ඨානසුත්තං
4. 4. 5. 2.
4. 4. 5. 2.
[ඨානසුත්තං]
[ඨාන සූත්‍රය]
42. චත්තාරිමානි භික්ඛවෙ ඨානානි චතූහි ඨානෙහි වෙදිතබ්බානි. කතමානි චත්තාරි?
42. මහණෙනි, මේ සතර කරුණු සතර කරුණෙකින් දත යුතුය. කවර සතර කරුණුය යත්:
සංවාසෙන භික්ඛවෙ සීලං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං. මනසිකරොතා නො අමනසිකාරා. පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙන.
මහණෙනි, එක්ව විසීමෙන් සීලය දතයුතුයි. හෙ ද දීර්‍ඝකාලයෙකිනි. මඳකලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නො මෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකිය.
සංවොහාරෙන භික්ඛවෙ සොචෙය්‍යං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං. මනසිකරොතා නො අමනසිකාරා. පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙන.
මහණෙනි, සංව්යයවහාරයෙන් (=සංලාපයෙන්) පිරිසිදු බව දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නො මෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකි ය.
ආපදාසු භික්ඛවෙ ථාමො වෙදිතබ්බො. සො ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං. මනසිකරොතා නො අමනසිකාරා. පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙන.
මහණෙනි, විපත්හිදී ථාමය දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නො මෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකි ය.
සාකච්ඡාය භික්ඛවෙ පඤ්ඤා වෙදිතබ්බා. සා ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං. මනසිකරොතා නො අමනසිකාරා. පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙන.
මහණෙනි, සාකච්ඡාවෙන් ප්‍රඥාව දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නොමෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකි ය.
සංවාසෙන භික්ඛවෙ සීලං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං. මනසිකරොතා නො අමනසිකාරා. පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙනාති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං?
මහණෙනි, එක්ව විසීමෙන් ශීලය දතයුතුය. හෙ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නොමෙනෙහි කිරීමෙන් නොදත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නො දත හැකිය යි මෙසේ තෙල බසෙක් කියන ලද ද, තෙල කුමක් පිණිස කියන ලද ද යත්:
ඉධ භික්ඛවෙ පුග්ගලො පුග්ගලෙන සද්ධිං වසමානො එවං ජානාති : දීඝරත්තං ඛො අයමායස්මා ඛණ්ඩකාරී ඡිද්දකාරී සබලකාරී කම්මාසකාරී න සන්තතකාරී න සන්තතවුත්ති සීලෙසු. දුස්සීලො අයමායස්මා. නායමායස්මා සීලවාති.
මහණෙනි, මෙලොව පුද්ගලයෙක් අන් පුද්ගලයකු හා එකතුව වසන්නේ මෙසේ දනී: මේ ආයුෂ්මත් දීර්ඝකාලයෙක සිට ශීලයෙහි ඛණ්ඩකාරී ය, ඡිද්රකාරී ය, ශබලකාරී ය, කල්මාෂකාරී ය, සන්තතකාරී නොවේ. සන්තතවෘත්ති නො වේ. මේ ආයුෂ්මත් දුශ්ශීල ය, මේ ආයුෂ්මත් සිල්වත් නො වේ ය යි කියා යි.
ඉධ පන භික්ඛවෙ පුග්ගලො පුග්ගලෙන සද්ධිං වසමානො එවං ජානාති : දීඝරත්තං ඛො අයමායස්මා අඛණ්ඩකාරී අච්ඡිද්දකාරී අසබලකාරී අකම්මාසකාරී සන්තතකාරී සන්තතවුත්ති සීලෙසු. සීලවා චායමායස්මා. නායමායස්මා දුස්සීලොති.
