යෙදුමෙන් කියවන්න

දුතියවස‍්සකාරසුත‍්තං

4. 4. 4. 7.

4. 4. 4. 7.

[දුතියවස‍්සකාරසුත‍්තං]

ද්වතීයවස්සකාර සූත්‍රය

37. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. අථ ඛො වස‍්සකාරො බ්‍රාහ‍්මණො මගධමහාමත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො වස‍්සකාරො බ්‍රාහ‍්මණො මගධමහාමත‍්තො භගවන‍්තං එතදවොච :

37. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එක්බිති මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් මගධමහාමාත්‍ර වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:

ජානෙය්‍ය නු ඛො භො ගොතම අසප‍්පුරිසො අසප‍්පුරිසං ‘අසප‍්පුරිසො අයං භවන‍්ති’?

භවත් ගෞතමයන් වහන්ස, ‘මේ භවත් අසත්පුරුෂ’ යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේ වේ ද?

අට‍්ඨානං ඛො එතං බ්‍රාහ‍්මණ අනවකාසො යං අසප‍්පුරිසො අසප‍්පුරිසං ජානෙය්‍ය ‘අසප‍්පුරිසො අයං භවන‍්ති’.

බමුණ, ‘මේ භවත් අසත්පුරුෂය’යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේ ය යන මෙය නොවනසුලු ය. වන්නට අවකාශ ද නැත.

ජානෙය්‍ය පන භො ගොතම අසප‍්පුරිසො සප‍්පුරිසං ‘සප‍්පුරිසො අයං භවන‍්ති?

භවත් ගෞතමයන් වහන්ස, ‘මේ භවත් සත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේ වේ ද?

එතම‍්පි ඛො බ්‍රාහ‍්මණ අට‍්ඨානං අනවකාසො යං අසප‍්පුරිසො සප‍්පුරිසං ජානෙය්‍ය ‘සප‍්පුරිසො අයං භවන‍්ති’

බමුණ, ‘මේ භවත් සත්පුරුෂය’යි අසත්පුරුෂයෙක් සත්පුරුෂයකු දන්නේ ය යන මෙ ද නොවනසුලු ය. වන්නට අවකාශ ද නැත.

ජානෙය්‍ය, පන භො ගොතම සප‍්පුරිසො සප‍්පුරිසං ‘සප‍්පුරිසො අයං භවන‍්ති?

භවත් ගෞතමයන් වහන්ස, ‘මේ භවත් සත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් සත්පුරුෂයකු දැනගන්නේ වේ ද?

ඨානං ඛො එතං බ්‍රාහ‍්මණ විජ‍්ජති, යං සප‍්පුරිසො සප‍්පුරිසං ජානෙය්‍ය ‘සප‍්පුරිසො අයං භවන‍්ති’

බමුණ, ‘මේ භවත් සත්පුරුෂය’යි සත්පුරුෂයෙක් සත්පුරුෂයකු දැනගන්නේ ය යන මෙය වනසුලු ය.

ජානෙය්‍ය පන භො ගොතම සප‍්පුරිසො අසප‍්පුරිසං ‘අසප‍්පුරිසො අයං භවන‍්ති’?

භවත් ගෞතමයන් වහන්ස, ‘මේ භවත් අසත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දැනගන්නේ වේ ද?

එතම‍්පි ඛො බ්‍රාහ‍්මණ ඨානං විජ‍්ජති, යං සප‍්පුරිසො අසප‍්පුරිසං ජානෙය්‍ය ‘අසප‍්පුරිසො අයං භවන‍්ති’.

බමුණ, ‘මේ භවත් අසත්පුරුෂය’යි සත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දැනගන්නේ ය යන මේද වනසුලු වෙයි.

අච‍්ඡරියං භො ගොතම අබ‍්භුතං භො ගොතම, යාව සුභාසිතං චිදං භොතා ගොතමෙන : “අට‍්ඨානං ඛො එතං බ්‍රාහ‍්මණ අනවකාසො යං අසප‍්පුරිසො අසප‍්පුරිසං ජානෙය්‍ය ‘අසප‍්පුරිසො අයං භවන‍්ති.’ එතම‍්පි ඛො බ්‍රාහ‍්මණ අට‍්ඨානං අනවකාසො, යං අසප‍්පුරිසො සප‍්පුරිසං ජානෙය්‍ය ‘සප‍්පුරිසො අයං භවන‍්ති.’ ඨානං ඛො එතං බ්‍රාහ‍්මණ විජ‍්ජති යං සප‍්පුරිසො සප‍්පුරිසං ජානෙය්‍ය ‘සප‍්පුරිසො අයං භවන‍්ති.’ එතම‍්පි ඛො බ්‍රාහ‍්මණ ඨානං විජ‍්ජති, යං සප‍්පුරිසො අසප‍්පුරිසං ජානෙය්‍ය’ අසප‍්පුරිසො අයං භවන‍්ති.’

භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යය, භවත් ගෞතමයන් වහන්ස අද්භූතය, භවත් ගෞතමයන් වහන්සේ විසින් මෙය යාවත් සුභාෂිතය (පරමසුභාෂිතයි). “බමුණා” ‘මේ භවත් අසත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දැනගන්නේ ය යන මේ අකාරණය, වන්නට අවකාශ නැතැයි ද, ‘මේ භවත් සත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් සත්පුරුෂයකු දැනගන්නේ ය යන මෙ ද අහේතුකය, අනවකාශය යි ද, බමුණ, ‘මේ භවත් සත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් සත්පුරුෂයකු දැනගන්නේ ය යන මෙය වනසුලු වෙයි ද, බමුණ, ‘මේ භවත් අසත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දැනගන්නේ ය යන මෙ ද වනසුලු වේ ය” යනුයි.

එකමිදං භො ගොතම සමයං තොදෙය්‍යස‍්ස බ්‍රාහ‍්මණස‍්ස පරිසතිං පරූපාරම‍්භං වත‍්තෙන‍්ති : බාලො අයං රාජා එලෙය්‍යො යො සමණෙ රාමපුත‍්තෙ අභිප‍්පසන‍්නො, සමණෙ ච පන රාමපුත‍්තෙ එවරූපං පරමනිපච‍්චකාරං කරොති: යදිදං අභිවාදනං පච‍්චුට‍්ඨානං අඤ‍්ජලිකම‍්මං සාමීචිකම‍්මන‍්ති. ඉමෙපි රඤ‍්ඤො එලෙය්‍යස‍්ස පරිහාරකා බාලා, යමකො මොග‍්ගල‍්ලො උග‍්ගො නාවින්‍දකී ගන්‍ධබ‍්බො අග‍්ගිවෙස‍්සො, යෙ සමණෙ රාමපුත‍්තෙ අභිප‍්පසන‍්නා, සමණෙ ච පන රාමපුත‍්තෙ එවරූපං පරමනිපච‍්චකාරං කරොන‍්ති: යදිදං අභිවාදනං පච‍්චුට‍්ඨානං අඤ‍්ජලිකම‍්මං සාමීචිකම‍්මන‍්ති.

භවත් ගෞතමයන් වහන්ස, එක්සමයක තුදි ගම්වැසි තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ මුළුදුන් පිරිසෙහි මෙබඳු මෙරමා ගැරහීමක් බෙණෙත්: “රාමපුත්‍ර වූ (උද්‍රක) ශ්‍රමණයා කෙරෙහි පහන්, රාමපුත්‍රශ්‍රමණයා කෙරෙහි අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම යන මෙබඳු පරමනිපත්‍යකාරයෙක් (අත්‍යර්‍ත්‍ථයෙන් යටත් පැවතුම්) කරණ මේ එලෙය්‍ය රජ බාලයෙක. රාමපුත්‍රශ්‍රමණයා කෙරෙහි පහන්, රාපුත්‍රශ්‍රමණයා කෙරෙහි අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම යන මෙබඳු පරමනිපත්‍යකාරය කරණ යමකය, මොග්ගල්ලය, උග්ගය, නාවින්‍දකීය, ගන්‍ධබ්බය, අග්ගිවෙස්සය, යන මේ එලෙය්‍ය රජුගේ පරිවාරකයෝ ද බාලයෝ” ය කියා යි.

ත්‍යාස‍්සුදං තොදෙය්‍යො බ්‍රාහ‍්මණො ඉමිනා නයෙන නෙති. තං කිං මඤ‍්ඤන‍්ති භොන‍්තො පණ‍්ඩිතො රාජා එලෙය්‍යො කරණීයාධිකරණීයෙසු වචනීයාධිවචනීයෙසු අලමත්‍ථදසතරෙහි අලමත්‍ථදසතරොති.

තෝදෙය්‍ය බමුණු (සියපිරිස හුන්) ඔවුන් මේ ක්‍රමයෙන් හඳුන්වයි: “භවත්නි, ඒ කිම හඟිත් ද, කළයුතු කිස හා අතිරේක කිසෙහි, කියයුත්ත හා අතිරේක ව කියයුත්තෙහි එලෙය්‍යරජ පණ්ඩිත වේ ද, ඡේකයන් අතුරෙන් ඡේක වේ ද?

