උපකසුත්තං
4. 4. 4. 8.
4. 4. 4. 8.
[උපකසුත්තං]
[උපක සූත්‍රය]
38. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො උපකො මණ්ඩිකාපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උපකො මණ්ඩිකාපුත්තො භගවන්තං එතදවොච :
38. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එක්බිති මණ්ඩිකාපුත්‍ර උපක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් මණ්ඩිකාපුත්‍ර උපක භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:
අහං හි භන්තෙ එවංවාදී එවංදිට්ඨි : යො කො චි පරූපාරම්භං වත්තෙති. පරූපාරම්භං වත්තෙන්තො සබ්බො සො න උපපාදෙති. අනුපපාදෙන්තො ගාරය්හො හොති උපවජ්ජොති.
වහන්ස, “මම යම් කිසිවෙක් පරගර්හා කියා ද, පරගර්හා කියන්නේ, එ හැම (කුසල්) සිදු නො කෙරේ, නොහොත් උපපාදනය (තම වචනය නිසි කිරීම) නො කෙරේ. උපපාදනය නො කරණුයේ, ගර්හණීය වේ. උපවාද කටයුතු ද වෙයි” යන මෙබඳු වාද ඇතියෙම්, මෙබඳු දෘෂ්ටි ඇතියෙම් වෙමි.
පරූපාරම්භං චෙ උපක වත්තෙති, පරූපාරම්භං වත්තෙන්තො න උපපාදෙති, අනුපපාදෙන්තො ගාරය්හො හොති උපවජ්ජො. ත්වං ඛො උපක පරූපාරම්භං වත්තෙසි. පරූපාරම්භං වත්තෙන්තො න උපපාදෙති. අනුපපාදෙන්තො ගාරය්හො හොසි උපවජ්ජොති.
“උපකය, ඉදින් පරගර්හා කෙරේ නම්, පරගර්හා කරණුයේ උපපාදනා නො කෙරේ නම්, උපපාදනා නො කරණුයේ ගර්හණීය වේ නම්, උපවාද කටයුතු වේ නම්, උපකය, තෝ පරගර්හා කෙරෙහි. පරගර්හා කරමින් උපපාදනා නො කෙරෙහි. උපපාදනා නො කරන්නෙහි ගර්හණීය වෙහි. උපවාද කටයුත්තෙහි ය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
සෙය්යථාපි භන්තෙ උම්මුජ්ජමානකං යෙව මහතා පාසෙන බන්ධෙය්ය. එවමෙව ඛො අහං භන්තෙ උම්මුජ්ජමානකො යෙව භගවතා මහතා වාදපාසෙන බද්ධො’ති.
වහන්ස, යම්සේ ඉල්පෙන්නා හා ම මහත් මළබැඳුමෙන් බඳනේ ද, වහන්ස, එපරිදි ම මම ඉල්පෙනුයෙම් ම භාග්‍යවතුන් වහන්සේ විසින් මහත් වාදපාසයෙන් බඳනා ලද්දෙමි.
ඉදං අකුසලන්ති ඛො උපක මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා පදා, අපරිමාණා බ්යඤ්ජනා, අපරිමාණා තථාගතස්ස ධම්මදෙසනා ඉතිපිදං අකුසලන්ති.
උපකය, මා විසින් ‘මේ අකුසලැ’ යි පණවන ලදී. ඒ පැණවීමෙහි අපරිමාණ පදයෝ ය. අපරිමාණ ව්‍යඤ්ජනයෝ ය. ‘මෙසේත් මේ අකුශලය’ යන මෙහි තථාගතයන්ගේ අප්‍රමාණ ධර්මදේශනාවෝ ය.
තං ඛො පනිදං අකුසලං පහාතබ්බන්ති ඛො උපක මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා පදා, අපරිමාණා බ්යඤ්ජනා, අපරිමාණා තථාගතස්ස ධම්මදෙසනා ඉතිපිදං අකුසලං පහාතබ්බන්ති.
උපකය, ‘ඒ අකුශලය ප්‍රහාතව්‍යය’ යි මා විසින් පණවන ලදි. ඒ පැණවීමෙහි පදයෝ අපරිමාණයහ. ව්‍යඤ්ජනයෝ අපරිමාණයහ. ‘මෙසේත් මේ අකුශලය ප්‍රහාතව්‍යය’ යන මෙහි තථාගතයන්ගේ ධර්මදේශනා අප්‍රමාණය.
ඉදං කුසලන්ති ඛො උපක මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා පදා, අපරිමාණා බ්යඤ්ජනා, අපරිමාණා තථාගතස්ස ධම්මදෙසනා ඉතිපිදං කුසලන්ති.
උපකය, ‘මේ කුසලැ’ යි මා විසින් පණවන ලදී. ඒ පැණවීමෙහි පදයෝ අපරිමාණයහ. ව්‍යඤ්ජනයෝ අපරිමාණයහ. ‘මෙසේත් මේ කුශලය’ යි යන මෙහි තථාගතයන්ගේ ධර්මදේශනා අප්‍රමාණය.
තං ඛො පනිදං කුසලං භාවෙතබ්බන්ති ඛො උපක මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා පදා අපරිමාණා බ්යඤ්ජනා අපරිමාණා තථාගතස්ස ධම්මදෙසනා ඉතිපිදං කුසලං භාවෙතබ්බන්ති.
උපකය, ‘ඒ කුශලය භාවිතව්‍යය’ යි මා විසින් පණවන ලදී. ඒ පැණවීමෙහි පදයෝ අපරිමාණයහ. ව්‍යඤ්ජනයෝ අපරිමාණයහ. ‘මෙසේත් මේ කුශලය භාවිතව්‍යය’ යන මෙහි තථාගතයන්ගේ ධර්මදේශනා අප්‍රමාණයි.
අථ ඛො උපකො මණ්ඩිකාපුත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා යාවතකො අහොසි භගවතා සද්ධිං කථාසල්ලාපො. තං සබ්බං රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස ආරොචෙසි.
ඉක්බිති මණ්ඩිකාපුත්‍ර උපක භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට වේදේහිපුත්‍ර වූ මගධාධිශ්වර අජාසත් රජු කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග යම් පමණ කථාසල්ලාප වී ද, එහැම වේදේහිපුත්‍ර මගධාධීශ්වර අජාසත් රජහට කීයේ ය.
එවං වුත්තෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො කුපිතො අනත්තමනො උපකං මණ්ඩිකාපුත්තං එතදවොච : යාවධංසි චායං ලොණකාරදාරකො යාවමුඛරො යාවපගබ්භො, යත්ර හි නාම තං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ආසාදෙතබ්බං මඤ්ඤිස්සති අපෙහි ත්වං උපක, විනස්ස, මා ත්වං අද්දසන්ති.
මෙසේ කී කල්හි වේදේහිපුත්‍ර වූ මගධාධීශ්වර අජාසත් රජ කුපිත ව නොගත් සිත් ඇතිව මණ්ඩිකාපුත්‍ර උපකයාට මෙසේ කීය: “මේ ලෝණකාර ගම්දරුවා පරමධර්ම ඇත්තෙක (=අත්‍යර්‍ත්‍ථයෙන් ගැටෙන්නෙක). ඉතා දොඩමලුය. අතිශයින් ප්‍රගල්භය. භගවත් අර්හත් ඒ සම්මා සම්බුදුරජුන් ඝැටියයුත්තකු කොට සිතී ද එහෙයිනි. උපකය, තෝ පහව යා. නස තා නොදකිම්වා.”