මහණෙනි, මෙලොව පුද්ගලයෙක් අන් පුද්ගලයකු හා එකතුව වසන්නේ මෙසේ දනී: මේ ආයුෂ්මත් දීර්ඝකාලයෙක සිට ශීලයෙහි අඛණ්ඩකාරී ය, අඡිද්රකාරී ය, අශබලකාරී ය, අකල්මාෂකාරී ය, සන්තතකාරී ය, සන්තතවෘත්තිය, මේ ආයුෂ්මත් සිල්වත් ය, මේ ආයුෂ්මත් දුශ්ශීල නො වේ.
සංවාසෙන භික්ඛවෙ සීලං වෙදිතබ්බං, තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං, මනසිකරොතා නො අමනසිකාරා. පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙනාති ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
මහණෙනි, එක්ව විසීමෙන් ශීලය දතයුතුය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නොමෙනෙහි කිරීමෙන් නොදත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නොදත හැකිය යි මෙසේ යම් බසෙක් කියන ලද ද, මේ බස තෙල පිණිස කියන ලදී.
සංවොහාරෙන භික්ඛවෙ සොචෙය්‍යං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං. මනසිකරොතා නො අමනසිකාරා, පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙනාති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං?
මහණෙනි, සංව්යවහාරයෙන් පිරිසිදුබව දතයුතුය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නොමෙනෙහි කිරීමෙන් නොදත හැකි ය. නුවණැත්තහු මිස නුවණ නැත්තහු විසින් නොදත හැකිය යි මෙසේ යම් බසෙක් කියන ලද ද, මේ බස කුමක් පිණිස කියන ලද ද?
ඉධ භික්ඛවෙ පුග්ගලො පුග්ගලෙන සද්ධිං සංවොහාරමානො එවං ජානාති : අඤ්ඤථා ඛො අයමායස්මා එකෙන එකො වොහරති, අඤ්ඤථා ද්වීහි, අඤ්ඤථා තීහි, අඤ්ඤථා සම්බහුලෙහි. වොක්කමති අයමායස්මා පුරිමවොහාරා පච්ඡිමවොහාරං. අපරිසුද්ධවොහාරො අයමායස්මා, නායමායස්මා පරිසුද්ධවොහාරොති.
මහණෙනි, මෙලොව පුද්ගලයෙක් පුද්ගලයකු සමග සංව්යවහාර කරන්නේ මෙසේ දනී: මේ ආයුෂ්මත් එකලාව සිට අනෙකකු හා අන් සැටියකින් බෙණේ. දෙදෙනකු හා අන් සැටියකින් බෙණේ. තුන් දෙනකු හා අන් සැටියකින් බෙණේ. බොහෝ දෙනා හා අන් සැටියකින් බෙණේ. මේ ආයුෂ්මත් පුරිම ව්‍යවහාරයෙන් පශ්චිම ව්‍යවහාරය පැණ යේ. මේ ආයුෂ්මත් නොපිරිසිදු ව්‍යවහාර ඇත්තෙකි. මේ ආයුෂ්මත් පිරිසිදු ව්‍යවහාර නැත්තෙකැ යි.
ඉධ පන භික්ඛවෙ පුග්ගලො පුග්ගලෙන සද්ධිං සංවොහාරමානො එවං ජානාති : යථෙව ඛො අයමායස්මා එකෙන එකො වොහරති, තථා ද්වීහි, තථා තීහි, තථා සම්බහුලෙහි. නායමායස්මා වොක්කමති පුරිමවොහාරා පච්ඡිමවොහාරං. පරිසුද්ධවොහාරො අයමායස්මා, න අපරිසුද්ධවොහාරොති .
මහණෙනි, මෙලොව පුද්ගලයෙක් අන් පුද්ගලයකු හා කථා කරන්නේ මෙසේ දනියි: යම් පරිදි මේ ආයුෂ්මත් එකලාව සිට අනෙකකු හා බෙණේ ද, දෙදෙනකු හාත් තුන් දෙනෙකු හාත් බොහෝ දෙනකු හාත් එසේ ම බෙණේ. මෙ ආයුෂ්මත් පුරිම ව්‍යවහාරයෙන් පශ්චිම ව්‍යවහාරය නො ද ලැගැ යෙයි. මෙ ආයුෂ්මත් පරිශුද්ධ ව්‍යවහාර ඇතියෙකි. මෙ ආයුෂ්මත් අපරිශුද්ධ ව්‍යවහාර ඇතියේ නො වේ ය යි.