එවං භො, පණ‍්ඩිතො රාජා එලෙය්‍යො කරණීයාධිකරණීයෙසු වචනීයාධිවචනීයෙසු අලමත්‍ථදසතරෙහි අලමත්‍ථදසතරොති.

භවත්නි, එසේ ය. කළයුතු කිස හා අතිරේක කිසෙහි, කියයුත්ත හා අතිරේකව කියයුත්තෙහි එලෙය්‍යරජ පණ්ඩිත ය. ඡේකයන් අතුරෙනුත් ඡේකය.

යස‍්මා ච ඛො භො සමණො රාමපුත‍්තො රඤ‍්ඤා එලෙය්‍යෙන පණ‍්ඩිතෙන පණ‍්ඩිතතරො කරණීයාධිකරණීයෙසු වචනීයාධිවචනීයෙසු අලමත්‍ථදසතරෙන අලමත්‍ථදසතරො, තස‍්මා රාජා එලෙය්‍යො සමණෙ රාමපුත‍්තෙ අභිප‍්පසන‍්නො, සමණෙ ච පන රාමපුත‍්තෙ එවරූපං පරමනිපච‍්චකාරං කරොති: යදිදං අභිවාදනං පච‍්චුට‍්ඨානං අඤ‍්ජලිකම‍්මං සාමීචිකම‍්මං.

භවත්නි, යම් හෙයෙකින් ශ්‍රමණරාමපුත්‍ර පණ්ඩිත එලෙය්‍ය රජුට වඩා කටයුතු කිස හා අතිරේක කිසෙහි, කියයුත්ත හා අතිරේක කියයුත්තෙහි පණ්ඩිතතර වේ ද, ඡේකරජුට වඩා ඡේක වේ ද, එහෙයින් එලෙය්‍ය රජ ශ්‍රමණ රාමපුත්‍රයා කෙරෙහි පැහැදුනේ ශ්‍රමණ රාමපුත්‍රයා කෙරෙහි අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම යන මෙබඳු පරමනිපච්චකාරය කෙරෙයි.

තං කිං මඤ‍්ඤන‍්ති භොන‍්තො, පණ‍්ඩිතා රඤ‍්ඤො එලෙය්‍යස‍්ස පරිහාරකා, යමකො මොග‍්ගල‍්ලො උග‍්ගො නාවින්‍දකී ගන්‍ධබ‍්බො අග‍්ගිවෙස‍්සො, කරණීයාධිකරණීයෙසු වචනීයාධිවචනීයෙසු අලමත්‍ථදසතරෙහි අලමත්‍ථදසතරාති.

භවත්නි, ඒ කිම හඟිද්ද, යමකය, මොග්ගල්ලය, උග්ගය, නාවින්‍දකීය, ගන්‍ධබ්බය, අග්ගිවෙස්සය යන එලෙය්‍ය රජුගේ පරිවාරකයෝ කළයුතු කිස හා ඉතිරි කිසෙහි, කියයුත්ත හා ඉතිරි ව කියයුත්තෙහි පණ්ඩිත වෙත් ද, ඡේකයනට වඩා ඡේක වෙත් ද?

එවං භො. පණ‍්ඩිතා රඤ‍්ඤො එලෙය්‍යස‍්ස පරිහාරකා, යමකො මොග‍්ගල‍්ලො උග‍්ගො නාවින්‍දකී ගන්‍ධබ‍්බො අග‍්ගිවෙස‍්සො, කරණීයාධිකරණීයෙසු වචනීයාධිවචනීයෙසු අලමත්‍ථදසතරෙහි අලමත්‍ථදසතරාති.

භවත්නි, එසේය. යමකය, මොග්ගල්ලය, උග්ගය, නාවින්‍දකීය, ගන්‍ධබ්බය, අග්ගිවෙස්සය, යන එලෙය්‍ය රජුගේ පරිවාරකයෝ කළයුතු කිස හා ඉතිරි ව කළයුතු කිසෙහි, කියයුත්ත හා ඉතිරි ව කියයුත්තෙහි පණ්ඩිතයහ. ඡේකයනට වඩා ඡේකයහ.

