4. බ්රාහ්මණවග්ගො අට්ඨකථා
4. බ්‍රාහ්මණ වර්ගය
1. යොධාජීවසුත්තවණ්ණනා
1. යොධාජීව සූත්‍ර වර්ණනාව
චතුත්ථස්ස පඨමෙ ඨානකුසලොති යෙන ඨානෙන ඨිතො අවිරාධෙත්වා විජ්ඣිතුං සක්කොති, තස්මිං ඨානෙ කුසලො. සෙසං හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං.
සිවුවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි ඨානකුසලො යනු යම් තැනක සිටියේ නොවළහා විදින්නට හැකිවෙයි ද එම ස්ථානයෙහි දක්ෂවූයේයි, සෙස්ස යට කියනලද අයුරින්ම දතයුතුය,
2. පාටිභොගසුත්තවණ්ණනා
2. පාටිභොග සූත්‍ර වර්ණනාව
දුතියෙ නත්ථි කොචි පාටිභොගොති අහං තෙ පාටිභොගොති එවං පාටිභොගො භවිතුං සමත්ථො නාම නත්ථි. ජරාධම්මන්ති ජරාසභාවං. එස නයො සබ්බත්ථ.
දෙවැනි සූත්‍රයෙහි නත්ථි කොචී පාටිභොගො යනු මම මෙහි ඇපකරු වෙමැයි මෙසේ ඇපකරුවකු වීමට සමතෙක් නම් නැත, ජරාධම්මං යනු ජරාස්වභාවයයි, හැමතන්හි මෙම ක්‍රමයයි,
3. වස්සකාරසුත්තවණ්ණනා
3. වස්සකාර සූත්‍ර වර්ණනාව
තතියෙ නත්ථි තතො දොසොති තස්මිං දොසො නාම නත්ථීති අත්ථො.
තෙවැන්නෙහි නත්ථි තතො දොසො යනු එහි දොසක් නම් නැතැයි අර්‍ත්‍ථයි.
4. ජානුස්සොනීසුත්තවණ්ණනා
4. ජාණුස්සොනී සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ කිච්ඡාජීවිතකාරණට්ඨෙන රොගොව රොගාතඞ්කො නාම. ඵුට්ඨස්සාති තෙන රොගාතඞ්කෙන සමන්නාගතස්ස. උරත්තාළිං කන්දතීති උරං තාළෙත්වා රොදති. අකතකල්යාණොතිආදීසු කල්‍යාණං වුච්චති පුඤ්ඤකම්මං, තං අකතං එතෙනාති අකතකල්යාණො. සෙසපදෙසුපි එසෙව නයො. පුඤ්ඤකම්මමෙව හි කොසල්ලසම්භූතත්තා කුසලං, භීතස්ස පරිත්තායකත්තා භීරුත්තාණන්ති වුච්චති. කතපාපොතිආදීසු පාපං වුච්චති ලාමකං අකුසලකම්මං. ලුද්දන්ති කක්ඛළකම්මං. කිබ්බිසන්ති සමලං අපරිසුද්ධකම්මං. කඞ්ඛී හොතීති බුද්ධධම්මසඞ්ඝගුණෙසු චෙව සික්ඛාය ච පුබ්බන්තෙ ච අපරන්තෙ ච පුබ්බන්තාපරන්තෙ ච පටිච්චසමුප්පාදෙ චාති අට්ඨසු ඨානෙසු කඞ්ඛාය සමන්නාගතො හොති. විචිකිච්ඡීති විචිකිච්ඡාය සමන්නාගතො සාසනසද්ධම්මෙ න නිට්ඨං ගතො, උග්ගහපරිපුච්ඡාවසෙන නිට්ඨං ගන්තුං න සක්කොති. ඉමිනා නයෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො.
සිවුවැන්නෙහි ජීවිතය අමාරුවට පත් කිරීමේ අර්ත්ථයෙන් රෝගයම රොගාතඞ්කො නම් පුට්ඨස්ස යනු ඒ රෝගාබාධයෙන් යුක්තවූයේයි, උරත්තාලිං කන්දති යනු පපුවට පහරදෙමින් හඬයි, අකතකල්යාණො යනාදියෙන් කල්‍යාණ යනු පින්කමයි, එය මොහු විසින් නොකරන ලදැයි අකතකල්යාණොයි. සෙසු පදයන්හිද මේ ක්‍රමයමයි, පින්කමම දක්ෂබවට පත් වූ බැවින් කුසලං නමි, බියවූවහු රකින බැවින් භීරුත්තාණං යි කියනු ලැබේ. කතපාපො යනාදියෙහි ලාමක වූ අකුසල කර්මය පාපයි කියනු ලැබේ, ලුදදං යනු රළු කර්මයයි, කිබ්බිසං යනු මල සහිත වූ අපිරිසුදු කර්මයයි, කඞ්ඛී හොති යනු බුද්ධ, ධම්ම, සංඝ යන ගුණයන්හි ද ශික්ෂාවෙහි ද පූර්වාන්තයෙහි ද අපරාන්තයෙහි ද පූර්වාපරාන්තයන්හි ද පටිච්චසමුප්පාදයෙහි ද යන අට තැන්හි සැකයෙන් යුක්තවූයේ වෙයි, වෙචිකිච්ඡි යනු විඡිකිච්ඡාවෙන් යුක්තවූයේ ශාසන සද්ධර්මයෙහි නිමාවට නොගියේ ඉගෙනීම් පිළිවිසීම් වශයෙන් කෙළවරට යාමට නොහැක්කේයි, මේ ක්‍රමයෙන් සියලු තන්හි අර්ත්ථය දතයුතුය.
