චතුකොටිකසුඤ්ඤතා සුත්තං
4. 4. 4. 5.
4. 4. 4. 5.
[චතුකොටිකසුඤ්ඤතා සුත්තං]
[චතුකෝටික සුඤ්ඤතා සූත්‍රය]
35. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා පරිබ්බාජකා සප්පිනිකා තීරෙ පරිබ්බාජකාරාමෙ පටිවසන්ති, සෙය්යථිදං: අන්නභාරො වරධරො සකුලුදායී ච පරිබ්බාජකො අඤ්ඤෙ ච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා පරිබ්බාජකා. අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන සප්පිනිකාතීරෙ පරිබ්බාජකාරාමො තෙනුපසඞ්කමි.
35. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්යෙහි වසනසේක. එසමයෙහි අතිප්‍රසිද්ධ බොහෝ පිරිවැජියෝ සප්පිනිකා හෝ තෙර පිරිවැජිඅරම්හි වෙසෙත්. ඔහු කවරයහ යත්: අන්තහාරය, වරධරය, සකලදායි පරිව්රාජකයි. අනෙක් ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පිරිවැජියෝ ද වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පිළිසලනින් නැගි සිටිසේක් සප්පිනිකා හෝ තෙර පිරිවැජිඅරම කරා වැඩි සේක.
තෙන ඛො පන සමයෙන තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි : ඉතිපි බ්රාහ්මණසච්චානි, ඉතිපි බ්රාහ්මණසච්චානීති.
එසමයෙහි රැස්ව හුන් මුළුදුන් ඒ අන්තොටු පිරිවැජියන්ගේ මේ අතුරු කථාව පහළ විය. “බ්‍රාහ්මණසත්‍යයෝ මෙසේ ද වෙත්, බ්‍රාහ්මණ සත්‍යයෝ මෙසේ ද වෙත්” යි කියා යි.
අථ ඛො භගවා යෙන තෙ පරිබ්බාජකා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා තෙ පරිබ්බාජකෙ එතදවොච : කාය නුත්ථ පරිබ්බාජකා එතරහි කථාය සන්නිසින්නා කා ච පන වො අන්තරා කථා විප්පකතාති.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිවැජියන් කරා එළඹියහ. එළඹ පැන් වූ අස්නෙහි වැඩ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ ඒ පිරිවැජියනට තෙල වදාළ සේක: පිරිවැජියෙනි, දැන් කිනම් අතුරු කථායෙකින් රැස්ව හුන්නහු ද? තොපගේ කිනම් අතුරු කථායෙක් අඩහළ වී ද? කියා යි.
ඉධ භො ගොතම අම්හාකං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි: ඉතිපි බ්රාහ්මණසච්චානි, ඉතිපි බ්රාහ්මණසච්චානිති.
භවත් ගෞතමයෙනි, මෙහි රැස්ව හුන් මුළුදුන් අපගේ මේ අතුරු කථාව පහළ විය. “බ්‍රාහ්මණසත්‍යයෝ මෙසේ ද වෙති. බ්‍රාහ්මණසත්‍යයෝ මෙසේ ද වෙති” කියා යි.
චත්තාරිමානි පරිබ්බාජකා බ්රාහ්මණසච්චානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි චත්තාරි?
පිරිවැජියෙනි, මා, තමා විසින් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කරණ ලද මේ සතර බ්‍රාහ්මණසත්‍ය කෙනෙක් ඇත. කවර සතර සත්‍ය කෙනෙක යත්:
ඉධ පරිබ්බාජකා බ්රාහ්මණො එවමාහ : සබ්බෙ පාණා අවජ්ඣාති . ඉති වදං බ්රාහ්මණො සච්චං ආහ, නො මුසා. සො තෙන න සමණොති මඤ්ඤති. න බ්රාහ්මණොති මඤ්ඤති න සෙය්යොහමස්මීති මඤ්ඤති. න සදිසොහමස්මීති මඤ්ඤති. න හීනොහමස්මීති මඤ්ඤති. අපි ච යදෙව තත්ථ සච්චං, තදභිඤ්ඤාය පාණානං යෙව අනුද්දයාය අනුකම්පාය පටිපන්නො හොති.
පිරිවැජියෙනි, මෙලොව ක්ෂීණාස්රව බ්‍රාහ්මණ මෙසේ කියයි: “සියලු ප්‍රාණීහු අවධ්‍යයෝ” ය කියා යි. මෙසේ බණන බමුණු සැබැවක් කියයි. මුසා නො කියයි. හේ ඒ සැබව බිණීමෙන් ‘මම ශ්‍රමණයෙමි’යි (මඤ්ඤනා විසින්) නො හඟියි. ‘මම බ්‍රාහ්මණයෙමි’යි (මඤ්ඤනා විසින්) නො හඟියි. ‘මම ශ්‍රේෂ්ඨයෙමි’යි නො හඟියි. ‘මම සදෘශයෙමි’යි නො හඟියි. ‘මම හීනයෙමි’යි නො හඟියි. තවද එහි යම් ම සැබවෙක් ඇද්ද, ඒ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රාණයන් පිළිබඳ වූ ම දයාවට අනුකම්පාවට පිළිපන්නේ වෙයි.