යස‍්මා ඛො භො, සමණො රාමපුත‍්තො රඤ‍්ඤො එලෙය්‍යස‍්ස පරිහාරකෙහි පණ‍්ඩිතෙහි පණ‍්ඩිතතරො කරණීයාධිකරණීයෙසු වචනීයාධිවචනීයෙසු අලමත්‍ථදසතරෙහි අලමත්‍ථදසතරො. තස‍්මා රඤ‍්ඤො එලෙය්‍යස‍්ස පරිහාරකා සමණෙ රාමපුත‍්තෙ අභිප‍්පසන‍්නා සමණෙ ච පන රාමපුත‍්තෙ එවරූපං පරමනිපච‍්චකාරං කරොන‍්ති: යදිදං අභිවාදනං පච‍්චුට‍්ඨානං අඤ‍්ජලිකම‍්මං සාමීචිකම‍්මන‍්ති.

භවත්නි, යම් හෙයෙකින් ශ්‍රමණ රාමපුත්‍ර එලෙය්‍ය රජුගේ පණ්ඩිත පරිවාරකයනට වඩා කළයුතු කිස හා ඉතිරි ව කළයුතු කිසෙහි, කියයුත්ත හා ඉතිරි ව කියයුත්තෙහි පණ්ඩිතතර වේ ද, ඡේකපරිවාරකයනට වඩා ඡෙකතර වේ ද, එහෙයින් එලෙය්‍යරජුගේ පරිවාරකයෝ ශ්‍රමණ රාමපුත්‍රයා කෙරෙහි වෙසෙසින් පැහැදුනහ. ශ්‍රමණ රාමපුත්‍රයා කෙරෙහි අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම යන මෙබඳු පරම නිපත්‍යකාරය කෙරෙත්.

අච‍්ඡරියං භො ගොතම අබ‍්භුතං භො ගොතම යාව සුභාසිතංමිදං භොතා ගොතමෙන : “අට‍්ඨානං ඛො එතං බ්‍රාහ‍්මණ අනවකාසො, යං අසප‍්පුරිසො අසප‍්පුරිසං ජානෙය්‍ය අසප‍්පුරිසො අයං භවන‍්ති. එතම‍්පි ඛො බ්‍රාහ‍්මණ අට‍්ඨානං අනවකාසො යං අසප‍්පුරිසො සප‍්පුරිසං ජානෙය්‍ය සප‍්පුරිසො අයං භවන‍්ති, ඨානං ඛො පනෙතං බ්‍රාහ‍්මණ විජ‍්ජති, යං සප‍්පුරිසො සප‍්පුරිසං ජානෙය්‍ය සප‍්පුරිසො අයං භවන‍්ති. එතම‍්පි ඛො බ්‍රාහ‍්මණ ඨානං විජ‍්ජති යං සප‍්පුරිසො අසප‍්පුරිසං ජානෙය්‍ය අසප‍්පුරිසො අයං භවන‍්ති.”

භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි. භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයෙකි. භවත් ගෞතමයන් වහන්සේ විසින් තෙල පරමසුභාෂිත වෙයි: “බමුණ, මේ භවත් අසත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේය යන මෙකරුණ නොවනසුලු ය, වන්නට අවකාශ නැත යනු ද, ‘මේ භවත් සත්පුරුෂය’ යි අසත්පුරුෂයෙක් සත්පුරුෂයකු දන්නේ ය යන මෙකරුණ ද අකාරණය වන්නට අනවකාශය’ යි ද, ‘මේ භවත් සත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් සත්පුරුෂයකු දන්නේ ය යන මෙකරුණ සහේතුක වේ ය යි ද, ‘මේ භවත් අසත්පුරුෂය’ යි සත්පුරුෂයෙක් අසත්පුරුෂයකු දන්නේ ය යන මෙකරුණ ද සහේතුකය” යි යන භාෂිත යි.

හන්‍ද චදානි මයං භො ගොතම ගච‍්ඡාම. බහුකිච‍්චා මයං බහුකරණීයාති.

භවත් ගෞතමයන් වහන්ස, දැන් කලි අපි යම්හ. අපි බොහෝ කිස ඇත්තම්හ. බොහෝ කටයුතු ඇතියම්හ.

යස‍්සදානි ත්‍වං බ්‍රාහ‍්මණ කාලං මඤ‍්ඤසීති.

බමුණ, දැන් කලි තෝ යමකට කල් දනැ යි වදාළහ.

අථ ඛො වස‍්සකාරො බ්‍රාහ‍්මණො මගධමහාමත‍්තො භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමීති.

ඉක්බිති මගධ මහාමාත්‍ර වූ වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගී ගියේ ය.