5. චතුකොටිකසුඤ්ඤතා සුත්තවණ්ණනා
5. චතුකොටික සුඤ්ඤතා සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ බ්රාහ්මණසච්චානීති බ්රාහ්මණානං සච්චානි තථානි. සො තෙන න සමණොති මඤ්ඤතීති සො ඛීණාසවො තෙන සච්චෙන “අහං සමණො”ති තණ්හාමානදිට්ඨීහි න මඤ්ඤති. සෙසපදෙසුපි එසෙව නයො. යදෙව තත්ථ සච්චං, තදභිඤ්ඤායාති යං තත්ථ “සබ්බෙ පාණා අවජ්ඣා”ති පටිපත්තියා සච්චං තථං අවිපරීතං. ඉමිනා වචීසච්චං අබ්භන්තරං කත්වා පරමත්ථසච්චං නිබ්බානං දස්සෙති. තදභිඤ්ඤායාති තං උභයම්පි අභිවිසිට්ඨාය පඤ්ඤාය ජානිත්වා. අනුද්දයාය අනුකම්පාය පටිපන්නො හොතීති අනුද්දයත්ථාය ච අනුකම්පත්ථාය ච යා පටිපදා, තං පටිපන්නො හොති, පූරෙත්වා ඨිතොති අත්ථො. සෙසපටිපදාසුපි එසෙව නයො.
පස්වැන්නෙහි බ්රාහ්මණසච්චානි යනු බ්‍රාහ්මණයන්ගේ සත්‍යයෝයි, වෙනස් නොවන දේයි, සො තෙන න සමණො මඤ්ඤති යනු ඒ ක්ෂීණාශ්රව තෙමේ ඒ සත්‍යයෙන් මම ශ්‍රමණයෙක් වෙමැ’යි තෘෂ්ණා මාන දෘෂ්ටීන්ගෙන් මඤ්ඤනය නොකරයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයයි, යදෙව තත්ථ සච්චං තදභිඤ්ඤාය යනු එහි සියලු ප්‍රාණීහු නොනැසිය යුත්තාහ යන ප්‍රතිපත්තියෙන් යමක් සත්‍ය ද එසේම වේද නොවෙනස් වේද, මෙයින් වාග්සත්යය ඇතුළත් කොට පරමාර්‍ත්‍ථ සත්‍යය වූ නිර්වාණය දක්වයි, තදභිඤ්ඤාය යනු ඒ දෙකම අතිවිශිෂ්ට වූ ප්‍රඥාවෙන් දැනයි, අනුද්දයාය අනුකම්පාය පටිපන්නො හොති යනු කරුණාවෙන් ද අනුකම්පාවෙන් ද යම් පිළිවෙතක් වේද එයට පිළිපන්නේ වෙයි, පුරවා සිටියේයි අර්‍ත්‍ථයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි,
සබ්බෙ කාමාති සබ්බෙ වත්ථුකාමකිලෙසකාමා. ඉති වදං බ්රාහ්මණො සච්චමාහාති එවම්පි වදන්තො ඛීණාසවබ්රාහ්මණො සච්චමෙව ආහ. සබ්බෙ භවාති කාමභවාදයො තයොපි. නාහං ක්වචනීති එත්ථ පන චතුක්කොටිකසුඤ්ඤතා කථිතා. අයඤ්හි “නාහං ක්වචනී”ති ක්වචි අත්තානං න පස්සති, කස්සචි කිඤ්චනතස්මින්ති අත්තනො අත්තානං කස්සචි පරස්ස කිඤ්චනභාවෙ උපනෙතබ්බං න පස්සති, භාතිට්ඨානෙ භාතරං, සහායට්ඨානෙ සහායං, පරික්ඛාරට්ඨානෙ වා පරික්ඛාරං මඤ්ඤිත්වා උපනෙතබ්බං න පස්සතීති අත්ථො. න ච මම ක්වචනීති එත්ථ මමසද්දං තාව ඨපෙත්වා “න ච ක්වචනි පරස්ස ච අත්තානං ක්වචි න පස්සතී”ති අයමත්ථො. ඉදානි “මමසද්දං ආහරිත්වා මම කිස්මිඤ්චි කිඤ්චනං නත්ථී”ති සො පරස්ස අත්තා මම කිස්මිඤ්චි කිඤ්චනභාවෙ අත්ථීති න පස්සති, අත්තනො භාතිට්ඨානෙ භාතරං, සහායට්ඨානෙ සහායං, පරික්ඛාරට්ඨානෙ වා පරික්ඛාරන්ති කිස්මිඤ්චි ඨානෙ පරස්ස අත්තානං ඉමිනා කිඤ්චනභාවෙන උපනෙතබ්බං න පස්සතීති අත්ථො. එවමයං යස්මා නෙව කත්ථචි අත්තානං පස්සති, න තං පරස්ස කිඤ්චනභාවෙ උපනෙතබ්බං පස්සති, න පරස්ස අත්තානං පස්සති, න පරස්ස අත්තානං අත්තනො කිඤ්චනභාවෙ උපනෙතබ්බං පස්සතීති. ඉති වදං බ්රාහ්මණොති එවං චතුක්කොටිකං සුඤ්ඤතං වදන්තොපි ඛීණාසවබ්රාහ්මණො තස්සා පටිපදාය සම්මා පටිවිද්ධත්තා සච්චමෙව ආහ, න මුසාති සබ්බෙසුපි වාරෙසු මඤ්ඤනානං පහීනත්තායෙව න මඤ්ඤතීති ච අත්ථො වෙදිතබ්බො. ආකිඤ්චඤ්ඤංයෙව පටිපදන්ති කිඤ්චනභාවවිරහිතං නිප්පලිබොධං නිග්ගහණමෙව පටිපදං පටිපන්නො හොති පූරෙත්වා ඨිතො.
