ථියං]
[සැවැත්නිදාන යි]
21. කායෙ වා භික්ඛවෙ සති කායසඤ්චෙතනාහෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. වාචාය වා භික්ඛවෙ සති වචීසඤ්චෙතනාහෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. මනෙ වා භික්ඛවෙ සති මනොසඤ්චෙතනාහෙතු උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. අවිජ්ජාපච්චයා ව.
21. මහණෙනි, කායවිඥප්තිය ඇතිවත් ම කායද්වාරයෙහි පැවැති කුශලාකුශල සඞ්ඛ්‍යාත විංශත් සඤ්චේතනා හේතුයෙන් තමා තුළ සුව දුක් උපදනේ ය. මහණෙනි, වාග්විඥප්තිය ඇතිවත් ම වාග්ද්වාරයෙහි පැවැති කුශලාකුශල සඤ්චේතනා හේතුයෙන් තමා තුළ සුව දුක් උපදනේ ය. මහණෙනි, මනෝද්වාරයෙහි පැවැති කුශලාකුශල සඤ්චේතනා හේතුයෙන් තමා තුළ සුව දුක් උපදනේ ය. අවිද්‍යා ප්‍රත්‍යයෙන් ම උපදි යි.
සාමං වා තං භික්ඛවෙ කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. පරෙ වාස්ස තං භික්ඛවෙ කායසඞ්ඛාරං අභිසඞ්ඛරොන්ති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. සම්පජානො වා තං භික්ඛවෙ කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. අසම්පජානො වා තං භික්ඛවෙ කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං.
මහණෙනි, යමක් ප්‍රත්‍යය කොට ගෙණ ඔහට තමා තුළ සුව දුක් උපදනේ ද, තෙමේ ම හෝ ඒ කායසංස්කාර අභිසංස්කරණය කෙරෙයි. මහණෙනි, යම් කාරණයෙකින් තමා තුළ ඒ සුව දුක් ඔහට උපදනේ ද, පරහු හෝ ඒ කායසංස්කාරය අභිසංස්කරණය කෙරෙත්. (ඔහු ලවා කරවත්). මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, දන්නේ (කුසලාකුසල විපාක දැන) හෝ ඒ කායසංස්කාරය අභිසංස්කරණය කෙරේ. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, නො දන්නේ හෝ ඒ කායසංස්කාරය අභිසංස්කරණය කෙරේ.
සාමං වා තං භික්ඛවෙ වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. පරෙ වාස්ස තං භික්ඛවෙ වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොන්ති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. සම්පජානො වා තං භික්ඛවෙ වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. අසම්පජානො වා තං භික්ඛවෙ වචීසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං.
මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, තෙමේ හෝ ඒ වචීසංස්කාර අභිසංස්කරණය කෙරේ. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, පරහු හෝ ඒ වචීසංස්කාර අභිසංස්කරණය කෙරෙත්. මහණෙනි, යම් කාරණයෙකින් ඕහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, දන්නේ හෝ ඒ වචීසංස්කාර අභිසංස්කරණය කෙරෙයි. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුව දුක් උපදනේ ද, නො දන්නේ හෝ වචීසංස්කාර අභිසංස්කරණය කෙරෙයි.
සාමං වා තං භික්ඛවෙ මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. පරෙ වාස්ස තං භික්ඛවෙ මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොන්ති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. සම්පජානො වා තං භික්ඛවෙ මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. අසම්පජානො වා තං භික්ඛවෙ මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං.
මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, තෙමේ හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙරේ. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, පරහු හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙරෙත්. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, දන්නේ හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙර්. මහණෙනි, යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, නො දන්නේ හෝ ඒ මනඃසංස්කාර අභිසංස්කරණය කෙරේ.
ඉමෙසු භික්ඛවෙ ධම්මෙසු අවිජ්ජා අනුපතිතා. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සො කායො න හොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. සා වාචා න හොති යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං. සො මනො න හොති යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං -
මහණෙනි, මේ චේතනාධර්‍මයෙහි අවිද්‍යාව සහජාත උපනිඃශ්‍රය වශයෙන් ලුහුබැඳුනු ය. යම් කාරණයෙකින් ඔහුට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, අවිද්‍යාවගේ ම නිඃශේෂ විරාගයෙන් හා නිරෝධයෙන් ඒ කායවිඥප්තිය නො වේ. යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, ඒ වාග්විඥප්තිය ද නො වෙයි. යම් කාරණයෙකින් ඔහට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, ඒ මනෝද්වාරය නො වේ.
ඛෙත්තං තං න හොති, වත්ථුං තං න හොති, ආයතනං තං න හොති, අධිකරණං තං න හොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛන්ති.
යම් කාරණයෙකින් ඔහුට තමා තුළ ඒ සුවදුක් උපදනේ ද, ඒ ක්ෂේත්රය නො වේ. ඒ වස්තුව නො වෙයි. ඒ ආයතනය නො වෙයි. ඒ අධිකරණය නො වෙයි.
චත්තාරොමෙ භික්ඛවෙ අත්තභාවපටිලාභා. කතමෙ චත්තාරො?
