පරිනිබ‍්බානහෙතුසුත‍්තං
4. 4. 3. 9.
4. 4. 3. 9.
[පරිනිබ‍්බානහෙතුසුත‍්තං]
[පරිනිබ්බානහෙතු සූත්‍රය]
29. අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා සාරිපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච :
29. එකල ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සම්මෝදනයට කරුණු වූ සිහි කරණුවට නිසි වූ කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
කො නු ඛො ආවුසො සාරිපුත‍්ත හෙතු කො පච‍්චයො යෙනමිධෙකච‍්චෙ සත‍්තා දිට‍්ඨෙව ධම‍්මෙ න පරිනිබ‍්බායන‍්තීති?
ඇවැත, ශාරීපුත්‍රයෙනි, මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඉහාත්මයෙහි ම නො පිරිනිවෙත් ද, එයට හේතු කවරේ ය? එයට ප්‍රත්‍යය කවරේ ය?
ඉධාවුසො ආනන්‍ද සත‍්තා ඉමා හානභාගියා සඤ‍්ඤාති යථාභූතං නප‍්පජානන‍්ති. ඉමා ඨිතිභාගියා සඤ‍්ඤාති යථාභූතං නප‍්පජානන‍්ති. ඉමා විසෙසභාගියා සඤ‍්ඤාති යථාභූතං නප‍්පජානන‍්ති. ඉමා නිබ‍්බෙධභාගියා සඤ‍්ඤාති යථාභූතං නප‍්පජානන‍්ති. අයං ඛො ආවුසො ආනන්‍ද හෙතු අයං පච‍්චයො යෙන මිධෙකච‍්චෙ සත‍්තා දිට‍්ඨෙව ධම‍්මෙ න පරිනිබ‍්බායන‍්තීති.
ඇවැත ආනන්‍දයෙනි, මෙලොව සත්හු ‘මොහු හානභාගීය සංඥාහ’යි යථාභූතය නො දනිත්. ‘මොහු ස්ථිතිභාගීය සංඥාහ’යි යථාභූතය නො දනිත් ද, ‘මොහු විශේෂභාගීය සංඥාහ’යි යථාභූතය නොදනිත්. ‘මොහු නිර්වේදභාගියසංඥාහ’යි යථාභූතය නොදනිත්. ‘ඇවැත, ආනන්‍දයෙනි, යම් හෙයකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඉහාත්මයෙහි ම නො පිරිනිවෙත් ද, මේ එයට හේතු යි. මේ එයට ප්‍රත්‍යය යි.
කො පනාවුසො සාරිපුත‍්ත හෙතු කො පච‍්චයො යෙන මිධෙකච‍්චෙ සත‍්තා දිට‍්ඨෙව ධම‍්මෙ පරිනිබ‍්බායන‍්තීති?
ඇවැත, ශාරීපුත්‍රයෙනි, යම් හෙයෙකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඉහාත්මයෙහි ම පිරිනිවෙත් ද, එයට හේතු කවරේ ය? එයට ප්‍රත්‍යය කවරේ ය?
ඉධාවුසො ආනන්‍ද සත‍්තා ඉමා හානභාගියා සඤ‍්ඤාති යථාභූතං පජානන‍්ති. ඉමා ඨිතිභාගියා සඤ‍්ඤාති යථාභූතං පජානන‍්ති. ඉමා විසෙසභාගියා සඤ‍්ඤාති යථාභූතං පජානන‍්ති. ඉමා නිබ‍්බෙධභාගියා සඤ‍්ඤාති යථාභූතං පජානන‍්ති. අයං ඛො ආවුසො ආනන්‍ද හෙතු අයං පච‍්චයො යෙන මිධෙකච‍්චෙ සත‍්තා දිට‍්ඨෙව ධම‍්මෙ පරිනිබ‍්බායන‍්තීති.
ඇවැත, ආනන්‍දයෙනි, මෙලොව සත්හු ‘මොහු හානභාගීය සංඥාහ’යි යථාභූතය දනිත්. ‘මොහු ස්ථිතිභාගීයසංඥාහ’යි යථාභූතය දනිත්. ‘මොහු විශේෂභාගීය සංඥාහ’යි යථාභූතය දනිත්. ‘මොහු නිර්වේදභාගීයසංඥා හ’යි යථාභූතය දනිත්. ඇවැත, ආනන්‍දයෙනි, යම් හෙයෙකින් මෙලොව ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඉහාත්මයෙහි ම නො පිරිනිවෙත් ද, මේ එයට හේතු යි. මේ එයට ප්‍රත්‍යය යි.