යෙදුමෙන් කියවන්න

වස‍්සකාරසුත‍්තං

4. 4. 4. 3.

4. 4. 4. 3.

[වස‍්සකාරසුත‍්තං]

[වස්සකාර සූත්‍රය]

33. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. අථ ඛො වස‍්සකාරො බ්‍රාහ‍්මණො මගධමහාමත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො වස‍්සකාරො බ්‍රාහ‍්මණො මගධමහාමත‍්තො භගවන‍්තං එතදවොච :

33. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එක්බිති මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් මගධ මහාමාත්‍ර වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:

අහං හි භො ගොතම එවංවාදී එවංදිට‍්ඨි: “යො කො චි දිට‍්ඨං භාසති ‘එවං මෙ දිට‍්ඨන‍්ති’ නත්‍ථි තතො දොසො, යො කො චි සුතං භාසති ‘එවං මෙ සුතන‍්ති’ නත්‍ථි තතො දොසො, යො කො චි මුතං භාසති ‘එවං මෙ මුතන‍්ති’ නත්‍ථි තතො දොසො, යො කො චි විඤ‍්ඤාතං භාසති ‘එවං මෙ විඤ‍්ඤාතන‍්ති’ නත්‍ථි තතො දොසොති”

භවත් ගෞතමයන් වහන්ස, “යම් කිසිවෙක් ‘මා විසින් මෙසේ දක්නා ලදැ’යි දුටු දෑ බෙණේ නම් එහි දොසෙක් නැත. ‘මා විසින් මෙසේ අසන ලදැ’යි යම් කිසිවෙක් ඇසූ දෑ බෙණේ නම් එහි දොසෙක් නැත. ‘මා විසින් මෙසේ ස්පර්‍ශ කරණ ලදැ’යි යම් කිසිවෙක් ස්පර්‍ශ කරණ ලද්ද බෙණේ නම් එහි දොසෙක් නැත. ‘මා විසින් මෙසේ දන්නා ලදැ’යි යම් කිසිවෙක් දැනගත් දෑ බෙණේ නම් එහි දොසෙක් නැතැ යි මම මෙබඳු වාද ඇතියෙමි. මෙබඳු දෘෂ්ටි ඇතියෙමි.”

නාහං බ්‍රාහ‍්මණ සබ‍්බං දිට‍්ඨං භාසිතබ‍්බන‍්ති වදාමි. න පනාහං බ්‍රාහ‍්මණ සබ‍්බං දිට‍්ඨං න භාසිතබ‍්බන‍්ති වදාමි. නාහං බ්‍රාහ‍්මණ සබ‍්බං සුතං භාසිතබ‍්බන‍්ති වදාමි. න පනාහං බ්‍රාහ‍්මණ සබ‍්බං සුතං න භාසිතබ‍්බන‍්ති වදාමි. නාහං බ්‍රාහ‍්මණ සබ‍්බං මුතං භාසිතබ‍්බන‍්ති වදාමි. න පනාහං බ්‍රාහ‍්මණ සබ‍්බං මුතං න භාසිතබ‍්බන‍්ති වදාමි. නාහං බ්‍රාහ‍්මණ සබ‍්බං විඤ‍්ඤාතං භාසිතබ‍්බන‍්ති වදාමි. න පනාහං බ්‍රාහ‍්මණ සබ‍්බං විඤ‍්ඤාතං න භාසිතබ‍්බන‍්ති වදාමි.

බමුණ, මම දුටු හැම කියයුතුය යි නොකියමි. බමුණ, මම දුටු හැම නො කියයුතුය යි නො ද කියමි. බමුණ, මම ඇසූ හැම කියයුතුය යි නො ම කියමි. බමුණ මම ඇසූ හැම නො කියයුතුය යි නො ද කියමි. බමුණ, මම හැම (ඵොට්ඨබ්බ ගන්‍ධරස සඞ්ඛ්‍යාතමුතය) කියයුතු ය යි නො ම කියමි. බමුණ, මම හැම මුතය නොකියයුතු ය යි නො ද කියමි. බමුණ, මම හැම විඥාතය (ධම්මාරම්මණ) කියයුතුය යි නො ම කියමි. බමුණ, මම හැම විඥාතය නොකියයුතු ය යි නො ද කියමි.

