3. සඤ්චෙතනියවග්ගො අට්ඨකථා
3. සඤ්චෙතනිය වර්ගය
1. සඤ්චෙතනාසුත්තවණ්ණනා
1. සඤ්චෙතනා සූත්‍ර වර්ණනාව
තතියස්ස පඨමෙ කායෙති කායද්වාරෙ, කායවිඤ්ඤත්තියා සතීති අත්ථො. කායසඤ්චෙතනාහෙතූතිආදීසු කායසඤ්චෙතනා නාම කායද්වාරෙ චෙතනා පකප්පනා. සා අට්ඨ කාමාවචරකුසලවසෙන අට්ඨවිධා, අකුසලවසෙන ද්වාදසවිධාති වීසතිවිධා. තථා වචීසඤ්චෙතනා, තථා මනොසඤ්චෙතනා. අපිචෙත්ථ නව මහග්ගතචෙතනාපි ලබ්භන්ති. කායසඤ්චෙතනාහෙතූති කායසඤ්චෙතනාපච්චයා. උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛන්ති අට්ඨකුසලකම්මපච්චයා නියකජ්ඣත්තෙ සුඛං උප්පජ්ජති, ද්වාදසඅකුසලකම්මපච්චයා දුක්ඛං. සෙසද්වාරෙසුපි එසෙව නයො. අවිජ්ජාපච්චයාවාති අවිජ්ජාකාරණෙනෙව. සචෙ හි අවිජ්ජා ඡාදයමානා පච්චයො හොති, එවං සන්තෙ තීසු ද්වාරෙසු සුඛදුක්ඛානං පච්චයභූතා චෙතනා උප්පජ්ජති. ඉති මූලභූතාය අවිජ්ජාය වසෙනෙතං වුත්තං.
තෙවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි කායෙ යනු කායද්වාරයෙහියි, කායවිඥප්තිය ඇතිවිට යන අරුත්ය, කායසඤ්චෙතනාහෙතු යනාදියෙහි කායසංඤ්චෙතනා නම් කායද්වාරයෙහි චේතනා ඇතිකොට ගැනීමයි, එය කාමාවචර කුසල් වශයෙන් අටවැදෑරුම් හා අකුසල වශයෙන් දොළොස් වැදෑරුම් යයි විසිවැදෑරුම්ය, එසේම වාග්සංචෙතනා ද මනොසංචෙතනා ද වෙයි, තවද මෙහි නවවැදෑරුම් මහග්ගත චෙතනා ද ලැබෙයි, කායසංචෙතනා හෙතු යනු කායසංචෙතනයන්ට ප්‍රත්‍යයෝයි, උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛං යනු අටවැදෑරුම් කුශලකර්ම ප්‍රත්‍යයෙන් ස්වකීය අධ්‍යාත්මයෙහි සුවය උපදියි, දොළොස් අකුශලකර්ම ප්‍රත්‍යයෙන් දුක උපදියි, සෙසු දොරටුවල ද මේ ක්‍රමයමැයි, අවිජ්ජා පච්චයා යනු අවිද්‍යා හේතුවෙන්මය, ඉදින් අවිද්‍යාව වසනු ලබන්නා වූ ප්‍රත්‍යයක් වේද? එසේ ඇති කල්හි තිදොරෙහි සුවදුක්වලට හේතු වූ චෙතනාව උපදියි, මෙසේ මූලභූත වූ අවිද්‍යාව වශයෙන් මෙය කියන ලදි.
සාමං වාතිආදීසු පරෙහි අනාණත්තො සයමෙව අභිසඞ්ඛරොන්තො සාමං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති නාම. යං පන පරෙ සමාදපෙත්වා ආණාපෙත්වා කාරෙන්ති, තස්ස තං කායසඞ්ඛාරං පරෙ අභිසඞ්ඛරොන්ති නාම. යො පන කුසලං කුසලන්ති අකුසලං අකුසලන්ති කුසලවිපාකං කුසලවිපාකොති අකුසලවිපාකං අකුසලවිපාකොති ජානන්තො කායද්වාරෙ වීසතිවිධං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, අයං සම්පජානො අභිසඞ්ඛරොති නාම. යො එවං අජානන්තො අභිසඞ්ඛරොති, අයං අසම්පජානො අභිසඞ්ඛරොති නාම. සෙසද්වාරෙසුපි එසෙව නයො.
අවිජ්ජාපච්චයා වා සාමං වා යනාදියෙහි අනුන් විසින් නොඅණවන ලද්දේ තෙමේම පිළියෙල කරන්නේ තමා කායසංස්කාරය අභිසංස්කරණය කරයි නමි, යම් සංස්කාරයක් අනුන් සමාදන්කරවා අණවා කෙරෙත් ද ඔහුට එම කායසංස්කාරය අනුන් පිළියෙල කෙරෙත් නමි, යමෙක් කුශලය කුශල යයි ද, අකුශලය අකුශල යයි ද කුශල විපාකය කුශල විපාක යයි ද අකුශල විපාකය අකුශල විපාක යයි ද දන්නේ කායද්වාරයෙහි විසිවැදෑරුම් කායසංස්කාරය අභිසංස්කරණය කරයි, මෙතෙම දන්නේ අභිසංස්කරණය කරයි’ නමි, යමෙක් මෙසේ නොදන්නේ අභිසංස්කරණය කරයි ද මෙතෙම ‘නොදන්නේ අභිසංස්කරණය කරයි’ නමි, සෙසු දොරටුවල ද මේ ක්‍රමයමැයි,
තත්ථ අසම්පජානකම්මං එවං වෙදිතබ්බං – දහරදාරකා “මාතාපිතූහි කතං කරොමා”ති චෙතියං වන්දන්ති, පුප්ඵපූජං කරොන්ති, භික්ඛුසඞ්ඝං වන්දන්ති, තෙසං කුසලන්ති අජානන‍්තානම‍්පි තං කුසලමෙව හොති. තථා මිගපක්ඛිආදයො තිරච්ඡානා ධම්මං සුණන්ති, සඞ්ඝං වන්දන්ති, චෙතියං වන්දන්ති, තෙසං ජානන්තානම්පි අජානන‍්තානම‍්පි තං කුසලමෙව හොති. දහරදාරකා පන මාතාපිතරො හත්ථපාදෙහි පහරන්ති, භික්ඛූනං තලසත්තිකං උග්ගිරන්ති, දණ්ඩං ඛිපන්ති, අක්කොසන්ති. ගාවියො භික්ඛුසඞ්ඝං අනුබන්‍ධන‍්ති, සුනඛා අනුබන්‍ධන‍්ති, ඩංසන්ති, සීහබ්යග්ඝාදයො අනුබන්‍ධන‍්ති, ජීවිතා වොරොපෙන්ති. තෙසං ජානන්තානම්පි අජානන‍්තානම‍්පි අකුසලකම්මං හොතීති වෙදිතබ්බං.
එහි අසම්පජාන කර්මය මෙසේ දතයුතුය: කුඩාදරුවෝ මාපියන් කළ දෙය කරමැයි චෛත්‍ය වඳිත්, මල් පුදත්, භික්ෂු සංඝයා වඳිත්, කුසලයයි නොදන්නාවූ ද ඔවුනට එය කුසලයක්ම වෙයි, එසේම මෘගපක්‍ෂි ආදී තිරිසන්නු ධර්මය අසති, සංඝයා වඳිති, සෑ වඳිති, දන්නාවුව ද නොදන්නාවුව ද ඔවුනට එය කුසලයක්ම වෙයි, කුඩා දරුවෝ මාපියන්ට අත්පාවලින් පහරදෙත්, භික්ෂූන්ට තර්ජනය කරත්, ගල් විසිකරත්, බැණවදිත්, දෙන්නු භික්ෂු සංඝයා ලුහුබඳිත්, බල්ලෝ ලුහුබඳිත්, සපාකත්, සිංහව්‍යාඝ්‍රාදීහු ලුහුබඳිත්, දිවිතොර කරත්, දන්නාවුව ද නොදන්නාවුව ද ඔවුනට අකුසල කර්මයක් වේයයි දතයුතුය.
ඉදානි තීසුපි ද්වාරෙසු ආයූහනචෙතනා සමොධානෙතබ්බා. සෙය්යථිදං – කායද්වාරෙ සයංකතමූලිකා වීසති චෙතනා, ආණත්තිමූලිකා වීසති, සම්පජානමූලිකා වීසති, අසම්පජානමූලිකා වීසතීති අසීති චෙතනා හොන්ති, තථා වචීද්වාරෙ. මනොද්වාරෙ පන එකෙකස්මිම්පි විකප්පෙ එකූනතිංස කත්වා සතඤ්ච සොළස ච හොන්ති. ඉති සබ්බාපි තීසු ද්වාරෙසු ද්වෙ සතානි ඡසත්තති ච චෙතනා. තා සබ්බාපි සඞ්ඛාරක්ඛන්ධොතෙව සඞ්ඛං ගච්ඡන්ති, තංසම්පයුත්තො වෙදයිතාකාරො වෙදනාක්ඛන්ධො, සඤ්ජානනාකාරො සඤ්ඤාක්ඛන්ධො, චිත්තං විඤ්ඤාණක්ඛන්ධො, කායො උපාදාරූපං, තස්ස පච්චයා චතස්සො ධාතුයො චත්තාරි භූතානීති ඉමෙ පඤ්චක්ඛන්ධා දුක්ඛසච්චං නාම.
දැන් දොරටු තුනෙහි ආයූහන (එක්රැස් වීමේ) චේතනාව එක්කොටගත යුතුය, කෙසේදයත්? කායද්වාරයෙහි තමාකළ බව මුල්කොට ඇති චෙතනා විස්සය, ඇණවීම මුල්කොට ඇති විස්සය, දැනීම මුල්කොට ඇති විස්සය, නොදැනීම මුල්කොට ඇති විස්සයයි චෙතනා අසූවක් වෙයි, වාග්ද්වාරයෙහි එසේමය, මනොද්වාරයෙහි වනාහි එක් එක් විකල්පයෙහි විසිනවය බැගින් එකසියදහසක් වෙයි, මෙසේ දොරටුතුනෙහි සියල්ලම දෙසිය සැත්තෑසයක් චෙතනා වෙයි, ඒ සියල්ලම සංස්කාර ස්කන්ධ යයි පිළිගැනීමට යයි. එක්ව යෙදුනු විඳවීම් ආකාර ඇති වේදනාස්කන්ධය, හැඳිනීම් ආකාර ඇති සංඥාස්කන්ධය, දිත්ත සංඛ්‍යාත විඥානස්කන්ධය ශරීරය, උපාදාරූප, එයට හේතු වන ධාතු සතර, මහාභූත සතර යන මේ පඤ්චස්කන්ධයෝ දුක්ඛ සත්‍යය නමි,
ඉමෙසු, භික්ඛවෙ, ධම්මෙසු අවිජ්ජා අනුපතිතාති ඉමෙසු වුත්තප්පභෙදෙසු චෙතනාධම්මෙසු අවිජ්ජා සහජාතවසෙන ච උපනිස්සයවසෙන ච අනුපතිතා. එවං වට්ටඤ්චෙව වට්ටමූලිකා ච අවිජ්ජා දස්සිතා හොති.
