යෙදුමෙන් කියවන්න

භද‍්දියසුත‍්තං

4. 4. 5. 3.

4. 4. 5. 3.

[භද‍්දියසුත‍්තං]

[භද්දිය සූත්‍රය]

43. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භද‍්දියො ලිච‍්ඡවි යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො භද‍්දියො ලිච‍්ඡවි භගවන‍්තං එතදවොච :

43. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙහි මහාවනයෙහි වූ කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල්හි භද්දිය ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් භද්දිය ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:

සුතං මෙතං භන‍්තෙ : මායාවී සමණො ගොතමො ආවට‍්ටනීමායං ජානාති, යාය අඤ‍්ඤතිත්‍ථියානං සාවකෙ ආවට‍්ටෙතීති. යෙ තෙ භන‍්තෙ එවමාහංසු : “මායාවී සමණො ගොතමො ආවට‍්ටනීමායං ජානාති, යාය අඤ‍්ඤතිත්‍ථියානං සාවකෙ ආවට‍්ටෙතී”ති. කච‍්චි තෙ භන‍්තෙ භගවතො වුත‍්තවාදිනො, න ච භගවන‍්තං අභූතෙන අබ‍්භාචික‍්ඛන‍්ති, ධම‍්මස‍්ස චානුධම‍්මං බ්‍යාකරොන‍්ති, න ච කොචි සහධම‍්මිකො වාදානුපාතො ගාරය‍්හං ඨානං ආගච‍්ඡති? අනබ‍්භක‍්ඛාතුකාමා හි මයං භන‍්තෙ භගවන‍්තන‍්ති.

වහන්ස, මායාවී ශ්‍රමණභවත් ගෞතමයෝ යම් මායායෙකින් අන්‍යතීර්‍ත්‍ථකයන්ගේ ශ්‍රාවකයන් ආවර්‍තනය කරත් නම්, එබඳු ආවර්‍තනීමායාවක් දන්නාහ” යි යන තෙල කරුණ මා විසින් අසන ලද. වහන්ස, යම් ම කෙනෙක් “මායාවී ශ්‍රමණ භවත් ගෞතමයෝ යම් මායායෙකින් අන්‍යතීර්‍ත්‍ථකයන්ගේ ශ්‍රාවකයන් ආවර්‍තනය කරත් නම්, එබඳු ආවර්‍තනීමායාවක් දන්නාහයි” මෙසේ කීහු නම්, වහන්ස, කිම, ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද දෑ කියන්නාහු ද, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කරන්නාහු ද, ධර්‍මයට අනුකාරණයක් පවසන්නාහු ද, කිසි වාදානුවාදයෙක් කරුණු සහිත වූයේ විඥයන් විසින් ගැරැහිය යුතු කරුණකට නො ද ඒ ද? වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නොකරණු කැමැතියම්හ” යි.

එථ තුම‍්හෙ භද‍්දිය, මා අනුස‍්සවෙන, මා පරම‍්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම‍්පදානෙන, මා තක‍්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක‍්කෙන, මා දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා, මා භබ‍්බරූපතාය, මා සමණො නො ගරූති. යදා තුම‍්හෙ භද‍්දිය අත‍්තනාව ජානෙය්‍යාථ, ඉමෙ ධම‍්මා අකුසලා, ඉමෙ ධම‍්මා සාවජ‍්ජා, ඉමෙ ධම‍්මා විඤ‍්ඤූගරහිතා, ඉමෙ ධම‍්මා සමත‍්තා සමාදින‍්නා අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්තීති. අථ තුම‍්හෙ භද‍්දිය පජහෙය්‍යාථ.