සංවොහාරෙන භික්ඛවෙ සොචෙය්‍යං වෙදිතබ්බං, තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං, මනසිකරොතා නො අමනසිකාරා, පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙනාති ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
මහණෙනි, සංව්යවහාරයෙන් ශුචිභාවය දතයුතු ය. එ ද දීර්‍ඝකාලයෙකිනි. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකි ය. නො මෙනෙහි කිරීමෙන් නොදත හැකි ය. පැණැතියහු මිස නුවණනැතියහු විසින් නොදත හැකිය යි මෙසෙයින් යම් මැ බසෙක් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලදී.
ආපදාසු භික්ඛවෙ ථාමො වෙදිතබ්බො, සො ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං, මනසිකරොතා නො අමනසිකාරා. පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙනාති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං?
මහණෙනි, ආපත්හි දී ස්ථාමය දතයුතු ය. එ ද දීගුකලෙකින, මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. මෙනෙහි නො කිරීමෙන් නොදත හැකි ය. පැණැතියහු මිස වත්මුත් පැණ නැතියහු විසින් නො දත හැකි ය යි මෙසෙයින් තෙල යමක් කියන ලද නම්, තෙල කුමක් නිසා කියන ලදය යත්:
ඉධ භික්ඛවෙ එකච්චො ඤාතිව්යසනෙන වා ඵුට්ඨො සමානො භොගව්යසනෙන වා ඵුට්ඨො සමානො රොගව්යසනෙන වා ඵුට්ඨො සමානො න ඉති පටිසඤ්චික්ඛති : තථාභූතො ඛො අයං ලොකසන්නිවාසො තථාභූතො අත්තභාවපටිලාභො, යථාභූතෙ ලොකසන්නිවාසෙ යථාභූතෙ අත්තභාවපටිලාභෙ අට්ඨ ලොකධම්මා ලොකං අනුපරිවත්තන්ති, ලොකො ච අට්ඨ ලොකධම්මෙ අනුපරිවත්තති : ලාභො ච අලාභො ච අයසො ච යසො ච නින්දා ච පසංසා ච සුඛඤ්ච දුක්ඛඤ්චාති. සො ඤාතිව්යසනෙන වා ඵුට්ඨො සමානො භොගබ්යසනෙන වා ඵුට්ඨො සමානො රොගව්යසනෙන වා ඵුට්ඨො සමානො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. ඉධ පන භික්ඛවෙ එකච්චො ඤාතිව්යසනෙන වා ඵුට්ඨො සමානො භොගව්යසනෙන වා ඵුට්ඨො සමානො රොගව්යසනෙන වා ඵුට්ඨො සමානො ඉති පටිසඤ්චික්ඛති : තථාභූතො ඛො අයං ලොකසන්නිවාසො තථාභූතො අත්තභාවපටිලාභො, යථාභූතෙ ලොකසන්නිවාසෙ යථාභූතෙ අත්තභාවපටිලාභෙ අට්ඨ ලොකධම්මා ලොකං අනුපරිවත්තන්ති, ලොකො ච අට්ඨ ලොකධම්මෙ අනුපරිවත්තති : ලාභො ච අලාභො ච අයසො ච යසො ච නින්දා ච පසංසා ච සුඛඤ්ච දුක්ඛඤ්චාති. සො ඤාතිව්යසනෙන වා ඵුට්ඨො සමානො භොගව්යසනෙන වා ඵුට්ඨො සමානො රොගව්යසනෙන වා ඵුට්ඨො සමානො න සොචති න කිලමති න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති. ආපදාසු භික්ඛවෙ ථාමො වෙදිතබ්බො, සො ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං. මනසිකරොතා නො අමනසිකාරා, පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙනාති ඉති යන්තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නාලදුයේ ම, භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ ම, රෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ මෙසේ නුවණින් කල්පනා නො කෙරෙයි: යම් බඳු වූ ම ලෝකසන්නිවාසයෙක්හි