ඉමෙසු භික්ඛවෙ ධම්මෙසු අවිජ්ජානුපතිතා යනු කියන ලද ප්‍රභේද ඇති මේ චේතනා ධර්මයන්හි අවිද්‍යාව එක්ව හටගැනීම් වශයෙන් ද උපනිශ්‍රය වශයෙන් ද යෙදී ඇත, මෙසේ සසර ද සංසාමූලක අවිද්‍යාව ද දක්වන ලද්දේ වෙයි,
එත්තාවතා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පත්තස්ස ඛීණාසවස්ස ඉදානි ථුතිං කරොන්තො අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධාතිආදිමාහ. තත්ථ අසෙසවිරාගනිරොධාති අසෙසවිරාගෙන චෙව අසෙසනිරොධෙන ච. සො කායො න හොතීති ඛීණාසවස්ස කායෙන කරණකම්මං පඤ්ඤායති, චෙතියඞ්ගණසම්මජ්ජනං බොධියඞ්ගණසම්මජ්ජනං අභික්කමනං පටික්කමනං වත්තානුවත්තකරණන්ති එවමාදි. කායද්වාරෙ පනස්ස වීසති චෙතනා අවිපාකධම්මතං ආපජ්ජන්ති. තෙන වුත්තං – “සො කායො න හොති, යං පච්චයාස්ස තං උප්පජ්ජති අජ්ඣත්තං සුඛදුක්ඛ”න්ති. කායද්වාරප්පවත්තා හි චෙතනා ඉධ කායොති අධිප්පෙතා. සෙසද්වයෙපි එසෙව නයො. ඛෙත්තන්තිආදීනිපි කුසලාකුසලකම්මස්සෙව නාමානි. තඤ්හි විපාකස්ස විරුහනට්ඨානට්ඨෙන ඛෙත්තං, පතිට්ඨානට්ඨෙන වත්ථු, කාරණට්ඨෙන ආයතනං, අධිකරණට්ඨෙන අධිකරණන්ති වුච්චති.
මෙපමණකින් විදර්ශනා වඩා රහත්බවට පත් ක්ෂීණාශ්රවයාට දැන් ස්තුති කරන්නේ ‘අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා’ යනාදිය කීහ. අස්සෙවිරාගනිරොධා යනු ඉතිරි නැති විරාගයෙන් මෙන්ම ඉතිරි නැති නිරෝධයෙන් ද වේ. සො කායො න හොති යනු ක්ෂීණාශ්රවයාගේ කයින් කරන කර්මය පැනෙයි, සෑ මිඳුල හැමදිම් බෝමලු සැමදීම් යාම්-ඊම්, වත් අනුවත් කිරීම් මේ ආදී ඔහුගේ කායද්වාරයෙහි චෙතනා විස්සක් විපාක ස්වභාවය නොමැති බවට පැමිණෙයි. එහෙයින් මෙසේ කියන ලදි. ‘සො කායො න හොති, යං පචචයාසස තං උපපජජති, අජ්ඣතතං සුඛදුක්ඛං’, යනුවෙනි. කායද්වාරයෙහි පැවති චෙතනාවම මෙහි කායයි අදහස් කරන ලදි. සෙසු දෙකෙහි ද මේ ක්‍රමයමයි, ඛෙත්තං යනාදිය ද කුසලාකුසල කර්මයටම නම්ය, එය විපාකය වැඩෙන යන අර්ත්ථයෙන් ක්ෂෙත්රය නමි, පිහිටීම් අරුතින් වස්තුවයි, හේතු අර්ත්ථයෙන් ආයතනයයි, අධිකරණාර්ත්ථයෙන් අධිකරණ යයි කියනු ලැබේ.
ඉති සත්ථා එත්තකෙන ඨානෙන තීහි ද්වාරෙහි ආයූහිතකම්මං දස්සෙත්වා ඉදානි තස්ස කම්මස්ස විපච්චනට්ඨානං දස්සෙතුං චත්තාරොමෙ භික්ඛවෙතිආදිමාහ. තත්ථ අත්තභාවප්පටිලාභාති පටිලද්ධඅත්තභාවා. අත්තසඤ්චෙතනා කමතීති අත්තනා පකප්පිතචෙතනා වහති පවත්තති.
මෙසේ ශාස්තෲන් වහන්සේ මෙපමණ තැනකින් තිදොරෙන් රැස්කරන ලද කර්මය දක්වා දැන් ඒ කර්මයාගේ පැසවන තැන දැක්වීමට “චත්තාරො මෙ භික්ඛවේ” යනාදිය කීසේක, එහි අත්තභාවපටිලාභා යනු ලබන ලද ආත්මභාවයෝය, අත්තසඤ්චෙතනා කමති යනු තමා විසින් කල්පනා කරන ලද චෙතනාව පවතියි.
අත්තසඤ්චෙතනාහෙතු තෙසං සත්තානං තම්හා කායා චුති හොතීතිආදීසු ඛිඩ්ඩාපදොසිකා දෙවා අත්තසඤ්චෙතනාහෙතු චවන්ති. තෙසඤ්හි නන්දනවනචිත්තලතාවනඵාරුසකවනාදීසු දිබ්බරතිසමප්පිතානං කීළන්තානං පානභොජනෙ සති සම්මුස්සති, තෙ ආහාරුපච්ඡෙදෙන ආතපෙ ඛිත්තමාලා විය මිලායන්ති. මනොපදොසිකා දෙවා පරසඤ්චෙතනාහෙතු චවන්ති, එතෙ චාතුමහාරාජිකා දෙවා. තෙසු කිර එකො දෙවපුත්තො “නක්ඛත්තං කීළිස්සාමී”ති සපරිවාරො රථෙන වීථිං පටිපජ්ජති. අථඤ්ඤො නික්ඛමන්තො තං පුරතො ගච්ඡන්තං දිස්වා “කිං, භො, අයං කපණො අදිට්ඨපුබ්බං විය එතං දිස්වා පීතියා උද්ධුමාතො විය ගජ්ජමානො විය ච ගච්ඡතී”ති කුජ්ඣති. පුරතො ගච්ඡන්තොපි නිවත්තිත්වා තං කුද්ධං දිස්වා කුද්ධා නාම සුවිජානා හොන්තීති කුද්ධභාවමස්ස ඤත්වා “ත්වං කුද්ධො මය්හං කිං කරිස්සසි, අයං සම්පත්ති මයා දානසීලාදීනං වසෙන ලද්ධා, න තුය්හං වසෙනා”ති පටිකුජ්ඣති. එකස්මිඤ්හි කුද්ධෙ ඉතරො අකුද්ධො රක්ඛති, උභොසු පන කුද්ධෙසු එකස්ස කොධො ඉතරස්ස පච්චයො හොති, තස්සපි කොධො ඉතරස්ස පච්චයො හොතීති උභො කන්දන්තානංයෙව ඔරොධානං චවන්ති. මනුස්සා අත්තසඤ්චෙතනා ච පරසඤ්චෙතනා ච හෙතු චවන්ති, අත්තසඤ්චෙතනාය ච පරසඤ්චෙතනාය ච හෙතුභූතාය චවන්තීති අත්ථො. මනුස්සා හි කුජ්ඣිත්වා අත්තනාව අත්තානං හත්ථෙහිපි දණ්ඩෙහිපි පහරන්ති, රජ්ජුබන්ධනාදීහිපි බන්ධන්ති, අසිනාපි සීසං ඡින්දන්ති, විසම්පි ඛාදන්ති, පපාතෙපි පතන්ති, උදකම්පි පවිසන්ති, අග්ගිම්පි පවිසන්ති, පරෙපි දණ්ඩෙන වා සත්ථනෙ වා පහරිත්වා මාරෙන්ති. එවං තෙසු අත්තසඤ්චෙතනාපි පරසඤ්චෙතනාපි කමති.