භද්දියෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු මාගේ කථාව නහමක් ගණුව, පරම්පරා කථායෙනුදු නහමක් ගණුව, “තෙල මෙසේ වීලැ” යි ද නහමක් ගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නහමක් ගණුව, තර්‍කග්‍රාහයෙනුදු නහමක් ගණුව, නයග්‍රාහයෙනුදු නහමක් ගණුව, ආකාර පරිවිතර්‍කයෙනුදු නහමක් ගණුව, අප සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසැඳෙතැයි ද නහමක් ගණුව, (මෙතෙම පූජ්‍යයෙකැයි) භව්‍ය රූපතායෙනුදු නහමක් ගණුව, ‘මෙ මහණ අපට ගුරුහ’යි ද නහමක් ගණුව. භද්දියෙනි, ‘මෙ දහම්හු අකුසල්හ. මෙ දහම්හු වරද සහිතයහ. මෙ දහම්හු නුවණැත්තන් විසින් ගර්හිතයහ. මෙ දහම්හු සපුරණ ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අහිත පිණිස, දුක් පිණිස, පවත්නාහ’ යි තෙපි යම් කලෙක තුමූ ම දන්නහු නම්, භද්දියෙනි, එකල්හි තෙපි එය දුරු කරව.

තං කිං මඤ‍්ඤථ භද‍්දිය, ලොභො පුරිසස‍්ස අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති හිතාය වා අහිතාය වාති? අහිතාය භන‍්තෙ. ලුද‍්ධො පනායං භද‍්දිය, පුරිසපුග‍්ගලො ලොභෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො පාණම‍්පි හන‍්ති, අදින‍්නම‍්පි ආදියති, පරදාරම‍්පි ගච‍්ඡති, මුසාපි භණති, පරම‍්පි තථත‍්තාය සමාදපෙති. යං ස හොති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායාති? එවං භන‍්තෙ.

භද්දියෙනි, ‘එ කිමැ’යි සිතවු ද? ලෝභය පුරුෂයාගේ සිත තුළ උපදනුයේ ඔහුට හිත පිණිස හෝ අහිත පිණිස උපදනේ දැ?යි, ඇසූසේක. වහන්ස, අහිත පිණිස වේය’යි කීය. භද්දියෙනි, ලුබ්ධ වූ මෙ පුරුෂ පුද්ගල ලෝභයෙන් මඩනා ලදුයේ ලෝභයෙන් ගන්නාලද සිත් ඇතියේ යමක් ඔහට බොහෝ කලක් අවැඩ පිණිස, දුක් පිණිස වේ නම්, එබඳු පණිවා ද කෙරෙයි, අයිනාදන් ද ගණී, පරඹුන් කරා ද යේ, මුසාවා ද බෙණේ, මෙරමාත් එබව පිණිස සමාදන් කරවයි? එසේය, වහන්සැ යි.

තං කිං මඤ‍්ඤථ භද‍්දිය, දොසො පුරිසස‍්ස -පෙ- මොහො පුරිසස‍්ස -පෙ- සාරම‍්භො පුරිසස‍්ස අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති හිතාය වා අහිතාය වාති? “අහිතාය භන‍්තෙ”. සාරම‍්භො පනායං භද‍්දිය, පුරිසපුග‍්ගලො සාරම‍්භෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො පාණම‍්පි හන‍්ති, අදින‍්නම‍්පි ආදියති, පරදාරම‍්පි ගච‍්ඡති, මුසාපි භණති, පරම‍්පි තථත‍්තාය සමාදපෙති. යං ස හොති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛායාති. එවං භන‍්තෙ.

භද්දියෙනි, ‘එකිමැ’යි හඟිවු ද? ද්වේෂය පුරුෂයාගේ ... මෝහය පුරුෂයාගේ ... සාරම්භය පුරුෂයාගේ සිත තුළ උපදනුයේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදනේ දැ? යි. වහන්ස, අහිත පිණිස වේ යයි. භද්දියෙනි, සාරම්භයෙන් යුත් මෙ පුරුෂ පුද්ගල සාරම්භයෙන් මඩනා ලදුයේ (සාරම්භයෙන්) ගන්නාලද සිත් ඇතියේ යමක් ඔහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස, දුක් පිණිස වේ නම්, එබඳු පණිවා ද කෙරේ, අයිනාදන් ද ගණී, පරඹුන් කරා ද යේ, මුසාවා ද බෙණේ, මෙරමාත් එබව පිණිස සමාදන් කරවයිද? වහන්ස, එසේය.