යම්බඳු වූ ම ආත්මභාවප්රතිලාභයෙක්හි අටලෝදහම්හු ලොව ලුහුබඳනාහු නම්, ලෝකයා ද ලාභය, අලාභය, අයසය, යසය, නින්දාය, පසංසාය, සුඛය, දුක්ඛයැ යි යන අටලෝදහම් අනුව වැටේ නම්, මේ ලෝකසන්නිවාසය එබඳු වෙයි. මෙ ආත්මභාවප්‍රතිලාභය එබඳු වේ ය යි. හෙ ඥාතිව්‍යසනයෙන් වේවයි පහස්නා ලදුයේ ද, භෝගව්‍යසනයෙන් වේවයි පහස්නා ලදුයේ ම, රෝගව්‍යසනයෙන් වේවයි පහස්නා ලදුයේ ම ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වලප්නේ ය. ලෙහි අත් පැහැර පැහැර හඬනේ ය. සිහි මුළාවට පැමිණෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නාලදුයේ ම, භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ ම, රෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ ම මෙසේ නුවණින් සලකයි: “යම්බඳු ලෝකසන්නිවාසයෙක්හි යම්බඳු ආත්මභාවප්රතිලාභයෙක්හි ලාභය, අලාභය, යසය, අයසය, නින්දාය, පසංසාය, සුඛය, දුක්ඛය යන අෂ්ටලෝක ධර්මයෝ ලොව ලුහුබඳනාහු නම්, ලෝකයාත් අටලෝදම් අනුව වැටේ නම්, ලෝකසන්නිවාසය එබඳු වූයෙක. මේ ආත්මභාවප්රතිලාභයත් එබඳු වූයෙකැ” යි. හේ ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ ම භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ ම රෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලදුයේ ම ශෝක නො කරයි, ක්ලාන්ත නො වෙයි, නො වලප්නේ ය. ලෙහි අත් පැහැර නො හඬනේ ය. සිහි මුළාවට නො යෙයි. මහණෙනි, “ආපද්හි දී ස්ථාමය දතයුතු ය. එ ද වනාහි දීර්ඝකාලයෙකින. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. නොමෙනෙහි කිරීමෙන් නො දත හැකිය. නුවණැතියහු විසින් වත්මුත් නුවණනැතියහු විසින් නො දත හැකියැ” යි මෙසෙයින් යමක් කියන ලද නම්, මෙය තෙල කරුණ සඳහා කියන ලදී.
සාකච්ඡාය භික්ඛවෙ පඤ්ඤා වෙදිතබ්බා සා ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං, මනසිකරොතා නො අමනසිකාරා, පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙනාති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං?
මහණෙනි, සාකච්ඡායෙන් ප්‍රඥාව දතයුතු. එ ද වනාහි දීගුකලෙකින. මඳ කලෙකින් නොවේ. මෙනෙහි කරන්නහු විසින් දත හැක. නොමෙනෙහි කිරීමෙන් නො දත හැකි ය. පැණවත්හු විසින් වත්මුත් නොපැණවත්හු විසින් නො දත හැකි ය යි මෙසෙයින් තෙල යමක් කියන ලද නම්, තෙල කුමක් නිසා කියන ලදය යත්:
ඉධ භික්ඛවෙ පුග්ගලො පුග්ගලෙන සද්ධිං සාකච්ඡායමානො එවං ජානාති : යථා ඛො ඉමස්ස ආයස්මතො උම්මග්ගො, යථා ච අභිනීහාරො, යථා ච පඤ්හසමුදාචාරො, දුප්පඤ්ඤො අයමායස්මා නායමායස්මා පඤ්ඤවා. තං කිස්ස හෙතු: තථා හි අයමායස්මා න චෙව ගම්භීරං අත්ථපදං උදාහරති සන්තං පණීතං අතක්කාවචරං නිපුණං පණ්ඩිතවෙදනීයං. යඤ්ච අයමායස්මා ධම්මං භාසති, තස්ස ච න පටිබලො සඞ්ඛිත්තෙන වා විත්ථාරෙන වා අත්ථං ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤපෙතුං පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානීකාතුං. දුප්පඤ්ඤො අයමායස්මා නායමායස්මා පඤ්ඤවා.
