රාහුලසුත‍්තං
4. 4. 3. 7.
4. 4. 3. 7.
[රාහුලසුත‍්තං]
[රාහුල සූත්‍රය]
27. අථ ඛො ආයස‍්මා රාහුලො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං රාහුලං භගවා එතදවොච :
27. එකල ආයුෂ්මත් රහල් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් රහල් තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
යා ච රාහුල අජ‍්ඣත‍්තිකා පඨවීධාතු යා ච බාහිරා පඨවීධාතු, පඨවීධාතුරෙවෙසා. තං “නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා”ති, එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා පඨවීධාතුයා නිබ‍්බින්‍දති. පඨවීධාතුයා චිත‍්තං විරාජෙති.
රාහුලය, ආධ්‍යාත්මික යම් පෘථිවිධාතුයෙක් ඇද්ද, යම් බාහිරපෘථිවී ධාතුයෙක් ඇද්ද, තෙල පෘථිවීධාතු ම වෙයි. “තෙල පෘථිවිධාතු මා ගැත්තේ නො වෙයි. මම පෘථිවිධාතුයෙම් නො වෙමි. තෙල මාගේ ආත්ම නො වෙයි” කියා ඒ පෘථිවීධාතුව මෙසේ තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. මෙසේ තෙල පෘථිවිධාතුව තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දැක පෘථිවීධාතුයෙහි උකැටි වෙයි. පෘථිවීධාතුයෙහි සිත් නො අලවයි.
යා ච රාහුල අජ‍්ඣත‍්තිකා ආපොධාතු යා ච බාහිරා ආපොධාතු, ආපොධාතුරෙවෙසා. තං “නෙතං මම නෙසො හමස‍්මි, න මෙසො අත‍්තා”ති, එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා ආපොධාතුයා නිබ‍්බින්‍දති. ආපොධාතුයා චිත‍්තං විරාජෙති.
රාහුලය, යම් ආධ්‍යාත්මික අබ්ධාතුයෙක් ඇද්ද, යම් ඉන්‍ද්‍රියබද්ධයෙන්බැහැරි අබ්ධාතුයෙක් ඇද්ද, තෙල අබ්ධාතු ම වෙයි. “තෙල මා ගැත්තේ නො වේ. මා අබ්ධාතුයෙම් නො වෙමි. තෙල මාගේ ආත්ම නො වේ. තෙල මෙසේ ය” යි එය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. මෙසෙයින් තෙල තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දැක අබ්ධාතුයෙහි උකැටි වෙයි. අබ්ධාතුයෙහි සිත නො අලවයි.
යා ච රාහුල අජ‍්ඣත‍්තිකා තෙජොධාතු යා ච බාහිරා තෙජොධාතු, තෙජොධාතුරෙවෙසා. තං “නෙතං මම නෙසොහමස‍්මි, න මෙ සො අත‍්තා”ති, එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා තෙජොධාතුයා නිබ‍්බින්‍දති, තෙජොධාතුයා චිත‍්තං විරාජෙති.
රාහුලය, යම් ආධ්‍යාත්මික තේජෝධාතුයෙක් වේ ද, යම් බාහිර තේජෝධාතුයෙක් වේ ද, තෙල තෙජොධාතු ම වෙයි. “තෙල මා ගැත්තේ නො වේ. ‘මම තේජෝධාතුයෙම් නො වෙමි.’ තෙල මාගේ ආත්ම නො වේ. තෙල මෙසේය” යි එය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දතයුතු ය. මෙසෙයින් තෙල තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දැක තොජාධාතුයෙහි උකැටි වෙයි. තොජාධාතුයෙහි සිත නො අලවයි.
යා ච රාහුල අජ‍්ඣත‍්තිකා වායොධාතු යා ච බාහිරා වායොධාතු, වායොධාතුරෙවෙසා. තං “නෙතං මම නෙසොහමස‍්මි, න මෙ සො අත‍්තා”ති, එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දට‍්ඨබ‍්බං. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය දිස‍්වා වායොධාතුයා නිබ‍්බින්‍දති. වායොධාතුයා චිත‍්තං විරාජෙති.
රාහුලය, යම් ආධ්‍යාත්මික වායෝධාතුයෙක් ඇද්ද, යම් බාහිර වායෝධාතුයෙක් ඇද්ද, තෙල වායෝධාතු ම වෙයි. “තෙල මා ගැත්තේ නො වේ. මම වායෝධාතුයෙම් නො වෙමි. තෙල මාගේ ආත්ම නො වේ. තෙල මෙසේ ය” යි එය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දැක්ක යුතුයි. මෙසෙයින් තෙල තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දැක වායෝධාතුයෙහි උකැටි වෙයි. වායෝධාතුයෙහි සිත නො අලවයි.
යතො ඛො රාහුල භික‍්ඛු ඉමාසු චතූසු ධාතූසු නෙව අත‍්තානං න අත‍්තනියං සමනුපස‍්සති. අයං වුච‍්චති රාහුල භික‍්ඛු අච‍්ඡෙච‍්ඡි තණ‍්හං, වාවත‍්තයී සංයොජනං, සම‍්මා මානාභිසමයා අන‍්තමකාසි දුක‍්ඛස‍්සාති.
රාහුලය, යම් කලෙක පටන් ගෙණ මහණ මේ සතර ධාතූන් කෙරෙහි ලා ආත්මය නො දක්නේ ම වේ ද, ආත්මයට අයිති දැයක් හෝ නො දක්නේ ම වේ ද, රාහුල ය, මේ මහණ තෘෂ්ණාව සිඳපීහ යි ද, දස සංයෝජන උපුටා හළහ යි ද, මානයාගේ ප්‍රහාණාභිසමයෙන් වටදුක් මොනොවට කෙළවර කළහ යි ද කියනු ලැබේ.