සබ්බෙ කාමා යනු සියලු වස්තුකාම ක්ලේශ කාමයෝයි, ඉතිවදං බ්රාහ්මණො සච්චමාහ යනු මෙසේ ද කියන්නා වූ ක්ෂීණාශ්රව බ්‍රාහ්මණ තෙමේ සත්‍යයම කීවේය. සබ්බො භවා කාමභවාදීවූ තුනයි, නාහං කච්චනි යන මෙහි වනාහි චතුෂ්කෝටික වූ ශුන්‍යතාව කියන ලදි, මේ “නාහං කච්චනි” යනු කිසිතැනක තමා නොදකියි, කස්සචී කිඤ්චනතස්මිං යනු තමාගේ ආත්මය අන්කිසිවකුගේ යමක් බවෙහිලා සලකා නොබලයි, සහෝදරස්ථානයෙහි සහෝදරයා ද සහායස්ථානයෙහි සහායයා ද පරිෂ්කාරස්ථානයෙහි පරිෂ්කාර ද ලෙස සිතා එළවිය යුත්තක් කොට නොබලයි යන අරුත්ය, න ච මම කච්ඡිති යන මෙහි මම ශබ්දය එපමණකින් තබා න ච ක්වචනි යනු අනුන්ගේ කිසි ආත්මයක් ද නොදකියි යන මේ අර්ථයයි, දැන් ‘මම’ ශබ්දය ගෙනහැර දක්වා මගේ කිසිවක් කිසිතැනක නැතැයි යමෙක් අනුන්ගේ ආත්මය මගේ කිසිතැනක කිසිවක් ලෙස නොබලයි, තමන්ගේ සහෝදර ස්ථානයෙහි පරිෂ්කාරය දැයි කිසිදු තැනක අනුන්ගේ ආත්මය මේ යමක් බවෙහි එළවිය යුත්තක් කොට නොබලයි යන අර්ත්ථයයි, මෙසේ මෙතෙම කිසිතැනක තමා නොදකියි ද එය අනුන්ගේ යම්කිසිවක් කොට එළවිය යුත්තක් ලෙස නොබලයි, අනුන්ගේ ආත්මය නොබලයි, අනුන්ගේ (ආත්මය) තමන්ගේ යම්කිසිවක් බවෙහිලා සැලකියයුතු කොට නොබලයි, ඉතිවදං බ්රාහ්මණො යනු චතුස්කෝටික ශුන්‍යතාව කියන්නා වූ ද ක්ෂීණාශ්රව බ්‍රාහ්මණ තෙමේ ඒ ප්‍රතිපදාවෙහි මනාව වටහාගත් බැවින් සත්‍යයම කීවේය, මුසාවක් නොවේයයිද සියලු වාරයන්හි මඤ්ඤනාවන් ප්‍රහීනවූ බැවින්ම මඤ්ඤනා නොකරන්නේයයි ද අර්ත්ථය දතයුතුයි, ආකිඤ්චඤ්ඤංයෙව පටිපදං යනු කිසියම්බවින් තොර වූ උවදුරු රහිත අල්ලාගැනීමක් නැති ප්‍රතිපදාවයි, පටිපන්නො යනු සපුරා සිටියේයි,
ඉමානි ඛො පරිබ්බාජකා චත්තාරි බ්රාහ්මණසච්චානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානීති යානි තුම්හෙ භොවාදිබ්රාහ්මණානං සච්චානි වදෙථ, තෙහි අඤ්ඤානි මයා ඉමානි බාහිතපාපබ්රාහ්මණස්ස චත්තාරි සච්චානි චතූහි මග්ගෙහි සොළසවිධෙන කිච්චෙන ජානිත්වා පච්චක්ඛං කත්වා පවෙදිතානි දෙසිතානි ජොතිතානීති අත්ථො. ඉති ඉමස්මිං සුත්තෙ චතූසුපි ඨානෙසු ඛීණාසවස්ස වචීසච්චමෙව කථිතන්ති.
ඉමානි ඛො පරිබ්බාජකා චත්තාරී බ්‍රාහ්මණ සච්චානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි යනු නුඹලා භොවාදිබ්රාහ්මණයන්ගේ යම් සත්‍යයක් කියහුද අප විසින් ඒවායින් අන්‍ය වූ බහා තැබූ පව් ඇති බ්‍රාහ්මණයාගේ මේ සත්‍ය සතර සිවුමගෙහි සොළොස් ආකාර වූ කෘත්‍යයෙන් දැන ප්රත්යක්ෂ කොට දන්නා ලදි, දෙසන ලදි. බබුළුවන ලදැයි අර්‍ත්‍ථයි, මෙසේ මේ සූත්‍රයෙහි සතර තන්හිම ක්ෂීණාශ්රවයාගේ වාග් සත්‍යයම කියන ලදි.
