උපවානසුත්තං
4. 4. 3. 5.
4. 4. 3. 5.
[උපවානසුත්තං]
උපවාන සූත්‍රය
25. අථ ඛො ආයස්මා උපවානො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපවානො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච :
25. එසඳ ආයුෂ්මත් උපවාන තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උපවාන තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
කින්නු ඛො ආවුසො සාරිපුත්ත විජ්ජායන්තකරො හොතීති? නො හිදං ආවුසො. කිම්පනාවුසො සාරිපුත්ත චරණෙනන්තකරො හොතීති? නො හිදං ආවුසො. කින්නු ඛො ආවුසො සාරිපුත්ත විජ්ජාචරණෙනන්තකරො හොතීති? නො හිදං ආවුසො. කිම්පනාවුසො සාරිපුත්ත අඤ්ඤත්ර විජ්ජාචරණෙනන්තකරො හොතීති? නො හිදං ආවුසො.
කිම ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, විද්‍යායෙන් සසරවට කෙළවර කරන්නේ වේ ද? “ඇවැත්නි, මෙය නො වේ.” කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, චරණයෙන් වටදුක් කෙළවර කරන්නේ වේ ද? “ඇවැත්නි, මෙ ද නො වේ.” කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, විද්‍යාචරණ දෙකින් වටදුක් කෙළවර කරන්නේ වේ ද? “ඇවැත්නි, මෙ ද නො වේ.” කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, විද්‍යාචරණ හැර වටදුක් කෙළවර කරන්නේ වේ ද? “ඇවැත්නි, මෙ ද නො වේ.”
කින්නු ඛො ආවුසො සාරිපුත්ත විජ්ජායන්තකරො හොතීති ඉති පුට්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි. කිම්පනාවුසො සාරිපුත්ත චරණෙනන්තකරො හොතීති ඉති පුට්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි. කිම්පනාවුසො සාරිපුත්ත විජ්ජාචරණෙනන්තකරො හොතීති ඉති පුට්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි. කිම්පනාවුසො සාරිපුත්ත අඤ්ඤත්ර විජ්ජාචරණෙනන්තකරො හොතීති ඉති පුට්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි. යථාකථම්පනාවුසො අන්තකරො හොතීති?
කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, විද්‍යායෙන් වටදුක් කෙළවර කරන්නේ වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි, “ඇවැත්නි, මෙය නො වෙති” යි බෙණෙහි. කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, චරණයෙන් වටදුක් කෙළවර කරන්නේ වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, මෙය නො වෙති” යි බෙණෙහි. කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, විද්‍යාචරණ දෙකින් වටදුක් කෙළවර කරන්නේ වේ දැ’යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි “ඇවැත්නි, මෙය නො වෙති” යි බෙණෙහි. කිම ඇවැත් ශාරීපුත්‍රයෙනි, විද්‍යාචරණ විනා වටදුක් කෙළවර කරන්නේ වේ දැ යි මෙසේ පුළුවුස්නා ලද්දෙහි ‘ඇවැත්නි, මෙය නො වෙති’ යි බෙණෙහි. ඇවැත්නි, කෙසේ වටදුක් කෙළවර කරන්නේ වේ ද?
විජ්ජාය චෙ ආවුසො අන්තකරො අභවිස්ස, සවුපාදානොව සමානො අන්තකරො අභවිස්ස. චරණෙන චෙ ආවුසො අන්තකරො අභවිස්ස, සවුපාදානොව සමානො අන්තකරො අභවිස්ස. විජ්ජාචරණෙන චෙ ආවුසො. අන්තකරො අභවිස්ස, සවුපාදානොව සමානො අන්තකරො අභවිස්ස. අඤ්ඤත්ර විජ්ජාචරණෙන චෙ ආවුසො අන්තකරො අභවිස්ස, පුථුජ්ජනො අන්තකරො අභවිස්ස. පුථුජ්ජනො හි ආවුසො අඤ්ඤත්ර විජ්ජාචරණෙන. චරණවිපන්නො ඛො ආවුසො යථාභූතං න ජානාති න පස්සති. චරණසම්පන්නො යථාභූතං ජානාති පස්සති. යථාභූතං ජානං පස්සං අන්තකරො හොතීති.
ඇවැත්නි, ඉදින් විද්‍යායෙන් වටදුක් කෙළවර කරන්නේ වී නම් උපාදාන සහිත වූයේ ම වටදුක් කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, ඉදින් චරණයෙන් වටදුක් කෙළවර කරන්නේ වී නම්, උපාදාන සහිත වූයේ ම කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, ඉදින් විද්‍යාචරණ දෙකින් කෙළවර කරන්නේ වී නම් උපාදාන සහිත වූයේ ම කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, ඉදින් විද්‍යාචරණ මිස කෙළවර කරන්නේ වී නම්, පුහුදුන් තෙමේ කෙළවර කරන්නේ වෙයි. ඇවැත්නි, පුහුදුන් විද්‍යාචරණයෙන් වෙන් ව සිටුනේ ය. ඇවැත්නි, චරණ නැත්තේ තත් වූ පරිදි නො දන්නේ ය. නො දක්නේ ය. පිරිපුන් චරණ ඇත්තේ යථාස්වභාවය දන්නේ ය. දක්නේ ය. තත් වූ සැටියෙන් දන්නේ දක්නේ වටදුක් කෙළවර කරන්නේ වෙයි.