මහණෙනි, මේ ආත්මභාවප්‍රතිලාභයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
අත්ථි භික්ඛවෙ අත්තභාවපටිලාභො, යස්මිං අත්තභාවපටිලාභෙ අත්තසඤ්චෙතනා කමති නො පරසඤ්චෙතනා. අත්ථි භික්ඛවෙ අත්තභාවපටිලාභො, යස්මිං අත්තභාවපටිලාභෙ පරසඤ්චෙතනා කමති නො අත්තසඤ්චෙතනා. අත්ථි භික්ඛවෙ අත්තභාවපටිලාභො, යස්මිං අත්තභාවපටිලාභෙ අත්තසඤ්චෙතනා ච කමති පරසඤ්චෙතනා ච. අත්ථි භික්ඛවෙ අත්තභාවපටිලාභො, යස්මිං අත්තභාවපටිලාභෙ නෙව අත්තසඤ්චෙතනා කමති නො පරසඤ්චෙතනා. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො අත්තභාවපටිලාභාති.
මහණෙනි, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව මිස පරසඤ්චේතනාව නො පවත්නී ද, එබඳු ආත්මභාවප්‍රතිලාභයෙක් ඇත. මහණෙනි, යම් ආත්මභාවප්‍රතිලාභයෙක පරසඤ්චේතනාව මිස ආත්මසඤ්චේතනාව නො පවත්නී ද, එබඳු ආත්මභාවප්‍රතිලාභයෙක් ඇත. මහණෙනි, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව හා පරසඤ්චේතනාව හා පවතී ද, එබඳු ආත්මභාවප්‍රතිලාභයෙක් ඇත. මහණෙනි, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව හා පරසඤ්චේතනාව නො පවත්නී ද, එබඳු ආත්මභාවප්‍රතිලාභයෙක් ඇත. මහණෙනි, මේ ආත්මභාවප්‍රතිලාභයෝ සතර දෙන ය.
එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: ඉමස්ස ඛො අහං භන්තෙ භගවතා සංඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි :
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන්වහන්සේට මෙපවත් සැළ කළහ: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ භාෂිතයාගේ විස්තර විසින් අර්ත්ථය මෙසේ දනිමි.
තත්ර භන්තෙ ය්වායං අත්තභාවපටිලාභො, යස්මිං අත්තභාවපටිලාභෙ අත්තසඤ්චෙතනා කමති නො පරසඤ්චෙතනා. අත්තසඤ්චෙතනාහෙතු තෙසං සත්තානං තම්හා කායා චුති හොති.
වහන්ස, යම් ආත්මභාවයෙක ආත්මසඤ්චේතනාව මිස පරසඤ්චේතනාව නැද්ද, එබඳු යම් ආත්මභාවප්‍රතිලාභයෙක් වේ ද, ආත්මසඤ්චේතනා හේතුවෙන් ඒ සත්ත්වයන්ගේ ඒ කයින් ච්‍යුතිය වෙයි.
තත්ර භන්තෙ ය්වායං අත්තභාවපටිලාභො, යස්මිං අත්තභාවපටිලාභෙ පරසඤ්චෙතනා කමති නො අත්තසඤ්චෙතනා. පරසඤ්චෙතනාහෙතු තෙසං සත්තානං තම්හා කායා චුති හොති.
වහන්ස, යම් ආත්මභාවප්‍රතිලාභයෙක පරසඤ්චේතනාව මිස ආත්මසඤ්චේතනාව නැද්ද, එබඳු යම් ආත්මභාවප්‍රතිලාභයෙක් වේ ද, එහි පරසඤ්චෙතනා හේතුවෙන් ඒ සත්ත්වයන්ගේ ඒ කයින් ච්‍යුතිය වේ.
තත්ර භන්තෙ ය්වායං අත්තභාවපටිලාභො, යස්මිං අත්තභාවපටිලාභෙ අත්තසඤ්චෙතනා ච කමති පරසඤ්චෙතනා ච අත්තසඤ්චෙතනා ච පරසඤ්චෙතනා ච හෙතු තෙසං සත්තානං තම්හා කායා චුති හොති.
වහන්ස, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව හා පරසඤ්චේතනාව හා ඇද්ද, එබඳු යම් ආත්මභාවප්‍රතිලාභයෙක් වේ ද, එහි ආත්මසඤ්චේතනා හා පරසඤ්චෙතනා හේතුවෙන් ඒ සත්ත්වයන්ගේ ඒ කයින් ච්‍යුතිය වේ.
තත්ර භන්තෙ ය්වායං අත්තභාවපටිලාභො, යස්මිං අත්තභාවපටිලාභෙ නෙව අත්තසඤ්චෙතනා කමති නො පරසඤ්චෙතනා. කතමෙ තෙන දෙවා දට්ඨබ්බාති? “නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගා සාරිපුත්ත දෙවා තෙන දට්ඨබ්බා”ති.