තං කිං මඤ‍්ඤථ භද‍්දිය, ඉමෙ ධම‍්මා කුසලා වා අකුසලා වාති? “අකුසලා භන‍්තෙ.” සාවජ‍්ජා වා අනවජ‍්ජා වාති? “සාවජ‍්ජා භන‍්තෙ.” විඤ‍්ඤූගරහිතා වා විඤ‍්ඤුප‍්පසත්‍ථා වාති? “විඤ‍්ඤුගරහිතා භන‍්තෙ.” සමත‍්තා සමාදින‍්නා අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති, නො වා කථං වා එත්‍ථ හොතීති? “සමත‍්තා භන‍්තෙ සමාදින‍්නා අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති. එවං නො එත්‍ථ හොතී”ති.

භද්දියයෙනි, එ කිමැ’යි සිතවු ද, මෙදහම්හු කුසල් හෝ අකුසල් වෙත් ද? වහන්ස, අකුසල්හ යි. සාවද්‍ය හෝ වෙත් ද, අනවද්‍ය හෝ වෙත් දැයි? වහන්ස, සාවද්‍යහ යි. නුවණැත්තන් විසින් ගර්හිත වෙත් ද, විඥයන් විසින් ප්‍රශස්ත වෙත් දැ යි? වහන්ස, විඥයන් විසින් ගර්හිතයහ යි. පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අහිත පිණිස දුක් පිණිස පවතිත් ද? නොහොත් නො පවතිත් ද? මෙහිලා තොපට කෙසේ අදහස් වේ ද? වහන්ස, පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අහිත පිණිස, දුක් පිණිස පවත්නාහ. මෙහිලා අපට මෙසේ අදහස් වේය යි.

ඉති ඛො භද‍්දිය, යං තං තෙ අවොචුම‍්හ : එථ තුම‍්හෙ භද‍්දිය, මා අනුස‍්සවෙන, මා පරම‍්පරාය, මා ඉතිකිරාය, -පෙ- ඉමෙ ධම‍්මා අකුසලා ඉමෙ ධම‍්මා සාවජ‍්ජා ඉමෙ ධම‍්මා විඤ‍්ඤූගරහිතා ඉමෙ ධම‍්මා සමත‍්තා සමාදින‍්නා අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති. අථ තුම‍්හෙ භද‍්දිය, පජහෙය්‍යාථාති ඉති යන‍්තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

භද්දියයෙනි, යම් ඒ බසක් කීමෝ ද, “භද්දියෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නහමක් ගණුව, පරම්පරා කථායෙනුදු නහමක් ගනුව, තෙල මෙසේ වීලැයි ද නො ගණුව ... මෙ දහම්හු අකුසල්හ, මෙ දහම්හු සාවද්‍යයහ, මෙ දහම්හු විඥයන් විසින් ගර්හිතයහ, මෙ දහම්හු පිරිපුන් කොට ගන්නා ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අහිත පිණිස, දුක් පිණිස පවත්නාහු නම්, භද්දියෙනි, එකල්හි තෙපි එය දුරු කරව”යි, මෙසේ යමක් කියන ලද නම්, තෙල මෙ පිණිස කියන ලදී.

එථ තුම‍්හෙ භද‍්දිය, මාඅනුස‍්සවෙන මා පරම‍්පරාය මා ඉතිකිරාය මා පිටකසම‍්පදානෙන මා තක‍්කහෙතු මා නයහෙතු මා ආකාරපරිවිතක‍්කෙන මා දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා මා භබ‍්බරූපතාය මා සමණො නො ගරූති. යදා තුම‍්හෙ භද‍්දිය, අත‍්තනාව ජානෙය්‍යාථ : ඉමෙ ධම‍්මා කුසලා, ඉමෙ ධම‍්මා අනවජ‍්ජා, ඉමෙ ධම‍්මා විඤ‍්ඤූප‍්පසත්‍ථා, ඉමෙ ධම‍්මා සමත‍්තා සමාදින‍්නා හිතාය සුඛාය සංවත‍්තන‍්තීති අථ තුම‍්හෙ භද‍්දිය, උපසම‍්පජ‍්ජ විහරෙය්‍යාථ.