මහණෙනි, මෙ ලොව්හි පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දන්නේ ය: මෙ ආයුෂ්මත්හුගේ (පැන පිළිබඳ) උන්මාර්ගය යම්බඳු වේ නම් ප්රශ්නාභිනීහාරය යම්බඳු වේ නම් ප්රශ්නපෘච්ඡාව යම්බඳු වේ නම් (එනයින්) මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ වෙයි. මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නො වෙයි. ඒ කවර හෙයින යත්: යම් පරිදි මේ ආයුෂ්මත් ශාන්ත වූ, ප්‍රණීත වූ, අතර්කාවචර වූ, නිපුණ වූ පණ්ඩිතයන් විසින් දතයුතු වූ ගම්භීර වූ අර්ත්ථපදයකුදු නො කියා නම්, මෙ ආයුෂ්මත් යම් දහමකුදු දෙසා නම් ඒ ධර්මයාගේ ද සංක්ෂිප්ත විසින් වේවයි විස්තර විසින් වේවයි අර්ත්ථය කියන්නට, දෙසන්නට පණවන්නට එළවන්නට විවෘත කරණුවට බෙදනුවට අරුත් පැහැදිලි කරණුවට නො ද පටි බලවේ නම්, එසෙයින් ම මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥය, මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නො වේ.
සෙය්යථාපි භික්ඛවෙ චක්ඛුමා පුරිසො උදකරහදස්ස තීරෙ ඨිතො පස්සෙය්ය පරිත්තං මච්ඡං උම්මුජ්ජමානං. තස්ස එවමස්ස : යථා ඛො ඉමස්ස මච්ඡස්ස උම්මග්ගො යථා ච ඌමිඝාතො යථා ච වෙගායිතත්තං, පරිත්තො අයං මච්ඡො, නායං මච්ඡො මහන්තොති. එවමෙව ඛො භික්ඛවෙ පුග්ගලො පුග්ගලෙන සද්ධිං සාකච්ඡායමානො එවං ජානාති : යථා ඛො ඉමස්ස ආයස්මතො උම්මග්ගො යථා ච අභිනීහාරො යථා ච පඤ්හසමුදාචාරො, දුප්පඤ්ඤො අයමායස්මා, නායමායස්මා පඤ්ඤවා. තං කිස්ස හෙතු: තථා හි අයමායස්මා න චෙව ගම්භීරං අත්ථපදං උදාහරති සන්තං පණීතං අතක්කාවචරං නිපුණං පණ්ඩිතවෙදනීයං. යඤ්ච අයමායස්මා ධම්මං භාසති, තස්ස න පටිබලො සංඛිත්තෙන වා විත්ථාරෙන වා අත්ථං ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤපෙතුං පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානීකාතුං. දුප්පඤ්ඤො අයමායස්මා, නායමායස්මා පඤ්ඤවාති.
