යෙදුමෙන් කියවන්න

යොධාජීවසුත‍්තං

4. 4. 4. 1.

4. 4. 4. 1.

[යොධාජීවසුත‍්තං]

[යෝධාජීව සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

31. චතූහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතො යොධාජීවො රාජාරහො හොති රාජභොග‍්ගො රඤ‍්ඤො අඞ‍්ගන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. කතමෙහි චතූහි?

31. මහණෙනි, සතර අඟෙකින් සමන්‍වාගත යෝධාජීව රජුන් විසින් වළඳ කටයුතු වූයේ රාජාර්‍හ වෙයි. රාජාඞ්ගයෙක් මැයැ යි ගණයට යෙයි. කවර සතරෙකින යත්:

ඉධ භික‍්ඛවෙ යොධාජීවො ඨානකුසලො ච හොති, දූරෙ පාතී ච, අක‍්ඛණවෙධී ච, මහතො ච කායස‍්ස පදාලෙතා. ඉමෙහි ඛො භික‍්ඛවෙ චතූහි අඞ‍්ගෙහි සමන‍්නාගතො යොධාජීවො රාජාරහො හොති රාජභොග‍්ගො රඤ‍්ඤො අඞ‍්ගන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.

මහණෙනි, මෙලොව යෝධාජීව විදුනා තැනෙහි දක්‍ෂ වූයේ වේ ද, දුර හෙනසුලු වූයේ ද, අකුණු එළියෙන් විදුනේ වේ ද, මහත් සෙන්මුළු බිඳලනුයේ වේ ද, මහණෙනි, මේ සතර අඟින් සමන්‍වාගත යෝධාජීව රජහු විසින් වළඳනා ලදුයේ රාජාර්‍හ වෙයි. රජුගේ අවයවයෙක් ය යි ගණයට යෙ යි.

එවමෙව ඛො භික‍්ඛවෙ චතූහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති පාහුණෙය්‍යො, දක‍්ඛිණෙය්‍යො, අඤ‍්ජලිකරණීයො, අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙහි චතූහි: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ඨානකුසලො ච හොති, දූරෙපාතී ච, අක‍්ඛණවෙධී ච, මහතො ච කායස‍්ස පදාලෙතා.

මහණෙනි, එපරිදි ම සතර දහමෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය, පාහුණෙය්‍ය ය, දක්ඛිණෙය්‍ය, අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සතර දහමෙන යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ‘ඨානකුසල’ වූයේත් ‘දූරේපාතී’ වූයේත් ‘අක්ඛණවේධී’ වූයේත් මහත් ‘කායවිදාරණය’ කරන්නේත් වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු ඨානකුසලො හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු ඨානකුසලො හොති.

මහණෙනි, කෙසේ නම් මහණ ‘ඨාන කුසල’ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි. ශික්‍ෂාපද විෂයයෙහි සමාදානය කොට හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ ‘ඨාන කුසල’ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු දූරෙ පාතී හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු යං කිඤ‍්චි රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං රූපං නෙතං මම, නෙසොහමස‍්මි, න මෙ සො අත‍්තාති, එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති. යා කා චි වෙදනා -පෙ- යා කා චි සඤ‍්ඤා -පෙ- යෙ කෙ චි සඞ‍්ඛාරා -පෙ- යං කිඤ‍්චි විඤ‍්ඤාණං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අජ‍්ඣත‍්තං වා බහිද‍්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන‍්තිකෙ වා, සබ‍්බං විඤ‍්ඤාණං නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තාති. එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු දූරෙ පාතී හොති.

මහණෙනි, කෙසේ මහණ දූරේ පාතී වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි ඉන්‍ද්‍රියබද්ධ වේවයි අනින්‍ද්‍රිය බද්ධ වේවයි ඖදාරික වේවයි සියුම් වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යමෙක් දුරෙහි වේවයි ලඟ වේවයි, යම් කිසි රූපායතනයෙක් ඇත් ද, තෙල එ හැම රූප මා ගැත්තේ නො වෙයි. මම තෙල රූපයෙම් නො වෙමි. තෙල රූප මාගේ විසිය වැටෙන්නේ නො වෙයි. මෙසේ තෙල යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ වේ ද, යම් කිසි වේදනායෙක් ඇත් ද ... යම් කිසි සංඥායෙක් ඇත් ද ... යම් කිසි සංස්කාරයෝ ඇත් ද ... අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි දළ වේවයි සියුම් වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යමක් දුරෙහි වේවයි ලඟ වේවයි යම් කිසි විඥානයෙක් ඇත් ද, තෙල හැම විඥානය මා ගැත්තේ නො වෙයි මම තෙල විඥානයෙම් නොවෙමි. තෙල විඥානය මාගේ විසිය වැටෙන්නේ නො වෙයි මෙසේ මේ යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ද, මහණෙනි, මෙසේ මහණ ‘දූරේපාතී’ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු අක‍්ඛණවෙධී හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති, අයං දුක‍්ඛසමුදයො’ති යථාභූතං පජානාති, අයං දුක‍්ඛ නිරොධො’ති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු අක‍්ඛණවෙධී හොති.

මහණෙනි, කෙසේ මහණ ‘අක්ඛණවේධී’ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ මේ දුකැ යි තත් වූ පරිදි දනී ද, මේ දුක් උපදනා හේතු යි තත්වූ පරිදි දනී ද, මේ දුක් නැසීමැ යි තත්වූ පරිදි දනී ද, මේ දුක් නැසීමට පමුණුවන පිළිවෙතැ යි තත් වූ පරිදි දනී ද, මහණෙනි, මෙසේ මහණ අක්ඛණවේධී වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු මහතො ච කායස‍්ස පදාලෙතා හොති? ඉධ භික‍්ඛවෙ භික‍්ඛු මහන‍්තං අවිජ‍්ජාක‍්ඛන්‍ධං පදාලෙති. එවං ඛො භික‍්ඛවෙ භික‍්ඛු මහතො කායස‍්ස පදාලෙතා හොති.

මහණෙනි, කෙසේ මහණ මහත් වූ කය බිඳලන්නේ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ මහත් වූ අවිද්‍යාස්කන්‍ධය පළයි. මහණෙනි, මෙසේ මහත් කය පළන්නේ වේ.

ඉමෙහි ඛො භික‍්ඛවෙ චතූහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

මහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.