භද්දියයෙනි, තෙපි එව, අනුශ්‍රවකථායෙනුදු නහමක් ගණුව, පරම්පරා කථායෙනුදු නහමක් ගණුව ‘මෙසේ වීලැ’යි ද නහමක් ගණුව, අපගේ පෙළ හා යෙදෙති’යි ද නහමක් ගණුව, තර්‍කග්‍රාහයෙනුදු නහමක් ගණුව, නයග්‍රාහයෙනුදු නහමක් ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නහමක් ගණුව, අප සිතා ඉවසා ගත් දෘෂ්ටිය හා සැසැඳෙතැ’යි ද නහමක් ගණුව, භව්‍ය රූපතායෙනුදු නහමක් ගණුව, මෙ මහණ අපට ගුරුහ’යි නහමක් ගණුව. භද්දියයෙනි, යම් කලෙක තෙපි “මෙ දහම්හු කුසල්හ, මෙ දහම්හු අනවද්‍යහ, මෙදහම්හු නුවණැතියන් විසින් පසස්නා ලදහ, මෙ දහම්හු මොනොවට ගන්නා ලද්දාහු මොනොවට සමාදන් කොට ගන්නා ලද්දාහු හිතයට සුඛයට වැටෙති”යි තුමූම දන්නහු ද, භද්දියය, එ සඳ තෙපි එ දහම් උපයා වසව.

තං කිං මඤ‍්ඤථ භද‍්දිය, අලොභො පුරිසස‍්ස අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති හිතාය වා අහිතාය වාති? “හිතාය භන‍්තෙ.” අලුද‍්ධො පනායං භද‍්දිය, පුරිසපුග‍්ගලො ලොභෙන අනභිභූතො අපරියාදින‍්නචිත‍්තො නෙව පාණං හන‍්ති, න අදින‍්නං ආදියති. න පරදාරං ගච‍්ඡති. න මුසා භණති. පරම‍්පි තථත‍්තාය සමාදපෙති. යං ස හොති දීඝරත‍්තං හිතාය සුඛායාති? “එවං භන‍්තෙ.”

භද්දියය, එ කිමැයි සිතවු ද? අලෝභය පුරුෂයා සිත උපදනේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදනේ වේ ද? වහන්ස, හිත පිණිස උපදනේ ය. භද්දිය ය, අලුබද්ධ වූ මේ පුරුෂපුද්ගල ලෝභයෙන් නො මඩනා ලදුයේ නොගත් සිතැතියේ පරපණ නො නස්නේ වේ ද, අයිනාදන් නො ගන්නේ වේ ද, විරඹු කරා නො යන්නේ වේ ද, මුසවා නො බණන්නේ වේ ද, යම් ක්‍රියායෙක් ඔහට දීර්‍ඝරාත්‍රයෙහි හිතයට සුඛයට වැටේ ද, එ බව පිණිස මෙරමාත් සමාදන් කරවන්නේ වේ ද? වහන්ස, එසේ ය.

තං කිං මඤ‍්ඤථ භද‍්දිය, අදොසො පුරිසස‍්ස -පෙ- අමොහො පුරිසස‍්ස -පෙ- අසාරම‍්භො පුරිසස‍්ස අජ‍්ඣත‍්තං උප‍්පජ‍්ජමානො උප‍්පජ‍්ජති හිතාය වා අහිතාය වාති? “හිතාය භන‍්තෙ.” අසාරම‍්භො පනායං භද‍්දිය, පුරිසපුග‍්ගලො සාරම‍්භෙන අනභිභූතො අපරියාදින‍්නචිත‍්තො නෙව පාණං හන‍්ති, න අදින‍්නං ආදියති, න පරදාරං ගච‍්ඡති, න මුසා භණති , පරම‍්පි තථත‍්තාය සමාදපෙති යං ස හොති දීඝරත‍්තං හිතාය සුඛාය සංවත‍්තතීති? “එවම‍්භන‍්තෙ”

