යෙදුමෙන් කියවන්න

සොතානුධතසුත‍්තං

4. 4. 5. 1.

4. 4. 5. 1.

[සොතානුධතසුත‍්තං]

[සොතානුධත සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

41. සොතානුධතානං භික‍්ඛවෙ ධම‍්මානං වචසා පරිචිතානං මනසානුපෙක‍්ඛිතානං දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධානං චත‍්තාරො ආනිසංසා පාටිකඞ‍්ඛා. කතමෙ චත‍්තාරො?

41. මහණෙනි, වචනයෙන් පුරුදු කළ සිතින් පිරික්සා බැලූ නුවණින් මොනවට ප්‍රතිවේධ කළ පහන්කන් රුකොට නුවණ කණින් ව්‍යවස්ථා කළ ධර්‍මයන්ගේ අනුසස් සතර දෙනෙක් කැමැති විය යුත්තාහ. කවර සතර දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මං පරියාපුණාති : සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. තස‍්ස තෙ ධම‍්මා සොතානුධතා හොන‍්ති වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා. දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. සො මුට‍්ඨස‍්සති කාලං කුරුමානො අඤ‍්ඤතරං දෙවනිකායං උපපජ‍්ජති. තස‍්ස තත්‍ථ සුඛිනො ධම‍්මපදාපිලපන‍්ති දන්‍ධො භික‍්ඛවෙ සතුප‍්පාදො. අථ සො සත‍්තො ඛිප‍්පං යෙව විසෙසගාමී හොති. සොතානුගතානං භික‍්ඛවෙ ධම‍්මානං වචසා පරිචිතානං මනසානුපෙක‍්ඛිතානං දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධානං අයං පඨමො ආනිසංසො පාටිකඞ‍්ඛො.

මහණෙනි, මෙ සස්නෙහි මහණ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කරයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු නුවණින් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ මුෂිතස්මෘතිව කලුරිය කරන්නේ අන්‍යතර දේවනිකායකට එළඹෙයි. එහි සුඛිත වූ ඔහුට ධර්‍මපදයෝ වටහත්. මහණෙනි, බුද්ධවචනානුස්මෘති සිහිය ඉපැද්ම ගුරු වෙයි. වැලි ඒ සත්ත්‍වයා වහා ම විශේෂගාමී වෙයි. මහණෙනි, කණින් අසා දරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් පරීක්‍ෂා කරණ ලද ප්‍රඥායෙන් අවබෝධ කරණලද ධර්‍මයන්ගේ මේ පළමුවන ආනිසංසය කැමැති විය යුතුය.

පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මං පරියාපුණාති : සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. තස‍්ස තෙ ධම‍්මා සොතානුධතා හොන‍්ති වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. සො මුට‍්ඨස‍්සති කාලං කුරුමානො අඤ‍්ඤතරං දෙවනිකායං උපපජ‍්ජති. තස‍්ස තත්‍ථ න හෙව ඛො සුඛිනො ධම‍්මපදාපිලපන‍්ති. අපි ච ඛො භික‍්ඛු ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො දෙවපරිසායං ධම‍්මං දෙසෙති. තස‍්ස එවං හොති : අයං වා සො ධම‍්මවිනයො යත්‍ථාහං පුබ‍්බෙ බ්‍රහ‍්මචරියං අචරි’න‍්ති. දන්‍ධො භික‍්ඛවෙ සතුප‍්පාදො. අථ සො සත‍්තො ඛිප‍්පං යෙව විසෙසගාමී හොති.