මහණෙනි, යම් පරිදි චක්ෂුර්මත් පුරුෂයෙක් දියවිල් තෙරක සිටියේ දිය බිඳ නගින කුඩමසකු දක්නේ නම්, ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මෙ මස්හුගේ උන්මාර්ගයත් යම් පරිදි වේ නම්, ඌර්මිඝාතයත් යම් පරිදි වේ නම්, යම් පරිදි වේගාසිතබවෙකුදු වේ නම්, එපරිද්දෙන් මෙ කුඩාමසෙක, මෙ මස් මහත් නොවේ ය” යි. මහණෙනි, එපරිද්දෙන් ම පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දැනගන්නේ ය: මෙ ආයුෂ්මත්හුගේ උන්මාර්ගය යම්බඳු වේ නම්, ප්රශ්නාභිනිහාරයත් යම්බඳු වේ නම්, ප්රශ්නසමුදාචාරයත් යම්බඳු වේ නම්, (එපරිද්දෙන්) මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥය, මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නො වෙයි. ඒ කවර හෙයින යත්: මෙ ආයුෂ්මත් ශාන්ත, ප්‍රණීත, අතර්කාවචර, නිපුණ, පණ්ඩිතවේදනීය ගම්භිරාර්ත්ථපදත් නො කියන්නේ ය. මෙ ආයුෂ්මත් යම් ධර්මයක් කියා නම්, එ ධර්මයාගේ අර්ත්ථය සංක්ෂිප්ත විසින් හෝ විස්තර විසින් හෝ කියන්නට දෙසන්නට පණවන්නට එළවන්නට විවරණ කරන්නට බෙදන්නට උත්තානීකරන්නට ප්‍රතිබල නොවේ. එහෙයින් ම මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥය, මෙ ආයුෂ්මත් ප්‍රඥාවත් නොවේය” යි.
ඉධ පන භික්ඛවෙ පුග්ගලො පුග්ගලෙන සද්ධිං සාකච්ඡායමානො එවං ජානාති : යථා ඛො ඉමස්ස ආයස්මතො උම්මග්ගො යථා ච අභිනීහාරො යථා ච පඤ්හසමුදාචාරො, පඤ්ඤවා අයමායස්මා, නායමායස්මා දුප්පඤ්ඤො. තං කිස්ස හෙතු: තථා හි අයමායස්මා ගම්භීරං චෙව අත්ථපදං උදාහරති සන්තං පණීතං අතක්කාවචරං නිපුණං පණ්ඩිතවෙදනීයං. යඤ්ච අයමායස්මා ධම්මං භාසති, තස්ස ච පටිබලො සඞ්ඛිත්තෙන වා විත්ථාරෙන වා අත්ථං ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤපෙතුං පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානීකාතුං. පඤ්ඤවා අයමායස්මා, නායමායස්මා දුප්පඤ්ඤො
මහණෙනි, මෙ ලොව්හි පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දැනගන්නේ ය: “මෙ ආයුෂ්මත්හුගේ උන්මාර්ගය යම්බඳු වේ නම්, අභිනීහාරයත් යම්බඳු වේ නම්, ප්‍රශ්න ව්‍යවහාරයත් යම්බඳු වේ නම්, එපරිද්දෙන් මෙ ආයුෂ්මත් ප්රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නො වේ. එ කවර හෙයින යත්: මේ ආයුෂ්මත් ශාන්ත වූ ප්‍රණීත වූ අතර්කාවචර වූ නිපුණ වූ පණ්ඩිත වේදනීය වූ ගම්භීරාර්ත්ථපද උදාහරණ කරණේ ය. මෙ ආයුෂ්මත් යම් ධර්මයක් දෙසා නම්, එ ධර්මයාගේ අර්ත්ථය ද සංක්ෂිප්ත වශයෙන් හෝ විස්තර වශයෙන් හෝ කියන්නට දෙසන්නට පණවන්නට එළවන්නට උත්තානී උත්තානීකරණට ප්‍රතිබල වෙයි. මෙ ආයුෂ්මත් ප්රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නොවේ” යි.