පුන චපරං පරිබ්බාජකා බ්රාහ්මණො එවමාහ : සබ්බෙ කාමා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මාති. ඉති වදං බ්රාහ්මණො සච්චං ආහ, නො මුසා. සො තෙන න සමණො’ති මඤ්ඤති. න බ්රාහ්මණො’ති මඤ්ඤති. න සෙය්යොහමස්මීති මඤ්ඤති. න සදිසොහමස්මීති මඤ්ඤති. න හීනොහමස්මීති මඤ්ඤති. අපි ච යදෙව තත්ථ සච්චං තදභිඤ්ඤාය කාමානං යෙව නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.
තවද පිරිවැජියෙනි, බමුණු මෙසේ කියයි: “සියලු කාමයෝ අනිත්‍යය හ. දුක්හ. පෙරළෙන සැහැවි ඇතියහ’යි. මෙසේ බණන බමුණු සැබවක් කියයි. මුසා නො කියයි. හේ ඒ සැබව බිණීමෙන් “මම ශ්‍රමණයෙමි”යි මඤ්ඤනා වශයෙන් නො හඟියි. ‘මම බ්‍රාහ්මණයෙමි’යි මඤ්ඤනා වශයෙන් නො හඟියි. ‘මම ශ්‍රේෂ්ඨයෙමි’යි නො හඟියි. ‘මම සදෘශයෙමි’යි නො හඟියි. ‘මම හීනයෙමි’යි නො හඟියි. වැළිත් යම් ම එහි සැබවෙක් ඇද්ද, හේ වෙසෙසින් දැන කාමයන්ගේ ම නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
පුන චපරං පරිබ්බාජකා බ්රාහ්මණො එවමාහ : සබ්බෙ භවා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මාති. ඉති වදං බ්රාහ්මණො සච්චං ආහ, නො මුසා. සො තෙන න සමණො’ති මඤ්ඤති. න බ්රාහ්මණො’ති මඤ්ඤති. න සෙය්යොහමස්මීති මඤ්ඤති. න සදිසොහමස්මීති මඤ්ඤති. න හීනොහමස්මීති මඤ්ඤති. අපි ච යදෙව තත්ථ සච්චං තදභිඤ්ඤාය භවානං යෙව නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති.
තවද පිරිවැජියෙනි, බමුණු මෙසේ කියයි: ‘සියලු භවයෝ අනිත්‍යයහ දුක්හ. පෙරළෙන සැහැවි ඇතියහ යි මෙසේ බණන බමුණු සැබවක් කියයි. මුසා නො කියයි. හේ ඒ සබා බිණීමෙන්, ‘මම ශ්‍රමණයෙමි’යි නො හඟියි. ‘මම බ්‍රාහ්මණයෙමි’යි නොහඟියි. ‘මම ශ්‍රේෂ්ඨයෙමි’යි නො හඟියි. ‘මම සදෘශයෙමි’යි නො හඟියි. ‘මම හීනයෙමි’යි නො හඟියි. වැළිත් යම් ම එහි සැබවෙක් ඇද්ද, එය වෙසෙසින් දැන භවයන්ගේ ම නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
පුන චපරං පරිබ්බාජකා බ්රාහ්මණො එවමාහ : නාහං ක්වචන, කස්සචි කිඤ්චනතස්මිං, න ච මම ක්වචන, කත්ථචි කිඤ්චනතාත්ථීති. ඉති වදං බ්රාහ්මණො සච්චං ආහ, නො මුසා. සො තෙන න සමණො’ති මඤ්ඤති. න බ්රාහ්මණොති මඤ්ඤති. න සෙය්යොහමස්මීති මඤ්ඤති. න සදිසොහමස්මීති මඤ්ඤති. න හීනොහමස්මීති මඤ්ඤති. අපි ච යදෙව තත්ථ සච්චං, තදභිඤ්ඤාය ආකිඤ්චඤ්ඤං යෙව පටිපදං පටිපන්නො හොති.
තවද පිරිවැජියෙනි, බමුණු මෙසේ කියයි. “මම කිසිතැනෙක ආත්ම විසින් නො වෙමි. (මාගේ ආත්මය) කිසිවක්හුගේ කිඤ්චන භාවයෙහි ලාත් නො දක්මි. පරාගේ ආත්මයත් කිසි තැනෙක නො දක්මි. කිසි තැනෙක පරාගේ ආත්මය මාගේ කිඤ්චන භාවයෙහිත් ලා නොදක්මි”යී මෙසේ චතුකෝටික සුඤ්ඤතා බණන බමුණු සැබවක් කියයි. මුසා නො කියයි. හේ ඒ සැබවින් ‘ශ්‍රමණයෙමි’ යි නො හඟියි. ‘බ්‍රාහ්මණයෙමි යි’ නො හඟියි. ‘මම ශ්‍රේෂ්ඨයෙමි’යි නො හඟියි. ‘මම සදෘශයෙමි’යි නො හඟියි. ‘මම හීනයෙමි’යි නො හඟියි. වැළිත් යම් ම එහි සැබවෙක් ඇද්ද, එය වෙසෙසින් දැන අකිඤ්චනභාව සඞ්ඛ්‍යාත ප්‍රතිපදාවට ම පිළිපන්නේ වෙයි.
ඉමානි ඛො පරිබ්බාජකා චත්තාරි බ්රාහ්මණසච්චානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානීති.
පිරිවැජියෙනි, මේ සිවුවැදෑරුම් (ක්ෂීණාස්රව) බ්‍රාහ්මණසත්‍යයෝ තමා විසින් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට මා විසින් ප්‍රකාශ කරණ ලදහ.