භික්ඛුසඞ්ඝථොමන සුත්තං
4. 4. 4. 10.
4. 4. 4. 10.
[භික්ඛුසඞ්ඝථොමන සුත්තං]
[භික්ඛුසඞ්ඝථොමන සූත්‍රය]
40. එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ භික්ඛුසඞ්ඝපරිවුතො නිසින්නො හොති. අථ ඛො භගවා තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා භික්ඛූ ආමන්තෙසි :
40. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර මුවරමාපාය නම් වූ පූර්වාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදවස් පොහොයෙහි බික්සඟන විසින් පිරිවරණ ලදුව හුන්සේක් වෙති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිහඬ නිහඬව හුන් බික්සඟුන් බලා භික්ෂූන් ඇමතූ සේක:
අපලාපායං භික්ඛවෙ පරිසා. නිප්පලාපායං භික්ඛවෙ පරිසා සුද්ධා සාරෙ පතිට්ඨිතා. තථාරූපො අයං භික්ඛවෙ භික්ඛුසඞ්ඝො. තථාරූපායං භික්ඛවෙ පරිසා යථාරූපා පරිසා දුල්ලභා දස්සනායපි ලොකස්මිං. තථාරූපො අයං භික්ඛවෙ භික්ඛුසඞ්ඝො. තථාරූපායං භික්ඛවෙ පරිසා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. තථාරූපො අයං භික්ඛවෙ භික්ඛුසඞ්ඝො
මහණෙනි, මේ පර්ෂද් ප්රලාපරහිතය. මහණෙනි, මේ පර්ෂද් නිෂ්ප්රලාපය, නිර්මලය, ශීලාදී සාරයෙහි පිහිටිය. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝ එබඳුය. මහණෙනි, යම්බඳු පිරිසෙක් ලෝකයෙහි දක්නට පවා දුර්ලභ වේ ද, මේ පිරිස එබඳුය: මහණෙනි, මේ පිරිස එබඳුය. ආහුනෙය්යය, පාහුණෙය්‍යය, දක්ඛිණෙය්‍යය, අඤ්ජලිකරණීයය, ලෝකයට අනුත්තර පුණ්යක්ෂේත්රය. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝ එබඳුය.
තථාරූපායං භික්ඛවෙ පරිසා යථාරූපාය පරිසා අප්පම්පි දින්නං බහුං හොති, බහුං දින්නං බහුතරං. තථාරූපො අයං භික්ඛවෙ භික්ඛුසඞ්ඝො. තථාරූපායං භික්ඛවෙ පරිසා යථාරූපං පරිසං අලං යොජනගණනානිපි දස්සනාය ගන්තුං අපිපුටංසෙනාපි. තථාරූපො අයං භික්ඛවෙ භික්ඛුසඞ්ඝො.
මහණෙනි, යම්බඳු පිරිසෙක් ඇද්ද, අල්ප කොට දෙන ලද්ද විපාක විසින් බොහෝ වේ ද, බොහෝ කොට දෙන ලද්ද විපාක විසින් බහුතර වේ ද, මේ පිරිස් එබඳුය. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝ තෙමේ එබඳුය. මහණෙනි, යම් පිරිසක් අස්හි ලා මාර්ගෝපකරණපුට ගෙණදු යොදුන් ගණනුත් දක්නට යනු පිණිස නිසි වේ ද, මේ පිරිස එබඳුය. මහණෙනි, මේ භික්‍ෂුසඞ්ඝ තෙමේ එබඳුය.
සන්ති භික්ඛවෙ භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ දෙවප්පත්තා විහරන්ති. සන්ති භික්ඛවෙ භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ බ්‍රහ්මප්පත්තා විහරන්ති. සන්ති භික්ඛවෙ භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ ආනෙඤ්ජප්පත්තා විහරන්ති. සන්ති භික්ඛවෙ භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ අරියප්පත්තා විහරන්ති.