වහන්ස, යම් ආත්මභාවප්‍රතිලාභයෙක ආත්මසඤ්චේතනාව හෝ පරසඤ්චේතනාව හෝ නැද්ද, එබඳු යම් ආත්මභාවප්‍රතිලාභයෙක් වේ ද, එයින් කවර දෙවියෝ දතයුත්තාහු වෙත් ද? “ශාරීපුත්‍රය, එයින් නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියෝ දතයුත්තාහ.”
කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා තම්හා කායා චුතා ආගාමිනො හොන්ති ආගන්තාරො ඉත්ථත්තං? කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙන මිධෙකච්චෙ සත්තා තම්හා කායා චුතා අනාගාමිනො හොන්ති අනාගන්තාරො ඉත්ථත්තන්ති?
වහන්ස, යම් හෙයෙකින් මෙලොව ඇතැම් සත්ත්ව කෙනෙක් ඒ කයින් ච්‍යුතව එනසුලු වෙත් ද, මේ බවට (මේ කාමාවචර පඤ්චස්කන්‍ධභාවයට) එත් ද, ඊට හේතු කවරේ ය, ප්‍රත්‍යය කවරේ ය? වහන්ස, මෙලොව ඇතැම් සත්ත්ව කෙනෙක් ඒ කයින් ච්‍යුතව නො එනසුලු වෙත් ද, මේ බවට නො පැමිණෙන සැහැවි ඇති වෙත් ද, ඊට හේතු කවරේ ය, ඊට ප්‍රත්‍යය කවරේ ය?
ඉධ සාරිපුත්ත එකච්චස්ස පුග්ගලස්ස ඔරම්භාගියානි සඤ්ඤොජනානි අප්පහීනානි හොන්ති. සො දිට්ඨෙව ධම්මෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති. තන්නිකාමෙති, තෙන ච විත්තිං ආපජ්ජති. තත්ථ ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී. අපරිහීනො කාලං කුරුමානො නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජති. සො තතො චුතො ආගාමී හොති ආගන්තා ඉත්ථත්තං.
ශාරීපුත්‍රය, මෙලොව ඇතැම් පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. හේ දිටුදැමියෙහි ම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹ වෙසෙයි. හේ ඒ ආස්වාද කෙරෙයි. ඒ කැමැති වෙයි. එයින් ප්‍රීතියට පැමිණෙයි. එහි සිටියේ එහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විසින් විහරණ ඇත්තේ නො පිරිහුනේ කලුරිය කරමින් නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණේ. හේ එයින් ච්‍යුත වූයේ එනසුලු වූයේ මේ පඤ්චස්කන්‍ධභාවයට එළඹෙන සැ හැවි ඇත්තේ වෙයි.
ඉධ පන සාරිපුත්ත එකච්චස්ස පුග්ගලස්ස ඔරම්භාගියානි සඤ්ඤොජනානි පහීනානි හොන්ති. සො දිට්ඨෙව ධම්මෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො තදස්සාදෙති. තන්නිකාමෙති. තෙන ච චිත්තිං ආපජ්ජති. තත්ථ ඨිතො තදධිමුත්තො තබ්බහුලවිහාරී අපරිහීනො කාලංකුරුමානො නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජති. සො තතො චුතො අනාගාමී හොති අනාගන්තා ඉත්ථත්තං.
ශාරීපුත්‍රය, මෙලොව ඇතැම් පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. හේ ඉහාත්මයෙහි ම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹ වෙසෙයි. හේ එය ආස්වාද කෙරෙයි. ඒ කැමැති වෙයි. එයින් ප්‍රීතියට පැමිණෙයි. එහි සිටියේ එහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විසින් විහරණ ඇත්තේ නො පිරිහුනේ කලුරිය කරමින් නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණේ. හේ එයින් ච්‍යුතව නො එනසුලු වූයේ මේ කාමාවචර භාවයට නො එන සැහැවි ඇත්තේ වෙයි.
අයං ඛො සාරිපුත්ත හෙතු අයං පච්චයො, යෙන මිධෙකච්චෙ සත්තා තම්හා කායා චුතා ආගාමිනො හොන්ති ආගන්තාරො ඉත්ථත්තං. අයං පන සාරිපුත්ත හෙතු අයං පච්චයො, යෙනමිධෙකච්චෙ සත්තා තම්හා කායා චුතා අනාගාමිනො හොන්ති අනාගන්තාරො ඉත්ථත්තන්ති.
ශාරීපුත්‍රය, යම් හෙයෙකින් මෙලොව ඇතැම් සත්ත්ව කෙනෙක් ඒ කයින් ච්‍යුතව එනසුලු වූවාහු මේ කම්වැජරි පස්කඳ බවට එළඹෙන සැහැවි ඇත්තාහු වෙත් ද, මේ එයට හේතු යි. මේ එයට ප්‍රත්‍යය යි. ශාරීපුත්‍රය, යම් හෙයෙකින් මෙලොව ඇතැම් සත්ත්ව කෙනෙක් ඒ කයින් ච්‍යුතව නො එනසුලු වූවාහු මේ කම්වැජරි පස්කඳ බවට නො එළඹෙන සැහැවි ඇත්තාහු වෙත් ද, මේ එයට හේතු යි. මේ එයට ප්‍රත්‍යය යි.