භද්දියය, එ කුමැයි හඟිවු ද? අදෝෂය පුරුෂයා සිත ... අමෝහය පුරුෂයා සිත … අසාරම්භය පුරුෂයා සිත උපදනේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදනේ වේ ද? වහන්ස, හිත පිණිස ය. භද්දියය, සාරම්භ රහිත මේ පුරුෂ පුද්ගල සාරම්භයා විසින් නො මඬනා ලදුයේ නොගත් සිතැතියේ පරපණ නො නස්නේ වේ ද, අයිනාදන් නො ගන්නේ වේ ද, විරඹු කරා නොයන්නේ වේ ද, මුසවා නො බණන්නේ වේ ද, යම් ක්‍රියායෙක් ඔහට දීර්‍ඝරාත්‍රයෙහි හිතයට සුඛයට වැටේ ද, එ බව පිණිස මෙරමාත් සමාදන් කරවන්නේ වේ ද? වහන්ස, එසේ ය.

තං කිං මඤ‍්ඤථ භද‍්දිය, ඉමෙ ධම‍්මා කුසලා වා අකුසලා වාති? “කුසලා භන‍්තෙ” සාවජ‍්ජා වා අනවජ‍්ජා වාති? අනවජ‍්ජා භන‍්තෙ. විඤ‍්ඤූගරහිතා වා විඤ‍්ඤූප‍්පසත්‍ථා වාති? “විඤ‍්ඤූප‍්පසත්‍ථා භන‍්තෙ” සමත‍්තා සමාදින‍්නා හිතාය සුඛාය සංවත‍්තන‍්ති, නො වා කථං වා එත්‍ථ හොතීති? සමත‍්තා භන‍්තෙ සමාදින‍්නා හිතාය සුඛාය සංවත‍්තන‍්ති. එවං නො එත්‍ථ හොතීති.

භද්දිය ය, එ කුමැයි හඟිවු ද? මෙ දහම්හු කුසල හෝ අකුසල හෝ වෙද් ද? වහන්ස, කුසල්හ. සාවද්‍ය හෝ අනවද්‍ය හෝ වෙද් ද? වහන්ස, අනවද්‍යයහ. විඥයන් විසින් ගර්හිත හෝ ප්‍රශස්ත හෝ වෙද් ද? වහන්ස, විඥයන් විසින් ප්‍රශස්තයහ. මොනොවට ගන්නා ලද්දාහු මොනොවට සමාදාන කරණ ලද්දාහු හිතයට සුඛයට වැටෙද් ද? නො වැටහෙන්නාහු හෝ වෙද් ද? මෙහි ලා කෙබඳු අදහස් හෝ වේ ද? වහන්ස, මොනොවට ගත් මොනොවට සමාදාන කළ එ දහම්හු හිතයට සුඛයට වැටෙති. මෙහි ලා අපට මෙබඳු සිත් වෙයි.

ඉති ඛො භද‍්දිය, යන‍්තං අවොචුම‍්හ “එථ තුම‍්හෙ භද‍්දිය, මා අනුස‍්සවෙන මා පරම‍්පරාය මා ඉතිකිරාය මා පිටකසම‍්පදානෙන මා තක‍්කහෙතු මා නයහෙතු මා ආකාරපරිවිතක‍්කෙන මා දිට‍්ඨිනිජ‍්ඣානක‍්ඛන‍්තියා මා භබ‍්බරූපතාය මා සමණො නො ගරූති.” යදා තුම‍්හෙ භද‍්දිය, “අත‍්තනාව ජානෙය්‍යාථ ඉමෙ ධම‍්මා අනවජ‍්ජා ඉමෙ ධම‍්මා විඤ‍්ඤුප‍්පසත්‍ථා ඉමෙ ධම‍්මා සමත‍්තා සමාදින‍්නා හිතාය සුඛාය සංවත‍්තන‍්තීති”. අථ තුම‍්හෙ භද‍්දිය, උපසම‍්පජ‍්ජ විහරෙය්‍යාථා”ති ඉති යන‍්තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