අත්තසඤ්චෙතනා හෙතු තෙසං සත්තානං තම්හා කායා වූතී හොති යනාදියෙහි කිච්චාපදොසික දෙවිවරු තමන්ගේ සංචෙතනා හේතුවෙන් චුතවෙත්, නඳුනුයන චිත්තලතා වන ඵාරුසකවනාදියෙහි දිව්යරතියෙන් පිණවී ක්‍රීඩා කරන්නා වූ ඔවුනට කෑම්බීම්වල අමතකවීම් ඇතිවිට ඔවුහු අහර නැතිවීමෙන් අවුවෙහි දැමු මල්දමක් මෙන් මැලවෙත්, මනොපදොසිකා දෙවිවරු අනුන්ගේ චෙතනා හේතුවෙන් සැවවෙත්, මොවුහු චාතුම්මහාරාජික දෙවියෝමය, ඔවුනතුරින් එක් දිව්‍ය පුත්‍රයෙක් නැතැක් කෙළිමියි පිරිවර සහිතව රථයෙන් වීදියට එළඹෙයි ද ඉක්බිති නික්මෙන වෙනත් දෙවිකෙනෙක් ඉදිරියෙන් යනු ඔහු දැක කිම මේ දිළින්දා පෙර නොදිටුවිරූවකු මෙන් මෙ දැක ප්‍රීතියෙන් ඉදිමුණෙකු මෙන් ද ගොරවන්නකු මෙන් ද යතැයි කිපෙයි, ඉදිරියෙන් යන්නා ද ආපසු හැරී ඒ කිපුණහු දැක කුපිත වූවාහු මනාව දත හැක්කෝ වෙතියි ඔහු කිපුණු බව දැන කිපුණු නුඹ මට කුමක් කරන්නෙහිද? මේ සම්පත් මවිසින් දානශීලාදි වශයෙන් ලබන ලදි, නුඹ නිසා නොවේයයි පෙරළා කිපෙයි, එකකු කිපුණු විට අනෙක් කිපුණු තැනැත්තේ රකියි, දෙදෙනාම කිපුණු විට එකෙකුගේ ක්‍රෝධය අනෙකාගේ ක්රෝධයයට හේතුවෙයි, ඔහුගේ ද ක්‍රෝධය අනෙකාට ප්‍රත්‍යය වේ යයි දෙදෙනා හඬමින් විරොධව සිටියදීම චුතවෙත්, මිනිස්සු තමන්ගේ සංචෙතනා අනුන් නිසා ඇතිවන සංචෙතනා ද හේතුවෙන් මියයත්, ආත්මසංචෙතනයන්ගේ හා පරසංචේතනයන්ගේ හේතුවෙන් මියයතියි අර්‍ත්‍ථයි, මිනිස්සු කිපී තමා විසින්ම තමාට ආයුධවලින් ද දඬුමුගුරුවලින් ද පහරදෙති. රැහැන් බැඳුම් ආදියෙන් බඳිත්, කඩුවෙන් ද හිස සිඳිත්, විස කති, ප්රපාතයන්හි වැටෙත්, දියට පිවිසෙත්, ගින්නට පිවිසෙත්, අනුන් ද ඔවුන් දඬු මුගුරින් හෝ අවියෙන් හෝ පහරදී මරත්, මෙසේ ඔවුන් දඬු මුගුරින් හෝ අවියෙන් හෝ පහරදී මරත්, මෙසේ ඔවුන් කෙරෙහි ආත්ම සංචෙතනාව ද පරසංචේතනාව ද පිවිසෙයි,
කතමෙ තෙන දෙවා දට්ඨබ්බාති කතමෙ නාම තෙ දෙවා දට්ඨබ්බාති අත්ථො. තෙන වා අත්තභාවෙන කතමෙ දෙවා දට්ඨබ්බාතිපි අත්ථො. කස්මා පන ථෙරො ඉමං පඤ්හං පුච්ඡති, කිං අත්තනා කථෙතුං නප්පහොතීති? පහොති, ඉදං පන පදං අත්තනො සභාවෙන බුද්ධවිසයං පඤ්හන්ති ථෙරො න කථෙසි. තෙන දට්ඨබ්බාති තෙන අත්තභාවෙන දට්ඨබ්බා. අයං පන පඤ්හො හෙට්ඨා කාමාවචරෙපි රූපාවචරෙපි ලබ්භති, භවග්ගෙන පන පරිච්ඡින්දිත්වා කථිතො නිප්පදෙසෙන කථිතො හොතීති භගවතා එවං කථිතො.
කත තෙන දෙවා දට්ඨබ්බා යනු කවරනම් ඒ දෙවිවරු දැකිය යුත්තාහුද යන අර්‍ත්‍ථයි, කුමක්හෙයින් තෙරණුවෝ මේ ප්රශ්නය අසත්ද? කි තමා විසින් කීමට නොහැකි වේද යත් හැකිවෙයි, මේ පදය තම ස්වභාවයෙන් බුද්ධවිෂයක ප්රශ්නයකැයි තෙරණුවෝ නොකීහ, තෙන දට්ඨබ්බා යනු ඒ අත්බවින් දැක්විය යුතුය, මේ ප්රශ්නය යට කාමාවචරයෙහි ද රූපාවචරයෙහි ද ලබයි, භවාග්රයෙන් පිරිසිඳ කියන ලද්දේ නිරවශේෂයෙන් කියන ලද්දේ වේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ කියන ලදි,
ආගන්තාරො ඉත්ථත්තන්ති ඉත්ථභාවං කාමාවචරපඤ්චක්ඛන්ධභාවමෙව ආගන්තාරො, නෙව තත්රූපපත්තිකා න උපරූපපත්තිකා හොන්ති. අනාගන්තාරො ඉත්ථත්තන්ති ඉමං ඛන්ධපඤ්චකං අනාගන්තාරො, හෙට්ඨූපපත්තිකා න හොන්ති, තත්රූපපත්තිකා වා උපරූපපත්තිකා වා තත්ථෙව වා පරිනිබ්බායිනො හොන්තීති අත්ථො. එත්ථ ච හෙට්ඨිමභවෙ නිබ්බත්තානං වසෙන උපරූපපත්තිකා වෙදිතබ්බා. භවග්ගෙ පනෙතං නත්ථි. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
ආගන්තාරො ඉත්ථත්තං යනු පඤ්චස්කක්ධභාවයම වූ ස්ත්‍රීභාවයට පැමිණෙන්නාහු එහි උපදින්නේ ද මත්තෙහි උපදින්නෝ ද නොවෙත් යනුයි, අනාගත්තාරො ඉත්ථත්තං යනු මේ ස්කන්ධ පඤ්චකයට නොඑන්නෝ යට උපත් ඇත්තෝ නොවෙති, එහි උපත් ඇත්තෝ හෝ එහිම පිරිනිවන් පාන්නෝ හෝ වෙතියි අර්‍ත්‍ථයි, මෙහිද යටම භවයෙහි උපන්නවුන්ගේ වශයෙන් මත්තෙහි උපන ඇත්තෝ දතයුත්තාහ, භවාග්‍රයෙහි වනාහි මෙය නැත, සෙස්ස සියලු තැන පැහැදිලිමය.
2. සාරිපුත්ත - පටිසම්භිදාසුත්තවණ්ණනා
2. සාරිපුත්ත - පටිසම්භිදා සූත්‍ර වර්ණනාව
දුතියෙ අත්ථපටිසම්භිදාති පඤ්චසු අත්ථෙසු පභෙදගතං ඤාණං. ඔධිසොති කාරණසො. බ්යඤ්ජනසොති අක්ඛරසො. අනෙකපරියායෙනාති අනෙකෙහි කාරණෙහි. ආචික්ඛාමීති කථෙමි. දෙසෙමීති පාකටං කත්වා කථෙමි. පඤ්ඤාපෙමීති ජානාපෙමි. පට්ඨපෙමීති පට්ඨපෙත්වා පවත්තෙත්වා කථෙමි. විවරාමීති විවටං කත්වා කථෙමි. විභජාමීති විභජිත්වා කථෙමි. උත්තානීකරොමීති ගම්භීරං උත්තානකං කත්වා කථෙමි. සො මං පඤ්හෙනාති සො මං පඤ්හෙන උපගච්ඡතු. අහං වෙය්යාකරණෙනාති අහමස්ස පඤ්හකථනෙන චිත්තං ආරාධෙස්සාමි. යො නො ධම්මානං සුකුසලොති යො අම්හාකං අධිගතධම්මානං සුකුසලො සත්ථා, සො එස සම්මුඛීභූතො. යදි මයා අත්ථපටිසම්භිදා න සච්ඡිකතා, “සච්ඡිකරොහි තාව සාරිපුත්තා”ති වත්වා මං පටිබාහිස්සතීති සත්ථු පුරතො නිසින්නකොව සීහනාදං නදති. ඉමිනා උපායෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො. ඉමාසු ච පන පටිසම්භිදාසු තිස්සො පටිසම්භිදා ලොකියා, අත්ථපටිසම්භිදා ලොකියලොකුත්තරාති.
දෙවැනි සූත්‍රයෙහි අත්ථපටිසම්භිදා යනු පස්වැදෑරුම් අර්‍ත්‍ථයන්හි ප්‍රභෙදගත වූ ඥානයයි, ඔදිසො යනු කරුණු වශයෙනි, ඛ්යංජනසො යන අකුරු වශයෙනි, අනෙකපරියායෙන යනු නොයෙක් කාරණයන්ගෙනි, ආචික්ඛාමි යනු කියමියි, දෙසෙමි යනු ප්‍රකටකොට කියමියි, පඤ්ඤාපෙමි යනු දන්වමියි, පට්ඨපෙමි යනු පිහිටුවා පවත්වා කියමියි විවරාමි යන විවෘතකොට කියමියි, විභජාමි යනු බෙදා බෙදා කියමියි, උත්තානීකරොමි යනු නොගැඹුරුවූවක් තැනිතලාවූවක් (පැහැදිලිවූවක්) කොට කියමි, සො මං පඤ්හෙන යනු හෙතෙම මා වෙත ප්‍රශ්නයෙන් එළඹේවායි, අහං ව්යාකරණෙන යනු මම ඔහුගේ ප්‍රශ්න නිරවුල් කිරීමේ කථාවෙන් සිත සතුටු කරන්නෙමියි, යො නො ධම්මානං සුකුසලො යනු යමෙක් අප අවබෝධ කළ ධර්මයන් පිළිබඳ අතිදක්ෂයෙක් වේ ද ඒ ශාස්තෲන් වහන්සේ හමුවූ සේක, ඉදින් අප විසින් අර්ත්ථ පටිසම්භිදා ප්රත්යක්ෂ නොකරන ලද්දේනම්, සාරිපුත්‍රය, (ඔවුන්ට) ප්රත්යක්ෂ කරවයි පවසා මා වළක්වන්නාහු යයි ශාස්තෲන් වහන්සේගේ ඉදිරියෙහි හුන්නේම සිංහනාද කරයි. මේ අයුරින් සියලු තන්හි අර්ත්ථය දතයුතුය, මේ පටිසම්භිදාවන් අතුරින් පටිසම්භිදා තුනක් ලෞකිකය, අර්ත්ථපටිසම්භිදාව ලෞකික ලෝකෝත්තරය.
3. මහාකොට්ඨිකසුත්තවණ්ණනා
3. මහාකොට්ඨිත සූත්‍ර වර්ණනාව
තතියෙ ඵස්සායතනානන්ති ඵස්සාකරානං, ඵස්සස්ස උප්පත්තිට්ඨානානන්ති අත්ථො. අත්ථඤ්ඤං කිඤ්චීති එතෙසු අසෙසතො නිරුද්ධෙසු තතො පරං කොචි අප්පමත්තකොපි කිලෙසො අත්ථීති පුච්ඡති. නත්ථඤ්ඤං කිඤ්චීති ඉධාපි “අප්පමත්තකොපි කිලෙසො නත්ථී”ති පුච්ඡති. සෙසද්වයෙපි එසෙව නයො. ඉමෙ පන චත්තාරොපි පඤ්හෙ සස්සතුච්ඡෙදඑකච්චසස්සතඅමරාවික්ඛෙපවසෙන පුච්ඡති. තෙනස්ස ථෙරො පුච්ඡිතපුච්ඡිතං පටිබාහන්තො මා හෙවන්ති ආහ. එත්ථ හිඉති නිපාතමත්තං, එවං මා භණීති අත්ථො. අත්තූපලද්ධිවසෙනෙව “අත්ථඤ්ඤං කිඤ්චි අඤ්ඤො කොචි අත්තා නාම අත්ථී”ති සස්සතාදිආකාරෙන පුච්ඡති. කිං පනෙස අත්තූපලද්ධිකොති? න අත්තූපලද්ධිකො. එවංලද්ධිකො පන තත්ථෙකො භික්ඛු නිසින්නො, සො පුච්ඡිතුං න සක්කොති. තස්ස ලද්ධිං විස්සජ්ජාපනත්ථං එවං පුච්ඡති. යෙපි ච අනාගතෙ එවංලද්ධිකා භවිස්සන්ති, තෙසං “බුද්ධකාලෙපෙසො පඤ්හො මහාසාවකෙහි විස්සජ්ජිතො”ති වචනොකාසුපච්ඡෙදනත්ථං පුච්ඡතියෙව.
