යෙදුමෙන් කියවන්න

පාටිභොගසුත‍්තං

4. 4. 4. 2.

4. 4. 4. 2.

[පාටිභොගසුත‍්තං]

[පාටිභෝග සූත්‍රය]

32. චතුන‍්නං භික‍්ඛවෙ ධම‍්මානං නත්‍ථි කො චි පාටිභොගො සමණො වා බ්‍රාහ‍්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ‍්මා වා කො චි වා ලොකස‍්මිං. කතමෙසං චතුන‍්නං?

32. මහණෙනි, දහමුන් සතර දෙනකුන්ට මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොවෙ කිසිවෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත. කවර සතර දෙනකුට ය යත්:

ජරාධම‍්මං මා ජීරීති නත්‍ථි කො චි පාටිභොගො සමණො වා බ්‍රාහ‍්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ‍්මා වා කො චි වා ලොකස‍්මිං.

“ජරාධර්‍මය නහමක් දිරාව”යි මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොව කිසිවෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.

ව්‍යාධිධම‍්මං මා ව්‍යාධියීති නත්‍ථි කොචි පාටිභොගො සමණො වා බ්‍රාහ‍්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ‍්මා වා කො චි වා ලොකස‍්මිං.

‘ව්‍යාධිධර්‍මය නහමක් පෙළෙව’යි මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොව කිසි වෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.

මරණධම‍්මං මා මීයීති නත්‍ථි කො චි පාටිභොගො සමණො වා බ්‍රාහ‍්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ‍්මා වා කො චි වා ලොකස‍්මිං.

‘මරණධර්‍මය නහමක් මියේව’යි, මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොව කිසිවෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.

යානි ඛො පන තානි පාපකානි කම‍්මානි සංකිලෙසිකානි පොනොභවිකානි සදරානි දුක‍්ඛවිපාකානි ආයතිං ජාතිජරාමරණිකානි. තෙසං විපාකො මා නිබ‍්බත‍්තීති නත්‍ථි කො චි පාටිභොගො සමණො වා බ්‍රාහ‍්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ‍්මා වා කො චි වා ලොකස‍්මිං.

‘කෙලෙසුන් කරණ, පුනර්‍භවය ගෙණ දෙන, දරථ සහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණ එළවන යම් පාපකර්‍මයෝ ඇත් ද, උන්ගේ විපාකය නහමක් උපදී ව’යි මහණ වේවයි, බමුණු වේවයි, දෙවි වේවයි, මර වේවයි, බඹ වේවයි, ලොවෙ කිසිවෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.

ඉමෙසං ඛො භික‍්ඛවෙ චතුන‍්නං ධම‍්මානං නත්‍ථි කො චි පාටිභොගො සමණො වා බ්‍රාහ‍්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ‍්මා වා කො චි වා ලොකස‍්මින‍්ති.

මහණෙනි, මේ සතර දහමුනට ශ්‍රමණයෙක් වේවයි, බ්‍රාහ්මණයෙක් වේවයි, දේවයෙක් වේවයි, මාරයෙක් වේවයි, බ්‍රහ්මයෙක් වේවයි, ලොව අනෙකෙක් වේවයි ඇප වූ කිසිවෙක් නැත.