6. බහුස්සුතසුත්තවණ්ණනා
6. බහුස්සුත සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ පරිකස්සතීති ආකඩ්ඪියති. උම්මග්ගොති උම්මුජ්ජනං, පඤ්ඤාගමනන්ති අත්ථො. පඤ්ඤා එව වා උම්මුජ්ජනට්ඨෙන උම්මග්ගොති වුච්චති. සාව පටිභානට්ඨෙන පටිභානං. චිත්තස්ස උප්පන්නස්ස වසං ගච්ඡතීති යෙ චිත්තස්ස වසං ගච්ඡන්ති, තෙසංයෙවෙත්ථ ගහණං වෙදිතබ්බං. අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤායාති අත්ථඤ්ච පාළිඤ්ච ජානිත්වා. ධම්මානුධම්මප්පටිපන්නො හොතීති ලොකුත්තරධම්මස්ස අනුච්ඡවිකධම්මං සහ සීලෙන පුබ්බභාගප්පටිපදං පටිපන්නො හොති. නිබ්බෙධිකපඤ්ඤොති නිබ්බිජ්ඣනකපඤ්ඤො. ඉදං දුක්ඛන්ති ඨපෙත්වා තණ්හං සෙසං තෙභූමකක්ඛන්ධපඤ්චකං දුක්ඛන්ති සුතං හොති. පඤ්ඤායාති මග්ගපඤ්ඤාය. අයං දුක්ඛසමුදයොති වට්ටමූලකතණ්හා තස්ස දුක්ඛස්ස සමුදයොති සුතං හොති. ඉමිනා උපායෙන සෙසද්වයෙපි අත්ථො වෙදිතබ්බො. චතුත්ථපඤ්හවිස්සජ්ජනෙන අරහත්තඵලං කථිතන්ති වෙදිතබ්බං.
සයවැන්නෙහි පරිකස්සති යනු අදිනු ලබයි, උම්මග්ගො යනු උඩට මතුව ඒමයි, ප්‍රඥාව පැමිණීම යන අර්ත්ථයයි, ප්‍රඥාව හෝ උඩට මතුවීමේ අරුතින් උම්මග්ගොයි කියනු ලැබේ, එම ප්‍රඥාවම වැටහීමේ අර්ථයෙන් පටිභානං නමි, චිත්තස්ස උප්පන්නස්ස වසං ගච්ඡති යනු යමෙක් සිතේ වසඟයට යත්ද ඔවුනටම මෙහි ග්‍රහණය දතයුතුයි, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය යනු, අර්ත්ථ කථාව ද පෙළ ද දැනයි, ධම්මානුධම්මපටිපන්නො හොති යනු ලොවුතුරු දහමට ගැලපෙන ධර්මයට සහ ශීලයෙන් පූර්වභාග ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි, නිබ්බෙධික පඤ්ඤො යනු නිර්වේදයට පමුණුවන ප්‍රඥාව ඇත්තේයි, ඉදං දුක්ඛං යනු තෘෂ්ණාව හැර ඉතිරි ත්‍රෛභූමික ස්කන්ධ පංචකය දුකයයි අසන ලද්දේ වෙයි, පඤ්ඤාය යනු මාර්ගප්රඥාවෙනි, අයං දුක්ඛසමුදයො යනු සංසාරමූලක තෘෂ්ණාව ඒ දුකේ හේතුව යයි අසන ලද්දේ වෙයි, මේ ක්‍රමයෙන් සෙසු දෙකෙහි ද අර්ත්ථය දතයුතුය, සිවුවැනි ප්රශ්නය විසඳීමෙන් අරහත් ඵලය කියන ලදැයි දතයුතුය.
7. දුතියවස්සකාරසුත්තවණ්ණනා
7. ද්වතීයවස්සකාර සූත්‍ර වර්ණනාව
සත්තමෙ තොදෙය්යස්සාති තුදිගාමවාසිකස්ස. පරිසතීති සන්නිපතිතාය පරිසාය. පරූපාරම්භං වත්තෙන්තීති පරගරහං පවත්තෙන්ති කථෙන්ති. බාලො අයං රාජාතිආදි යං තෙ උපාරම්භං වත්තෙන්ති, තස්ස දස්සනත්ථං වුත්තං. සමණෙ රාමපුත්තෙති උදකෙ රාමපුත්තෙ. අභිප්පසන්නොති අතික්කම්ම පසන්නො. පරමනිපච්චකාරන්ති උත්තමනිපාතකිරියං නීචවුත්තිං. පරිහාරකාති පරිචාරකා. යමකොතිආදීනි තෙසං නාමානි. තෙසු හි එකො යමකො නාම, එකො මොග්ගල්ලො නාම, එකො උග්ගො නාම, එකො නාවින්දකී නාම, එකො ගන්ධබ්බො නාම, එකො අග්ගිවෙස්සො නාම. ත්යාස්සුදන්ති එත්ථ අස්සුදන්ති නිපාතමත්තං, තෙ අත්තනො පරිසති නිසින්නෙති අත්ථො. ඉමිනා නයෙන නෙතීති ඉමිනා කාරණෙන අනුනෙති ජානාපෙති. කරණීයාධිකරණීයෙසූති පණ්ඩිතෙහි කත්තබ්බකිච්චෙසු ච අතිරෙකකත්තබ්බකිච්චෙසු ච. වචනීයාධිවචනීයෙසූති වත්තබ්බෙසු ච අතිරෙකවත්තබ්බෙසු ච. අලමත්ථදසතරෙහීති එත්ථ අත්ථෙ පස්සිතුං සමත්ථා අලමත්ථදසා, තෙ අතිසිත්වා ඨිතා අලමත්ථදසතරා, තෙහි අලමත්ථදසතරෙහි. අලමත්ථදසතරොති අලමත්ථදසතාය උත්තරිතරො, ඡෙකෙහි ඡෙකතරො පණ්ඩිතෙහි පණ්ඩිතතරොති පුච්ඡන්තො එවමාහ. අථස්ස තෙ පටිපුච්ඡන්තා එවං භොතිආදිමාහංසු. ඉති බ්රාහ්මණො අත්තනො සප්පුරිසතාය තං එළෙය්යරාජානම්පි තස්ස පරිවාරිකෙපි උදකම්පි රාමපුත්තං පසංසි. අන්ධො විය හි අසප්පුරිසො, චක්ඛුමා විය සප්පුරිසො. යථා අන්ධො නෙව අනන්ධං න අන්ධං පස්සති, එවං අසප්පුරිසො නෙව සප්පුරිසං න අසප්පුරිසං ජානාති. යථා චක්ඛුමා අන්ධම්පි අනන්ධම්පි පස්සති, එවං සප්පුරිසො සප්පුරිසම්පි අසප්පුරිසම්පි ජානාති. තොදෙය්යොපි සප්පුරිසතාය අසප්පුරිසෙ අඤ්ඤාසීති ඉමමත්ථවසං පටිච්ච තුට්ඨමානසො බ්රාහ්මණො අච්ඡරියං භො, ගොතමාතිආදීනි වත්වා තථාගතස්ස භාසිතං අනුමොදිත්වා පක්කාමි.