භද්දියය, මෙසේ යම් එ බසක් කියුමෝ ද, “භද්දියෙනි, තෙපි එවු. අනුශ්‍රවකථායෙනුදු නහමක් ගණුව, පරම්පරාකථායෙනුදු නහමක් ගණුව, තෙල මෙසේ වීලැයි ද නො ගණුව, අපගේ පෙළ හා යෙදෙති යි ද නහමක් ගණුව, තර්‍කග්‍රාහයෙනුදු නහමක් ගණුව, නයග්‍රාහයෙනුදු නහමක් ගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නහමක් ගණුව, අප සිතා ඉවසා ගත් දෘෂ්ටිය හා සැසැඳෙතැයි ද නහමක් ගණුව, භව්‍යරූපතායෙනුදු නහමක් ගණුව, මෙ මහණ අපට ගුරුහ යි ද නහමක් ගණුව. භද්දියෙනි, යම් කලෙක තෙපි “මෙ දහම්හු කුසල්හ, මෙ දහම්හු අනවද්‍යයහ, මෙ දහම්හු නුවණැතියන් විසින් පසස්නා ලදහ, මෙ දහම්හු මොනවට ගන්නා ලද්දාහු මොනොවට සමාදන් කොට ගන්නා ලද්දාහු හිතයට සුඛයට වැටෙති” යි තුමූ ම දන්නාහු ද, භද්දිය ය, එ සඳ තෙපි එ දහම් උපයා වසව යි. මෙසේ යම් බසෙක් කියන ලද ද, මෙ තෙල පිණිස කියන ලදී.

යෙ ඛො තෙ භද‍්දිය, ලොකෙ සන‍්තො සප‍්පුරිසා, තෙ සාවකං එවං සමාදපෙන‍්ති : එහි ත්‍වං අම‍්භො පුරිස, ලොභං විනෙය්‍ය විනෙය්‍ය විහරාහි. ලොභං විනෙය්‍ය විනෙය්‍ය විහරන‍්තො න ලොභජං කම‍්මං කරිස‍්සසි, කායෙන වාචා මනසා. දොසං විනෙය්‍ය විනෙය්‍ය විහරාහි. දොසං විනෙය්‍ය විනෙය්‍ය විහරන‍්තො න දොසජං කම‍්මං කරිස‍්සසි කායෙන වාචා මනසා. මොහං විනෙය්‍ය විනෙය්‍ය විහරාහි. මොහං විනෙය්‍ය විනෙය්‍ය විහරන‍්තො න මොහජං කම‍්මං කරිස‍්සසි කායෙන වාචා මනසා. සාරම‍්භං විනෙය්‍ය විනෙය්‍ය විහරාහි. සාරම‍්භං විනෙය්‍ය විනෙය්‍ය විහරන‍්තො න සාරම‍්භජං කම‍්මං කරිස‍්සසි කායෙන වාචා මනසාති.

භද්දිය ය, ලෝකයෙහි යම් සත්පුරුෂ කෙනෙක් ඇද්ද, ඔහු සව්වා මෙසේ සමාදන් කරවත්: “එම්බා පුරුෂය, තෝ එව, ලෝභය පුන පුනා දුරු කොට වසව, ලෝභය පුන පුනා දුරු කරණුයෙහි කයින් වචසින් මනසින් ලෝභජකර්‍ම නො කරන්නෙහි ය. ද්වේෂය පුන පුනා දුරු කොට වසව, ද්වේෂය පුන පුනා දුරු කොට වසනුයෙහි කයින් වචසින් මනසින් ද්වේෂජකර්‍ම නො කරන්නෙහි ය. මෝහය පුන පුනා දුරු කොට වසව, මෝහය පුන පුනා දුරු කොට වසනුයෙහි කයින් වචසින් මනසින් මෝහජකර්‍ම නො කරන්නෙහි ය. සාරම්භය පුන පුනා දුරු කොට වසව, සාරම්භය පුන පුනා දුරු කොට වසනුයෙහි කයින් වචසින් සාරම්භජකර්‍ම නො කරන්නෙහි ය.