තෙවැන්නෙහි ඵස්සායතනානං යනු ස්පර්ශයට ආකරවූවන්ගේ, ස්පර්ශයට උත්පත්තිස්ථානයන්ගේ යන අර්ත්ථයයි, අත්ථඤ්ඤාං කිඤ්චි යනු මේවා ඉතිරි නැතිව නිරුද්ධ වූ කල්හි ඉන්මතු සුළුවූද යම් ක්ලෙශයක් ඇත්දැයි අසයි, නාත්ථඤ්ඤං කිඤ්චි යන මෙහිදී ද සුළු වූ ද ක්ලේශයක් නැත්දැයි අසයි, සෙසු දෙකෙහි ද මේ ක්‍රමයමයි, මේ ප්‍රශ්න සතර ද සාශ්වත උච්ඡෙද එකාන්ත සාශ්වත අමරාවික්ෂේප වශයෙන් අසයි, එයින් තෙරණුවෝ ඔහුගෙන් විමසති, අසන ලද්ද වළහමින් මාහෙවං යනාදිය කීවේය, මෙහි හ යනු නිපාත මාත්‍රයකි, එසේ නොකියව යන අර්‍ත්‍ථයි, ආත්මලබ්ධි වශයෙන් හෝ අන්කිසිවක් ඇත්ද? අන්කිසි ආත්මයක් නම් ඇත්දැයි සාශ්වතාදි ආකාරයෙන් අසයි, කිම මෙතෙම ආත්මදෘෂ්ටිකයෙක්ද? ආත්ම දෘෂ්ටිකයෙක් නොවේ, එබඳු දෘෂ්ටි ඇති එක් භික්ෂුවක් එහි හුන්නේය, හෙතෙම ප්‍රශ්න ඇසීමට නොහැක්කකි, ඔහුගේ දෘෂ්ටිය විසදාලනු සඳහා මෙසේ අසයි, අනාගතයෙහි මෙබඳු දෘෂ්ටි ඇති යමෙක් වන්නාහුද ඔවුනට බුද්ධ කාලයෙහි ද මෙම ප්රශ්නය මහා ශ්‍රාවකයන් විසින් විසඳන ලද්දේ (නොවේ) ද යන වචනයට ඇති ඉඩ අහුරනු සඳහා අසයිමය,
අප්පපඤ්චං පපඤ්චෙතීති න පපඤ්චෙතබ්බට්ඨානෙ පපඤ්චං කරොති, අනාචරිතබ්බං මග්ගං චරති. තාවතා පපඤ්චස්ස ගතීති යත්තකා ඡන්නං ඵස්සායතනානං ගති, තත්තකාව තණ්හාදිට්ඨිමානප්පභෙදස්ස පපඤ්චස්ස ගති. ඡන්නං, ආවුසො, ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා පපඤ්චනිරොධො පපඤ්චවූපසමොති එතෙසු ඡසු ආයතනෙසු සබ්බසො නිරුද්ධෙසු පපඤ්චාපි නිරුද්ධාව හොන්ති, වූපසන්තාව හොන්තීති අත්ථො. ආරුප්පෙ පන පුථුජ්ජනදෙවතානං කිඤ්චාපි පඤ්ච ඵස්සායතනානි නිරුද්ධානි, ඡට්ඨස්ස පන අනිරුද්ධත්තා තයොපි පපඤ්චා අප්පහීනාව. අපිච පඤ්චවොකාරභවවසෙනෙව පඤ්හො කථිතොති. චතුත්ථෙ ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො.
අප්පපඤ්චං පපඤ්චෙති යනු ප්‍රපංච නොකළයුතු තන්හි ප්‍රපංච කරයි, නොහැසිරිය යුතු මගෙහි හැසිරෙයි, තාවතා පපඤ්චස්සගති යනු ස්පර්ශායතන සයෙහි ගමන යම්තාක් වේද, තෘෂ්ණාමාන දෘෂ්ටිසංඛ්යාත පප්රංචයාගේ ගමන ද එතෙක් වෙයි, ජන්නං ආවුසො ඵස්සායතනානං අස්සෙවිරාගනිරොධා පපඤ්චනිරොධො පපඤ්චුපසමො යනු මේ ස්පර්ශායතන සය සර්වප්රකාරයෙන් නිරුද්ධ වූ කල්හි ප්රපංචයෝ ද නිරුද්ධවූවාහුම වෙත්, සංසිඳුනාහුම වෙත්යයි අර්ත්ථයයි. අරූප බ්‍රහ්මලෝකයෙහි පෘථග්ජන දෙවියන්ගේ කිසි ස්පර්ශායතන පසක් නිරුද්ධය, සයවැන්න නිරෝධ නොවුන බැවින් ත්‍රිවිධ ප්රපංචයෝම නිරුද්ධ නොවූවාහුමය, තවද පඤ්චස්කන්ධභව වශයෙන් මේ ප්රශ්නය කියන ලදි, සිවුවැන්නෙහි මේ ක්‍රමයෙන් අර්ත්ථය දතයුතුය.
5. උපවානසුත්තවණ්ණනා
5. උපවාන සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ විජ්ජායන්තකරො හොතීති විජ්ජාය වට්ටදුක්ඛස්ස අන්තකරො හොති, සකලං වට්ටදුක්ඛං පරිච්ඡින්නං පරිවටුමං කත්වා තිට්ඨතීති. සෙසපදෙසුපි එසෙව නයො. සඋපාදානොති සගහණොව හුත්වා. අන්තකරො අභවිස්සාති වට්ටදුක්ඛස්ස අන්තං කත්වා ඨිතො අභවිස්ස. චරණසම්පන්නොති පන්නරසධම්මභෙදෙන චරණෙන සමන්නාගතො. යථාභූතං ජානං පස්සං අන්තකරො හොතීති යථාසභාවං මග්ගපඤ්ඤාය ජානිත්වා පස්සිත්වා වට්ටදුක්ඛස්ස අන්තං කත්වා ඨිතො නාම හොතීති අරහත්තනිකූටෙන පඤ්හං නිට්ඨපෙසි. ඡට්ඨං හෙට්ඨා එකකනිපාතවණ්ණනායං වුත්තනයෙනෙව වෙදිතබ්බං.
පස්වැන්නෙහි, විජ්ජායන්තකරො හොති යනු විද්‍යාවෙන් සසරදුක කෙළවර කරන්නේ වෙයි, සියලු සසර දුක පිරිසිඳ හාත්පසින් වටකොට සිටියි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි, උපාදානො යනු දැඩිව ගැනීම් සහිතවූයේම වීයි, අන්තකරො අභවිස්ස යනු සසර දුක කෙළවරකොට සිටියේ වන්නේය, වරණසම්පන්නො යනු පසළොස් ආකාරයෙන් වූ වරණධර්මයෙන් යුක්තවූයේයි, යථාභූතං ජානං පස්සං අන්තකරො හොති යනු ඇතිතතු මාර්ග ප්‍රඥාවෙන් දැන බලා සසරදුක් කෙළවර කොට සිටියේ නමැයි රහත්බව කුළුගැන්වීමෙන් ප්රශ්නය නිමවූයේය, සයවැන්න යට එකක නිපාත වර්ණනාවෙහි කියන ලද ක්‍රමයෙන් දතයුතු ය.
7. රාහුලසුත්තවණ්ණනා
7. රාහුල සූත්‍ර වර්ණනාව
සත්තමෙ අජ්ඣත්තිකාති කෙසාදීසු වීසතියා කොට්ඨාසෙසු ථද්ධාකාරලක්ඛණා පථවීධාතු. බාහිරාති බහිද්ධා අනින්ද්රියබද්ධෙසු පාසාණපබ්බතාදීසු ථද්ධාකාරලක්ඛණා පථවීධාතු. ඉමිනාව නයෙන සෙසාපි ධාතුයො වෙදිතබ්බා. නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තාති ඉදං තයං තණ්හාමානදිට්ඨිග්ගාහපටික්ඛෙපවසෙන වුත්තං. සම්මප්පඤ්ඤාය දට්ඨබ්බන්ති හෙතුනා කාරණෙන මග්ගපඤ්ඤාය පස්සිතබ්බං. දිස්වාති සහවිපස්සනාය මග්ගපඤ්ඤාය පස්සිත්වා. අච්ඡෙච්ඡි තණ්හන්ති මග්ගවජ්ඣතණ්හං සමූලකං ඡින්දි. විවත්තයි සංයොජනන්ති දසවිධම්පි සංයොජනං විවත්තයි උබ්බත්තෙත්වා පජහි. සම්මා මානාභිසමයාති හෙතුනා කාරණෙන නවවිධස්ස මානස්ස පහානාභිසමයා. අන්තමකාසි දුක්ඛස්සාති වට්ටදුක්ඛං පරිච්ඡින්නං පරිවටුමං අකාසි, කත්වා ඨිතොති අත්ථො. ඉති සත්ථාරා සංයුත්තමහානිකායෙ රාහුලොවාදෙ (සං· නි· 3.91 ආදයො) විපස්සනා කථිතා, චූළරාහුලොවාදෙපි (ම· නි· 3.416 ආදයො) විපස්සනා කථිතා, අම්බලට්ඨිකරාහුලොවාදෙ (ම· නි· 2.107 ආදයො) දහරස්සෙව සතො මුසාවාදා වෙරමණී කථිතා, මහාරාහුලොවාදෙ (ම· නි· 2.113 ආදයො) විපස්සනා කථිතා. ඉමස්මිං අඞ්ගුත්තරමහානිකායෙ අයං චතුකොටිකසුඤ්ඤතා නාම කථිතාති.