සත්වැන්නෙහි තොදෙය්යස්ස යනු තුදිගම් වැසියාගේයි, පරිසතිං යනු රැස් වූ පිරිසේයි. පරෑපාරම්හං වත්තෙන්ති යනු අනුන්ට ගැරහීම පවත්වති, කියති. බාලො අයං රාජා යනාදිය ඔවුහු යම් ගැරහීමක් කරත්ද, එය දැක්වීම සඳහා කියන ලදි, සමණෙ රාමපුත්තෙ යනු උද්දකරාමපුත්රයන් කෙරෙහිය, අභිප්පසන්නො යනු ඉක්මවා පැහැදුණේයි, පරමනිපච්චාකාරං යනු බෙහෙවින්ම පහත් ක්‍රියාවයි, නීච වෘත්තියයි, පරිහාරකා යනු සේවකයෝයි, යමකො යනාදිය ඔවුන්ගේ නම්ය, ඔවුනතුරින් එකෙක් යමක නමි, එකෙක් මොග්ගල්ල නමි, එකෙක් උග්ග නමි. එකෙක් නාවින්දකී නමි, එකෙක් ගන්ධබ්බ නමි, එකෙක් අග්ගිවෙස්ස නමි, ත්යාස්සුදං යනු මෙහි අස්සුදං යනු නිපාත මාත්‍රයකි. ඔවුහු තමන්ගේ පිරිස හුන්කල්හි යන අර්ත්ථයයි, ඉමිනා නයෙන නෙති යනු මෙකරුණින් හඟවයි, දන්වයි, කරණීයාධිකරණීයෙසු යනු පණ්ඩිතයන් විසින් කළ යුතු දෙයෙහි හා අතිරේක කටයුතුවලයි, වචනීයාධිවචනීයෙසු යනු කිවයුතු දෙයෙහි ද අතිරේක කිවයුත්තෙහි ද යනුයි, අලමත්ථදසතරෙහි යනු මෙහි අර්ත්ථය දැකීමට සමත්හු අලමත්ථදසා නමි. ඔවුහු ඉක්මවා සිටියාහු අලමත්ථදසතරායි, ඒ අලමත්ථදස්තරයන්ගෙනි, අලමත්ථදස්තරො යනු අර්ත්ථය දැකීමට සමත් බැවින් ශ්‍රේෂ්ඨවූයේ දක්ෂයන්ගෙන් දක්ෂවූයේ පණ්ඩිතයන්ගෙනුත් අතිශයින් පණ්ඩිතවූයේයි අසන්නේ මෙසේ කීය. ඉක්බිති ඔහුට මනාව විමසන්නා වූ ඔවුහු එවං භො යනාදිය කීවාහුය, මෙසේ බමුණු තෙමේ තමන්ගේ සත්පුරුෂ බවින් ඒ එළෙය්ය රජු ද, ඔහුගේ සේවකයන් ද උද්දකරාම පුත්‍රයන් ද පැසසීය, අසත්පුරුෂයා අන්ධයකු වැනිය, සත්පුරුෂයා ඇස් ඇත්තෙකු වැනිය, අන්ධයා යම්සේ අන්ධ නොවූවකු මෙන්ම අන්ධයකු ද නොදකියි ද එසේ අසත්පුරුෂයා සත්පුරුෂයකු ද අසත්පුරුෂයකු ද නොදනියි. යම්සේ ඇස් ඇත්තා අන්ධයකු මෙන්ම අන්ධ නැත්තකු දකියි ද එසේ සත්පුරුෂයා සත්පුරුෂයකු ද අසත්පුරුෂයකු ද දනියි. තොදෙය්‍ය ද සත්පුරුෂ බවින් අසත්පුරුෂයන් දත්තේයයි මෙය අර්ත්ථ වශයෙන් සලකමින් සතුටු සිතැති බමුණු තෙමේ අච්ඡරියං භො ගොතම යනාදිය කියා තථාගතයන් වහන්සේ කී දෙය අනුමෝදන්ව පිටත්ව ගියේය.