තව ද මහණෙනි, මහණ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කරයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පරීක්‍ෂා කරණ ලද්දාහු ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ මුළා සිහි ඇතිව කලුරිය කරන්නේ අන්‍යතර දේවනිකායකට එළඹෙයි. එහි සුඛිත වූ ඔහුට ධර්‍මපදයෝ නො වටහත්. වැලිත් රහත් මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්‍රාප්ත වූයේ දෙව්පිරිස්හි දහම් දෙසයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම පෙර අත්බව යම් සස්නෙක බඹසරවස් පිරීම් ද, මේ ඒ ධර්‍මවිනය කියා ය. මහණෙනි, ස්මෘති උත්පත්තිය ලැසි ය. වැලි ඒ සත්ත්‍ව තෙමේ වහා විශේෂගාමී වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ පුරිසො කුසලො භෙරිසද‍්දස‍්ස. සො අද‍්ධානමග‍්ග පටිපන‍්නො භෙරිසද‍්දං සුණෙය්‍ය, තස‍්ස නහෙව ඛො අස‍්ස කඞ‍්ඛා වා විමති වා භෙරිසද‍්දො නු ඛො න නු ඛො භෙරිසද‍්දොති. අථ ඛො භෙරිසද‍්දොත්‍වෙව නිට‍්ඨං ගච‍්ඡෙය්‍ය. එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මං පරියාපුණාති : සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. තස‍්ස තෙ ධම‍්මා සොතානුධතා හොන‍්ති. වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. සො මුට‍්ඨස‍්සති කාලං කුරුමානො අඤ‍්ඤතරං දෙවනිකායං උපපජ‍්ජති. තස‍්ස තත්‍ථ නහෙව ඛො සුඛිනො ධම‍්මපදාපිලපන‍්ති. අපි ච ඛො භික‍්ඛු ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො දෙවපරිසායං ධම‍්මං දෙසෙති. තස‍්ස එවං හොති : අයං වා සො ධම‍්මවිනයො යත්‍ථාහං පුබ‍්බෙ බ්‍රහ‍්මචරියං අචරින‍්ති. දන්‍ධො භික‍්ඛවෙ සතුප‍්පාදො. අථ සො සත‍්තො ඛිප‍්පං යෙව විසෙසගාමී හොති. සොතානුධතානං භික‍්ඛවෙ ධම‍්මානං වචසා පරිචිතානං මනසානුපෙක‍්ඛිතානං දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධානං අයං දුතියො ආනිසංසො පාටිකඞ‍්ඛො.

මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් බෙරහඬෙහි දක්‍ෂ වූයේ වේ ද, හේ අදන්මගට පිළිපන්නේ බෙරහඬ අසයි. බෙරහඬෙක් වේ දෝ හෝ බෙරහඬෙක් නො වේ දෝ හෝ යි සැකයෙක් විමතියෙක් හෝ නො වෙයි. වැලිත් බෙරහඬෙක් ම ය යි නිශ්චයට යෙයි. මහණෙනි, එපරිදි ම මහණ, සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පිරියෙස්නා ලද්දාහු නුවණින් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළාව කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹේ. එහි සුඛිතව වසන ඔහුට ධර්‍මපදයෝ නො වටහත්. වැලිත් මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්‍රාප්ත වූයේ දෙව්පිරිස්හි දහම් දෙසයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: පෙර අත්බව මම යම් සස්නෙක බඹසර පිරීම් ද, මේ ඒ දහම් විනය කියා යි. මහණෙනි, ස්මෘති උත්පත්තිය දන්‍ධය. වැලි ඒ සත්ත්‍ව තෙමේ වහා ම විශේෂගාමී වෙයි. මහණෙනි, කණින් අසා ධරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් පිරියෙස්ලි කරණ ලද ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද ධර්‍මයන්ගේ මේ දෙවන ආනිසංසය කැමැති විය යුතු ය.

පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මං පරියාපුණාති : සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. තස‍්ස තෙ ධම‍්මා සොතානුධතා හොන‍්ති වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. සො මුට‍්ඨස‍්සති කාලං කුරුමානො අඤ‍්ඤතරං දෙවනිකායං උපපජ‍්ජති. තස‍්ස තත්‍ථ න හෙව ඛො සුඛිනො ධම‍්මපදාපිලපන‍්ති. නපි භික‍්ඛු ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො දෙවපරිසායං ධම‍්මං දෙසෙති. අපි ච ඛො දෙවපුත‍්තො දෙවපරිසායං ධම‍්මං දෙසෙති. තස‍්ස එවං හොති : අයං වා සො ධම‍්මවිනයො යත්‍ථාහං පුබ‍්බෙ බ්‍රහ‍්මචරියං අචරින‍්ති. දන්‍ධො භික‍්ඛවෙ සතුප‍්පාදො. අථ සො සත‍්තො ඛිප‍්පංයෙව විසෙසගාමී හොති.

තව ද මහණෙනි, මහණ, සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් පසක් කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළා වූයේ කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹේ. එහි සුඛිතව වසන ඔහුට ධර්‍මපදයෝ නො ම වටහත්. මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්‍රාප්ත වූයේ දෙව්පිරිස්හි දහම් නො ම දෙසයි. වැලිත් (ධර්‍මකථික) දෙව්පුතෙක් දෙව්පිරිස්හි දහම් දෙසයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: පෙර අත්බව මම යම් සස්නෙක බඹසර පිරීම් ද, ඒ මේ ධර්‍මවිනය කියා යි. මහණෙනි, ස්මෘති උත්පත්තිය දන්‍ධය. වැලි ඒ සත්ත්‍ව තෙමේ වහා ම විශේෂගාමී වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ පුරිසො කුසලො සඞ‍්ඛසද‍්දස‍්ස. සො අද‍්ධානමග‍්ගපටිපන‍්නො සඞ‍්ඛසද‍්දං සුණෙය්‍ය. තස‍්ස න හෙව ඛො අස‍්ස කඞ‍්ඛා වා විමති වා සඞ‍්ඛසද‍්දො නු ඛො න නු ඛො සඞ‍්ඛසද‍්දොති. අථ ඛො සඞ‍්ඛසද‍්දොත්‍වෙව නිට‍්ඨං ගච‍්ඡෙය්‍ය. එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මං පරියාපුණාති : සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. තස‍්ස තෙ ධම‍්මා සොතානුධතා හොන‍්ති වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. සො මුට‍්ඨස‍්සති කාලං කුරුමානො අඤ‍්ඤතරං දෙවනිකායං උපපජ‍්ජති. තස‍්ස තත්‍ථ න හෙව ඛො සුඛිනො ධම‍්මපදාපිලපන‍්ති. න පි භික‍්ඛු ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො දෙවපරිසායං ධම‍්මං දෙසෙති, අපි ච ඛො දෙවපුත‍්තො දෙවපරිසායං ධම‍්මං දෙසෙති. තස‍්ස එවං හොති : අයං වා සො ධම‍්මවිනයො යත්‍ථාහං පුබ‍්බෙ බ්‍රහ‍්මචරියං අචරින‍්ති. දන්‍ධො භික‍්ඛවෙ සතුප‍්පාදො. අථ සො සත‍්තො ඛිප‍්පං යෙව විසෙසගාමී හොති. සොතානුධතානං භික‍්ඛවෙ ධම‍්මානං වචසා පරිචිතානං මනසානුපෙක‍්ඛිතානං දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධානං අයං තතියො ආනිසංසො පාටිකඞ‍්ඛො.

මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් සක්හඬෙහි දක්‍ෂ වූයේ වේ ද, හේ අදන්මගට පිළිපන්නේ සක්හඬ අසයි. සක්හඬ දෝ හෝ සක්හඬ නො වේ දෝ හෝ යි සැකයෙක් විමතියෙක් හෝ ඔහුට නො වෙයි. වැලිත් සක්හඬෙක් ම ය යි නිශ්චයට යෙයි. මහණෙනි, එපරිදි ම මහණ තෙමේ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් පසක් කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළා වූයේ කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹෙයි. එහි සුඛිතව වසන ඔහුට ධර්‍මපදයෝ නො වටහත්. මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්‍රාප්ත වූයේ දෙව්පිරිස්හි දහම් නො දෙසයි. වැලිත් දෙව්පිතෙක් දෙව්පිරිස්හි දහම් දෙසයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: පෙර අත්බව මම යම් සස්නෙක බඹසර පිරීම් ද, මේ ඒ ධර්‍මවිනය කියා යි. මහණෙනි, ස්මෘති උත්පත්තිය ගුරු ය. වැලිත් ඒ සත්ත්‍ව තෙමේ වහා ම විශේෂගාමී වෙයි. කණින් අසා ධරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් විමසන ලද නුවණින් අවබෝධ කරණ ලද ධර්‍මයන්ගේ මේ තුන්වන ආනිසංසය කැමැති විය යුතු ය.

පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මං පරියාපුණාති : සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. තස‍්ස තෙ ධම‍්මා සොතානුධතා හොන‍්ති වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. සො මුට‍්ඨස‍්සති කාලං කුරුමානො අඤ‍්ඤතරං දෙව නිකායං උපපජ‍්ජති. තස‍්ස තත්‍ථ න හෙව ඛො සුඛිනො ධම‍්මපදාපිලපන‍්ති. න පි භික‍්ඛු ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො දෙවපරිසායං ධම‍්මං දෙසෙති, නපි දෙවපුත‍්තො දෙවපරිසායං ධම‍්මං දෙසෙති. අපි ච ඛො ඔපපාතිකො ඔපපාතිකං සාරෙති : සරසි ත්‍වං මාරිස යත්‍ථ මයං පුබ‍්බෙ බ්‍රහ‍්මචරියං අචරිම‍්හාති. සො එවමාහ : සරාමි මාරිස සරාමි මාරිසාති. දන්‍ධො භික‍්ඛවෙ සතුප‍්පාදො. අථ සො සත‍්තො ඛිප‍්පං යෙව විසෙසගාමී හොති.

තව ද මහණෙනි, මහණ, සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළා වූයේ කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹෙයි. එහි සුඛිතව වසන ඔහුට ධර්‍මපදයෝ නො වටහත්. මහණෙක් ඍද්ධිමත් වූයේ චේතෝවශීප්‍රාප්ත වූයේ දෙව් පිරිස්හි දහම් නො දෙසයි. දේවපුත්‍රයෙක් ද දෙව්පිරිස්හි දහම් නො දෙසයි. වැලිත් (පළමු උපන්) ඕපපාතිකයෙක් ඒ (පසුව උපන්) ඕපපාතිකයා සිහිපත් කරවයි. “නිදුකානෙනි, යම් සස්නෙක පෙර අපි බඹසර වුසූම්හයි නො සිහි කෙරෙහි ද”? හේ මෙසේ කියයි: “නිදුකානෙනි සිහි කරමි. නිදුකානෙනි සිහිකරමි.” මහණෙනි, ස්මෘති උත්පත්තිය දන්‍ධය. වැලි ත් ඒ සත්ත්‍ව තෙමේ වහා ම විශේෂගාමී වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ ද‍්වෙ සහායකා සහපංසුකීළිකා, තෙ කදාචි කරහචි අඤ‍්ඤමඤ‍්ඤං සමාගච‍්ඡෙය්‍යුං. තමෙනං සහායකො සහායකං එවං වදෙය්‍ය : ඉතිපි සම‍්ම සරසීති. සො එවං වදෙය්‍ය : සරාමි සම‍්ම. ඉදම‍්පි සම‍්ම සරසීති. සො එවං වදෙය්‍ය: සරාමි සම‍්මාති. එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මං පරියාපුණාති : සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. තස‍්ස තෙ ධම‍්මා සොතානුධතා හොන‍්ති වචසා පරිචිතා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. සො මුට‍්ඨස‍්සති කාලං කුරුමානො අඤ‍්ඤතරං දෙවනිකායං උපපජ‍්ජති. තස‍්ස තත්‍ථ සුඛිනො ධම‍්මපදාපිලපන‍්ති. නපි භික‍්ඛු ඉද‍්ධිමා චෙතොවසිප‍්පත‍්තො දෙවපරිසායං ධම‍්මං දෙසෙති. නපි දෙවපුත‍්තො දෙවපරිසායං ධම‍්මං දෙසෙති. අපි ච ඛො ඔපපාතිකො ඔපපාතිකං සාරෙති : සරසි ත්‍වං මාරිස, යත්‍ථ මයං පුබ‍්බෙ බ්‍රහ‍්මචරියං අචරිම‍්හාති. සො එවමාහ : සරාමි මාරිසාති. දන්‍ධො භික‍්ඛවෙ සතුප‍්පාදො. අථ ඛො සො සත‍්තො ඛිප‍්පංයෙව විසෙසගාමී හොති. සොතානුධතානං භික‍්ඛවෙ ධම‍්මානං වචසා පරිචිතානං මනසානුපෙක‍්ඛිතානං දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධානං අයං චතුත්‍ථො ආනිසංසො පාටිකඞ‍්ඛො.