සත්වැන්නෙහි අජ්ඣත්තිකා යනු කෙස් ආදී කොටස් විස්සෙහි දැඩි වූ රළු ලක්ෂණයෝ පෘථිවි ධාතුවයි, බහිද්ධා යනු බාහිරව ඉන්ද්රිය බද්ධ නොවූ ගල්පර්වත ආදියෙහි දැඩි ආකාර ලක්ෂණයෝ පෘථිවිධාතුවයි, මේ ක්‍රමයෙන්ම සෙසු ධාතු ද දතයුතුය, මෙය මගේ නොවේ, එය මම නොවෙමි, හෙතෙම මගේ ආත්මය නොවෙයි යන මෙම ක්‍රමය තෘෂ්ණාමාන දෘෂ්ටි වශයෙන් ගැනීම ප්‍රතික්ෂේප කිරීම් වශයෙන් කියන ලදි, සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං යනු හේතු වෙන කාරණයෙන් මාර්ගප්රඥාවෙන් බැලිය යුතුය, දිස්වා යනු විදර්ශනාසහගත මාර්ග ප්‍රඥාවෙන් බලායි, අයි තබ්බං යනු හේතුවෙන් කාරණයෙන් මාර්ග ප්‍රඥාවෙන් බැලිය යුතුය, දියවා යනු විදර්ශනාසහගත මාර්ග ප්‍රඥාවෙන් බලායි, අච්ඡෙච්ඡි තණ්හං යනු මාර්ගයෙන් නැසියයුතු තෘෂ්ණාව සහමුලින් සිඳලූයේය, වාවත්තයී සංයොජනං යනු දසවැදෑරුම් වූ සංයෝජනය දුරු කළේය, උදුරා අත්හළේය, සම්මාමානාභිසමයා යනු හේතුවෙන් කාරණයෙන් නවවැදෑරුම් මානය දුරුකිරීමේ අවබෝධයෙනි, අන්තමකාසි දුක්ඛස්ස යනු සසර දුක පිරිසිඳ හාත්පසින් වටකළේය, කොට සිටියේය යන අර්ත්ථයයි, මෙසේ ශාස්තෲන් වහන්සේ විසින් සංයුත්ත මහානිකායෙහි රාහුලොවාද විපස්සනාව දේශනා කරන ලදි, චූලරාහුලොවාද සූත්‍රයෙහිදී ද විදර්ශනාවම කියන ලදි, අම්බලට්ඨිකරාහුලොවාද සූත්‍රයෙහි ළදරුවියෙහි සිටියකුට බොරු කීමෙන් දුරු වීම කියන ලදි, මහාරාහුලොවාදයෙහි විදර්ශනාව කියන ලදි, මේ අඞ්ගුත්තර මහානිකායෙහි දී මේ චතුෂ්කොටික ශුන්‍යතාව කියන ලද්දේ නමි.
8. චෙතොවිමුත්තිසුත්තවණ්ණනා
8. චෙතොවිමුත්ති සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ සන්තං චෙතොවිමුත්තින්ති අට්ඨන්නං සමාපත්තීනං අඤ්ඤතරං සමාපත්තිං. සක්කායනිරොධන්ති තෙභූමකවට්ටසඞ්ඛාතස්ස සක්කායස්ස නිරොධං, නිබ්බානන්ති අත්ථො. න පක්ඛන්දතීති ආරම්මණවසෙන න පක්ඛන්දති. සෙසපදෙසුපි එසෙව නයො. න පාටිකඞ්ඛොති න පාටිකඞ්ඛිතබ්බො. ලෙපගතෙනාති ලෙපමක්ඛිතෙන.
අටවැනි සූත්‍රයෙහි සන්තං චෙතොවිමුත්තිං යන අෂ්ටසමාපත්තීන්ගෙන් එක්තරා සමාපත්තියකි, සක්කායනිරොධං යනු ත්‍රෛභූමික සංසාර සංඛ්‍යාත වූ සත්කායයාගේ නිරොධයයි, නිවන යන අර්ත්ථයයි, න පක්ඛන්ධති යනු අරමුණු වශයෙන් නොපැකිලෙයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි, න පාටිකඞ්ඛො යනු නොකැමති වියයුතුයි ලසගතෙන යනු මැලියම් (ලහටු) වැකුණාවූයි,
ඉමස්මිඤ්ච පනත්ථෙ නදීපාරං ගන්තුකාමපුරිසොපම්මං ආහරිතබ්බං – එකො කිර පුරිසො චණ්ඩසොතාය වාළමච්ඡාකුලාය නදියා පාරං ගන්තුකාමො “ඔරිමං තීරං සාසඞ්කං සප්පටිභයං, පාරිමං තීරං ඛෙමං අප්පටිභයං, කිං නු ඛො කත්වා පාරං ගමිස්සාමී”ති පටිපාටියා ඨිතෙ අට්ඨ කකුධරුක්ඛෙ දිස්වා “සක්කා ඉමාය රුක්ඛපටිපාටියා ගන්තු”න්ති මනසිකත්වා “කකුධරුක්ඛා නාම මට්ඨසාඛා හොන්ති, සාඛාය හත්ථා න සණ්ඨහෙය්යු”න්ති නිග්රොධපිලක්ඛරුක්ඛාදීනං අඤ්ඤතරස්ස ලාඛාය හත්ථපාදෙ මක්ඛෙත්වා දක්ඛිණහත්ථෙන එකං සාඛං ගණ්හි. හත්ථො තත්ථෙව ලගි. පුන වාමහත්ථෙන දක්ඛිණපාදෙන වාමපාදෙනාති චත්තාරොපි හත්ථපාදා තත්ථෙව ලගිංසු. සො අධොසිරො ලම්බමානො උපරිනදියං දෙවෙ වුට්ඨෙ පුණ්ණාය නදියා සොතෙ නිමුග්ගො කුම්භීලාදීනං භක්ඛො අහොසි.
මෙහිදී ද පරතෙරට යනු කැමති පුරුෂයාගේ උපමාව ගෙනහැර දැක්විය යුතුය, එක් පුරුෂයෙක් සැඩපහර ඇති රුදුරු මසුන්ගෙන් ගැවසීගත් ගඟින් එගොඩට යනු කැමැත්තේ මෙතෙර සැකසහිතය, බිය සහිතය, එතෙර ආරක්ෂිතය, බිය රහිතය, කුමක්නම් කොට පරතෙරට යන්නෙම්දැයි පිළිවෙළින් සිටි කුඹුක්ගස් අටක් දැක මේ ගස් අනුපිළිවෙලින් යාහැකියයි සිතා කුඹුක්ගස් නම් සිලිටි අතු ඇත්තේය, අත්තෙහි අත නොපිහිටන්නේ යයි නුග අත්තික්කා ගස් අතුරින් එකෙක මැලියම් අත්පාවල අතුල්ලා දකුණු අතින් එක් අත්තක් අල්ලා ගත්තේය. අත එහිම ඇලුණි, යළි වමතින් ද දකුණු පයෙන් ද වම් පයෙන් දැයි අපා සතරම එහි ඇලුණි. හෙතෙම හිස යටිකුරුව එල්බෙන්නේ ගඟ මත්තෙහි වැසි දෙකකින් පිරුණු සැඩපහරෙහි ගිලුණේ කිඹුල් ආදීන්ගේ ගොදුරක් විය,
තත්ථ නදීසොතං විය සංසාරසොතං දට්ඨබ්බං, සොතස්ස පාරං ගන්තුකාමපුරිසො විය යොගාවචරො, ඔරිමතීරං විය සක්කායො, පාරිමතීරං විය නිබ්බානං, පටිපාටියා ඨිතා අට්ඨ කකුධරුක්ඛා විය අට්ඨ සමාපත්තියො, ලෙපමක්ඛිතෙන හත්ථෙන සාඛාගහණං විය ඣානවිපස්සනානං පාරිපන්ථිකෙ අසොධෙත්වා සමාපත්තිසමාපජ්ජනං, චතූහි හත්ථපාදෙහි සාඛාය බද්ධස්ස ඔලම්බනං විය පඨමජ්ඣානෙ නිකන්තියා ලග්ගකාලො, උපරිසොතෙ වුට්ඨි විය ඡසු ද්වාරෙසු කිලෙසානං උප්පන්නකාලො, නදියා පුණ්ණාය සොතෙ නිමුග්ගස්ස කුම්භීලාදීනං භක්ඛභූතකාලො විය සංසාරසොතෙ නිමුග්ගස්ස චතූසු අපායෙසු දුක්ඛානුභවනකාලො වෙදිතබ්බො.
එහි ගඟදිය මෙන් සංසාර ස්‍රෝතස දැක්විය යුතුය, ගඟින් එතෙරට යනු කැමති පුරුෂයා මෙන් යෝගාවචරයා දැක්විය යුතුය, මෙතෙර සක්කාය මෙනි, එතෙර නිවන මෙනි, පිළිවෙළින් සිටි කුඹුක්ගස් අට මෙන් අෂ්ටසමාපත්තීහුය, ලහටු ඇති අතින් අතු අල්ලීම මෙන් ධ්‍යාන විදර්ශනාවන්ගේ තර්ජනයන් පිරිසුදු නොකොට සමවතට සමවැදීම දැක්විය යුතුය, මෙතෙර සත්කාය මෙනි, එතෙර නිවන මෙනි, පිළිවෙළින් සිටි කුඹුක්ගස් අට මෙන් අෂ්ටසමාපත්තීහුය, ලහටු ඇති අතින් අතු ඇල්ලීම මෙන් ධ්‍යාන විදර්ශනාවන්ගේ තර්ජනයන් පිරිසුදු නොකොට සමවතට සමවැදීම දැක්විය යුතුය, අත්පා සතරින් අත්තෙහි බැඳී එල්බීම මෙන් ප්‍රථම ධ්‍යානයෙහි ආශාවෙන් එල්ඹුණු කාලය දැක්විය යුතුයි, ගඟ මත්තෙහි වැස්ස මෙන් සදොරෙහි කෙලෙසුන් උපන් කාලයයි, පිරුණු ගඟෙහි සැඩපහරෙහි ගිලුණාහු කිඹුල් ආදීන්ගේ ගොදුරක් වූ කාලය මෙන් සංසාර ස්‍රෝතසෙහි ගිලුණු තැනැත්තාගේ සතර අපායෙහි දුක්විඳීමේ කාලය දතයුතුයි,
සුද්ධෙන හත්ථෙනාති සුධොතෙන පරිසුද්ධහත්ථෙන. ඉමස්මිම්පි අත්ථෙ තාදිසමෙව ඔපම්මං කාතබ්බං – තථෙව හි පාරං ගන්තුකාමො පුරිසො “කකුධරුක්ඛා නාම මට්ඨසාඛා, කිලිට්ඨහත්ථෙන ගණ්හන්තස්ස හත්ථො පරිගලෙය්යා”ති හත්ථපාදෙ සුධොතෙ කත්වා එකං සාඛං ගණ්හිත්වා පඨමං රුක්ඛං ආරුළ්හො. තතො ඔතරිත්වා දුතියං…පෙ… තතො ඔතරිත්වා අට්ඨමං, අට්ඨමරුක්ඛතො ඔතරිත්වා පාරිමතීරෙ ඛෙමන්තභූමිං ගතො.