8. උපකසුත්තවණ්ණනා
8. උපක සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ උපකොති තස්ස නාමං. මණ්ඩිකාපුත්තොති මණ්ඩිකාය පුත්තො. උපසඞ්කමීති සො කිර දෙවදත්තස්ස උපට්ඨාකො, “කිං නු ඛො සත්ථා මයි අත්තනො සන්තිකං උපගතෙ වණ්ණං කථෙස්සති, උදාහු අවණ්ණ”න්ති පරිග්ගණ්හනත්ථං උපසඞ්කමි. “නෙරයිකො දෙවදත්තො කප්පට්ඨො අතෙකිච්ඡො”ති (චූළව· 348) වචනං සුත්වා සත්ථාරං ඝට්ටෙතුකාමො උපසඞ්කමීතිපි වදන්ති. පරූපාරම්භං වත්තෙතීති පරගරහං කථෙති. සබ්බො සො න උපපාදෙතීති සබ්බොපි සො කුසලධම්මං න උප්පාදෙති, අත්තනො වා වචනං උපපාදෙතුං අනුච්ඡවිකං කාතුං න සක්කොති. අනුපපාදෙන්තො ගාරය්හො හොතීති කුසලං ධම්මං උප්පාදෙතුං අසක්කොන්තො අත්තනො ච වචනං උපපන්නං අනුච්ඡවිකං කාතුං අසක්කොන්තො ගාරය්හො හොති. උපවජ්ජොති උපවදිතබ්බො ච හොති, වජ්ජෙන වා උපෙතො හොති, සදොසො හොතීති අත්ථො.
අටවැනි සූත්‍රයෙහි උපකො යනු ඔහුගේ නමයි, මණ්ඩිකාපුත්තො යනු මණ්ඩිකාවගේ පුතායි, උපසංකමි යනු හෙතෙම දෙව්දත් තෙරුන්ගේ උපස්ථායකයෙක් වූයේ කිමෙක්ද? ශාස්තෲන් වහන්සේ මා තමන් වෙතට එළඹුණු විට ගුණ කියන සේක්ද නැතහොත් නුගුණ කියන සේක්දැයි විමසනු සඳහා එළඹියේය, ‘දෙව්දත් නිරාගතවූවෙකි, කල්පයක් එහි සිටින්නෙකි, පිළියම් කළ නොහැකෙක්කි’යි අසා ශාස්තෲන් වහන්සේට නින්දා කරනු සඳහා එළඹියේ යයි ද කියත්, පරූපාරම්හං වත්තෙති යනු අනුන් ගැරහීම කරයි, සබ්බො සො න උප්පාදෙති යනු හෙතෙම කුසල්දහම් නොඋපදවයි, තමන්ගේ වචනය ඉටු කිරීමට සුදුස්සක් කිරීමට හෝ නොහැක්කේයි, අනුප්පාදෙන්තො ගාරය්හො හොති යනු කුසල්දහම් ඉටුකිරීමට නොහැක්කේ තමන්ගේ වචනය ඉටුකිරීමට සුදුස්සක් කිරීමට නොහැක්කේ ගැරහිය යුත්තෙක් වෙයි. ගැරහීමට පැමිණෙයි, උපවජ්ජො යනු දොස්නැගිය යුත්තේ ද වෙයි. වරදින් යුක්තවූයේ හෝ වෙයි, දොස් සහිතවූයේයි අරුත්ය,
අථ භගවා තස්ස වාදං ගහෙත්වා තස්සෙව ගීවාය පටිමුඤ්චන්තො පරූපාරම්භන්තිආදිමාහ. උම්මුජ්ජමානකංයෙවාති උදකතො සීසං උක්ඛිපන්තංයෙව. තත්ථ අපරිමාණා පදාතිආදීසු තස්මිං අකුසලන්ති පඤ්ඤාපනෙ පදානිපි අක්ඛරානිපි ධම්මදෙසනාපි අපරිමාණායෙව. ඉතිපිදං අකුසලන්ති ඉදම්පි අකුසලං ඉදම්පි අකුසලං ඉමිනාපි කාරණෙන ඉමිනාපි කාරණෙන අකුසලන්ති එවං අකුසලපඤ්ඤත්තියං ආගතානිපි අපරිමාණානි. අථාපි අඤ්ඤෙනාකාරෙන තථාගතො තං ධම්මං දෙසෙය්ය, එවම්පිස්ස දෙසනා අපරිමාණා භවෙය්ය. යථාහ – “අපරියාදින්නාවස්ස තථාගතස්ස ධම්මදෙසනා, අපරියාදින්නං ධම්මපදබ්යඤ්ජන”න්ති (ම· නි· 1.161). ඉමිනා උපායෙන සබ්බවාරෙසු අත්ථො වෙදිතබ්බො. යාව ධංසී වතායන්ති යාව ගුණධංසී වත අයං. ලොණකාරදාරකොති ලොණකාරගාමදාරකො. යත්ර හි නාමාති යො හි නාම. ආසාදෙතබ්බං මඤ්ඤිස්සතීති ඝට්ටෙතබ්බං මඤ්ඤිස්සති. අපෙහීති අපගච්ඡ, මා මෙ පුරතො අට්ඨාසි. එවඤ්ච පන වත්වා ගීවාය ගණ්හාපෙත්වා නික්කඩ්ඪාපෙසියෙවාති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ වාදය ගෙන ඔහුගේම ගෙලෙහි බඳින සේක් පරූපාරම්හඤ්ච යනාදිය වදාළ සේක, උම්මුජ්ජමානකංයෙව යනු දියෙන් හිස ඔසවන්නකුමයි, එහි අපරිමාණපදා යනාදියෙහි එහි අකුශලයයි හඟවන පදයෝ ද අකුරු ද දම්දෙසුම් ද අප්රමාණමය, ඉතිපිදං අකුසලං යනු මෙය ද අකුසල්ය, මෙය ද අකුසල්ය යන මේ කරුණින් ද, මෙකරුණින් ද අකුසලයයි මෙසේ අකුසල් පැනවීමෙහි පැමිණි දෙය දැනුදු අප්‍රමාණය, තවද තථාගතයන් වහන්සේ අන් අයුරකින් ඒ ධර්මය දේශනා කරන්නේ නම් එසේද, ධර්ම දේශනාව අප්‍රමාණ වන්නේය, එහෙයින් කියන ලදි. “අපරියාදින්නා වාස්ස තථාගතස්ස ධම්මදෙසනා අපරියාදිණ්ණං ධම්මපදඛ්යංජනං” යනුවෙනි. මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි අර්ත්ථය දතයුතුයි, යාව ධංසිවායං යනු යම්තාක් ගුණනැසීමක් වේද එයයි, ලොණකාරකදාරකො යනු ලොණකාර ගමේ දරුවෙකි, යත්ර හි නාම යනු යමෙක් නම් යනුයි, ආසාදෙතබ්බං මඤ්ඤිස්සති යනු නින්දා කළ යුත්තෙකැයි හඟින්නේය, අපෙහි යනු ඉවත් වෙව, මා ඉදිරියෙහි නොසිටුව යනුයි. මෙසේද කියා ගෙලෙන් අල්වා ගන්වමින් ඉවතට ඇද දැම්මේය.
