සාරිපුත්ත - පටිසම්භිදාසුත්තං
4. 4. 3. 2.
4. 4. 3. 2.
[සාරිපුත්ත - පටිසම්භිදාසුත්තං]
[සාරිපුත්ත - පටිසම්භිදා සූත්‍රය]
22. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි, ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
22. එකල ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ “ඇවැත් මහණෙනි,” යි, භික්ෂූන් බණවාලූහ. ඇවැත්නි, යී ඒ භික්ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ:
අද්ධමාසූපසම්පන්නෙන මෙ ආවුසො අත්ථපටිසම්භිදා සච්ඡිකතා ඔධිසො ව්යඤ්ජනසො. තමහං අනෙකපරියායෙන ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤාපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානී කරොමි. යස්ස ඛො පනස්ස කඞ්ඛා වා විමති වා සො මං පඤ්හෙන, අහං වෙය්යාකරණෙන. සම්මුඛීභූතො නො සත්ථා, යො නො ධම්මානං සුකුසලො.
ඇවැත්නි, උපසපන් අඩමස් ඇති මා විසින් කරුණු විසින් අකුරු විසින් අර්ත්ථප්රතිසම්භිදාව ප්රත්යක්ෂ කරණ ලදු. මම එය නන් නියරින් කියමි. පළකොට කියමි. දන්වමි. පවත්වා කියමි. හෙළි කොට කියමි. විභාග කොට කියමි. නොගැඹුරු (නොමුවහ) කොට කීමි. යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද, හේ මා කරා ප්‍රශ්නයෙන් එළඹේවා. මම ප්‍රශ්නව්‍යාකරණයෙන් ඔහු සිත් ගණිමි. යම් ශාස්තෘ කෙනෙක් අපගේ දහම් පිළිබඳ අතිශයකෘතහස්ත වූහු නම්, ඒ ශාස්තෲහු ද අපට සම්මුඛීභූතයහ.
අද්ධමාසූපසම්පන්නෙන මෙ ආවුසො ධම්මපටිසම්භිදා සච්ඡිකතා ඔධිසො ව්යඤ්ජනසො, තමහං අනෙකපරියායෙන ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤාපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානී කරොමි. යස්ස ඛො පනස්ස කඞ්ඛා වා විමති වා සො මං පඤ්හෙන, අහං වෙය්යාකරණෙන සම්මුඛීභූතො නො සත්ථා, යො නො ධම්මානං සුකුසලොති.
ඇවැත්නි, උපසපන් අඩමස් ඇති මා විසින් ධර්‍මප්‍රතිසම්භිදාව කරුණු විසින් අකුරු විසින් සාක්‍ෂාත්කෘත ය. මම එය නොයෙක් කරුණින් කියමි. දෙසමි. දන්වමි. තබමි. විවරණ කරමි. විභාග කෙරෙමි. නොගැඹුරු කෙරෙමි. යමක්හට කාඞ්ක්ෂායෙක් හෝ විමතියෙක් හෝ වේ ද, හේ මා කරා ප්‍රශ්නයෙන් එළඹේවා, මම ප්‍රශ්නව්‍යාකරණයෙන් ඔහු සිත් ගණිමි. යම් ශාස්තෘවරයෙක් අපගේ දහම් පිළිබඳව අතිශයින් නිපුණ වී ද, ඒ ශාස්තෘවරයා අපට සම්මුඛීභූත ය.
අද්ධමාසූපසම්පන්නෙන මෙ ආවුසො නිරුත්තිපටිසම්භිදා සච්ඡිකතා ඔධිසො ව්යඤ්ජනසො. තමහං අනෙකපරියායෙන ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤාපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානීකරොමි. –
ඇවැත්නි, උපසපන් අඩමස් ඇති මා විසින් නිරුක්තිප්රතිසම්භිදාව කරුණු විසින් අකුරු විසින් ප්රත්යක්ෂ කරණ ලදු. මම එය නන් ආරෙන් කියමි. දෙසමි. දන්වමි. තබමි. විවරණ කෙරෙමි. බෙදමි. ප්‍රකට කෙරෙමි.
යස්ස ඛො පනස්ස කඞ්ඛා වා විමති වා සො මං පඤ්හෙන, අහං වෙය්යාකරණෙන සම්මුඛීභූතො නො සත්ථා, යො නො ධම්මානං සුකුසලොති.
යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද, හේ මා කරා ප්‍රශ්නයෙන් එළඹේවා. මම ප්‍රශ්නව්‍යාකරණයෙන් ඔහු සිත් ගණිමි. යම් ශාස්තෘකෙනෙක් අපගේ දහම් පිළිබඳව අතිශය දක්ෂ වූහු ද, ඒ ශාස්තෲහු අපට සම්මුඛීභූතයහ.
අද්ධමාසූපසම්පන්නෙන මෙ ආවුසො පටිභානපටිසම්භිදා සච්ඡිකතා ඔධිසො ව්යඤ්ජනසො. තමහං අනෙකපරියායෙන ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤාපෙමි පට්ඨපෙමි විවරාමි විභජාමි උත්තානී කරොමි. යස්ස ඛො පනස්ස කඞ්ඛා වා විමති වා සො මං පඤ්හෙන, අහං වෙය්යාකරණෙන සම්මුඛීභූතො නො සත්ථා, යො නො ධම්මානං සුකුසලොති.
ඇවැත්නි, උපසපන් අඩමස් ඇති මා විසින් ප්‍රතිභාන ප්‍රතිසම්භිදාව කරුණු විසින් අකුරු විසින් ප්රත්යක්ෂ කරණ ලදු. මම එය නොයෙක් කරුණින් කියමි. දෙසමි. පණවමි. පවත්වා ලමි. විවරණ කරමි. බෙදාලමි. ප්‍රකට කෙරෙමි. යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද, හේ මා කරා ප්‍රශ්නයෙන් එළඹේවා. මම ප්‍රශ්නව්‍යාකරණයෙන් සිත් ගණිමි. යම් ශාස්තෘවරයෙක් අපගේ දහම් පිළිබඳව අතිශය සමර්ත්ථ වී ද, ඒ ශාස්තෘවරයා අපට සම්මුඛීභූත ය.