මහාපදෙසදෙසනාසුත්තං
4. 4. 3. 10.
4. 4. 3. 10.
[මහාපදෙසදෙසනාසුත්තං]
[මහාපදෙසදෙසනා සූත්‍රය]
30. එකං සමයං භගවා භොගනගරෙ විහරති ආනන්දචෙතියෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච :
30. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ භෝගනගරයෙහි ආනන්ද චෛත්‍යයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’, යි භික්ෂූන් බැණවූ සේක. ‘වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
චත්තාරොමෙ භික්ඛවෙ මහාපදෙසෙ දෙසෙස්සාමි. තං සුණාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච :
මහණෙනි, මේ සතර මහා අපදෙසයන් දෙසමි. ඒ අසව, මෙනෙහි කරව, කියමි යි වදාළහ. වහන්ස, එසේ ය යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
කතමෙ ච භික්ඛවෙ චත්තාරො මහාපදෙසා?
මහණෙනි, සතර මහාපදේසයෝ කවරහ?
ඉධ භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය : “සම්මුඛා මෙතං ආවුසො භගවතො සුතං සම්මුඛා පටිග්ගහීතං අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන”න්ති.
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේය: “ඇවැත්නි, මා විසින් තෙල භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මේ ය ධර්ම ය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය” කියා යි.
තස්ස භික්ඛවෙ භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං. න පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරන්ති න විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං : අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. ඉමස්ස ච භික්ඛුනො දුග්ගහීතන්ති. ඉති ඉදං භික්ඛවෙ ඡඩ්ඪෙය්යාථ.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්දනය නො කටයුතු ය. පිළිකෙසි නො කටයුතුය. අභිනන්දනය නොකොට පිළිකෙසි නොකොට ඒ පදසඞ්ඛ්‍යාත ව්‍යඤ්ජනයෝ මොනොවට ඉගෙණ සූත්‍රයෙහි බහා ලියයුතු වෙති. විනයෙහි ලා සැසඳිය යුතු වෙති. ඉදින් ඒ පදව්‍යඤ්ජනයෝ සූත්‍රයෙහි බහනු ලබන්නාහු, විනයෙහි ලා සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහි නො බැස ගණිත් ද, විනයෙහි ලා නො සසැඳෙත් ද, මෙහි ලා මෙසේ නිශ්චයට යා යුතුය: ‘ඒකාන්තයෙන් මෙය අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේගේ වචන නො වෙයි. මේ මහණහු විසින් වරදවා ගන්නා ලද්දෙකැ’යි. මහණෙනි, මෙසේ භාෂිතය හැර පියව.
ඉධ පන භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය : “සම්මුඛා මෙතං ආවුසො භගවතො සුතං සම්මුඛා පටිග්ගහීතං අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන”න්ති.
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය: “ඇවැත්නි, මා විසින් තෙල බුදුන් හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මේ ය ධර්මය, මේ ය විනය, මේ ය ශාස්තෘ ශාසනය” කියා යි.
තස්ස භික්ඛවෙ භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං න පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානි තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං : අද්ධා ඉදං තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. ඉමස්ස ච භික්ඛුනො සුග්ගහීතන්ති. ඉමං භික්ඛවෙ පඨමං මහාපදෙසං ධාරෙය්යාථ.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය සතුටින් නො පිළිගතයුතු ය. පිළිකෙසි නො කටයුතුය. සතුටින් නො පිළිගෙණ පිළිකෙසි නොකොට ඒ පදව්‍යඤ්ජන මොනොවට උගෙණ සූත්‍රයෙහි බැහිය යුතු ය. විනයෙහි ලා සසැඳිය යුතුය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි බහනු ලද්දේ, විනයෙහි ලා සසඳන ලද්දේ සූත්රයෙහිත් වැටේ ද, විනයෙහිත් සසැඳේ ද, මෙහි ලා නිශ්චයට යා යුතුය: ‘ඒකාන්තයෙන් තෙල අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන ය. මේ භික්ෂූහු විසිනුත් මොනොවට උගන්නා ලදැ’යි කියා ය. මහණෙනි, මේ පළමුවන මහාපදේසය (-මහාප්‍රමාණය) ධරව.