එවං වුත‍්තෙ භද‍්දියො ලිච‍්ඡවි භගවන‍්තං එතදවොච : අභික‍්කන‍්තං භන‍්තෙ -පෙ- උපාසකං මං භන‍්තෙ භගවා ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතං සරණං ගතන‍්ති.

මෙසේ වදාළ කල්හි භද්දිය ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “වහන්ස, ඉතා මැනව. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් ගෙණ දිවිහිම් කොට සරණ ගිය උවසුවකු කොට දරන්නේ මැනවැ”යි.

අපි නු තාහං භද‍්දිය, එවං අවචං: “එහි මෙ ත්‍වං භද‍්දිය, සාවකො හොහි අහං සත්‍ථා භවිස‍්සාමී”ති. නො හෙතං භන‍්තෙ. එවං වාදිං ඛො මං භද‍්දිය එවමක‍්ඛායිං එකෙ සමණබ්‍රාහ‍්මණා අසතා තුච‍්ඡා මුසා අභූතෙන අබ‍්භාචික‍්ඛන‍්ති : මායාවී සමණො ගොතමො ආවත‍්තනීමායං ජානාති යාය අඤ‍්ඤතිත්‍ථියානං සාවකෙ ආවට‍්ටෙතීති.

“භද්දිය ය, එව තෝ මගේ සව්වා, මම ශාස්තෘ වෙමි”යි තට මම මෙසේ කීයෙම් වේ ද? වහන්ස, තෙල බස නො වී ම ය. භද්දිය ය, මෙබඳු වාද ඇති මෙසේ බණන මට, ඇතැම් මහණ බමුණෝ අසත් තුච්ඡ මෘෂාභූත අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කෙරෙත්: “ශ්‍රමණ ගෞතමයෝ මායාවීහ. යම් මායායෙකින් අන්තොටු සවුවන් ආවර්‍තනය කොට ගණිත් ද, එබඳු ආවර්‍තනීමායා දනිති” යි.

භද‍්දිකා භන‍්තෙ ආවට‍්ටනීමායා. කල්‍යාණී භන‍්තෙ ආවට‍්ටනීමායා. පියා මෙ භන‍්තෙ ඤාතිසාලොහිතා ඉමාය ආවට‍්ටනියා ආවට‍්ටෙය්‍යුං. පියානම‍්පි මෙ අස‍්ස ඤාතිසාලොහිතානං දීඝරත‍්තං හිතාය සුඛාය. සබ‍්බෙ චෙපි භන‍්තෙ ඛත‍්තියා ඉමාය ආවට‍්ටනියා ආවට‍්ටෙය්‍යුං, සබ‍්බෙසම‍්පස‍්ස ඛත‍්තියානං දීඝරත‍්තං හිතාය සුඛාය. සබ‍්බෙ චෙපි භන‍්තෙ බ්‍රාහ‍්මණා -පෙ- වෙස‍්සා -පෙ- සුද‍්දා ඉමාය ආවට‍්ටනියා ආවට‍්ටෙය්‍යුං, සබ‍්බෙසම‍්පස‍්ස සුද‍්දානං දීඝරත‍්තං හිතාය සුඛායාති.

වහන්ස, ආවර්‍තනීමායා භද්‍රය, වහන්ස ආවර්‍තනීමායා කල්‍යාණය. වහන්ස, මාගේ ප්‍රිය වූ නෑසහලේනෑයෝ මේ ආවර්‍තනීමායායෙන් ආවර්‍තතිත වෙද්ද, මාගේ ප්‍රිය වූ නෑ - සහලේ නෑයනට දීර්‍ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වෙයි. වහන්ස, හැම කැත්හු මේ ආවර්‍තනීමායායෙන් ආවර්‍තතිත වෙද්ද එහැම කැත්නට දීර්‍ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වෙයි. වහන්ස, හැම බමුණෝ ද ... වෛශ්‍යයෝ ද ... ශුද්‍රයෝ ද මේ ආවර්‍තනීමායායෙන් ආවර්‍තතිත වෙද්ද එ හැම ශුද්‍රයනට දීර්‍ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වෙයි.