9. සච්ඡිකරණීය සුත්තවණ්ණනා
9. සච්ඡිකරණීය සූත්‍ර වර්ණනාව
නවමෙ කායෙනාති නාමකායෙන. සච්ඡිකරණීයාති පච්චක්ඛං කාතබ්බා. සතියාති පුබ්බෙනිවාසානුස්සතියා. චක්ඛුනාති දිබ්බචක්ඛුනා. පඤ්ඤායාති ඣානපඤ්ඤාය විපස්සනාපඤ්ඤා සච්ඡිකාතබ්බා, විපස්සනාපඤ්ඤාය මග්ගපඤ්ඤා, මග්ගපඤ්ඤාය ඵලපඤ්ඤා, ඵලපඤ්ඤාය පච්චවෙක්ඛණපඤ්ඤා සච්ඡිකාතබ්බා, පත්තබ්බාති අත්ථො. ආසවානං ඛයසඞ්ඛාතං පන අරහත්තං පච්චවෙක්ඛණවසෙන පච්චවෙක්ඛණපඤ්ඤාය සච්ඡිකරණීයං නාමාති.
නවවැන්නෙහි කායෙන යනු නාමකායයෙනි, සච්ඡිකරණියා යනු ප්රත්යක්ෂ කළයුත්තේයි, සතියා යනු පුබ්බේනිවාසානුස්සතියෙනි, චක්ඛුනා යනු දිවැසිනි, පඤ්ඤාය යනු ධ්‍යාන ප්‍රඥාවෙන් විදර්ශනා ප්‍රඥාව, ප්රත්යක්ෂ කළයුතුය, විදර්ශනා ප්‍රඥාවෙන් මාර්ගප්රඥාව, මාර්ග ප්‍රඥාවෙන් ඵලප්‍රඥාව, ඵල ප්‍රඥාවෙන් ප්රත්යවෙක්ෂණ ප්‍රඥාව ප්රත්යක්ෂ කළ යුතුය, පැමිණිය යුතුයයි අර්‍ත්‍ථයි, ආශ්‍රවයන් ක්ෂය කිරීම් සංඛ්‍යාත අරහත්වය ප්රත්යවෙක්ෂණා වශයෙන් ප්රත්යවෙක්ෂණ ප්‍රඥාවෙන් ප්රත්යක්ෂ කළයුත්තේ නම් වෙයි.
10. භික්ඛුසඞ්ඝථොමන සුත්තවණ්ණනා
10. භික්ඛුසඞ්ඝථොමන සූත්‍ර වර්ණනාව
දසමෙ තුණ්හීභූතං තුණ්හීභූතන්ති යතො යතො අනුවිලොකෙති, තතො තතො තුණ්හීභූතමෙව. භික්ඛූ ආමන්තෙසීති පටිපත්තිසම්පන්නෙ භික්ඛූ පසන්නෙහි චක්ඛූහි අනුවිලොකෙත්වා උප්පන්නධම්මපාමොජ්ජො ථොමෙතුකාමතාය ආමන්තෙසි. අපලාපාති පලාපරහිතා. ඉතරං තස්සෙව වෙවචනං. සුද්ධාති නිම්මලා. සාරෙ පතිට්ඨිතාති සීලාදිසාරෙ පතිට්ඨිතා. අලන්ති යුත්තං. යොජනගණනානීති එකං යොජනං යොජනමෙව, දසපි යොජනානි යොජනානෙව. තතො උද්ධං “යොජනගණනානී”ති වුච්චති. ඉධ පන යොජනසතම්පි යොජනසහස්සම්පි අධිප්පෙතං. පුටොසෙනාපීති පුටොසං වුච්චති පාථෙය්‍යං, පාථෙය්‍යං ගහෙත්වාපි උපසඞ්කමිතුං යුත්තමෙවාති අත්ථො. පුටංසෙනාතිපි පාඨො. තස්සත්ථො – පුටො අංසෙ අස්සාති පුටංසො, තෙන පුටංසෙන, අංසෙන පාථෙය්යපුටං වහන්තෙනාපීති වුත්තං හොති.