ඉධ පන භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය : “අමුකස්මිං නාම ආවාසෙ සඞ්ඝො විහරති සථෙරො සපාමොක්ඛො. තස්ස මෙ සඞ්ඝස්ස සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහීතං අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන”න්ති.
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය. “අසෝ ආවාසයෙහි තෙරුන් සියෝ ප්‍රමුඛයන් සියෝ සඟහු වෙසෙති. මා විසින් ඒ සඟුන් හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී: මේ ය ධර්මය, මේ ය විනය, මේ ය ශාස්තෘ ශාසනය” කියා යි.
තස්ස භික්ඛවෙ භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං. න පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි. සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරන්ති, න විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං : අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. තස්ස ච සඞ්ඝස්ස දුග්ගහීතන්ති. ඉති හිදං භික්ඛවෙ ඡඩ්ඪෙය්යාථ.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්දනා නො කටයුතු ය. පටික්කෝසනා නො කටයුතුය. අභිනන්දනා නො කොට පටික්කෝසනා නො කොට ඒ පදව්‍යඤ්ජන මොනොවට උගෙණ සූත්‍රයෙහි හෙළිය යුතු ය. විනයයෙහි ලා සසැඳිය යුතු ය. ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි බහනු ලබන්නේ, විනයයෙහි සසඳනු ලබන්නේ, ඉදින් සූත්‍රයෙහි නො බස්නේ නම්, විනයෙහි ලා නොසසැඳනේ නම්, මෙහි ලා මෙසේ නිශ්චයට යායුතු ය: ‘ඒකාන්තයෙන් තෙල අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත නො වේ. ඒ සඟුන් විසින් වරදවා ගන්නා ලද වෙයි’ කියා යි. මහණෙනි, මෙසේ මෙය හැරපියව.
ඉධ පන භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය : “අමුකස්මිං නාම ආවාසෙ සඞ්ඝො විහරති සථෙරො සපාමොක්ඛො. තස්ස මෙ සඞ්ඝස්ස සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහීතං අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසනන්ති.”
මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ බණන්නේ ය. “අසෝ ආවාසයෙහි තෙරුන් සියෝ ප්‍රමුඛයන් සියෝ සඟහු වෙසෙත්. මා විසින් ඒ සඟුන්ගේ හමුයෙහි අසන ලදී. හමුයෙහි පිළිගන්නා ලදි: ‘මේ ය ධර්මය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය” කියා යි.
තස්ස භික්ඛවෙ භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං න පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති, විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං : අද්ධා ඉදං තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. තස්ස ච සඞ්ඝස්ස සුග්ගහීතන්ති. ඉදං භික්ඛවෙ දුතියං මහාපදෙසං ධාරෙය්යාථ.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්දනා නො කටයුතු ය. පටික්කෝසනා නො කට යුතු ය. අභිනන්දනා නො කොට පටික්කෝසනා නොකොට ඒ පදව්‍යඤ්ජන මොනොවට උගෙණ සූත්‍රයෙහි බහාලිය යුතු ය. විනයෙහි ලා සසඳා ලියයුතු ය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි බහනු ලබන්නේ, විනයෙහි ලා සසඳනු ලබන්නේ, සූත්රයෙහිත් බස්නේ ද, විනයෙහිත් සසඳ ලබා ද, මෙහි ලා මෙසේ නිශ්චයට යායුතු යි: ‘ඒකාන්තයෙන් තෙල අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත වෙයි. ඒ සඟුන් විසින් මොනොවට ගන්නා ලද්දේ ය’ කියා යි. මහණෙනි, මේ දෙවන මහාපදේසය ධරව.
