යෙදුමෙන් කියවන්න

ආයාචමානසුත‍්තං

4. 4. 3. 6.

4. 4. 3. 6.

[ආයාචමානසුත‍්තං]

[ආයාචමාන සූත්‍රය]

26. සද‍්ධො භික‍්ඛවෙ භික‍්ඛු එවං සම‍්මා ආයාචමානො ආයාචෙය්‍ය : තාදිසො හොමි යාදිසා සාරිපුත‍්තමොග‍්ගල‍්ලානාති. එසා භික‍්ඛවෙ තුලා, එතං පමාණං මම සාවකානං භික‍්ඛූනං යදිදං සාරිපුත‍්තමොග‍්ගල‍්ලානා.

26. මහණෙනි, සැදැහැති මහණ මොනොවට ආයාචනා කරණුයේ මෙසේ ආයාචනා කරන්නේය: “සැරියුත් මුගලන්හු යම් බඳු වෙත් ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් සැරියුත් මුගලන්හි දෙදෙනෙක් වෙත් ද, මාගේ ශ්‍රාවක භික්‍ෂුනට තෙල තුලා වෙයි. තෙල ප්‍රමාණ වෙයි.

සද‍්ධා භික‍්ඛවෙ භික‍්ඛුනී එවං සම‍්මා ආයාචමානා ආයාචෙය්‍ය : තාදිසා හොමි යාදිසා ඛෙමා ච භික‍්ඛුනී උප‍්පලවණ‍්ණා චාති. එසා භික‍්ඛවෙ තුලා, එතං පමාණං මම සාවිකානං භික‍්ඛුනීනං යදිදං ඛෙමා ච භික‍්ඛුනී උප‍්පලවණ‍්ණා ච.

මහණෙනි, සැදැහැති මෙහෙණ මොනවට පතන්නී, මෙසේ ප්‍රාර්‍ත්‍ථනා කරන්නී ය: “ඛේමා මෙහෙණ හා උප්පලවණ්ණා මෙහෙණ හා දෙදෙන යම් බඳු වෙත් ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් ඛේමා මෙහෙණ හා උප්පලවණ්ණා මෙහෙණ හා දෙදෙන වෙත් ද, මාගේ ශ්‍රාවක භික්‍ෂුණීන්ට තෙල තුලා වෙයි. තෙල ප්‍රමාණ වෙයි.

සද‍්ධො භික‍්ඛවෙ උපාසකො එවං සම‍්මා ආයාචමානො ආයාචෙය්‍ය : තාදිසො හොමි යාදිසො චිත‍්තො ච ගහපති හත්‍ථකො ච ආලවකොති. එසා භික‍්ඛවෙ තුලා, එතං පමාණං මම සාවකානං උපාසකානං යදිදං චිත‍්තො ච ගහපති හත්‍ථකො ච ආළවකො.

මහණෙනි, සැදැහැති උවසු මොනවට ප්‍රාර්‍ත්‍ථනා කරණුයේ මෙසේ ප්‍රාර්‍ත්‍ථනා කරන්නේ ය: “චිත්තගහපති හා හත්‍ථක ආළවක හා දෙදෙන යම් බඳු වේ ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් චිත්තගහපති හා හත්‍ථකආළවක හා දෙදෙන වෙත් ද, මාගේ සවූ උවසුනට තෙල තුලා වෙයි. තෙල ප්‍රමාණ වෙයි.

සද‍්ධා භික‍්ඛවෙ උපාසිකා එවං සම‍්මා ආයාචමානා ආයාචෙය්‍ය : තාදිසා හොමි යාදිසා ඛුජ‍්ජුත‍්තරා ච උපාසිකා වෙලුකණ‍්ටකියා ච නන්‍දමාතාති. එසා භික‍්ඛවෙ තුලා, එතං පමාණං මම සාවිකානං උපාසිකානං යදිදං ඛුජ‍්ජුත‍්තරා ච උපාසිකා වෙලුකණ‍්ටකියා ච නන්‍දමාතාති.

මහණෙනි, සැදැහැති උවැසිය මොනොවට ආයාචනා කරන්නී මෙසේ ආයාචනා කරන්නී ය: “ඛුජ්ජුත්තරා උවැසිය හා වේළුකණ්ටකිය නන්‍දමාතාව හා දෙදෙන යම් බඳු වෙත් ද, එබඳු වෙම්ව”යි. මහණෙනි, යම් ඛුජ්ජුත්තරා උවැසිය හා වේළුකණ්ටකිය නන්‍දමාතාව හා දෙදෙන වෙත් ද, මාගේ සැවි උවැසියනට තෙල තුලාවෙයි. තෙල ප්‍රමාණ වෙයි.