සුද්ධෙන හත්ථෙන යනු මනාව සේදූ පිරිසුදු අතිනි, මේ සූත්‍රයෙහි ද එබඳුමවූ උපමාවක් කළයුතුය, කලින් කී ලෙසම පරතෙරට යනු කැමැති පුරුෂයා කුඹුක් ගස් නම් සිලිටි අතු අත්තේය, කිළිටි අතින් අල්වන්නහුගේ අත ලෙස්සා යන්නේ යයි අත්පා පිරිසුදු කොට එක් අත්තක් අල්වාගෙන පළමුගසට නැග්ගේ එයින් බැස දෙවැනි ගසට - පෙ- අටවැනිගසට නැග්ගේ අටවැනි ගසින් බැස එතෙර ක්ෂේමභූමියට ගියේය.
තත්ථ “ඉමෙහි රුක්ඛෙහි පාරිමතීරං ගමිස්සාමී”ති තස්ස පුරිසස්ස චින්තිතකාලො විය යොගිනො “අට්ඨ සමාපත්තියො සමාපජ්ජිත්වා සමාපත්තිතො වුට්ඨාය අරහත්තං ගමිස්සාමී”ති චින්තිතකාලො, සුද්ධෙන හත්ථෙන සාඛාගහණං විය ඣානවිපස්සනානං පාරිපන්ථිකධම්මෙ සොධෙත්වා සමාපත්තිසමාපජ්ජනං. තත්ථ පඨමරුක්ඛාරොහණකාලො විය පඨමජ්ඣානසමාපත්තිකාලො, පඨමරුක්ඛතො ඔරුය්හ දුතියං ආරුළ්හකාලො විය පඨමජ්ඣානෙ නිකන්තියා අබද්ධස්ස තතො වුට්ඨාය දුතියජ්ඣානසමාපන්නකාලො…පෙ… සත්තමරුක්ඛතො ඔරුය්හ අට්ඨමං ආරුළ්හකාලො විය ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියං නිකන්තියා අබද්ධස්ස තතො වුට්ඨාය නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපන්නකාලො. අට්ඨමරුක්ඛතො ඔරුය්හ පාරිමතීරං ඛෙමන්තභූමිං ගතකාලො විය නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නිකන්තියා අබද්ධස්ස සමාපත්තිතො වුට්ඨාය සඞ්ඛාරෙ සම්මසිත්වා අරහත්තප්පත්තකාලො වෙදිතබ්බො.
එහි මේ ගස්වලින් පරතෙරට යන්නෙමැයි ඒ පුරුෂයා සිතු කාලය මෙන් යෝගියා අටසමවතට - සමවැදී සමවෙතින් නැගිට රහත්බව ගගන්නෙමැයි සිතූ කාලය දැක්විය යුතු ය, පිරිසුදු අතින් අත්ත අල්ලා ගැනීමට මෙන් ධ්‍යාන විදර්ශනාවන්ගේ උවදුරු පිරිසුදු කොට සමවතට සමවැදීමයි, පළමු ගසෙන් බැස දෙවැනි ගසට නැගුණු කාලය මෙන් ප්‍රථම ධ්‍යානයෙහි ආශාවෙන් නොබැඳුණු තැනැත්තාගේ එයින් නැගී ද්විතීය ධ්‍යානයට සමවත් කාලයයි, -පෙ- සත්වැනි ගසින් බැස අටවැනි ගසට නැගි කාලය මෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි ආසාවෙන් නොබැඳුණු තැනැත්තේ එයින් නැගට නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට සමවත් කාලයයි, අටවැනි ගසින් බැස පරතෙරෙහි ක්ෂෙම භූමියට ගියකාලය මෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ඇලීමෙන් නොබැඳුණු තැනැත්තා සමවතින් නැගිට සංස්කාරයන් විමසා බලා රහත් බවට පැමිණි කාලය දතයුතුය,
අවිජ්ජාප්පභෙදං මනසි කරොතීති අට්ඨසු ඨානෙසු අඤ්ඤාණභූතාය ගණබහලමහාඅවිජ්ජාය පභෙදසඞ්ඛාතං අරහත්තං මනසි කරොති. න පක්ඛන්දතීති ආරම්මණවසෙනෙව න පක්ඛන්දති. ජම්බාලීති ගාමතො නික්ඛන්තස්ස මහාඋදකස්ස පතිට්ඨානභූතො මහාආවාටො. අනෙකවස්සගණිකාති ගාමස්ස වා නගරස්ස වා උප්පන්නකාලෙයෙව උප්පන්නත්තා අනෙකානි වස්සගණානි උප්පන්නාය එතිස්සාති අනෙකවස්සගණිකා. ආයමුඛානීති චතස්සො පවිසනකන්දරා. අපායමුඛානීති අපවාහනච්ඡිද්දානි. න ආළිප්පභෙදො පාටිකඞ්ඛොති න පාළිප්පභෙදො පාටිකඞ්ඛිතබ්බො. න හි තතො උදකං උට්ඨාය පාළිං භින්දිත්වා කචවරං ගහෙත්වා මහාසමුද්දං පාපුණාති.
අවිජ්ජාපභෙදං මනසිකාරොති යනු අටතැනක නොදැනීම වූ ඝන හා පෘථුල වූ මහා අවිද්‍යාවගේ ප්‍රභේද සංඛ්‍යාත අර්හත්වය මෙනෙහි කරයි. න පක්ඛන්ධති යනු අරමුණු වශයෙන්ම නොපැකිලෙයි, ජම්බාලි නික්මෙන ජලය පිහිටන තැනක් වූ මහා ආවාටයයි. අනෙකවස්සගණිකා යනු ගම හෝ නගරය හෝ උපන් කාලයෙහිම උපන් බැවින් නොයෙක් වසර ගනන් උපන්නේ මැයටනුයි අනෙකවස්සගණිකා නමි, ආයමුඛානි යනු පිවිසෙන කඳුරු සතරයි, අපායමුඛානි යනු පිටට බැසයන සිදුරුයි, න ආළිප්පභෙදො පාටිකඞ්ඛො යනු වැටියේ බිඳීමක් බලාපොරොත්තු නොවිය යුතුය, එයින් දිය නැඟි වැටිය බිඳී රොඩු ගසාගෙන ගොස් මහ සමුදුරට නොපැමිණීමය.
ඉමස්ස පනත්ථස්ස විභාවනත්ථං උය්යානගවෙසකඔපම්මං ආහරිතබ්බං. එකො කිර නගරවාසිකො කුලපුත්තො උය්යානං ගවෙසන්තො නගරතො නාතිදූරෙ නච්චාසන්නෙ මහන්තං ජම්බාලිං අද්දස. සො “ඉමස්මිං ඨානෙ රමණීයං උය්යානං භවිස්සතී”ති සල්ලක්ඛෙත්වා කුද්දාලං ආදාය චත්තාරිපි කන්දරානි පිධාය අපවාහනච්ඡිද්දානි විවරිත්වා අට්ඨාසි. දෙවො න සම්මා වස්සි, අවසෙසඋදකං අපවාහනච්ඡිද්දෙන පරිස්සවිත්වා ගතං. චම්මඛණ්ඩපිලොතිකාදීනි තත්ථෙව පූතිකානි ජාතානි, පාණකා සණ්ඨිතා, සමන්තා අනුපගමනීයා ජාතා. උපගතානම්පි නාසාපුටෙ පිධාය පක්කමිතබ්බං හොති. සො කතිපාහෙන ආගන්ත්වා පටික්කම්ම ඨිතො ඔලොකෙත්වා “න සක්කා උපගන්තු”න්ති පක්කාමි.
මෙම අර්ත්ථය පැහැදිලි කිරීම සඳහා උයන සෙවීමේ උපමාව ගෙන හැර දැක්විය යුතුය, එක් නගර වැසි කුලපුත්‍රයෙක් උයනක් සොයන්නේ නගරයෙන් ඉතා නොදුරෙහි ද ඉනොළංහි ද මහත් ආවාටයක් දුටුවේය. හෙතෙම මෙතැන සිත්කලු උයනක් වන්නේයයි සලකා උදැල්ලක් ගෙන කඳුරැලි සතරම වසා පිටකරන සිදුරු ඇර සිටියේය, වැස්ස මොනවට නොවැස්සේය, ඉතිරි ජලය පිටවන සිදුරුවලින් පෙනී ගියේය, සම්කඩ රෙදිකැබලි ආදිය එහිම කුණුවිය, පණුවෝ ගැවසීගත්හ. හාත්පස නොඑළඹිය හැකි විය. එළඹුනවුන්ට ද නාස්පුඬු වසාගෙන එළඹිය යුතු තැනක් විය, හෙතෙම කිහිපදිනකින් පැමිණ ඉවත්ව සිටියේ බලා ළංවිය නොහැකැයි පිටවී ගියේය,
තත්ථ නගරවාසී කුලපුත්තො විය යොගාවචරො දට්ඨබ්බො, උය්යානං ගවෙසන්තෙන ගාමද්වාරෙ ජම්බාලියා දිට්ඨකාලො විය චාතුමහාභූතිකකායො, ආයමුඛානං පිහිතකාලො විය ධම්මස්සවනොදකස්ස අලද්ධකාලො, අපායමුඛානං විවටකාලො විය ඡද්වාරිකසංවරස්ස විස්සට්ඨකාලො, දෙවස්ස සම්මා අවුට්ඨකාලො විය සප්පායකම්මට්ඨානස්ස අලද්ධකාලො, අවසෙසඋදකස්ස අපායමුඛෙහි පරිස්සවිත්වා ගතකාලො විය අබ්භන්තරෙ ගුණානං පරිහීනකාලො, උදකස්ස උට්ඨාය පාළිං භින්දිත්වා කචවරං ආදාය මහාසමුද්දං පාපුණිතුං අසමත්ථකාලො විය අරහත්තමග්ගෙන අවිජ්ජාපාළිං භින්දිත්වා කිලෙසරාසිං විධමිත්වා නිබ්බානං සච්ඡිකාතුං අසමත්ථකාලො, චම්මඛණ්ඩපිලොතිකාදීනං තත්ථෙව පූතිභාවො විය අබ්භන්තරෙ රාගාදිකිලෙසෙහි පරිපූරිතකාලො, තස්ස ආගන්ත්වා දිස්වා විප්පටිසාරිනො ගතකාලො විය වට්ටසමඞ්ගිපුග්ගලස්ස වට්ටෙ අභිරතකාලො වෙදිතබ්බො.