ඉධ පන භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය : “අමුකස්මිං නාම ආවාසෙ සම්බහුලා ථෙරා භික්ඛූ විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා. තෙසං මෙ ථෙරානං සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන”න්ති.
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය. “අසෝ ආවාසයෙහි බහුශ්‍රුත වූ ආගතාගම ඇති ධර්මධර විනයධර මාතෘකාධර සම්බහුල තෙර මහණහු වෙසෙති. මා විසින් ඒ තෙරුන්ගේ හමුයෙහි අසන ලදී, හමුයෙහි පිළිගන්නා ලදී. මේ ය ධර්මය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය” කියා යි.
තස්ස භික්ඛවෙ භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං න පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරන්ති, න විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං : අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. තෙසඤ්ච ථෙරානං දුග්ගහීතන්ති. ඉති හෙතං භික්ඛවෙ ඡඩ්ඪෙය්යාථ.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්දනා නො කටයුතු ය. පටික්කෝසනා නො කටයුතුය. අභිනන්දනා නොකොට පටික්කෝසනා නොකොට ඒ පදව්‍යඤ්ජන මොනොවට ඉගෙණ සූත්‍රයෙහි බැහිය යුතු ය. විනයෙහි සසැඳිය යුතු ය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි නගනු ලබන්නේ, විනයෙහි සසඳනු ලබන්නේ, සූත්‍රයෙහි බැස නො ගණී ද, ‘විනයෙහි ලා සසඳ නොගණී ද, මෙහි ලා නිශ්චයට යා යුතු යි: ‘ඒකාන්තයෙන් මේ භාෂිතය අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත නො වේ. ඒ තෙරවරුන් විසිනුත් වරදවා ගන්නා ලද’ කියා යි. මහණෙනි, මෙසේ මෙය හැරපියව.
ඉධ පන භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය : “අමුකස්මිං නාම ආවාසෙ සම්බහුලා ථෙරා භික්ඛූ විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා. තෙසං මෙ ථෙරානං සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහීතං අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන”න්ති.
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය. “අසෝ ආවාසයෙහි, බහුශ්‍රුත වූ ආගතාගම ඇති ධර්මධර විනයධර මාතෘකාධර සම්බහුල තෙර මහණහු ඇත. මා විසින් ඒ තෙරුන් හමුයෙහි අසන ලද, හමුයෙහි පිළිගන්නා ලද: මේ ය ධර්මය, මේ ය විනය මේ ය ශාස්තෘශාසනය” කියා යි.
තස්ස භික්ඛවෙ භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං න පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති, විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං : ‘අද්ධා ඉදං තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. තෙසඤ්ච ථෙරානං සුග්ගහිත’න්ති. ඉදං භික්ඛවෙ තතියං මහාපදෙසං ධාරෙය්යාථ.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්දනා නො කට යුතුය. පටික්කෝසනා නො කටයුතු ය. අභිනන්දනා නොකොට පටික්කෝසනා නොකොට ඒ පදව්‍යඤ්ජන මොනොවට ඉගෙණ සූත්‍රයෙහි නැගිය යුතු ය. විනයෙහි ලා සසැඳිය යුතු ය. ඉදින් මේ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි නගනු ලබන්නේ, විනයයෙහි ලා සසඳනු ලබන්නේ, සූත්රයෙහිත් බැස ගණී නම් විනයයෙහිත් සසඳ ලබා නම්, මෙහි ලා නිශ්චයට යා යුතු යි: ‘ඒකාන්තයෙන් මේ භාෂිතය අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත යි. ඒ තෙරුන් විසිනුත් මොනොවට ගන්නා ලද ය කියා යි. මහණෙනි, මේ තුන්වන මහාපදේසය ධරව.
ඉධ පන භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය : “අමුකස්මිං නාම ආවාසෙ එකො ථෙරො භික්ඛු විහරති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො. තස්ස මෙ ථෙරස්ස සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන”න්ති.