එවමෙතං භද‍්දිය, එවමෙතං භද‍්දිය, සබ‍්බෙචෙපි භද‍්දිය, ඛත‍්තියා ආවට‍්ටෙය්‍යුං අකුසලධම‍්මප‍්පහානාය කුසලධම‍්මූපසම‍්පදාය, සබ‍්බෙසම‍්පස‍්ස ඛත‍්තියානං දීඝරත‍්තං හිතාය සුඛාය. සබ‍්බෙ චෙපි භද‍්දිය බ්‍රාහ‍්මණා -පෙ- වෙස‍්සා -පෙ- සුද‍්දා ආවට‍්ටෙය්‍යුං අකුසලධම‍්මප‍්පහානාය කුසලධම‍්මූපසම‍්පදාය, සබ‍්බෙසම‍්පස‍්ස සුද‍්දානං දීඝරත‍්තං හිතාය සුඛාය. සදෙවකො චෙපි භද‍්දිය ලොකො සමාරකො සබ්‍රහ‍්මකො, සස‍්සමණබ්‍රාහ‍්මණී පජා සදෙවමනුස‍්සා ආවට‍්ටෙය්‍යුං අකුසලධම‍්මප‍්පහානාය කුසලධම‍්මූපසම‍්පදාය, සදෙවකස‍්ස ලොකස‍්ස සමාරකස‍්ස සබ්‍රහ‍්මකස‍්ස සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය දීඝරත‍්තං හිතාය සුඛාය. ඉමෙ චෙපි භද‍්දිය මහාසාලා ඉමාය ආවට‍්ටනියා ආවට‍්ටෙය්‍යුං අකුසලධම‍්මප‍්පහානාය කුසලධම‍්මූපසම‍්පදාය. ඉමෙසම‍්පස‍්ස මහාසාලානං දීඝරත‍්තං හිතාය සුඛාය සචෙ චෙතෙය්‍යුං. කො පන වාදො මනුස‍්සභූතස‍්සාති.

භද්දිය ය, තෙල එසේ ම ය. භද්දිය ය, තෙල එසේ ම ය. භද්දිය ය, හැමකැත්හු අකුශලධර්‍මප්‍රහාණය පිණිස කුශලධර්‍මප්‍රතිලාභය පිණිස ආවර්‍තතිත වෙත් නම් හැම කැත්නට දීර්‍ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වෙයි. භද්දියය, හැම බමුණෝ ද ... වෛශ්‍යයෝ ද ... ශ්‍රද්‍රයෝ ද අකුශලධර්‍මප්‍රහාණය පිණිස කුශලධර්‍මප්‍රතිලාභය පිණිස මේ ආවර්‍තනීමායායෙන් ආවර්‍තතිත වෙද්ද, එ හැම ශුද්‍රයනට දීර්‍ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වෙයි. භද්දිය ය, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකය, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යාප්‍රජා තොමෝ අකුශලධර්‍මප්‍රහාණය පිණිස කුශලධර්‍මප්‍රතිලාභය පිණිස මේ ආවර්‍තතිත වෙත් නම්, මරුන් සහිත බඹුන් සහිත සදේවක ලෝකයාගේ, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජාවගේ දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුඛ පිණිස වන්නේ ය. භද්දියය, මේ මහාසාලවෘක්‍ෂයෝ ද අකුශලධර්‍මප්‍රහාණය පිණිස කුශලධර්‍මප්‍රතිලාභය පිණිස මේ ආවර්‍තනීමායායෙන් ආවර්‍තතිත වෙත් ද, ඉදින් සිතන්නාහු නම් මෙ මහාසාලවෘක්‍ෂයනට පවා දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුඛ පිණිස වන්නේ ය. මනුෂ්‍ය වූවක්හට කියනු ම කිම යි.