බහුස්සුතසුත්තං
4. 4. 4. 6.
4. 4. 4. 6.
[බහුස්සුතසුත්තං]
[බහුස්සුත සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
36. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච :
36. එසඳ එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කෙළේ ය.
කෙන නු ඛො භන්තෙ ලොකො නීයති, කෙන ලොකො පරිකිස්සති, කස්ස ච උප්පන්නස්ස වසං ගච්ඡතීති?
වහන්ස, කවරකු විසින් ලෝකය ගෙණයනු ලැබේ ද? අදනා ලැබේ ද? උපන් කවරක්හුගේ වසයට යේ ද? කියායි.
සාධු සාධු භික්ඛු, භද්දකො ඛො තෙ භික්ඛු උම්මග්ගො, භද්දකං පටිභානං, කල්‍යාණී පරිපුච්ඡා. එවං හි ත්වං භික්ඛු පරිපුච්ඡසි : කෙන නු ඛො භන්තෙ ලොකො නීයති, කෙන ලොකො පරිකිස්සති, කස්ස ච උප්පන්නස්ස වසං ගච්ඡතීති. එවං භන්තෙ.
මහණ, මැනව, මැනව, මහණ තාගේ ප්‍රඥාගමන මැනව, ප්‍රතිභානය මැනව, පරිපෘච්ඡාව කලණය. “වහන්ස, කවරක්හු විසින් ලෝකය ගෙණ යනු ලැබේ ද? කවරක්හු විසින් ලෝකය අදනා ලැබේ ද? උපන් කවරක්හුගේ වසයට යේ දැ” යි මහණ තෝ මෙසේ විචාරන්නෙහි නො වේ ද? වහන්ස, එසේ ය.
චිත්තෙන ඛො භික්ඛු ලොකො නීයති, චිත්තෙන පරිකිස්සති, චිත්තස්ස උප්පන්නස්ස වසං ගච්ඡති.
මහණ, සිත විසින් ලෝකය ගෙණයනු ලැබේ. සිත විසින් අදනා ලැබේ. උපන් චිත්තයාගේ වසයට යෙයි.
සාධු භන්තෙති ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරිං පඤ්හං අපුච්ඡි : බහුස්සුතො ධම්මධරො, බහුස්සුතො ධම්මධරොති වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ බහුස්සුතො ධම්මධරො හොතීති?
‘වහන්ස, මැනවැ’ යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේ වෙතින් මතුයෙහිත් පැණ පිළිවිසී: වහන්ස, ‘බහුශ්‍රැතය ධර්මධරය, බහුශ්‍රැතය ධර්මධරය’ යි කියනු ලැබේ. වහන්ස, ‘කෙපමණෙකින් බහුශ්‍රැතය ධර්මධරය’ යි කියනු ලැබේ ද?
සාධු සාධු භික්ඛු, භද්දකො තෙ භික්ඛු උම්මග්ගො, භද්දකං පටිභානං, කල්‍යාණී පරිපුච්ඡා. එවං හි ත්වං භික්ඛු පුච්ඡසි : බහුස්සුතො ධම්මධරො, බහුස්සුතො ධම්මධරොති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ බහුස්සුතො ධම්මධරො හොතීති? එවං භන්තෙ.
මහණ, මැනව, මැනව, මහණ තාගේ ප්රඥාගමනය මැනව, ප්‍රතිභානය මැනව, පරිපෘච්ඡාව කල්‍යාණය. “වහන්ස, බහුශ්‍රැතය ධර්මධරය, බහුශ්‍රැතය ධර්මධරය යි කියනු ලැබේ. වහන්ස, කෙප මණෙකින් බහුශ්‍රැතය ධර්මධරය කියනු ලැබේ” දැ යි මහණ තෝ මෙසේ විචාරන්නෙහි නොවේ ද? වහන්ස, එසේ ය.
බහු ඛො භික්ඛු මයා ධම්මා දෙසිතා : සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. චතුප්පදාය චෙපි භික්ඛු ගාථාය අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති බහුස්සුතො ධම්මධරොති අලං වචනායාති.
මහණ, මා විසින් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල ය යි බොහෝ දහම්හු දෙසන ලදහ. මහණ, සිවුපැදි ගාථායෙක්හි දු අරුත් දැන පෙළ දැන ධර්මානුධර්මප්රතිපන්නව වෙසේ ද, ‘බහුශ්‍රැතය, ධර්මධරය’ යි කියන්නට නිසි වෙයි.
සාධු භන්තෙති ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරිං පඤ්හං අාපුච්ඡි : සුතවා නිබ්බෙධිකපඤ්ඤො, සුතවා නිබ්බෙධිකපඤ්ඤොති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ සුතවා නිබ්බෙධිකපඤ්ඤො හොතීති?
වහන්ස, මැනවැ යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙණ අනුමෝදන් ව භාග්‍යවතුන් වහන්සේ අතින් මතුයෙහිත් පැණ පිළිවිසී: ‘වහන්ස, ශ්‍රැතවත්ය, කෙලෙස් නිඃශේෂයෙන් ම බිඳ ලන නුවණැත්තෙක, ශ්‍රැතවත්ය, කෙලෙස් නිඃශේෂයෙන් ම බිඳ ලන නුවණැත්තෙකැ’ යි කියනු ලැබේ. වහන්ස, කෙපමණෙකින් ශ්‍රැතවත් නිර්වේධකප්‍රඥා ඇත්තේ වේ ද?