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය: අසෝ ආවාසයෙහි බහුශ්‍රුත වූ ආගතාගම ඇති ධර්මධර විනයධර මාතෘකාධර එක් තෙර කෙනෙක් වෙසෙති. මා විසින් ඒ තෙරුන්ගේ හමුයෙහි අසන ලදි, හමුයෙහි පිළිගන්නා ලදි: මේය ධර්මය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය කියා යි.
තස්ස භික්ඛවෙ භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං න පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරන්ති, න විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං : ‘අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. තස්ස ච ථෙරස්ස දුග්ගහීත’න්ති. ඉති හෙතං භික්ඛවෙ ඡඩ්ඪෙය්යාථ.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්දනා නො කටයුතු ය. පටික්කෝසනා නො කටයුතු ය. අභිනන්දනා නො කොට පටික්කෝසනා නො කොට ඒ පදව්‍යඤ්ජන මොනොවට ඉගෙණ සූත්‍රයෙහි නැගිය යුතු ය. විනයෙහි සසැඳිය යුතු ය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි නගනු ලබන්නේ, විනයෙහිලා සසඳනු ලබන්නේ, සූත්රයෙහිත් බැස නො ගණී නම් විනයෙහිත් සසඳ නො ගණී නම්, මෙහි ලා නිශ්චයට යා යුතු යි: ඒකාන්තයෙන් මේ භාෂිතය අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත නො වේ. ඒ තෙරුන් විසිනුත් වරදවා ගන්නා ලද කියා යි. මහණෙනි, මෙසේ මෙය හැරපියව.
ඉධ පන භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය : “අමුකස්මිං නාම ආවාසෙ එකො ථෙරො භික්ඛු විහරති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො. තස්ස මෙ ථෙරස්ස සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහීතං අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන”න්ති.
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ බණන්නේ ය: අසෝ ආවාසයෙහි බහුශ්‍රුත වූ ආගතාගම ඇති ධර්මධර විනයධර මාතෘකාධර එක් ස්ථවිර භික්ෂු කෙනෙක් වෙසෙති. මා විසින් ඒ තෙරුන් හමුයෙහි අසන ලදි, හමුයෙහි පිළිගන්නා ලදි: මේ ය ධර්මය, මේ ය විනය, මේ ය ශාස්තෘශාසනය කියා යි.
තස්ස භික්ඛවෙ භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං න පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔතාරෙතබ්බානි. විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං : ‘අද්ධා ඉදං තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස, තස්ස ච ථෙරස්ස සුග්ගහිත’න්ති. ඉදං භික්ඛවෙ චතුත්ථං මහාපදෙසං ධාරෙය්යාථ.
මහණෙනි, ඒ භික්ෂුහුගේ භාෂිතය අභිනන්දනා නො කටයුතු යි. පටික්කෝසනා නො කටයුතුයි. අභිනන්දනා නො කොට පටික්කෝසනා නො කොට ඒ පදව්‍යඤ්ජන මනා කොට ඉගෙණ සූත්‍රයෙහි නැගිය යුතු ය. විනයෙහි ලා සසැඳිය යුතු ය. ඉදින් ඒ පදව්‍යඤ්ජන සූත්‍රයෙහි නගනු ලබන්නේ, විනයයෙහිලා සසඳනු ලබන්නේ, සූත්රයෙහිත් බැස සිටුනේ ද, විනයයෙහිත් සසැඳ සිටුනේ ද, මෙහි ලා නිශ්චයට යා යුතු ය: ඒකාන්තයෙන් මේ භාෂිතය අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිත යි. ඒ තෙරුන් විසිනුත් මොනොවට ගන්නා ලද කියා යි. මහණෙනි, මේ සතරවෙනි මහාපදේසය ධරව.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො මහාපදෙසාති.
මහණෙනි, මේ සතර මහාපදේසයෝ යි.
සඤ්චෙතනියවග්ගො තතියො.
සඤ්චේතනියවර්ගය තුන්වෙනි යි.