දසවැන්නෙහි තුණ්හිභූතං තුණ්හිභූතං යනු යම් යම් ලෙසකින් විමසා බලයිද ඒ ඒ ලෙසින් නිහඬවීය, භික්ඛු ආමන්තෙසි යනු ප්‍රතිපත්තියෙන් යුක්ත වූ භික්ෂූන් පසන් ඇසින් බලා උපන් දහම් සතුට ඇත්තේ තුනීකරනු කැමැත්තෙන් ඇමතීය, අපලාපා යනු ප්‍රලාප රහිතවූවෝයි, සෙස ඊටම පර්‍ය්‍යාය වචනයකි. සුද්ධා යන නිර්මල වූවෝයි, සාරෙ පතිට්ඨිතා යනු සීලාදී වූ හරයෙහි පිහිටියෝයි, අලං යනු සුදුසුවූයි, යොජනගණා යනු එක් යොදුනක් යොදුනමය, දසයොදුනකුදු යොදුන්මය, එයින් මත්තෙහි යොජනගණ යයි කියනු ලැබේ. මෙහි වනාහි යොදුන් සියයක් වුව ද යොදුන් දහසක් වුව ද අදහස් කරන ලදි, පුටොසෙනාපි යනු මාර්ගොපකරණ පුටොසංයි කියනු ලැබේ, මාර්ගොපකරණ ගෙන ද එළඹීමට සුදුසුමය යන අර්‍ත්‍ථයි, පුටංසෙන යනු ද පාඨයි, පුටය (ඔලගුව) ඔහුගේ උරයෙහි වේ යනු එහි අර්ත්ථයයි, අංශයකින් මාර්ගොපකරණ ගෙන යන පුටය උසුලන්නහු විසින්දැයි කියන ලද්දේ වෙයි,
ඉදානි එවරූපෙහි එවරූපෙහි ච ගුණෙහි සමන්නාගතා එත්ථ භික්ඛූ අත්ථීති දස්සෙතුං සන්ති භික්ඛවෙතිආදිමාහ. තත්ථ දෙවප්පත්තාති උපපත්තිදෙවනිබ්බත්තකං දිබ්බවිහාරං දිබ්බවිහාරෙන ච අරහත්තං පත්තා. බ්රහ්මප්පත්තාති නිද්දොසට්ඨෙන බ්රහ්මභාවසාධකං බ්රහ්මවිහාරං බ්රහ්මවිහාරෙන ච අරහත්තං පත්තා. ආනෙඤ්ජප්පත්තාති අනිඤ්ජනභාවසාධකං ආනෙඤ්ජං ආනෙඤ්ජෙන ච අරහත්තං පත්තා. අරියප්පත්තාති පුථුජ්ජනභාවං අතික්කම්ම අරියභාවං පත්තා. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු දෙවප්පත්තො හොතීතිආදීසු එවං රූපාවචරචතුත්ථජ්ඣානෙ ඨත්වා චිත්තං විවට්ටෙත්වා අරහත්තං පත්තො දෙවප්පත්තො නාම හොති, චතූසු බ්රහ්මවිහාරෙසු ඨත්වා චිත්තං විවට්ටෙත්වා අරහත්තං පත්තො බ්රහ්මප්පත්තො නාම, චතූසු අරූපජ්ඣානෙසු ඨත්වා චිත්තං විවට්ටෙත්වා අරහත්තං පත්තො ආනෙඤ්ජප්පත්තො නාම. ඉදං දුක්ඛන්තිආදීහි චතූහි සච්චෙහි චත්තාරො මග්ගා තීණි ච ඵලානි කථිතානි. තස්මා ඉමං අරියධම්මං පත්තො භික්ඛු අරියප්පත්තො නාම හොතීති.
දැන් මෙබඳු වූ ගුණයන්ගෙන් යුක්තවූයේ මෙහි භික්ෂූහු ඇතැයි දැක්වීමට “සන්ති භික්ඛවේ” යනාදිය කීවේය, එහි දෙවපත්තා යනු උප්පත්ති දේවත්වය ඇතිකරවන්නා වූ දිව්‍ය විහාරයට ද දිව්‍ය විහාරයෙන් අරහත්වයට ද පත්වූවෝයි, බ්‍රහ්මප්පත්තා යනු නිදොස් අරුතින් බ්‍රහ්මබව ඇතිකරවන බඹ විහරණය ද බඹවිහරණයෙන් රහත්බවට ද පත්වූවෝයි, ආනෙජ්ජප්පත්තා යනු නොසැලෙන බව ඇතිකරවන ආනෙජ්ජයට ද ආනෙජ්ජයෙන් රහත්බවට ද පත් වූවෝයි, අරියප්පත්තා යනු පෘථග්ජනභාවය ඉක්මවා ආර්යභාවයට පත්වූවාහුයි, එවං ඛො භික්ඛවෙ භික්ඛු දෙවප්පත්තො හොති යනාදියෙහි මෙසේ රූපාවචර චතුර්ථධ්යානයෙහි සිට සිත හරවා රහත් බවට පැමිණියේ දෙවපත්ත නම් වෙයි, සතර බඹ විහරණයන්හි සිට සිත හරවා රහත්බවට පැමිණියේ බ්රහ්මප්පත්ත නමි, සතර අරූපධයානයන්හි සිට සිත හරවා රහත්බවට පැමිණියේ අනෙජ්ජප්පත්ත නමි, ඉදං දුක්ඛං යනාදියෙහි සතර සත්‍යයන්ගෙන් මාර්ගසතර ද ඵලතුන ද කියන ලදි, එහෙයින් මෙම ආර්යධර්මයට පැමිණි භික්ෂුව අරියප්පත්ත නම් වෙයි.
බ්රාහ්මණවග්ගො චතුත්ථො.
සතර වැනිවූ බ්‍රාහ්මණ වර්ගයයි.