එහි නගරවැසි කුලපුත්‍රයා මෙන් යෝගාවචරයා දැක්විය යුතුය, උයනක් සොයන්නහු විසින් ගම්දොරටුවෙහි ආවාටයක් දුටු කාලය මෙන් සතර මහා භූතයන්ගෙන් හටගත් ශරීරයයි, පිවිසෙන දොරටු වැසූ කාලය මෙන් දහම් ඇසීම නැමැති දිය නොලැබුණු කාලයයි, පිටවන දොරටු විවරකළ කාලය මෙන් දොරටු සය පිළිබඳ සංවරය විසිරීගිය කාලයයි, වැසි මනාව නොවන කාලය මෙන් සුදුසු කමටහනක් නොලද කාලයයි, ඉතිරි දිය පිටවන දොරටුවලින් පෙරීගිය කාලය මෙන් ඇතුළත ගුණයන් පිරිහුණු කාලයයි, දියනැගී ඉවුර කැඩී රොඩු රැගෙන මහමුහුදට පැමිණිමට නොහැකි කාලය මෙන් අරහත් මගින් අවිද්‍යා නමැති ඉවුර බිඳ කෙලෙස් රැස් වනසා නිවන ප්‍රත්‍ය කිරීමට අසමත් කාලයයි. සම්කඩ රෙදිකැබලි ආදිය එහිම කුණුබවට පත්වීම මෙන් අභ්‍යන්තරයෙහි රාගාදී කෙලෙසුන්ගෙන් පිරුණු කාලයයි, අවුත්දැක විපිළිසරව ගිය කාලය මෙන් සසරින් යුක්ත පුද්ගලයාගේ සසරෙහි ඇළුම්කරන කාලය දතයුතු යි,
ආළිප්පභෙදො පාටිකඞ්ඛොති පාළිප්පභෙදො පාටිකඞ්ඛිතබ්බො. තතො හි උදකං උට්ඨාය පාළිං භින්දිත්වා කචවරං ආදාය මහාසමුද්දං පාපුණිතුං සක්ඛිස්සතීති අත්ථො.
ආළිප්පභෙදො පාටිකඞ්කො යනු වැටියේ බිඳීමක් බලාපොරොත්තු වියයුතුය, එයින් දියනැඟී වැටිය බිඳී රොඩු කුණු රැගෙන මහ සයුරට පැමිණීමට හැකිය යන අර්‍ත්‍ථයි,
ඉධාපි තදෙව ඔපම්මං ආහරිතබ්බං. තත්ථ ආයමුඛානං විවටකාලො විය සප්පායධම්මස්සවනස්ස ලද්ධකාලො, අපායමුඛානං පිහිතකාලො විය ඡසු ද්වාරෙසු සංවරස්ස පච්චුපට්ඨිතකාලො, දෙවස්ස සම්මා වුට්ඨකාලො විය සප්පායකම්මට්ඨානස්ස ලද්ධකාලො, උදකස්ස උට්ඨාය පාළිං භින්දිත්වා කචවරං ආදාය මහාසමුද්දං පත්තකාලො විය අරහත්තමග්ගෙන අවිජ්ජං භින්දිත්වා අකුසලරාසිං විධමිත්වා අරහත්තං සච්ඡිකතකාලො, ආයමුඛෙහි පවිට්ඨෙන උදකෙන සරස්ස පරිපුණ්ණකාලො විය අබ්භන්තරෙ ලොකුත්තරධම්මෙහි පරිපුණ්ණකාලො, සමන්තතො වතිං කත්වා රුක්ඛෙ රොපෙත්වා උය්යානමජ්ඣෙ පාසාදං මාපෙත්වා නාටකානි පච්චුපට්ඨපෙත්වා සුභොජනං භුඤ්ජන්තස්ස නිසින්නකාලො විය ධම්මපාසාදං ආරුය්හ නිබ්බානාරම්මණං ඵලසමාපත්තිං අප්පෙත්වා නිසින්නකාලො වෙදිතබ්බො. සෙසමෙත්ථ උත්තානත්ථමෙව. දෙසනා පන ලොකියලොකුත්තරමිස්සිකා කථිතාති.
මෙහි ද ඒ උපමාවම ගෙනහැර දැක්විය යුතුය, එහි යෝග්‍ය ධර්මශ්රවණය ලැබුණු කාලය පිවිසෙන දොරටු ඇරුණු කාලය මෙනි, සදොරෙහි සංවරය එළඹුණු කාලය පිටවන දොරටු වැසූ කාලය මෙනි, යොග්‍ය කර්මස්ථානයක් ලැබුණු කාලය මනාව වැසිවට කාලය මෙනි, රහත් මගින් අවිද්‍යාව බිඳ අකුශල රාශිය විනාශ කොට රහත්බව පසක්කළ කාලය දියපහර නැඟී ඉවුර බිඳ රොඩුකුණු රැගෙන මහමූදට පැමිණි කාලය මෙනි, ඇතුළත ලොවුතුරු දහමින් පිරුණු කාලය පිවිසෙන දොරටුවලන් පිවිසි දියෙන් විලපිරුණු කාලය මෙනි, දහම් පහයට නැග නිවන අරමුණු වූ පල සමවත නඟා හුන්කාලය. හාත්පසින් වැටියක් දමා ගස් වවා උයන මැද පහයක් තනා නැටුම් ඉදිරිපත් කරවා මනා බොජුන් වළඳන කාලය මෙනි. මෙහි සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය, දේශනාව ලෞකික ලෝකෝත්තර මිශ්‍රකව කියන ලදි.
9. පරිනිබ්බානහෙතුසුත්තවණ්ණනා
9. පරිනිබ්බානහෙතු සූත්‍ර වර්ණනාව
නවමෙ හානභාගියා සඤ්ඤාතිආදීසු “පඨමස්ස ඣානස්ස ලාභිං කාමසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, හානභාගිනී පඤ්ඤා”ති (විභ· 799) අභිධම්මෙ වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බො. යථාභූතං නප්පජානන්තීති යථාසභාවතො මග්ගඤාණෙන න ජානන්ති.
නවවැන්නෙහි භානභාගියා සඤ්ඤා යනාදියෙහි “පඨමස්සඣානස්ස ලාභිං කාමසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා”යි අභිධර්මයෙහි කියන ලද අයුරින්ම අර්ත්ථය දතයුතුය. යථාභූතං නප්පජානන්ති යනු යථා ස්වභාවයෙන් මාර්ගඥානයෙන් නොදනිත්.
10. මහාපදෙසදෙසනාසුත්තවණ්ණනා
10. මහාපදෙසදෙසනා සූත්‍ර වර්ණනාව
දසමෙ භොගනගරෙ විහරතීති පරිනිබ්බානසමයෙ චාරිකං චරන්තො තං නගරං පත්වා තත්ථ විහරති. ආනන්දචෙතියෙති ආනන්දයක්ඛස්ස භවනට්ඨානෙ පතිට්ඨිතවිහාරෙ. මහාපදෙසෙති මහාඔකාසෙ මහාඅපදෙසෙ වා, බුද්ධාදයො මහන්තෙ මහන්තෙ අපදිසිත්වා වුත්තානි මහාකාරණානීති අත්ථො. නෙව අභිනන්දිතබ්බන්ති හට්ඨතුට්ඨෙහි සාධුකාරං දත්වා පුබ්බෙව න සොතබ්බං. එවං කතෙ හි පච්ඡා “ඉදං න සමෙතී”ති වුච්චමානොපි “කිං පුබ්බෙව අයං ධම්මො, ඉදානි න ධම්මො”ති වත්වා ලද්ධිං න විස්සජ්ජෙති. නප්පටික්කොසිතබ්බන්ති “කිං එස බාලො වදතී”ති එවං පුබ්බෙව න වත්තබ්බං. එවං වුත්තෙ හි වත්තුං යුත්තම්පි න වක්ඛති. තෙනාහ – අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වාති. පදබ්යඤ්ජනානීති පදසඞ්ඛාතානි බ්යඤ්ජනානි. සාධුකං උග්ගහෙත්වාති “ඉමස්මිං ඨානෙ පාළි වුත්තා, ඉමස්මිං ඨානෙ අත්ථො වුත්තො, ඉමස්මිං ඨානෙ අනුසන්ධි කථිතා, ඉමස්මිං ඨානෙ පුබ්බාපරං කථිත”න්ති සුට්ඨු ගහෙත්වා. සුත්තෙ ඔතාරෙතබ්බානීති සුත්තෙ ඔතරිතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානීති විනයෙ සංසන්දෙතබ්බානි.
දසවැන්නෙහි භොගනගරෙ විහරති යනු පිරිනිවන් සමයෙහි චාරිකාවෙහි හැසිරෙන සේක් ඒ නුවරට පැමිණ එහි වසන සේක, ආනන්ද චෙතියෙ යනු ආනන්ද යක්ෂයා වසන තැන පිහිටි විහාරයෙහියි, මහාපදෙසෙ යනු මහත් වූ පෙදෙසක හෝ මහත් කරුණෙහිය, බුද්ධාදී වූ මහත් මහත් අය දක්වමින් කියන ලද මහකරුණුය යන අරුත්ය, නෙව අභිනන්දිතබ්බං යනු සතුටින් සාධුකාර දී මුලින්ම නොඇසියයුතුය, මෙසේ කළකල්හි පසුව මෙය නොගැලපේ යයි කියන්නේ ද කිමෙක්ද කලින්ම මේ ධර්මයයි දැන් ධර්මය නොවේ යයි කියා ලබ්ධිය ඉවත නොදමයි, න පටික්කොසිතබ්බං යනු කුමක් මේ මෝඩයා කියත්දැයි කලින්ම මෙසේ නොකිව යුතුය. මෙසේ කීකල්හි කීමට සුදුසු දෙය ද නොකියයි, එහෙයින් “අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා”යි කියන ලදි, පදව්යඤ්ජනානි යනු පදසංඛ්යාත ව්‍යංජනයි, සාධුකං උග්ගහෙත්වා යනු මෙතැන්හි පෙළ කියන ලදි, මෙතැන්හි අර්ත්ථය කියන ලදි. මෙතැන්හි ගැලපීම් කරන ලදි, මෙතැන්හි පූර්වාපරය කියනලදැයි මනාව ගෙනයි, සුතෙත ඔතාරෙතබ්බානි යනු සූත්‍රයෙහි බහාලිය යුතුයි, විනයෙ සන්දස්සෙතබ්බානි යනු විනයෙහි (විනය සමග) සැසදිය යුතුයි.