සෙය්යථාපි භික්ඛවෙ චක්ඛුමා පුරිසො උදකරහදස්ස තීරෙ ඨිතො පස්සෙය්ය මහන්තං මච්ඡං උම්මුජ්ජමානං. තස්ස එවමස්ස : යථා ඛො ඉමස්ස මච්ඡස්ස උම්මග්ගො යථා ච ඌමිඝාතො යථා ච වෙගායිතත්තං, මහන්තො අයං මච්ඡො, නායං මච්ඡො පරිත්තොති. එවමෙව ඛො භික්ඛවෙ පුග්ගලො පුග්ගලෙන සද්ධිං සාකච්ඡායමානො එවං ජානාති : යථා ඛො ඉමස්ස ආයස්මතො උම්මග්ගො යථා ච අභිනීහාරො යථා ච පඤ්හසමුදාචාරො, පඤ්ඤවා අයමායස්මා, නායමායස්මා දුප්පඤ්ඤො. තං කිස්ස හෙතු: තථා හි අයමායස්මා ගම්භීරං චෙව අත්ථපදං උදාහරති සන්තං පණීතං අතක්කාවචරං නිපුණං පණ්ඩිතවෙදනීයං. යං ච අයමායස්මා ධම්මං භාසති, තස්ස ච පටිබලො සංඛිත්තෙන වා විත්ථාරෙන වා අත්ථං ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤපෙතුං පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානීකාතුං. පඤ්ඤවා අයමායස්මා, නායමායස්මා දුප්පඤ්ඤොති. සාකච්ඡාය භික්ඛවෙ පඤ්ඤා වෙදිතබ්බා, සා ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං, මනසිකරොතා නො අමනසිකාරා, පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙනාති ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
මහණෙනි, යම් පරිදි චක්ෂුර්මත් පුරුෂයෙක් දියවිල් හිවුරෙක්හි සිටියේ දිය බිඳ මතුවන මහමසකු දක්නේ වේද, ඔහට මෙබඳු සිතෙක් වෙයි: මෙමස්හුගේ උන්මාර්ගය යම් බඳු වේ නම්, ඌර්මිඝාතයත් යම් බඳු වේ නම්, වේගයිතත්වයත් යම්බඳු වේ නම්, එපරිදි මේ මස් මහත් වෙයි. මේ කුඩා මසෙක් නොවන්නේ යයි. මහණෙනි, එසෙයින් පුද්ගලයෙක් පුද්ගලයකු හා සාකච්ඡා කරණුයේ මෙසේ දැනගන්නේ ය: “මෙ ආයුෂ්මත්හුගේ උන්මාර්ගය යම්බඳු වේ ද, අභිනීහාරයත් යම්බඳු වේ ද, ප්‍රශ්න සමුදාචාරයත් යම්බඳු වේ ද, (එලෙසින්) මෙ ආයුෂ්මත් ප්රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නො වේ. ඒ කවර හෙයින යත්: යම් පරිද්දෙකින් මෙ ආයුෂ්මත් ශාන්ත වූ ප්‍රණීත වූ අතර්කාවචර වූ නිපුණ වූ පණ්ඩිත වේදනීය වූ ගම්භීර වූ අර්ත්ථපදත් උදාහරණ කරයි. මෙ ආයුෂ්මත් යම් ධර්මයක් දෙසා නම්, එ ධර්මයාගේ අර්ත්ථය සංක්ෂේපයෙන් හෝ විස්තර විසින් හෝ කියනුවට දෙසනුවට පණවනුවට එළවනුවට විවෘත කරනුවට බෙදනුවට උත්තානී කරණයට ප්‍රතිබල වෙයි. එහෙයින් ම මේ ආයුෂ්මත් ප්රඥාවත්ය, මෙ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥ නොවේ” යි. මහණෙනි, සාකච්ඡායෙන් ප්‍රඥාව දතයුතුය. එ ද වනාහි දිගුකලෙකින. මඳ කලෙකින් නො වේ. මෙනෙහි කරන්නහු විසින් දත හැකිය. මෙනෙහි කරන්නහු විසින් වත් මුත් නොමෙනෙහි කිරීමෙන් නො දත හැකිය. ප්‍රඥාවත්හු විසින් වත්මුත් ප්රඥානැත්තහු විසින් නො දත හැකිය. මෙසෙයින් යමක් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලදී.
ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි ඨානානි, ඉමෙහි චතූහි ඨානෙහි වෙදිතබ්බානීති.
මහණෙනි, මෙ සතර කරුණු මෙකරුණු සතරින් දතයුතු යි.