සාධු සාධු භික්ඛු, භද්දකො ඛො තෙ භික්ඛු උම්මග්ගො, භද්දකං පටිභානං, කල්‍යාණී පරිපුච්ඡා. එවං හි ත්වං භික්ඛු පුච්ඡසි : සුතවා නිබ්බෙධිකපඤ්ඤො, සුතවා නිබ්බෙධිකපඤ්ඤොති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ සුතවා නිබ්බෙධිකපඤ්ඤො හොතීති? එවං භන්තෙ.
මහණ, මැනව, මැනව, මහණ, තාගේ ඥානගතිය මැනව, වටහනු මැනව, පිළිවිසුම් භද්‍රය. “ශ්‍රැතවත්ය, නිර්වේධකප්‍රඥා ඇත්තේය, ශ්‍රැතවත්ය නිර්වේධකප්‍රඥා ඇත්තේය” යි කියනු ලැබේ. වහන්ස, කෙපමණෙකින් ශ්‍රැතවත් නිර්වේධකප්‍රඥා ඇත්තේ වේ දැ’ යි මහණ, තෝ මෙසේ විචාරන්නෙහි නො වේ ද? වහන්ස, එසේ ය.
ඉධ භික්ඛු භික්ඛුනො ඉදං දුක්ඛන්ති සුතං හොති, පඤ්ඤාය චස්ස අත්ථං අතිවිජ්ඣ පස්සති. අයං දුක්ඛසමුදයො’ති සුතං හොති, පඤ්ඤාය චස්ස අත්ථං අතිවිජ්ඣ පස්සති. අයං දුක්ඛනිරොධො’ති සුතං හොති, පඤ්ඤාය චස්ස අත්ථං අතිවිජ්ඣ පස්සති. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති සුතං හොති, පඤ්ඤාය චස්ස අත්ථං අතිවිජ්ඣ පස්සති. එවං ඛො භික්ඛු සුතවා නිබ්බෙධිකපඤ්ඤො හොතීති.
මහණ, මෙසස්නෙහි මහණහු විසින් ‘මේ දුකැ’යි අසන ලද්දේ වෙයි. ඔහුගේ මාර්‍ගප්‍රඥායෙන් අර්ත්ථය ඔවිද දක්නේ ය. “මේ දුඃඛසමුදය යි” අසන ලද්දේ වෙයි. ඔහුගේ මග නැණිනුදු බිඳලා දකී. “මේ දුඃඛනිරෝධය”යී අසන ලද්දේ වෙයි. ඔහුගේ මගනැණිනුදු අර්ත්ථය බිඳපියා දකියි. “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි අසන ලද්දේ වෙයි. ඔහුගේ මග නැණිනුත් අර්ත්ථය විනිවිද දකියි. මහණ මෙසේ ‘ශ්‍රැතවත් නිර්වේධකප්‍රඥා ඇත්තේ වේ ය’ යි.
සාධු භන්තෙ’ති ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරිං පඤ්හං ආපුච්ඡි : පණ්ඩිතො මහාපඤ්ඤො, පණ්ඩිතො මහාපඤ්ඤො’ති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ පණ්ඩිතො මහාපඤ්ඤො හොතීති?
වහන්ස, මැනැවැ යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දනා කොට අනුමොව භාග්‍යවතුන් වහන්සේ අතින් මතුයෙහිත් ප්‍රශ්න පිළිවිසී: “වහන්ස, පණ්ඩිතය මහාප්‍රාඥය, පණ්ඩිතය මහාප්‍රාඥය” යි කියනු ලැබේ. වහන්ස, කිපමණෙකින් පණ්ඩිත මහාප්‍රාඥ වේ ද?
සාධු සාධු භික්ඛු භද්දකො ඛො තෙ භික්ඛු උම්මග්ගො, භද්දකං පටිභානං, කල්‍යාණී පරිපුච්ඡා. එවං හි ත්වං භික්ඛු පුච්ඡසි : පණ්ඩිතො මහාපඤ්ඤො, පණ්ඩිතො මහාපඤ්ඤො’ති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ පණ්ඩිතො මහාපඤ්ඤො හොතීති? එවං භන්තෙ.
මහණ, මැනව, මැනව, තාගේ ප්රඥාගතිය භද්‍රය, ප්‍රතිභානය භද්‍රය, පිළිවිසුම් කල්‍යාණය. මහණ, “පණ්ඩිතය මහාප්‍රාඥය, පණ්ඩිතය මහාප්‍රාඥය” යි කියනු ලැබේ. ‘වහන්ස, කිපමණෙකින් පණ්ඩිත මහාප්‍රාඥ වේ දැ’ යි තෝ මෙසේ අසන්නෙහි නො වේ ද? වහන්ස, එසේ ය.
ඉධ භික්ඛු පණ්ඩිතො මහාපඤ්ඤො නෙවත්තව්යාබාධාය චෙතෙති, න පරව්යාබාධාය චෙතෙති, න උභයව්යාබාධාය චෙතෙති. අත්තහිතං පරහිතං උභයහිතං සබ්බලොකහිතමෙව චින්තයමානො චින්තෙති. එවං ඛො භික්ඛු පණ්ඩිතො මහාපඤ්ඤො හොතීති.
මහණ, මෙලොව පණ්ඩිත මහාප්‍රාඥ ආත්මව්‍යාබාධය පිණිස නොසිත යි. පරව්‍යාබාධය පිණිස නොසිතයි. උභයව්‍යාබාධය පිණිස නොසිත යි. සිතන්නේ ද ආත්මහිතය, පරහිතය, උභයහිතය. මෙසේ සර්‍වලෝකහිතය ම හිතයි. මහණ, මෙසේ පණ්ඩිත මහාප්‍රාඥ නම් වේ.