මහණෙනි, යම් පරිදි එක්ව පස්කෙළි කෙළින යහළුවෝ වෙත් නම්, ඔහු යම් ම දිනෙක අනන්මන එකතු වෙත් නම්, යහළුවෙක් ඒ ඉතිරි යහළුවාට මෙසේ කියන්නේ ය: “යහළුව, මෙසේත් සිහි කෙරෙහි ද? යහළුව, මෙයත් සිහි කෙරෙහිදැ” යි. හේ මෙසේ කියයි: ‘යහළුව, සිහි කරමි. යහළුව සිහි කරමි” යි. මහණෙනි, එපරිදි ම මහණ තෙමේ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන දහම් පුහුණු කෙරෙයි. ඔහු විසින් ඒ දහම්හු කණින් අසා ධරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්. හේ සිහි මුළා වූයේ කලුරිය කරන්නේ එක්තරා දේවනිකායකට එළඹෙයි. එහි සුඛිතව වසන ඕහට ධර්‍මපදයෝ නො වටහත්. ඍද්ධිමත් වූ චේතෝවශීප්‍රාප්ත වූ රහත් මහණෙක් දෙව් පිරිස්හි දහම් නො දෙසයි. දේවපුත්‍රයෙක් හෝ දෙව්පිරිස්හි දහම් නො දෙසයි. වැලිත් ඕපපාතිකයෙක් ඒ ඕපපාතිකයා සිහි කරවයි. “පෙර අත්බව අපි යම් සස්නෙක බඹසර වුසූම්හු ද, යහළුව, ඒ තෝ සිහි කෙරෙහි දැයි.” හේ මෙසේ කියයි: “නිදුකානෙනි සිහි කරමි” යි. මහණෙනි, ස්මෘති උත්පාදය දන්‍ධය. වැලිත් ඒ සත්ත්‍ව වහා විශේෂගාමී වෙයි. මහණෙනි, කණින් අසා දරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් විමසන ලද ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද ධර්‍මයන්ගේ මේ සතරවන ආනිසංසය කැමැති විය යුතු ය.

සොතානුධතානං භික‍්ඛවෙ ධම‍්මානං වචසා පරිචිතානං මනසානුපෙක‍්ඛිතානං දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධානං ඉමෙ චත‍්තාරො ආනිසංසා පාටිකඞ‍්ඛාති.

මහණෙනි, කණින් අසා දරණ ලද වචනයෙන් පුරුදු කරණ ලද සිතින් විමසන ලද ප්‍රඥායෙන් අවබෝධ කරණ ලද ධර්‍මයන්ගේ මේ සතර ආනිසංසයෝ කැමැති විය යුත්තාහ.