සච්ඡිකරණීය සුත්තං
4. 4. 4. 9.
4. 4. 4. 9.
[සච්ඡිකරණීය සුත්තං]
[සච්ඡිකරණීය සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
39. චත්තාරොමෙ භික්ඛවෙ සච්ඡිකරණීයා ධම්මා. කතමෙ චත්තාරො?
39. මහණෙනි, මේ සාක්ෂාත් (ප්රත්යක්ෂ) කළයුතු දහම්හු සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
අත්ථි භික්ඛවෙ ධම්මා කායෙන සච්ඡිකරණීයා. අත්ථි භික්ඛවෙ ධම්මා සතියා සච්ඡිකරණීයා. අත්ථි භික්ඛවෙ ධම්මා චක්ඛුනා සච්ඡිකරණීයා. අත්ථි භික්ඛවෙ ධම්මා පඤ්ඤාය සච්ඡිකරණීයා.
මහණෙනි, නාමකයින් ප්රත්යක්ෂ කළයුතු ධර්මයෝ ඇත. ස්මෘතියෙන් ප්රත්යක්ෂ කළයුතු ධර්මයෝ ඇත. දිව්‍යචක්‍ෂුසින් ප්රත්යක්ෂ කළයුතු ධර්මයෝ ඇත. ධ්යානප්රඥායෙන් ප්රත්යක්ෂ කළයුතු ධර්මයෝ ඇත.
කතමෙ ච භික්ඛවෙ ධම්මා කායෙන සච්ඡිකරණීයා. අට්ඨ විමොක්ඛා භික්ඛවෙ කායෙන සච්ඡිකරණීයා.
මහණෙනි, නාමකයින් ප්රත්යක්ෂ කළයුතු ධර්මයෝ කවරහ? මහණෙනි, අෂ්ටවිමෝක්‍ෂයෝ නාමකයින් ප්රත්යක්ෂ කළයුතු වෙති.
කතමෙ ච භික්ඛවෙ ධම්මා සතියා සච්ඡිකරණීයා? පුබ්බෙනිවාසො භික්ඛවෙ සතියා සච්ඡිකරණීයො.
මහණෙනි, ස්මෘතියෙන් ප්රත්යක්ෂ කළයුතු ධර්මයෝ කවරහ? මහණෙනි, පූර්වේනිවාසය ස්මෘතියෙන් ප්රත්යක්ෂ කළයුතු ය.
කතමෙ ච භික්ඛවෙ ධම්මා චක්ඛුනා සච්ඡිකරණීයා? සත්තානං චුතූපපාතො භික්ඛවෙ චක්ඛුනා සච්ඡිකරණීයො.
මහණෙනි, දිව්‍යචක්‍ෂුසින් ප්රත්යක්ෂ කළයුතු ධර්මයෝ කවරහු ද? මහණෙනි, සත්ත්වයන්ගේ චුතූපපාතය දිවැසින් ප්රත්යක්ෂ කළයුතු ය.
කතමෙ ච භික්ඛවෙ ධම්මා පඤ්ඤාය සච්ඡිකරණීයා? ආසවානං ඛයො භික්ඛවෙ පඤ්ඤාය සච්ඡිකරණීයො.
මහණෙනි, ප්‍රඥායෙන් ප්රත්යක්ෂ කළයුතු ධර්මයෝ කවරහ? මහණෙනි, ආස්රවක්ෂය ප්‍රඥායෙන් ප්රත්යක්ෂ කළයුතු ය.
ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො සච්ඡිකරණීයා ධම්මාති.
මහණෙනි, මේ සතර දහම්හු සාක්ෂාත් කළයුත්තෝ යි.