චෙතොවිමුත්තිසුත්තං
4. 4. 3. 8.
4. 4. 3. 8.
[චෙතොවිමුත්තිසුත්තං]
[චේතෝවිමුත්ති සූත්‍රය]
28. චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො:
28. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති. සො සක්කායනිරොධං මනසි කරොති. තස්ස සක්කායනිරොධං මනසි කරොතො සක්කායනිරොධෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති නාධිමුච්චති.
මහණෙනි, මෙසස්නෙහි මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුත්තියකට වැද ගෙණ වාස කෙරේ. හේ සත්කායනිරෝධය (වට පිළිබඳ නිවන) මෙනෙහි කෙරේ. සත්කායනිරෝධය මෙනෙහි කරණ ඔහට සත්කායනිරෝධයෙහි ලා සිත අරමුණු විසින් නො වදනේ ය. නො පහදනේ ය. මොනොවට නො සිටුනේ ය. නිශ්චය කොටගෙන නො සිටුනේ ය.
තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො න සක්කායනිරොධො පාටිකඞ්ඛො.
මහණෙනි, ඒ මහණහට සත්කාය නිරෝධය නො කැමැති විය යුතුය.
සෙය්යථාපි භික්ඛවෙ පුරිසො ලසගතෙන හත්ථෙන සාඛං ගණ්හෙය්ය, තස්ස සො හත්ථො සජ්ජෙය්යාපි ගණ්හෙය්යාපි ඛජ්ජෙය්යාපි. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති. සො සක්කායනිරොධං මනසි කරොති. තස්ස සක්කායනිරොධං මනසි කරොතො සක්කායනිරොධෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති නාධිමුච්චති. තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො න සක්කායනිරොධො පාටිකඞ්ඛො.
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ලහ ගැල්වූ අතින් ශාඛාවක් ගන්නේ වේ ද, උහුගේ ඒ අත ලගනේත් වෙයි. හැදගන්නේත් වෙයි. කා වදනේත් වෙයි. මහණෙනි, එපරිදි ම මහණ අන්‍යතර ශාන්ත චේතෝ විමුක්තියකට පැමිණ වෙසේ. හේ සත්කාය නිරෝධය මෙනෙහි කෙරේ. සත්කාය නිරෝධය මෙනෙහි කරණ ඔහුට සත්කාය නිරෝධයෙහි ලා සිත අරමුණු විසින් නො පැන ගණී. නො පහදී. මොනොවට නො සිටී. නො බැස ගණී. මහණෙනි, ඒ මහණහට සත්කාය නිරෝධය නො කැමැති විය යුතුය.
ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති, සො සක්කායනිරොධං මනසි කරොති. තස්ස සක්කායනිරොධං මනසි කරොතො සක්කායනිරොධෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො සක්කායනිරොධො පාටිකඞ්ඛො.
මහණෙනි, මෙසස්නෙහි මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුක්තියකට එළඹ වාස කෙරෙයි. හේ සත්කාය නිරෝධය මෙනෙහි කෙරෙයි. සත්කාය නිරෝධය මෙනෙහි කරණ ඔහට සත්කාය නිරෝධයෙහි ලා සිත අරමුණු විසින් වැද ගණී. පහදී. මොනොවට සිටී. නිශ්චය කොට ගණී. මහණෙනි, ඒ මහණහට සත්කාය නිරෝධය කැමති විය යුතුය.
සෙය්යථාපි භික්ඛවෙ පුරිසො සුද්ධෙන හත්ථෙන සාඛං ගණ්හෙය්ය, තස්ස සො හත්ථො නෙව සජ්ජෙය්ය න ගණ්හෙය්ය න බජ්ඣෙය්ය. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති. සො සක්කායනිරොධං මනසි කරොති. තස්ස සක්කායනිරොධං මනසි කරොතො සක්කායනිරොධෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො සක්කායනිරොධො පාටිකඞ්ඛො.
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ධෞතහස්තයෙන් ශාඛාවක් ගන්නේ වේ ද, උහුගේ ඒ අත නො ම ලගනේ ය. නො ඇදගන්නේ ය, නොකාගන්නේ ය. මහණෙනි, මෙ පරිදි ම මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුක්තියකට එළඹ වෙසේ. හේ සත්කාය නිරෝධය මෙනෙහි කෙරේ. සත්කාය නිරෝධය මෙනෙහි කරණ ඔහට සත්කාය නිරෝධයෙහි ලා සිත අරමුණු විසින් පැනගණී. පහදී. මොනොවට සිටී. නිශ්චය කොට ගණී. මහණෙනි, ඒ මහණහට සත්කායනිරෝධය කැමැති විය යුතුය.
ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති. සො අවිජ්ජාප්පභෙදං මනසි කරොති. තස්ස අවිජ්ජාප්පභෙදං මනසිකරොතො අවිජ්ජාප්පභෙදෙ චිත්තං න පක්ඛන්දති න ප්පසීදති න සන්තිට්ඨති නාධිමුච්චති. තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො න අවිජ්ජාප්පභෙදො පාටිකඞ්ඛො.