මහණෙනි, මේ භික්ෂුසඞ්ඝයා කෙරෙහි දිව්යවිහාරප්රාප්තව වසන භික්ෂූහු ඇත. මහණෙනි, මේ භික්ෂුසඞ්ඝයා කෙරෙහි බ්රහ්මවිහාරප්රාප්තව වසන භික්ෂූහු ඇත. මහණෙනි, මේ භික්ෂුසඞ්ඝයා කෙරෙහි නිශ්චලප්රාප්තව වසන භික්ෂූහු ඇත. මහණෙනි, මේ භික්ෂුසඞ්ඝයා කෙරෙහි ආර්ය්යභාවප්රාප්තව වසන භික්ෂූහු ඇත.
කථං ච භික්ඛවෙ භික්ඛු දෙවප්පත්තො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එවං ඛො භික්ඛවෙ භික්ඛු දෙවප්පත්තො හොති.
මහණෙනි, කෙසේ නම් මහණ දේවප්රාප්ත වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ... පළමුවන දැහැනට එළඹ වෙසෙයි ... දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සිවුවන දැහැනට එළඹ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ දේවප්රාප්ත වෙයි.
කථං ච භික්ඛවෙ භික්ඛු බ්රහ්මප්පත්තො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං -පෙ- තථා තතියං -පෙ- තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං -පෙ- තථා තතියං -පෙ- තථා චතුත්ථිං -පෙ- ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති. එවං ඛො භික්ඛවෙ භික්ඛු බ්රහ්මප්පත්තො හොති.
මහණෙනි, කෙසේ නම් මහණ බ්රහ්මප්රාප්ත වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ මෙත්සහගිය සිතින් එක් දිගක් පැහැසැ වෙසෙයි. එසේ දෙවන දිග ද ... එසේ තුන්වන දිග ද ... එසේ සතරවන දිග ද ... මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මභාවයෙන් මුළුලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෙත්සහගත සිතින් පැහැසැ වෙසෙයි. කරුණාසහගත සිතින් ... මුදිතාසහගත සිතින් ... උපේක්ෂාසහගත සිතින් එක් දිගක් පැහැස වෙසෙයි. එසේ දෙවන දිග ද ... එසේ තුන්වන දිග ද ... එසේ සතරවන දිග ද ... මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මසමතායෙන් මුළුලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ උපේක්ෂාසහගත සිතින් පැහැසැ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ බ්රහ්මප්රාප්ත වෙයි.
කථං ච භික්ඛවෙ භික්ඛු ආනෙඤ්ජප්පත්තො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ආනෙඤ්ජප්පත්තො හොති.
මහණෙනි, කෙසේ නම් මහණ නිශ්චලප්‍රාප්ත වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සර්වප්රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ නොමෙනෙහි කිරීමෙන් “ආකාශය අනන්තය” යි ආකාශානන්ත්යායතනයට එළඹ වෙසෙයි. සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්‍රමණය කොට “විඥානය අනන්තය” යි විඥානානන්ත්යායතනයට එළඹ වෙසෙයි. සර්වප්රකාරයෙන් විඥානානන්ත්යායතනය සමතික්‍රමණය කොට “කිසිත් නැතැ” යි ආකිඤ්චන්‍යායතනයට එළඹ වෙසෙයි. ආකිඤ්චන්යායතනය සමතික්‍රමණය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ නිශ්චලප්‍රාප්ත වෙයි.
කථං ච භික්ඛවෙ භික්ඛු අරියප්පත්තො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු අරියප්පත්තො හොතීති.
මහණෙනි, කෙසේ නම් මහණ ආර්ය්යභාවප්රාප්ත වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ මේ දුකැයි තත් වූ පරිදි දනී. මේ දුක් උපදින හේතු යයි තත් වූ පරිදි දනී. මේ දුඃඛනිරෝධ යයි තත් වූ පරිදි දනී. මේ දුඃඛනිරෝධගාමිනීප්රතිපදාය යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ ආර්ය්යභාවප්රාප්ත වේ.
බ්රාහ්මණවග්ගො චතුත්ථො.
බ්‍රාහ්මණ වර්ගය සිවුවැනි යි.