එත්ථ ච සුත්තන්ති විනයො වුත්තො. යථාහ – “කත්ථ පටික්ඛිත්තං, සාවත්ථියං සුත්තවිභඞ්ගෙ”ති (චූළව· 457) විනයොති ඛන්ධකො. යථාහ – “විනයාතිසාරෙ”ති. එවං විනයපිටකම්පි න පරියාදියති. උභතොවිභඞ්ගා පන සුත්තං, ඛන්ධකපරිවාරා විනයොති එවං විනයපිටකං පරියාදියති. අථ වා සුත්තන්තපිටකං සුත්තං, විනයපිටකං විනයොති එවං ද්වෙයෙව පිටකානි පරියාදියන්ති. සුත්තන්තාභිධම්මපිටකානි වා සුත්තං, විනයපිටකං විනයොති එවම්පි තීණි පිටකානි න තාව පරියාදියන්ති. අසුත්තනාමකඤ්හි බුද්ධවචනං නාම අත්ථි. සෙය්යථිදං – ජාතකං පටිසම්භිදා නිද්දෙසො සුත්තනිපාතො ධම්මපදං උදානං ඉතිවුත්තකං විමානවත්ථු පෙතවත්ථු ථෙරගාථා ථෙරීගාථා අපදානන්ති.
මෙහි ද සුත්තං යනු විනයයි කියන ලදි, “කත්ථ පටික්ඛිත්තං සාවත්ථියං සුත්තවිභඞ්ගෙ”යි කියන ලද්දේ එහෙයිනි, විනයො යනු ඛන්ධකයයි, ‘කොසම්බියං විනයාතිසාරෙ’යි කියන ලද්දේ එහෙයිනි, මෙසේ විනය පිටකයද හාත්පසින් නොගැනෙයි, උභතො විභඞ්ගයෙන් සුත්තඛන්ධ පරිවාර යන මේවා විනයයි මෙසේ විනයපිටකය හාත්පසින් ගැනෙයි, නැතහොත් සූත්‍රාන්ත පිටකය සුත්ත යයි ද විනයපිටකය විනයයි ද මෙසේ පිටක දෙකම ගනුලැබෙයි, සූත්‍රාන්ත අභිධර්ම පිටක හෝ සුත්ත යයි ද විනය පිටකය විනයයි මෙසේ ද තුන්පිටකය ගනු නොලැබෙයි, ජාතක, පටිසම්භිදා නිද්දෙස, සුත්තනිපාත, ධම්මපද, උදාන, ඉතිවුත්තක, විමානවත්ථු, පෙතවත්ථු, ථෙරගාථා, ථෙරීගාථා, අපදාන යනුවෙන් සූත්රනාමයෙන් නොගැනෙන බුද්ධ වචනයක් ඇත.
සුදින්නත්ථෙරො පන “අසුත්තනාමකං බුද්ධවචනං නත්ථී”ති තං සබ්බං පටික්ඛිපිත්වා “තීණි පිටකානි සුත්තං, විනයො පන කාරණ”න්ති ආහ. තතො තං කාරණං දස්සෙන්තො ඉදං සුත්තමාහරි –
සුදින්න තෙරණුවෝ වනාහි අසුත්ත නම් වූ බුද්ධ වචනයක් ඇත්දැයි ඒ සියල්ල ප්‍රතික්ෂේප කොට තුන්පිටකය සුත්ත (නම්ය) විනය වනාහි කාරණයයි පැවසූහ. එයින් එකරුණ දක්වන්නෝ මේ සූත්‍රය ගෙනහැර දැක්වූහ:
“යෙ ඛො ත්වං, ගොතමි, ධම්මෙ ජානෙය්යාසි, ඉමෙ ධම්මා සරාගාය සංවත්තන්ති නො විරාගාය, සංයොගාය සංවත්තන්ති නො විසංයොගාය, සඋපාදානාය සංවත්තන්ති නො අනුපාදානාය, මහිච්ඡතාය සංවත්තන්ති නො අප්පිච්ඡතාය, අසන්තුට්ඨියා සංවත්තන්ති නො සන්තුට්ඨියා, කොසජ්ජාය සංවත්තන්ති නො වීරියාරම්භාය, සඞ්ගණිකාය සංවත්තන්ති නො පවිවෙකාය, ආචයාය සංවත්තන්ති නො අපචයාය. එකංසෙන, ගොතමි, ජානෙය්යාසි ‘නෙසො ධම්මො නෙසො විනයො නෙතං සත්ථු සාසන’න්ති.
“ගෞතමිය, මේ ධර්මයෝ රාගය පිණිස පවතිත්, විරාගය පිණිස නොවෙත්, සංයෝගය සඳහා පවතිත්, වියෝගය සඳහා නොවෙත්, දැඩිව ගැනීම සඳහා පවතිත්, අඩු ආශාව සඳහා නොපවතිත්, අසතුට සඳහා පවතිත්, සතුට සඳහා නොපවතිත්, අලසබව සඳහා පවතිත්, වීර්යය පටන් ගැනීම සඳහා නොපවතිත්, රැස්කිරීම සඳහා පවතිත්, තුනී කිරීම සඳහා නොපවතිත් යනුවෙන් යම් ධර්මයන් දන්නෙහි ද ගෝතමිය ඒකාන්තයෙන් එය ධර්මය නොවේය. එය විනය නොවේය, එය ශාස්තෲ ශාසනය නොවේයයි ඒකාන්තයෙන්ම දන්නෙහිය (දතයුතුය).
“යෙ ච ඛො ත්වං, ගොතමි, ධම්මෙ ජානෙය්යාසි, ඉමෙ ධම්මා විරාගාය සංවත්තන්ති නො සරාගාය, විසංයොගාය සංවත්තන්ති නො සංයොගාය. අනුපාදානාය සංවත්තන්ති නො සඋපාදානාය, අප්පිච්ඡතාය සංවත්තන්ති නො මහිච්ඡතාය, සන්තුට්ඨියා සංවත්තන්ති නො අසන්තුට්ඨියා, වීරියාරම්භාය සංවත්තන්ති නො කොසජ්ජාය, පවිවෙකාය සංවත්තන්ති නො සඞ්ගණිකාය, අපචයාය සංවත්තන්ති නො ආචයාය. එකංසෙන, ගොතමි, ජානෙය්යාසි ‘එසො ධම්මො එසො විනයො එතං සත්ථු සාසන’”න්ති (චූළව· 406; අ· නි· 8.53).
ගෞතමිය, මේ ධර්මයෝ විරාගය සඳහා පවතිත්, රාගය සඳහා නොවෙත්, විසංයෝගය සඳහා පවතිත්, සංයෝගය සඳහා නොවෙත්, දැඩිව නොගැනීම සඳහා පවතිත්, දැඩිව ගැනීම සඳහා නොවෙත්, අපිස් බව සඳහා පවතිත්, බොහෝවක් කැමති බව සඳහා නොවෙත්, සතුට සඳහා පවතිත්, අසතුට සඳහා නොවෙත්, වීර්යය ඇරඹීම සඳහා පවතිත්, අලසබව සඳහා නොවෙත්, විවේකය සඳහා පවතිත්, එක්ව ගොනුවීම සඳහා නොවෙත්, තුනී කිරීම සඳහා පවතිත්, රැස්කිරීම සඳහා නොවෙත් යනුවෙන් ධර්මයන් දන්නෙහි ද, ගෞතමිය ඒකාන්තයෙන්ම එය ධර්මයයි. එය විනයයි එය ශාස්තෲ ශාසනයයි දතයුතුය.
තස්මා සුත්තෙති තෙපිටකබුද්ධවචනෙ ඔතාරෙතබ්බානි. විනයෙති එතස්මිං රාගාදිවිනයකාරණෙ සංසන්දෙතබ්බානීති අයමෙත්ථ අත්ථො. න චෙව සුත්තෙ ඔතරන්තීති සුත්තපටිපාටියා කත්ථචි අනාගන්ත්වා ඡල්ලිං උට්ඨපෙත්වා ගුළ්හවෙස්සන්තර-ගුළ්හඋම්මග්ග-ගුළ්හවිනයවෙදල්ලපිටකානං අඤ්ඤතරතො ආගතානි පඤ්ඤායන්තීති අත්ථො. එවං ආගතානි හි රාගාදිවිනයෙ ච අපඤ්ඤායමානානි ඡඩ්ඩෙතබ්බානි හොන්ති. තෙන වුත්තං – “ඉති හිදං, භික්ඛවෙ, ඡඩ්ඩෙය්යාථා”ති. එතෙනුපායෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො. ඉදං, භික්ඛවෙ, චතුත්ථං මහාපදෙසං ධාරෙය්යාථාති ඉමං, භික්ඛවෙ, චතුත්ථං ධම්මස්ස පතිට්ඨානොකාසං ධාරෙය්යාථාති.
එබැවින් සුත්තෙ යනු ත්‍රිපිටක බුද්ධ වචනයෙහි බහාලිය යුත්තාහ. විනයෙ යනු මේ රාගය දුරුකරන කරුණෙහි සැසඳිය යුත්තාහුය යන මෙය මෙහි අර්ත්ථයයි, න චෙව සුත්තෙ ඔතරන්ති යනු සූත්‍ර පිළිවෙළින් කිසි තැනක නොගොස් පිටපොත්ත නඟා පෙන්වා සැඟවුණු වෙස්සන්තර සැඟවුණු උම්මග්ග සැඟවුණු විනය වේදල්ල පිටකයන්ගෙන් එකෙකින් ආ ඒවා පෙනෙත් යයි අර්ත්ථයයි. රාගාදි විනයෙහි ද නොපැනෙන එසේ ආ දෙය ඉවතලිය යුතුයයි එයින් කියන ලදි. ඉදං භික්ඛවෙ චතුත්ථං මහාපදෙසං ධාරෙය්යාථ යනු ධර්මයෙහි පිහිටීමට ඉඩක්වන මෙම සතර වැන්න දරන්නහුයි.
සඤ්චෙතනියවග්ගො තතියො.
තෙවැනි වූ සඤ්චෙතනිය වර්ගයයි.