යං හි බ්‍රාහ‍්මණ දිට‍්ඨං භාසතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති, එවරූපං දිට‍්ඨං න භාසිතබ‍්බන‍්ති වදාමි. යං ච ඛ‍්වාස‍්ස බ්‍රාහ‍්මණ දිට‍්ඨං භාසතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, එවරූපං දිට‍්ඨං භාසිතබ‍්බන‍්ති වදාමි.

බමුණ, දුටු යමක් කියන්නහුට අකුසල් දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු දුටු දැය නොකියයුතු ය යි කියමි. බමුණ, යම් දුටු දැයක් කියන්නහුට අකුසල්දහම්හු පිරිහෙත් ද, කුසල් දහම්හු වැඩෙත් ද, මෙබඳු දුටු දැය කියයුතුය යි කියමි.

යං හි බ්‍රාහ‍්මණ සුතං භාසතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති, එවරූපං සුතං න භාසිතබ‍්බන‍්ති වදාමි. යං ච ඛ‍්වාස‍්ස බ්‍රාහ‍්මණ සුතං භාසතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, එවරූපං සුතං භාසිතබ‍්බන‍්ති වදාමි.

බමුණ, යම් ඇසූ දැයක් කියන්නහුට අකුසල්දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු ඇසූ දැය නො කියයුතු ය යි කියමි. බමුණ, යම් ඇසූ දැයක් බණන්නහුට අකුසල්දහම්හු පිරිහෙත් ද, කුසල්දහම්හු වැඩෙත් ද, මෙබඳු ඇසූ දැය කිය යුතුය යි කියමි.

යං හි බ්‍රාහ‍්මණ මුතං භාසතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති, එවරූපං මුතං න භාසිතබ‍්බන‍්ති වදාමි. යං ච ඛ‍්වාස‍්ස බ්‍රාහ‍්මණ මුතං භාසතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති. කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, එවරූපං මුතං භාසිතබ‍්බන‍්ති වදාමි.

බමුණ, යම් මුතයක් බණන්නහුට අකුසල්දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු මුතය නො කියයුතුය යි කියමි. බමුණ, යම් මුතයක් බණන්නහුට අකුසල් දහම්හු පිරිහෙත් ද, කුසල්දහම්හු වැඩෙත් ද, මෙබඳු මුතය කිය යුතුය යි කියමි.

යං හි බ්‍රාහ‍්මණ විඤ‍්ඤාතං භාසතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති, එවරූපං විඤ‍්ඤාතං න භාසිතබ‍්බන‍්ති වදාමි. යං ච ඛ‍්වාස‍්ස බ්‍රාහ‍්මණ විඤ‍්ඤාතං භාසතො අකුසලා ධම‍්මා පරිහායන‍්ති, කුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, එවරූපං විඤ‍්ඤාතං භාසිතබ‍්බන‍්ති වදාමීති.

බමුණ, යම් විඥාතයක් බණන්නහුට අකුසල් දහම්හු වැඩෙත් ද, කුසල්දහම්හු පිරිහෙත් ද, මෙබඳු විඥාතය නොකියයුතු ය යි කියමි. බමුණ, යම් විඥාතයක් බණන්නහුට අකුසල්දහම්හු පිරිහෙත් ද, කුසල්දහම්හු වැඩෙත් ද, මෙබඳු විඥාතය කියයුතුය යි කියමි.

අථ ඛො වස‍්සකාරො බ්‍රාහ‍්මණො මගධමහාමත‍්තො භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමීති.

එකල්හි මගධමහාමාත්‍ර වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනය කොට හුනස්නෙන් නැගී ගියේ ය.