මහණෙනි, මෙ සස්නෙහි මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුක්තියකට එළඹ වාස කෙරෙයි. හේ අවිදු බිඳුම් නැමැති රහත්බව මෙනෙහි කෙරෙයි. අවිද්‍යා භේදය මෙනෙහි කරණ ඔහට අවිද්‍යාභේදයෙහි ලා සිත අරමුණු විසින් නොපැන ගණී. නො පහදී. මොනොවට නො සිටී. අධිමුක්ත නො වේ. මහණෙනි, ඒ මහණහට අවිද්‍යාභේදය නො කැමැති විය යුතුය.
සෙය්යථාපි භික්ඛවෙ ජම්බාලි අනෙකවස්සගණිකා, තස්සා පුරිසො යානි චෙව ආයමුඛානි තානි පිදහෙය්ය, යානි ච අපායමුඛානි තානි විවරෙය්ය, දෙවො ච සම්මාධාරං නානුප්පවෙච්ඡෙය්ය. එවං හි තස්සා භික්ඛවෙ ජම්බාලියා න පාලිප්පභෙදො පාටිකඞ්ඛො. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති. සො අවිජ්ජාප්පභෙදං මනසි කරොති. තස්ස අවිජ්ජාප්පභෙදං මනසි කරොතො අවිජ්ජාප්පභෙදෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති නාධිමුච්චති. තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො න අවිජ්ජාප්පභෙදො පාටිකඞ්ඛො.
මහණෙනි, යම් පරිදි නොඑක් වස් ගණන් ඇති ගවරවළෙක් වේ ද, පුරුෂයෙක් ඒ වළෙහි යම් දිය වදනා සිවු කඳුරු ඇත් ද, ඒ වසයි. දිය බැස යන සිදුරු ඇද් ද, ඒ විවර කෙරෙයි. මේඝය ද මොනවට දහර නො වස්වයි. මහණෙනි, මෙසේ වත් ම ඒ ගවරවළෙහි මියර බිඳලීම කැමැති නො විය යුතුය. මහණෙනි, එ පරිදි ම මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුක්තියකට පැමිණ වෙසේ. හේ අවිදු බිඳලීම මෙනෙහි කෙරේ. අවිදු බිඳුම් මෙනෙහි කරණ ඔහට අවිද්‍යා බිඳලීමෙහි ලා සිත අරමුණු විසින් නො පැන ගණී. නො පහදී. මොනොවට නො සිටී. නිශ්චය නො ලබයි. මහණෙනි, ඒ මහණහට අර්‍හත්ත්‍වය නො කැමැති විය යුතුය.
ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති. සො අවිජ්ජාප්පභෙදං මනසි කරොති. තස්ස අවිජ්ජාප්පභෙදං මනසි කරොතො අවිජ්ජාප්පභෙදෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො අවිජ්ජාප්පභෙදො පාටිකඞ්ඛො.
මහණෙනි, මෙ සස්නෙහි මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුක්තියකට පැමිණ වාස කෙරෙයි. හේ අවිද්‍යාව බිඳලීම මෙනෙහි කෙරෙයි. අවිද්‍යාව බිඳලීම මෙනෙහි කරණ ඔහට අවිද්‍යාව බිඳලීමෙහි ලා සිත අරමුණු විසින් පැන ගණී. පහදී. මොනවට සිටී. නිශ්චය කොට ගණී. මහණෙනි, ඒ මහණහට අවිද්‍යාව බිඳලීම කැමති විය යුතුයි.
සෙය්යථාපි භික්ඛවෙ ජම්බාලි අනෙකවස්සගණිකා, තස්සා පුරිසො යානි චෙව ආයමුඛානි තානි විවරෙය්ය, යානි ච අපායමුඛානි තානි පිදහෙය්ය, දෙවො ච සම්මාධාරං අනුප්පවෙච්ඡෙය්ය. එවං හි තස්සා භික්ඛවෙ ජම්බාලියා පාලිප්පභෙදො පාටිකඞ්ඛො. එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරති. සො අවිජ්ජාප්පභෙදං මනසි කරොති. තස්ස අවිජ්ජාප්පභෙදං මනසි කරොතො අවිජ්ජාප්පභෙදෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. තස්ස ඛො එතං භික්ඛවෙ භික්ඛුනො අවිජ්ජාප්පභෙදො පාටිකඞ්ඛො.
මහණෙනි, යම් පරිදි අනේවස් ගණන් ඇති ගවර වළෙක් වේ ද, ඒ වළෙහි පුරුෂයෙක් යම් ආයමුඛ ඇත් නම් ඒ විවර කෙරෙයි. යම් අපායමුඛ ඇත් නම් ඒ වසයි. මේඝය ද මොනවට දහර වස්වයි. මහණෙනි, මෙසේ ඒ ගවර වළෙහි මියර බිඳලීම කැමැති විය යුතුයි. මහණෙනි, එපරිදි ම මහණ අන්‍යතර ශාන්ත චේතෝවිමුක්තියකට එළඹ වෙසේ. හේ අවිද්‍යාභේදය මෙනෙහි කෙරේ. අවිද්‍යාභේදය මෙනෙහි කරණ ඔහට අවිද්‍යාභේදයෙහි ලා සිත අරමුණ විසින් පැන ගණී. පහදී. මොනොවට සිටී. නිශ්චය කොට ගණී. මහණෙනි, ඒ මහණහට අවිද්යාභේද සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය කැමැති විය යුතුය.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගලයෝ විද්‍යමානයහ.